“මම රට බෙදන්නේ නෑ” “මට බය වෙන්න එපා: ඇමරිකාව දෙකඩ වෙන්න මම ඉඩ තියන්නේ නෑ..... මේ ලෝකෙට ලොක්කා වූ අමෙරිකානු ජනාධිපතිවරයාවූ ට්‍රම්ප්ගේ හඬයි. ට්‍රම්ප් අරුම පුදුම චරිතයක් බව ලෝකයටම ඒත්තු ගැන්වූ ප්‍රථම අවස්ථාව හරියටම එළැඹියේ ට්‍රම්ප් ඉකුත් ජනවාරි මාසයේ දී ලබා ගත් ජයග්‍රහණයත් සමගය. එතෙක් ඔහුගේ හරිම විදිය ලෝකයාට ඒත්තු ගැන්වූණේ නැත. 16 June 2017
ප්රතිගාමීත්වය නැග එයි 1849 මැයි මස අවසානයේදී නව රයින් පුවත්පතෙහි කලාපය කාල් විසින් රතු අකුරින් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ “රතු කලාපය” ස්වරූපය හා සන්දර්භය අතින් නියම ගිනිසිළුවක් විය. බාඩෙන් හි කැරැල්ලට හා සම්බන්ධ වූ එංගල්ස් විලිහ්ගේ සහායක වශයෙන් ක්‍රියා කළේය. ජර්මනියේ දිගටම නැවැතී සිටීමට කාල්ට අවසර නොමැති නිසා ඔහු නැවත කෙටි කලකට පැරිසියට යාමට තීරණය කළේය. 15 June 2017
සිරබත් කෑ හැටි “තමන් මට චෝදනා කළා කියලා මා ඒවා ගණන් ගන්නේ නෑ. ඒත් මං නැති තැන එහෙම චෝදනා කරන එක වැරදියි.” ජියැන්ගේ කතා බහේ සහ ආකල්පයන්හි යම් මුදුබවක් විය. ඇයට චෝදනා කිරිමේ කිසිදු නරක අභිප්රායක් මට නොතිබුණු බැව් නැවත නැවතත් ඇයට පැවසීමි. නැවත කිසි දිනක එවන් දෙයක් නොකියන බවටද මම ඇප වුනෙමි. 14 June 2017
ආදරණීය ගුරුවරයා දැන් මම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්නේ කියලා.” ඔහු දකුණතේ දබරැඟිල්ල ඔසවා වම් අතේ අත්ල මත තැබුවේ හරියට පෑනකින් කොළයක ලියන්නාක් මෙනි. “මුලින්ම ඒක ජියැන්ග් ටයි මටයි අමතන්න ඕනැ. අපේ නම් වලට පසුව තිත් දෙකක් තියන්න. ඒකෙන් අදහස් කරන්නේ විරාමයක් පමණයි කියන එක. ඊට පස්සෙ තමයි පළවෙනි ඡේදය පටන් ගන්නෙ. 05 June 2017
ට්‍රම්ප්ගේ නොපළ කතා ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාස ගතවේ. 03 June 2017
නැපෝලියන්ට පසු ප්‍රංශයේ බිහිවූ ළාබාල ජනාධිපතිවරයා ප්‍රංශයේ ජනාධිපතිවරණය නිමා විය. එහිදී ලැබුණු ජනතා තීන්දුව පසුගිය වසරේ අග භාගයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ දී සිදු වූ පරිදිම අනපේක්ෂිත තීන්දුවක් ලබාදීමකැයි විචාරකයෝ පවසති. 01 June 2017
’’මාක්ස් සමග ජීවිතය” බිරිඳ ජෙනි තැබූ සටහන් 1843 ජූනි 19 වැනිදා අපේ විවාහය සිදුවිය. අපි ක්රයිස්නාහ්වලින් පිටත්ව, එබර්න්බර්ග් හරහා රයින් - පෆාල්ස් නගරයට ගියෙමු. යළිත් බාඩෙන් - බාඩෙන් හරහා ආපසු පැමිණියෙමු. ඉන්පසු සැප්තැම්බර් අවසානය දක්වා ක්රයිස්නාහ් නගරයේ නැවතී සිටියෙමු. මගේ ආදරණීය අම්මා මගේ සොහොයුරු එඞ්ගාර් සමග ටී්‍රර් නගරයට ආපසු ගියාය. කාල් සහ මම ඔක්තෝබර් මාසයේ පැරිසියට ගියෙමු. 30 May 2017
මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී කැඳවීමේ සීනුව නාද වෙනවිටම වාගේ මම කාමරයට පැමිණියෙමි. මම මගේ ඇඳුම අතින් සකසාගෙන බරවූ සිතින් යුතුව මාවෝ ගේ කාමරය තුළට පිවිසුනෙමි. තෙත් රෙදි කඩකින් ඔහුගේ මුහුණ පිස දැම්මාට පසු මාවෝ නැගී සිට ඇද විට්ටමට හේත්තු වී සාමාන්‍යයෙන් කරන්නාක් මෙන් දුම් බොමින් දිනපතා පුවත්පත් කියවන්නට පටන් ගත්තේය. තරමක පසුබෑමෙන් යුතුව මම පහත් හඬින් ඔහු ඇමතුවෙමි. 28 May 2017
ට්‍රම්ප්ගේ අමුතු හේතු ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු අටක් හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනු ඇත. ජනතාව ඩොනල්ඞ් ට්‍රම්ප්ට ආදරය කළද නොකළද ඔහුගේ වයස, බැංකුවේ ඇති තැන්පතුව, සුරතල් සතුන් ඇති නොකිරීම වැනි ‘ඉතිහාසයේ පළමු ස්ථානය‘ හිමිකරගන්නා හේතු විස්තර වන්නේ මතු සඳහන් අයුරිණි. 27 May 2017
නොනවතින ආරවුල රටපුරා සැරිසැරූ දූෂණය, නාස්තිය, නිලධාරිවාදය යන යක්ෂයින් තිදෙනාට එරෙහිව පක්ෂය විසින් දීප ව්‍යාප්ත මෙහෙයුම අරඹන විට ඇතැම් අවස්ථාවලදී ජියැන්ග් පක්ෂ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටියාය. රහස්‍ය ලේකම්වරයෙක් වන ෂූ යේෆූ “මේ වගේ දේශපාලන මෙහෙයුමක් දියත් කරන හැම අවස්ථාවකම වගේ ඇය ඉවත්ව ඉන්නේ ඇයි දැයි?” මගෙන් ඇසුවේය. “මගහරින්න මිසක් වෙන මොකටද?” මම එතරම් ගණන් නොගෙන සාමාන්‍ය ලෙස පිළිතුරු දුනිමි. මේ කතාව ජියැන්ග්ට දැන ගන්නට ලැබි ඇත. දැන් ඇය මට ආපසු දමා ගසන්නේ එයයි. 24 May 2017
ඇමෙරිකාවේ පස් දරු පියා ඇමෙරිකා ජනාධිපතිවරයා තරම් ලොව අවධානය යොමු වූ වෙනත් නායකයෙක් නැති තරම්ය. ඔවුන්ගේ ඇවතුම් පැවතුම්, පවුලේ ඕපාදූප එකී මෙකී නොකී සියලු දෑම ලොව පුරා විසිරී පවතින සියලුම මාධ්‍යයන්ට ඉස්තරම් ඕපාදූප සපයන්නක් වේ. එය ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ බිහිවූ පළමු ජනපති ජොර්ජ් වොෂින්ටන්ගේ සිට වත්මන් ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දක්වා එකම කුලකයට අයත්වේ. මෙවර දියතේ ඉඩහසර වෙන්වන්නේ ට්‍රම්ප්ගේ පවුලේ ඕපාදූප විස්තර ගොන්නක් වෙතය. 20 May 2017
සෙල්ලම් ලෙල්ලම් වු හැටි කාඞ් සෙල්ලමෙන් පරාජයට පත්වුණු හැම අවස්ථාවකදීම වාගේ ඔහු තරමක අකමැත්තෙන් මෙන් මට මෙසේ කීවේය. “ඒකෙන් කියන්නේ මාවෝ ත්සේතුං නොපරදින කෙනෙක් නෙවෙයි කියන එකයි. එහෙම නැතිනම් ඔහු පරදින්නෙ නෑනෙ.” 16 May 2017
ට්‍රම්ප්ගෙන් “සැබෑ වෙනසක්” තමන්ගේ ජනපති ගැන අමෙරිකානුවන්ට ආඩම්බර විය හැකි පරිදි ධුරයේ කටයුතු කරන බවද ට්‍රම්ප් මේ පළමු කතාවේදී කීවේ සැබෑ වෙනසක් කිරීමට සූදානම් බව ඉඟි කරමින්. ලෝක ප්‍රජාවට ඔහු ලබාදුන් පණිවිඩයද වැදගත්ය. සෑම ජාතියක් සමඟම සමානව කටයුතු කිරීමට, ගැටුම් ඇතිකර නොගෙන ක්‍රියා කිරීමට අමෙරිකාව සූදානම් බව ඔහුගේ අදහසය. මෙතෙක් අප වැනි රටවල් සම්බන්ධයෙන් මානව හිමිකම් ආදී කාරණා මුල්කරගනිමින් අමෙරිකාව බැලූ දෘෂ්ටිකෝණය ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ යම් වෙනසකට බඳුන් වේ යැයි අපේක්ෂා කළ 13 May 2017
පරාජය පරාද කළ මිනිසා දොර වැසුණි. ලී කොරිඩෝවේ සිටගෙන සිටියේය. පැයකට පමණ පසු එහි පැමිණි ජියැන්ග්ගේ වෛද්‍යවරයා, ජියැන්ග් නින්දට වැටි සිටින නිසා ඇය නින්දෙන් අවදිවෙන විට එන ලෙස කියා එතැනින් යන ලෙසට ලී ට හෙමිහිට පැවසුවේය. නමුත් ලී මුරණ්ඩු ලෙස එය ප්‍රතික්ෂේප කළේය. 10 May 2017
විප්ලවයේ පාඩම් ධනේෂ්වර පක්ෂ කෙරෙහි ආකල්පය පිළිබඳව ලෙනින්ගේ යෝජනාව සම්මේලනයේදී සම්මත කරන ලදි. රුසියාවේ විප්ලවයේ තක්සේරුව පිළිබඳ මෙම ප්රශ්නය කෙළින්ම බලපෑවේය. පක්ෂ නිශ්චිත පංතිවල උවමනාවන් ප්‍රකාශ කළෝය. ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ නියාමක කාර්යභාරය ඉටුකිරීම් වස් කම්කරු පංතියට දේශපාලන පක්ෂවල පංති ස්වරූපය දැන ගත යුතු විය. 06 May 2017
කෝපයේ සරදම බලාපොරොත්තු නොවුණු ලෙස මාවෝ පිටත්ව යාමෙන් ස්වභාවයෙන් සිදුවන්නාක් මෙන් ජියැන්ග් කෝපාවිෂ්ට වූ අතර ඇය ඇගේ කෝපය මුදා හැරියේ ඇගේ සේවකයින් මතටය. කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඇය මෙය කිහිපවතාවක්ම කළාය. 04 May 2017
ලෙනින්ට කාර්යබහුල සමයක් 1906 අප්‍රේල් මුල් භාගයේ ලෙනින්, රුසියන් සමාජ ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයේ සිව්වැනි (සමගි) සම්මේලනයට සහභාගීවීම සඳහා ස්ටොක්හෝම් බලා පිටත් විය. 03 May 2017
ට්‍රම්ප්ගේ ගජබින්න ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පසුගිය ජනවාරි 20 වැනිදා ධවල මන්දිරයට පිවිසියේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. 2016 ජනාධිපතිවරණ ඡන්ද සටනේ හවුල්කරුවකු වනතුරුම ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන ලෝකයා කතා කළේ ඉතා අඩුවෙනි. නමුත් ඔහු අමෙරිකා ඉතිහාසයේ සුවිශේෂ දේශපාලන චරිතයක් බව අප අමතක කළ යුතු නොවේ. 29 April 2017
අහිමි සතුට නැටුම් සංදර්ශනයේ සියලු පාර්ශවකරුවන් මෙන්ම, නැටුම් හා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හැම කෙනෙක්ම පාහේ ඒ වනවිටත් අපි හඳුනාගෙන සිටියෙමු. මාවෝ යම් තැනකට යනවිට ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් මෙන්ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරු සියලු දෙනාම පාහේ පැමිණෙති. කලින් දැන හැදුනුම්කම් වගා දිගාකරගෙන සිටි අප පැරණි මිතුරන් මෙන් එකිනෙකාට සුබ පැතුවේ තවත් ප්‍රීතිමත් සැන්දෑවක් සනිටුහන් කරමිනි. 25 April 2017
ට්‍රම්ප්ගෙන් සැබෑ වෙනසක් තමන්ගේ ජනපති ගැන ඇමෙරිකානුවන්ට ආඩම්බර විය හැකි පරිදි ධුරයේ කටයුතු කරන බවද ට්‍රම්ප් සිය ධූරය බාර ගනිමින් සිදු කළ පළමු කතාවේදී කීවේ සැබෑ වෙනසක් කිරීමට සූදානම් බව ඉඟි කරමිනි. ලෝක ප්‍රජාවට ඔහු ලබාදුන් පණිවිඩයද වැදගත්ය. 22 April 2017
ලෙනින්ගේ සාහිත්‍ය දැක්ම පුවත් පතෙහි පළ කරන ලද ලෙනින්ගේ ලිපි අතුරින් “පක්ෂ සංවිධාන සහ පක්ෂ සාහිත්‍යය” යන මැයෙන් ඔහු විසින් ලියන ලද ලිපිය ඉමහත් සේ වැදගත් තැනක් ඉසිලීය. එයින් ඔහු සාහිත්‍යයයේ කැපවීම පිළිබඳ ප්‍රතිපත්තිය ඉදිරිපත් කොට සකස් කළේය. සාහිත්‍යය කණ්ඩායම්වල හෝ පුද්ගලයන්ගේ ධනවත්වීමේ මාර්ගයක් හෝ කම්කරු පංතියේ පොදු සටනින් බැහැර වූ ස්වාධීන පුද්ගලික කටයුත්තක් හෝ නොවිය යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය. 18 April 2017
ඇමරිකාවේ අනාගතය මගේ අතේ අවලාද සහගත මඩ ප්‍රචාර හමුවේ පවා සිය බිරිය මෙලනියා සහ විවාහ 3ක දරු මුනුපුරන්ද සොහොයුරන් ද තමන් සමඟ සිටීම ට්‍රම්ප්ට විශාල ශක්තියක් වූ බවද මේ ජයග්රහණයෙන් පිළිබිඹු වෙයි. රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනේදී හිටපු නිව්යෝර්ක් පුරපති ගිලියානි වැනි ප්‍රබලයන් අභිභවා යාමට සමත් වූ ට්‍රම්ප්ට තම පක්ෂයේම ප්රබලයන්ගේ වෙනස්කම් විඳ දරා ගැනීමටද සිදුවිය. පක්ෂ ප්‍රබලයන් ඇතැමෙක් ඍජුවම හිලරිට සහාය දැක්වූහ. එවැනි පසුබිමක පවුලේ සාමාජිකයන් පොකුරක්ම තමන් හා සිටීම ට්‍රම්ප්ට විශාල 15 April 2017
සාදයේ සැනසුම එක් කාලයක තමාගේ කලා හැකියාවලින් ජියැන්ග් මාවෝ ට උදව් කළාය. අපේ ජීවිතයේ දුෂ්කරම යුගයක ඇය අප සියලු දෙනාටම විනෝදය, සතුට සැහැල්ලුව ගෙන දුන්නාය. 11 April 2017
ව්‍යාපාරික ලෝකයෙන් දේශපාලන ලෝකයට ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂිතම කාරණය වන්නේ ඔහු දේශපාලනඥයකු නොවීමය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර දේශපාලනය හෝ පරිපාලන තන්ත්රය පිළිබඳ ඔහුට කිසිදු අත්දැකීමක් නොතිබීමද මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිවාදීන් මතු කළ කාරණයකි. එහෙත් දේශපාලනයේ මෙන්ම පරිපාලන තන්ත්රයේද අත්දැකීම් බහුල හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙනුවට අමෙරිකානු ජනතාව තෝරා ගත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. 08 April 2017
නොවැරදුණු අනාවැකිය දින ගණනාවක් එක දිගට නිදිවරා වෙහෙසට පත්වු මාවෝ නින්දට ගිය විට කිසිවෙක් හෝ ඔහුගේ නින්දට බාධා නොකළහ. මෙයින් අදහස්වන්නේ ජියැන්ග් මාවෝ සමග ගත කරන්නේ සති කිහිපයකට වරක් හෝ මාස කිහිපයකට වරක් පමණක් බවය. එයින් හැඟවෙන්නේ කුමක්ද?. 02 April 2017
සාර්ට එරෙහි ලෙනින්ගේ පළමු ප්‍රහාරය “1905 ජනවාරි 9 වැනි දින ශාන්තපීටස්බර්ග් හිදී සාර්ගේ නියමය පරිදි ක්‍රියා කරමින් හමුදා භටයෝ කම්කරුවන්ගේ සාමකාමී පෙළපාළියකට වෙඩි තැබූහ. 02 April 2017
බිඳුණු යුගදිවිය විප්ලවය ජය ගැනීමෙන් පසුව ජියැන්ග් ලෙහෙසියෙන් සතුටට පත්කළ නොහැකි අයෙක් බවට පත්විය. හැම උදෑසනකම වාගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇයට අනිවාර්යයෙන්ම සුබ පැතිය යුතුවිය. “ජියැන්ග් කුයින් සහෝදරිය ඊයේ රාත්‍රියේ හොඳින් නිදා ගත්තද?” කවුරුන් හෝ ආරක්ෂකයෙක් ඇගෙන් එලෙස ඇසීමට අමතක කළහොත් ඒ දවසේ ඉතිරි කොටස ඔහුට ගතකරන්නට සිදුවන්නේ නොසලකා හැරි අයෙකු විලසිනි. 28 March 2017
ට්‍රම්ප් ගොඩ දැමූ පාවෙන ඡන්ද ලෝකෙට ලොක්කා යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකන් ජනාධිපති ජාත්‍යන්තර නායකයෙකි. ලොව සියලුම ජගත් සංවිධාන පසුපස සිටින්නේත්, එම සංවිධාන පවත්වාගෙන යෑමට සියලු පියවර ගන්නේත් මූල්‍ය ආධාර දෙන්නේත් ඇමෙරිකා ජනපතිවරයාය. ලෝක යුද්ධ ආරම්භ කරන්නේත්, අවසන් කරන්නේත් ඇමෙරිකන් ජනපතිවරයාය. ලෝක සාමය තීරණය කරන්නේ ද ඇමෙරිකන් ජනාධිපතිවරයායි. දැන් එම ධුරය හිමිවී ඇත්තේ ව්‍යාපාර මනසකින් යුත් ඩොනල්ඞ් ට්‍රම්ප්ටය. 26 March 2017
විනාශය ගෙනා නරක හැසිරීම් මේ ආරවුල් තත්ත්වයත් සමගම වාගේ අත්පත් කරගත් යුද ජයග්‍රහණ කිහිපයක් හේතුකොට ගෙන එම ආරවුල් නිසා මාවෝ තුළ ඇතිවුන සිත් වේදනා අකා මකා වී ගියේය. එක් දිනක් ජියැන්ග්, ලී නේ ට ඉගැන්විම සඳහා මාවෝ ගේ අත් අකුරු රැගෙන එන ලෙස ඇගේ සේවිකාව මාවෝ කරා පිටත්කර හැරියාය. “එයාට අකුරු ලියන්න උගන්වන්න කියලා එයාගේ අම්මට කියන්න. එයාගේ අම්මට තරම් හොඳට මට අකුරු ලියන්න බෑ.” 23 March 2017
ජන මනස හඳුනා ගොඩ නැඟූ ජන මතය ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඉතා ශූර ලෙස ආමන්ත්‍රණය කරන ලද්දේ බහුතරයක් ඇමෙරිකානුවන් තුළ පැවැති මෙම මානසිකත්වයටය යන්න ඉතා පැහැදිලිය. 23 March 2017
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026