ලෝකයා මැද ලංකාව හුදෙකලා වීම
ජාතික ජන බලවේගය විසින් මෙහෙයවන ලද මාලිමාව රජයේ පාලන සමයට මාස 12ක් ගත වී ඇඟට දැනෙන දෙයක් කර නැතත්, එහි මහාප්රාණ කතා, ජනප්රියවාදී සංදර්ශන සහ සදාචාරාත්මක ස්ථාවරවල නම් හිඟයක් ඇත්තේ නැත. වාචාලකම නිර්භීත ය: “අනෙක් අය බිඳ දැමූ දේ අපි නිවැරැදි කරන්නෙමු.” එහෙත් භූමි යථාර්ථය වඩාත් සංකීර්ණ කතාවක් කියයි.