IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ රැඩිකල් තීන්දු

 

ට්‍රම්ප්ගේ පාලනය ආරම්භවීමේන් පසු ප්‍රථම වරට රාජ්‍ය නායක චාරිකාවක් අවලංගු කළේ මෙක්සිකෝ ජනාධිපති එන්රිකේ පීනා නියෙතෝ විසිනි. මෙක්සිකෝව හරහා අමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් වැළැක්විම සඳහා එම දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීමේ නියෝගයට ට්‍රම්ප් මිට දින කිහිපයකට පෙර අත්සන් තැබිය. තාප්පය ඉදිකිරීම සඳහා වැයවන මුදල අමෙරිකානු ඩොලර් කෝටි 1000ක් ලෙස ගණන් බලා තිබේ. 


මෙය ඉදිකිරීම සදහා මෙක්සිකෝව මුදල් දායකත්වයක් ලබාදිය යුතු බවට ට්‍රම්ප් නියෝග කළේය එහෙත් කිසිදු දායක මුදලක් ලබාදීමට තම රට සුදානම් නොවන බව ජනාධිපති නියෙතෝ ප්‍රකාශ කළේය ඒ වෙනුවට ට්‍රම්ප් කළේ මෙක්සිකෝ දේශසීමාව හරහා අමෙරිකාවට පැමිණෙන නිෂ්පාදන සදහා සියයට 20ක බද්දක් පැනවීමට තීන්දු කිරිමයි අමෙරිකාවේ ළගම අසල්වැසියන් දෙදෙනාගෙන් අයෙකු වන මෙක්සිකෝව සමග බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් තම පාලනයේ මුල්ම දින 7 තුළ ආරම්භ කිරීම ට්‍රම්ප් ජනාධිපතිවරයෙකු වශයෙන් මුහුණ පාන අර්බුදයක පෙරනිමිත්තකි.


මෙය දිගුකාලීන මිතුරෙකු උරණ කරගැනීමක් බඳු වෙයි. මෙක්සිකෝ රජය ට්‍රම්ප්ගේ නව පිළිවෙත හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කළේය. ඩොනල්ඞ් ට්‍රම්ප් මේ දක්වා අනුගමනය කළ ක්‍රියාමාර්ග අමෙරිකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රසාදයට ලක්වු කරුණු නොවේ. ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේම අදහස වි ඇත්තේ මුස්ලිම්වරුන් හෝ සංක්‍රමණිකයන් පිටුදැකීමට හා මෙක්සිකෝව සමග වෙළද යුද්ධයක් තමන්ට අවැසි නැති බවයි.


අනෙක් අතට ඔස්ටේ්‍රලියාවට පැමිණි නීතිවිරෝධි සංක්‍රමණිකයන් 1250ක් අමෙරිකාවට භාරගැනීමට බරක් ඔබාමා ලබාදී තිබු පොරොන්දුවද ඩොනල්ඞ් ට්‍රම්ප් ඉවතලා තිබේ. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් හා ඔස්ටේ්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අතර පැවති දුරකථන සංවාදය දැඩි මතභේද වලින් අවසන් වු බව මාධ්‍ය වාර්තා කරයි. මෙය ට්‍රම්ප් තවත් සාම්ප්‍රදායික අමෙරිකානු මිතුරෙකු අමනාප කරගැනීමකි.


අනෙක් අතට අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ නම් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපති නියෝග ක්‍රියාවට නැංවීමට අමෙරිකානු ක්‍රමය තුළම නිශේධනයන් පැවතීමයි. එම පියවර සදහා කොංග්‍රස් හා සෙනෙට් අනුමැතිය අවශ්‍ය වේ. ඇතැම් නියෝග සඳහා ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම සහාය නොලැබෙන තත්ත්වයක් තුළ ඒවා ක්‍රියාත්මක වීමේ අභියෝගයක් ඇත එමෙන්ම අමෙරිකානු අධිකරණය මගින් සියලු ජනාධිපති නියෝග අභියෝගයට ලක්කිරීමේ ඉඩ ප්‍රස්ථා තිබේ.


දැනටමත් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහිව අධිකරණමය අභියෝගයක් එල්ල වි ඇත එම කටුක යථාර්ථයට ට්‍රම්ප්ට පෙර සිටි ජනාධිපතිවරු පවා බරපතළ ලෙස මුහුණ දුන්හ. වත්මන් ලෝක ප්‍රජාව දැනට උත්සාහ ගන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් හා නව අමෙරිකානු ගමන්මග අවබෝධ කරගැනීමටයි. බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා අපේක්ෂා කළේද එම අරමුණ ඉටුකරගැනීමටයි. 


ඇය ට්‍රම්ප් ජනාධිපතිවරයාට බි්‍රතාන්‍යයේ චාරිකාවක් සඳහා ඇරයුම් කළද මේවනවිට ඊට එරෙහිව රට තුළ දැඩි විරෝධයක් ඉස්මතු වි තිබේ.එසේනම් අමෙරිකානු හුදෙකලාවාදී ගමනක් අරඹා ඇති ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය තුළ ලෝක බලවතා ලෙස වැජඹෙන අමෙරිකා එක්සත් ජනපදයේ අනාගත ගෝලීය භූමිකාව කුමක්වේද යන්න අවිනිශ්චිතය.


එසේ තිබියදී එදා මෙදා තුර ඇමෙරිකාවේ පස මිතුරු තත්ත්වයෙහිලා නිරන්තරයෙන් සැලකූ රුසියාව සමඟ වත්මන් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් පවත්වාගෙන යන්නේ අපූරු සම්බන්ධයකි.ඇතැම් අවස්ථාවලදී හිත මිතුරු ලෙසින්ද ,තවත් අවස්ථාවකදී එය විවේචනාත්මක සම්බන්ධයක් ලෙසින්ද විදෙස් මාධ්‍ය වලින් අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ.


මෙවැනි ඇයි හොදැයියක් තිබියදී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සහ වොෂින්ටනයේ රුසියානු තානාපතිවරයා සමඟ ධවල මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ඇමරිකානු යුද රහස් ලබාදී ඇති බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත චෝදනා එල්ලවී තිබේ. ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් මේ බව ප්‍රකාශ කළේය. 


කෙසේ නමුත්, රුසියාව මෙවැනි හමුවක් සිදුවූ බව පිළිගත්ත ද එහිදී රහස් හුවමාරුවක් සිදුවූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. මෙම හමුව පවත්වා ඇත්තේ මැදපෙරදිග අයි.එස්. ඇතුළු ත්‍රස්ත කණ්ඩායම්වලින් එල්ල වන තර්ජන පිළිබඳ ව සාකච්ඡා කිරීමටයි. ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක සමයේ සිටම රුසියාව සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යාමට ප්‍රතිඥා ලබා දී ඇත.


ට්‍රම්ප් හා රුසියාවේ ඇයි හොදැයිය ලබන සතියට.

තිළිණි ද සිල්වා



අදහස් (0)

ට්‍රම්ප්ගේ රැඩිකල් තීන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site