මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව මට පැහැදිලිය.ඇත්ත නේන්නම් නිර්මාණකරුවකුගේ ලිංග භේදය ගැන කතා කිරීම කෙතරම් අවැදගත් අනනුකූල විකාරයක්ද? ඒත් ඇනා කැරනිනා හා මදාම්බොවාරී අව්‍යාජ ගැහැනුත් නොවේ යැයි සමහර බටහිර ස්ත්‍රීවාදී විචාරකයන් මැසිවිලි නගන්නේ ඔවුන්ගේ මැවුම්කරුවන් පිරිමින් වීම නිසා වෙන්නට ඇත. බ්‍රොන්ටේ සොහොයුරියන් හෝ ජේන් ඔස්ටින් නිර්මාණය කළ පිරිමි චරිත ගැන කවුරුවත් කිසිවක් නොකීම වෙනම කාරණයකි. මා කියන මේවදන් සුනේත්‍රා රාජකරුණානායකගේ ප්‍රේම පුරාණයට අදාළ වන්නේ කෙසේද කියා ඔබ අසයි. තෝල්ස්තෝයිගේ සහ ගුස්ටාව් ප්ලෝබයාගේ පුරුෂ කේන්ද්‍රීය නිර්මාණ භාවිතාව තුළ ඇනා කැරනිනා සහ මදාම්බොවාරී අවසානයේ සිය දිවි නසා ගනිති. නැත අර ස්ත්‍රීවාදී විචාරකයන්ට අනුව හරියටම කියනවා නම් එය පරදාරයේ යෙදෙන ගැහැනුන්ට අත්විය යුතු ඉරණම පුරුෂවාදී චින්තනය විසින් තීන්දු කරනු ලැබීමකි. එසේ නම් පරදාර ප්‍රේමයේ සුඛ විහරණය නොමදව විඳින ප්‍රේම පුරාණයේ නිර්මලා නොසැලී ඉතා සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්නේ ඇයි? එය ස්ත්‍රීවාදී නිර්මාණ ඵලයක් වන නිසාද? සුනේත්‍රා ගේ ස්ත්‍රීවාදී චින්තනය තුළ නිර්මලාගේ සහ ඇගේ පන්නයේ අනෙක් ගැහැනුන්ගේ ප්‍රේමය පුරුෂයන්ගේ ආධිපත්‍ය චින්තනය තඹයකට මායිම් නොකරයි. ප්‍රේම පුරාණය වූ කලී ප්‍රේමය පිළිබඳ කතාන්තර පෙළක් සේ සලකන්නැයි සුනේත්‍රා ඉඟි කරයි. මේ කතා ගොන්න පුරාම එන ගැහැනුන් ප්‍රේම කරන එකම දෙය තමන්ගේම ස්ත්‍රීත්වය පමණක් නොවේද ? නිර්මලා වූ කලී කෙළවරක් නැති ලිංගික අත්දැකීම්වලින් තෙම්පරාදු වූ මෝරච්ච මැදිවියේ ගැහැනියකි. එක් අතකින් ඇගේ ප්‍රේමය දූපත් වාසයෙන් මිදී කලාපීය සීමා ද තරණය කරනවා විය හැකිය. ( මේ කතා ගන්නේ පළමු කතාව) සක්විත් ආනන්ද මාර්ගයෙන්( අන්තිම කතාව) කෙළවර වන එකී ස්ත්‍රී ප්‍රේමයේ කතාන්තර අවසානයේදී විශ්වයේ සුන්‍ය වූ සත්‍යතාව සාක්ෂාත් කිරීමක් සේ විස්තර කරනවාද විය හැකිය. එහෙත් ඒ අවසානය සියුම් ලෙස ස්ත්‍රීත්වය දේවත්වයටද නැංවීමක් නොවේදැයි විමසීම මගේ පුරුෂවාදී කුඩු කේඩු කමක් සේ නොසලකනු මැනවි.
මේ කෘතිය කියවාගෙන යද්දී කිසියම් අනියත හේතුවක් නිසා මට මිලාන් කුන්දේරාගේ Laughable Loves හී එන කෙටිකතා සිහියට නැගිණි. එහිදී කුන්දේරා අප විසින් තෝරා ගනු නොලැබූ ශරීර කූඩුවක අපම සිරවී සිටින සැටි කියයි. අප ජීවිතයේ ලෙස හඳුන්වන දේම කුන්දේරා පවසන පරිදි උගුලකි. ප්‍රේම පුරාණයේ විස්තර කරන්නේ පුරුෂවාදී ප්‍රේමය සහ පතිවෘත්තාවයි.සුනේත්‍රා ස්ත්‍රීත්වය මේ උගුලෙන් මුදවා පුරුෂයන්ට අතපොවන්නට බැරි තරම් උසක රඳවයි. අවසානයේදී කියවා ඉවර කර මිස බිම තැබීමට සිත් නොදෙන ආඛ්‍යාන රීතියක කොටුවන පුරුෂවාදී දෘෂ්ටිය ස්ත්‍රී වන්දනාවකට වුව ලක ලෑස්ති වන තරමින් හීලෑ වෙයි. සුනේත්‍රා ගේ ආඛ්‍යාන රීතිය නව්‍ය වන තරමින් සිත් ගන්නාසුලු බව සැබෑය. ගොළු හදවත එක හුස්මට කියවූයේ යම් සේද ඊට තිස් වසරකට පසු පොතක් එක පිම්මට කියවා අවසන් කළෙමි. ඒත් සුනේත්‍රාගේ ආඛ්‍යාන රීතියට ච වඩා ප්‍රේමය පිළිබඳ ඇගේ ස්ත්‍රීවාදී එළැඹුම මට වැදගත් විය.මෙයට ඇනුම් පදයක් නොකියා සිටින්නට මට නොහැකිය. සාහිත්‍ය විචාරකයකු මෙන්ම පත්තරකාරයකුද වන ඇන්තනී බර්ගීස් කියන විදියට හොඳ නිර්මාණකර සමසමව පිහිටන්නේය.ඒ කියන්නේ යම් ලේඛකයෙකු නිර්මාණකරණයේදී ස්ත්‍රීවාදී හෝ පුරුෂයෝවාදී වීම අවැදගත් ප්‍රලාපයක් බවමය. සුනේත්‍රාගේ ප්‍රේමය පුරාණය පළ වූ කාලයේම පුෂ්පා රම්ලනී තුන්වෙනි රාත්‍රිය යනුවෙන් කේරළ කෙටිකතා එකතුවක් පළ කළාය . එම කෙටිකතා එකතුවද ස්ත්‍රීවාදී නිර්මාණකරණය පිළිබඳව යම් ආකාරයක වැදගත් අවස්ථාවක් සලකුණු කරයි. එබැවින් මම මීළඟ විචාරය ලෙස පුෂ්පා රම්ලනීගේ එකී පරිවර්තන කෙටිකතා එකතුව පිළිබඳ කතා කරමි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සුනේත්‍රාගේ ප්‍රේමපුරාණය නිදහස් කාමිනියකගේ ආත්ම ප්‍රකාශනයක් ද?