විනෝදකාමි රාජ්‍ය පාලකයා මගේ බිරිඳට හා මට ලී නේ සමග සබඳතා පැවැත්වීමට තිබුණු තහංචිය 1980 වසර වන විට තවදුරටත් පැවැතුණේ නැත. හතරදෙනාගේ කල්ලියේ සාමාජිකාවක්වීම හේතුවෙන් ජියැන්ග් කුයින් වරදකාරියක්වූ අතර ලි නේ ඇගේ දරුවා සමග හුදකලා දිවියක් ගත කළාය. ඇගේ ජීවිතය එතරම් සුවපහසු එකක් නොවිය. නැවත විවාහයක් කරගන්නා ලෙස මා ඇයට කී විට ඇය පැවසුවේ “හතර දෙනාගේ කල්ලියේ ගැහැනියකගේ දුවක් එක්ක විවාහවෙන්නේ කවුද?”යනුවෙනි. මාවෝ තමන්ගේ දරුවන් ගැන කිවේ කුමක්ද යන්න මෙහිදි මගේ මතකයට නැගුණි. ඇගේ පියා ශ් 17 January 2018
රජ බොජුන් නැති රජ ගෙදර මේ කිසිවක් මාවෝ දුටුවේ නැත. නමුත් ජියැන්ග් ගිය හැටියේම වාගේ ඔහු පුවත් පතින් දෙනෙත් ඉවතට ගෙන ඔහුගේ දියණියට කතා කළේය. “මීට අවුරුදු ගාණකට ඉස්සර මම හුනෑන් පළාතේ ගම්බද සමීක්ෂණ චාරිකාවක නිරතවුණා. මුළු දවසෙම බඩගින්නේ හිටපු මම හීල්බත් ටිකක් ඉල්ලුවා.’ 07 January 2018
සීමා මායිම් නැති කුසගින්න ලී නේ මාවෝ ගේ නිදන කාමරයට වී ඇගේ ඉගෙනීමේ කටයුතු ගැන තම පියාට විස්තර කරන්නට වූවාය. විශ්ව විද්‍යාලයේදී ඇයට ලැබුණු ආහාර ගැන යම් තරමකට පැමිණිලි කළාය. “මම නිතරම යැපුණේ පොඩි සලාකයකින්.” ඇය කීවාය. “වෑංජන ලැබෙන්නේ බොහොම ටිකයි. ඒවත් උයලා තියෙන්නෙ ලුණුයි, නිකම්ම නිකම් වතුරෙනුයි. එළවළු තෙල් කෝකියන්ටවත් ප්‍රමාණවත් නෑ. මම කවදාවත් බඩ පුරවගෙන පංතියට ගිහින් නෑ.” 31 December 2017
ඉන්දියාවේ යකඩ ගැහැනිය ඉන්දිරා “දුවේ ඔබ මා ළඟ ඉන්නවා නම් මං ආසයි. අපට තිබෙන මේ සුන්දර ලෝකය ගැන කියා දෙන්නට මල් ගැන තාරකා ගැන කඳු ගැන අපේ ලෝකයේ තිබෙන බොහෝ අරුම පුදුම දේ ගැන කියා දෙන්නට මං කැමතියි.” 27 December 2017
වරප්‍රසාද නොගත් රජපවුල 1960 වසරේ ශීත ඍතුව රට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ඇද දමූ ඉතාමත් දරුණුතම එකක් විය. දිවා කාලය ඉතාමත් කෙටිවීම නිසා, නිවසට එන්නට මෝටර් රථයක් යැවීමටත් නොහැකිවිමෙන්, ලී නේට විශ්ව විද්‍යාලයේ සිට නිවසට එන්නට සිදුවූවේ සති දෙක තුනකට වරක් පමණි. ඇගේ සොයුරිය ලී මින් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නිවසට වී සිටියද ලී නේ විශ්ව විද්‍යාලයේ රැඳී සිටියාය. 24 December 2017
හැම දරුවකුටම ආදරය කළ තාත්තා අවුරුදු හතේදි ලී නේ ගතකළේ කෙවැනි දිවියක්දැයි මට හොඳට මතකය. කුඩා ඇලුමිනියම් භාජනයක් අතින් ගත් පුංචි දැරිය තමන්ට ලැබෙන කළු සෝයා සලාකය ලබාගන්න අනිත් මිනිසුන් සමග විශාල හැලිය ඉදිරියේ සිටගෙන සිටියාය. 17 December 2017
කතාව හෙමින් වැඩ ඉක්මනින් ලී මින් සහ ලී නේ යන තම දියණිවරුන් දෙදෙනාට මාවෝ බෙහෙවින් ආදරය කළ ද තම පුතුන් දෙදෙනා කෙරෙහි පැවති තද බව ඔවුන් දෙදෙනාටද එලෙසම ක්‍රියාත්මක කළේය. තම ආදරය ඔවුන්ගේ බලාපොරොත්තුවලට හිලව් නොකරන්නට ඔහු වගබලා ගත්තේය. 13 December 2017
එකම විදිහට ඝාතනය වූ දේශපාලන සොහොයුරෝ ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ සහෝදරයින් දෙදෙනකු ඝාතනයට ලක්වෙන්නේ කෙනඩි පවුල තුළ පමණි. ඇමෙරිකානු ජනාධිපතිව සිටියදී ජෝන් එෆ් කෙනඩි 1963 දී ඝාතනයට ලක් වූ අතර 1968 දී ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියදී සෙනෙට් මන්ත්‍රී රොබට් කෙනඩි ඝාතනයට ලක්විය. 13 December 2017
රාජ්‍ය නායකයන්ගේ විහිළු වර්ෂ 1916 දී බි්රතාන්යයේ අගමැති තනතුරට පත් වූයේ ලොයිඞ් ජෝර්ජ්ය. හෙතෙම මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියේය. දිනක් පුවත්පත් කලාවේදියෙක් ඔහු අමාරුවේ දැමීම සඳහාම මෙබඳු පැනයක් හදිසියේ මතු කළේය. “මිස්ටර් ජෝර්ජ්, ඇත්තටම ඔබට මතකද ඔබේ සීයා බූරුවකු බැන්ද බූරු කරත්තයක් පාවිච්චි කළ බව?” 13 December 2017
කැරලි ඇවිළෙයි චෙන් හා මාඕගේ පෙළඹවීම නිසා දෙසැම්බරයේ දී දරුණු සිද්ධීන් හට ගත්තේය. මේ අතරවාරයේ දී ඔවුහු මීට වඩා අප්‍රකට උපක්‍රම ද භාවිත කළහ. ආර්ථිකවාදය යළිත් ඔවුහු අවදිකර ගත්හ. කැරලි ඇතිවූයේ හුදෙක් කම්කරුවන්ගේ දුක්ගැනවිලි නිසා බව පෙන්වන්නට තැත් කළ ඔවුහු අතිශයින්ම අනුකම්පා සහගත ආකල්පයක් දැක් වූහ. පාරිතෝෂික වැටුප් බෙදාදුන් ඔවුහූ මෙතෙක් නොගෙවා තිබූ පඩිපත සොයාගෙන ඒවා ද ගෙවා දමා ආධුනිකයන්ට පූර්ණ වේතන ගෙවූහ. පැරණි හා තරුණ කම්කරුවන් අතර මේ නිසා අර්බුද පැන නැංගේය. ඕනෑම 10 December 2017
දලයි ලාමා සොයා මෙහෙයුම් ඇරැඹෙයි මම කුඩා බෙරය දලයි ලාමා හිමියන් අන්‍යයන් කැඳවන තාලය වාදනය කළෙමි. ඉන්පසු ඔව්හු මට සැරයටියන් දෙකක් දුන්හ. මා පළමුව අතට ගත්තේ වැරදි සැරයටිය. මොහොතක් එදෙස බලා අනෙක අතට ගත්තෙමි. එය දලයි ලාමා හිමියන් භාවිත කළ සැරයටියයි. මම එය මා ළඟම තබා ගත්තෙමි. ඉනික්බිතිව ඔව්හූ මගේ හැසිරීම ගැන කථා කළහ. මුල් සැරයටිය දලයි ලාමා හිමියන් ටික කලක් භාවිත කර දෙවැන්න එතුමාගේ දිවි අවසන් වනතෙක් භාවිතයට ගෙන ඇත. 03 December 2017
දරු සෙනෙහසක තරම දවසේ වැඩ නිමකළ මාවෝ මෙවෙලෙහි සුව පහසු පුටුවක වාඩිවී විවේක ගනිමින් සිටියේය. මේ පුවත අසන්නට ලැබුණු හැටියේ මුලින්ම ඔහු තුළ ඇතිවුවේ දැඩි කම්පනයකි. ඔහු කිසිවක් නොකියා ජියැන්ග් සහ යී දෙස දෑස් දල්වා බලා සිටියේය. ඔවුහු දෙදෙන හිස් එල්ලාගෙන නිහඬව සිටියහ. ඔවුන් එසේ නිහඬව සිටියේ එකම දේ නැවත නැවත දැනුම්දිමෙන් හෝ කනගාටුව ප්‍රකාශකරන්න යාමෙන් සිදුවන දේ හොඳින් දන්නා බැවිනි. 03 December 2017
“විප්ලවය මැනවින් වටහා ගන්න” මේ පරිද්දෙන්ම ෂැංහයිවල දී මාඕ සහ චෙන් යන දෙදෙනා තමන්ට රැස්කළ හැකි හැම බලයක්ම භාවිතා කොට ප්රතිගාමි පිලට එරෙහිව සටන් කළහ. ෂැංහයි පක්ෂ කමිටුවට කිසි විටකත් වැරදිය නොහැකි යයි තරයේම කියා සිටි ඔවුහු එය අනුගමනය කළ යුතු යැයි පැවසුහ. ඔවුන්ට සම්පත් දෙකක් විය. පළමුව පැරණි නගරාධිපති විසින් කරන ලද දියුණුව නිසා දිනාගත් වැසියන්ගේ හොඳ හිත භාවිත කළ ඔවුහු එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කළහ. දෙවනුව තමන් විසින්ම ෂැංහයිවල සංස්කෘතික විප්ලවය ආරම්භ කළ ඔවුහු එය තමන් 03 December 2017
දළයි ලාමා බිහිවෙයි 13 වැනි දළයි ලාමා හිමියෝ අපවත් වූහ. නව අධ්‍යාත්මික නායකයකු සොයා ගත යුතුය. ඒ සඳහා පුනරුප්පත්තිය ලද දළයි ලාමා හිමිවරයකු සොයා යාමේ ගමන ඇරඹිණි. 28 November 2017
රට වැසියාටත් පුතාටත් එකම විදිහට සැලකූ ජනාධිපති තාත්තා මාවෝ ඇනියන් ෂිබායි පෝ වෙත පැමිණි පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස එම කණ්ඩායමත් සමග අසල්වැසි ගමකට යවන ලදි. ලියු සිකිව් නමැති තරුණියක් ද මෙම කණ්ඩායමට ඇතුළත් වූවාය. වැඩි දවසක් යන්නට පෙර ඔවුහූ දෙදෙනා ආදරවන්තයින් බවට පත්වුහ. දෙදෙනා විවාහවීමට ද ගිවිස ගත්හ. චෞ එන්-ලායි ගේ බිරිඳ, ඩෙන්ග් යින්චාවෝ සහ සූ චි ගේ බිරිඳ, 09 November 2017
චේ කියුබන් සබඳතා අතහරී 1930 ගණන්වලදී කොරිබාබාහි දක්ෂ ජනප්‍රිය ලේඛකයකු වූ ඩියොඩෝරා රොකාගේ නායකත්වයෙන් පොලිස් මර්දනයට සහ ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබූ ෆැසිස්ට් ක්‍රියාවන්ට විරුද්ධව නැගී සිටීම සඳහා කණ්ඩායමක් සුදානම් කළා. 09 November 2017
පොලිස් ඇස් වසන් කරමින් මිනර්වා පාසලෙන් රහසේ පැනයාම ගැනත් ටියෝ මොක් ගැන මුසාබස් කීම ගැනත් මට කනගාටුවක් ඇතිවුණි. පසුදා මිදුලේ යාඥා රැස්වීමෙන් පසුව මම ඇය දයාවේ මව්තුමියගේ පිළිරුව පිටුපසට කොටුකර ගැනීමට සමත්වීමි. 07 November 2017
සැබෑ සමාජවාදයට අලුත් මගක් ප්‍රථමයෙන් ප්‍රංශයෙන් ආරම්භ වී, අනතුරුව බටහිර යුරෝපයේ සෙසු රටවලට පැතිරී ගිය 1848 විප්ලවය හේතු කොටගෙන මාක්ස් හා එංගල්ස් ආපසු සිය මව්බිම බලා ගියහ. රයින් ප්රුසියාවේ කොලොන් හි පළමු ප්රජාතන්ත්රවාදී පුවත්පත වූ නවරයින් පුවත්පත ඔවුහු තමන්ගේ භාරයට ගත්හ. රයින් ප්රුසියාවේ සියලු විප්ලවීය- ප්‍රජාතන්ත්‍රික ප්රාර්ථනයන්ගේ හදවත හා ආත්මය වූයේ මේ මිතුරන් 30 October 2017
තද ගති ඇති ආදරණීය තාත්තා අවුරුද්දකට කිහිපවතාවක්ම පාහේ සායි වැනි අමුත්තෝ මාවෝ බැහැ දකින්නට පැමිණියහ. ඒ අය අතුරින් ඔහු වෙතින් සමුගෙන යන අය හැරෙන්නට අනිත් කිසිවෙකුවත් ඔහු සමග රාත්‍රී ආහාරය නොගත්හ. ලී ලියැන්ජින් සහ ටියාන් යුනු මාවෝ ගේ සේවයෙන් ඉවත්වී ගියපසු ලූනා අලුත් අවුරුදු නිවාඩු දිනයේ (මෙදින චාරිත්‍රානුකූලව පැරණි මිතුරන් හා ඥාතීන් බැහැ දැකිම සිදු කෙරේ.) ඔහු හමුවෙන්නට පැමිණියහ. මාවෝ ඔවුන් සමග රාත්‍රී ආහාරය ගත්තේය. 30 October 2017
“නොහඬා සිටින්නට අදිටන් කළෙමි” 1946 වර්ෂයේ පළමුවැනි දිනය මා ගත කෙරුවේ අපේ ගම්බද නිවහනේය. එය සිතූ පමණින් සතුටුදායක දිනයක් නොවූයේ මට පැටි්රයාගෙන් බැණුම් ඇසීමට සිදු වූ බැවිණි. ඒ මා ඇගේ කුඩා දරුවාට භූතයින් ගැන කතා කියා ඔහු හඬන්නට පටන්ගත් බැවිණි. පැටි්රයා යළිත් ගැබිනියක වී සිටි බැවින් ඈ එපමණ ශරීර සුවයකින් නොසිටින්නට ඇත. නමුත් ඈ මා සමඟ අඳුරු බරාදයේ සෙල්ලම කෙරුවේ මා සිව් හැවිරිදි ළමයෙකුව සිටියදී බව ඇයට අමතකව ගොසිනි. 30 October 2017
අමතක නැති සබඳකම් ටියැන්ග් යුනුස්ගේ පළමු පෙම්වතියද නිළියකි. වසර දෙකක් ඉතා තද පෙමක වෙළිසිටි ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය බිඳ වැටුණු පසු ටියැන්ග් ඇයට තෑගි ලෙස දි තිබුණු අත් ඔරලෝසුවක් සහ වුලන් ඇඳුම් කිහිපයක් ඔහු ආපසු ඉල්ලා සිටියේය. ඒ වැඬේට මාවෝ කැමති නොවීය. “එහෙම දේවල් කරන එක පිරිමිකමට වටින්නේ නෑ. 22 October 2017
“ෆෙඞ්රික් එංගල්ස්” ෆෙඞ්රික් එංගල්ස් 1895 අගෝස්තු මස 5 වැනිදා ලන්ඩනයේදී මිය ගියේය. 1883 දී මිය ගිය, සිය මිතුරා වූ කාල් මාක්ස්ගෙන් පසුව සමස්ත ශිෂ්ට ලෝකයේම, නූතන නිර්ධන පංතියේ අනගිතම වියතා හා ගුරුවරයා එංගල්ස් විය. දෛවය විසින් කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් එකට එකතු කිරීමෙන් පසුව මිතුරෝ දෙදෙනා සිය ජීවිතයේ මෙහෙය පොදු ව්‍යාපාරයක් සඳහා කැප කළහ. 17 October 2017
සොඳුරු අත්වැල මෙවන් විවාහයක් වෙනුවෙන් මාවෝ ට ණය ගැති එකම පෞද්ගලික ශරීර ආරක්ෂකයා මා පමණක් නොවේ. ඔහු අනිත් අයටත් මෙලෙසම උදව් කළේය. එවන් දේ කළේ දැඩි උනන්දුවකිනි. කිසිදු කලබලයකින් තොරවය. ගරු කටයුතු ලෙසිනි. ඒ සියල්ලටමත් වඩා ඒ කටයුතු සිදුකළේ සහකරුවාට කිසිදු ලජ්ජාවක් හෝ අවමානයක් සිදු නොවන පරිදිය. 16 October 2017
ඉරානයේ ෂා රජු අනුමත කළ සර් ජෝන්ගේ ප්‍රකාශය අයතුල්ලා කුමේනිගේ ඒකාධිපති බලයට අභියෝග කළ නොහැකිව, රජකමෙන් පලවා හැරි ෂා මොහොමඞ් රිසා පාලවි රජු අවාසනාවන්ත ලෙස තම මව්බිමෙන් පිට රටක අවසන් හුස්ම හෙළීමට ප්‍රථම නවසිය පනස් ගණන්වලදී ඉරාන අගමැතිව සිටි මොසාඩෙක් විසින්ද රටින් නෙරපා හැර තිබුණු කාලයක් විය. 15 October 2017
තුන් මසකින් දුටු සොඳුරු දසුන මෙතැන් පටන් මිරැබල් සොයුරියන්ගේ කතාව යොමුවන්නේ ඔවුනගේ පවුලේ බාලයා වූ මාරියා තෙරේසාගේ දින සටහන් වෙතය. ඈ අධ්‍යාපනය සඳහා කන්‍යාරාමය වෙත යැවෙනුයේ වැඩිමහල් සොයුරියන් තිදෙනාට පසුවය. ඒ වනවිට වැඩිමහල් සොයුරියෝ තරුණ වියට පා තබා සිටියහ. මාරියා තෙරේසා කන්‍යාරාමයේ දී හා ගොවිපොළේදී මුහුණ දුන් අත්දැකීම් ඔස්සේ මෙම සටහන් ලියා තිබේ. 11 October 2017
සෝල්බරි රැවටූ සර් ඔලිවර් ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරවරයා ලෙසින් සර් ඔලිවර් අර්නස්ට් ගුණතිලක නාමය ලක් දේශපාලන ඉතිහාසයට එක්වෙයි. ලන්ඩන් සරසවි අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගුරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹූ සර් ඔලිවර් රාජ්‍ය සේවයට එක්වී ලංකාවේ සිවිල් ආරක්ෂක කොමසාරිස් ලෙස වගකීම භාර ගත්තේය. 09 October 2017
නිදහස දිනීමට දිරිමත් වෙමි අගනුවරට ගොස් නායකයා ඉදිරියේ අපගේ කෙටි නාට්‍ය දර්ශනය ඉදිරිපත් කිරීම සඳහා අපට නැවතත් පුහුණුවීම් කටයුතු කිරීමට සිදුවිය. මා අකැමැත්තෙන් වුව මෙම අවස්ථාවට එක්වීමට තීරණය කෙරුවේ එය සඳහා අප පිරිමි ළමයින් සේ ඉදිරිපත් විය යුතු බවට කොන්දේසියක් පනවමිනි. එවිට මගේ මිතුරියන් නොසතුටු හඬක් නැංවූයේ ඒ සඳහා බොහෝ දේවල් අමුතුවෙන් සකස් කළ යුතු බවට මැසිවිලි නඟමිනි. 02 October 2017
අහිංසක පෙම්වතුන්ගේ ප්‍රීතිමත් යුගදිවිය තවදුරටත් අපට තැන තැන ඇවිදීමට සිදු නොවිණි. අප ෂිබායිපෝ කරා පැමිණි පසු හැන් සමග පැවති මගේ සබඳතාව තව තවත් වර්ධනය විය. දිනක් අප දෙදෙනා ඇවිදිමින් සිටින අතරවාරයේදී මාවෝ ඉතා කු`එපග ලෙස මගෙන් මෙසේ ඇසුවේය. “එයත් එක්ක තදින් සම්බන්ධෙ යනවා වගේ නේද?.” 27 September 2017
සිත් සසල කළ ලීනාගේ ඉරණම අප සැමගේ ආදරය දිනාගත් අප පාසලේ සිටි රූමත් ලීනාට අත්වු ඉරණම අප සසල කිරීමට සමත් වූවකි. ඈ පිළිබඳව මතකය බොහෝ කලක් අය සිත තුළ රැඳුණි. 27 September 2017
“මායා වීරයා” හා පෙමින් බැඳීම ඔවුන්ගේ කටයුත්ත නිමවූ පසු අප ඔවුනට පිටුපා සරදම් කරන විට ඔවුහු නිහඩව බලා සිටිති. ඒ අතර අතුරුදන් වන ලීනා අපේ පළමු දවසේ මව්පියන් හා අප පිළිගනු ලැබූ ශාලාවෙන් මතුවේ. ලීනා වාර්තා කළ පරිදි මෙම හමුවීම ඇරඹෙන්නේ ටෘහිලෝ ඇයට ඇසෙන සේ කවි කිහිපයක් කීමෙන්ය. විටෙක ඔහු ඇයට ගායනයක් ඉදිරිපත් කිරීමට හෝ නැටුමක් කිරීමට කියයි. වඩාත් විශේෂ දෙය වූයේ ඈ ඔහුගේ පපුවේ ඇති පදක්කම් ගලවමින් නැවත එල්ලමින් ඈ ඒවා සමග ක්‍රීඩා කරනු දැකීමට ඔහු ප්‍රිය කිරීමය. 22 September 2017
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026