සිසු අරගල මර්දනයෙන් වළ කපා ගත් ලෝක බලවතා
ශ්‍රී ලංකාවේ වර්තමාන පාලනය බරපතළ සමාජ ගැටලූ කීපයකට මුහුණ දෙමින් සිටින බව නිතර පළ කෙරෙන මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි. කුණු කසළ ප්රශ්නය සහ සයිටම් ගැටලූව එයින් මුල් තැනක් ගනී. එයිනුත් සයිටම් අවුල විශේෂිතය. එයට සම්බන්ධ පාර්ශ්ව ගණන අති විශාලය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව, වෛද්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ නියෝජනය කරන වෘත්තීය සමිති, රෝගී පිරිස, රජය, නොයෙකුත් දේශපාලන බලවේග, සයිටම් පාලනාධිකාරිය මෙයින් ලබාදෙන පූර්වාදර්ශය දෙස සුපරීක්ෂාවෙ