IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සොඳුරු අත්වැල

මාඕ ත්සේතුං

 

මෙවන් විවාහයක් වෙනුවෙන් මාවෝ ට ණය ගැති එකම පෞද්ගලික ශරීර ආරක්ෂකයා මා පමණක් නොවේ. ඔහු අනිත් අයටත් මෙලෙසම උදව් කළේය. එවන් දේ කළේ දැඩි උනන්දුවකිනි. කිසිදු කලබලයකින් තොරවය. ගරු කටයුතු ලෙසිනි. ඒ සියල්ලටමත් වඩා ඒ කටයුතු සිදුකළේ සහකරුවාට කිසිදු ලජ්ජාවක් හෝ අවමානයක් සිදු නොවන පරිදිය.


මේ එවන් එක් කතාවකි. ෆෙන්ග් ෂාඕසොන්ග් ට නැටුම් උත්සවයකදී තරුණියක් හමුවිය. ඔහු ඇය සමග පෙමින් බැදුණි. ඒ සමගම වැඩිකල් නොයා ඔහුගේ ඒ පෙම බිඳ වැටුණි. ඇය නැටුම් හා ගායන කණ්ඩායමක සාමාජිකාවකි. ගමනක් යන අතරවාරයේදි මාවෝ ට මේ ගැන දැනගන්නට ලැබුණු අතර ඔහු ෆෙන් ගේ පෑරුණු සිත සනසන්නට උත්සාහ කළේය.


“මුලින්ම කියන්න තියෙන්නේ තමුන් නාට්‍ය කණ්ඩායමක ගැහැනු ළමයෙකුට පෙම් නොකළයුතුව තිබුණා. ඒ වගේ ගැහැනු ළමයෙක් බලාපොරොත්තුවන්නේ විනෝදකාමි ජිවිතයක්. මාසෙකට යුආන් හතළිහක විතර වැටුපක් ගන්න තමුන් වගේ කෙනෙකුට ඒ වගේ කෙනෙක් සතුටුකරණ එක අමාරු දෙයක්. තවමත් අපි ජීවත්වෙන්නේ කොමියුනිස්ට් සමාජයක නෙමෙයි. තමුන් ඒක තේරුම්ගත යුතුයි.”


ඔහු ඒ සමාන උපදෙස් අනිත් ශරීර ආරක්ෂකයින්ටත් ලබා දුන්නේය. “ඔබලා බිරිඳක් සොයා ගැනීමේදි යථාර්ථවාදී වෙන්න ඕනෑ. මාත් එක්ක ඔයාලගෙ තියෙන සම්බන්ධය ඒ වැඩවලට යොදා ගන්න එපා. එහෙම වුනොත් ඒක කෙළවරවෙන්නෙ මහා අවාසනාවකින්. අපේ රටේ පවතින තත්ත්වය අනුව දෙපාර්ශවයම යථාර්ථවාදි වෙන්න ඕනෑ. ආදරය පමණක් මේකට ප්‍රමාණවත් වෙන්නෙ නැහැ.”
කෙසේ හෝ ෆෙන්ග් නැවත වරක් අන්හු පළාතේ හේපී හී පැවති උත්සවයකදී තවත් නැටුම් කණ්ඩායමක තරුණියක් සමග සම්බන්ධකමක් ඇතිකර ගත්තේය. වැඩි කලක් යන්නට පෙර ඔවුන්ගේ සම්බන්ධය ආදරයකට පෙර`එණි. මාවෝ ට මෙය දැනගන්නට ලැබුණු විට ඔහු විහි`එවට මෙන් ෆෙන්ගෙන්  මෙසේ ඇසුවේය. “ඔයා තීරණාත්මක යුද ගැටුමක ක්‍රමවේදය අත්හදා බලන්න යනවද?.”
අන්හු පළාතේ පක්ෂ කමිටුවේ ලේකම් ෂෙන්ග් ෂිස්හෙන්ග් සහ ඔහුගේ බිරිඳ මාවෝ හමුවුණ අවස්ථාවේදී මේ තරුණිය ගැන සොයා බලන ලෙස මාවෝ ඔවුන්ට පැවසුවේය. ඒ ගැන සොයා බලා එදින සවසම ඔවුන් මාවෝ ට දන්වා සිටියේ ඒ තරුණිය ෆෙන්ග් ට ගැළපේ” යැයි ඔවුන් නොසිතන බවයි. ඒ මක්නිසාද කියතොත් ඇය ඔහුට වඩා වසර තුනකින් වැඩිමල් නිසාවෙනි. 


“එයාගේ වයස එතරම් ප්‍රශ්නයක් නෙවෙයි නේද?.” මාවෝ ෆෙන්ග් ගෙන් ඇසුවේය. “තමුන්ට වඩා අවුරුදු තුනක් වයසින් වැඩි ගැහැනියක් ගන්නවා කියන්නේ රත්‍රන් ආකරයක් ගන්නවා වගේ වැඩක් කියලා කතාවක් තියෙනවා. (මෙවන් සම්ප්‍රදායික චීන කියමනක් ඇත. “ඔබ ඔබට වඩා අවුරුදු තුනක් වැඩිමල් ගැහැනියක් විවාහකර ගතහොත් ඔබ රත්‍රන් ගඩොලක් දරාගෙන සිටින කෙනෙක් වැනිය. මන්ද වැඩිහිටි ගැහැනිය යනු වගකීම් ගැන සිතන, ගෙදර දොරේ වැඩකටයුතු ගැන වඩාත් වගකීමෙන් කටයුතු කරණ, හොඳින් දරුවන් රැකබලා ගන්නා ගෘහ පාලනයට දක්ෂ අයෙකි.”) “අනිත් අතින් ඇය වයසට වඩා තරුණ පෙනුමක් ඇති කෙනෙක්.”


“නමුත් එයා ළමයෙකුත් ඉන්න දික්කසාදවුණු කෙනෙක්.”ෂෙන්ග් දෙපළ කීහ.


“තමුන් මොකද කියන්නේ ෆෙන්ග්?”මාවෝ ෆෙන්ග් දෙස බලා ඇසුවේය. “අවංකව කියනවා තමුන් ළමයාට සු`එ පියෙක් වෙන්න කැමතිද?.” ෆෙන්ග් දුර්මුඛව ඔහුගේ හිස සැලුවේය.


“මට සේවය කරණ මේ තරුණයෝ හොඳ කොල්ලො ටිකක්.”මාවෝ ෂෙන්ග් දෙපළට විස්තර කළේය. “එයාලගෙ පෙම්වතියො ලස්සන වගේම අනිකුත් වගකීම් වලිනුත් සම්පූර්ණවුණු අය වෙන්න ඕනැ. ඔයාලගෙ පළාතේ ඉන්න ඔය නාට්‍යංගනාව ගැන මට කනගාටුයි.”
ෂෙන්ග් දෙපළ පිටත්ව ගිය පසු මාවෝ ෆෙන්ග් ට ඇඟිල්ලෙන් ඇන මෙසේ කීවේය. “හදිසි තීන්දු ගැනීමේ ක්‍රමවේදය ප්‍රායෝගික එකක් නෙවෙයි. නමුත් වැඬේ අතාරින්න එපා. ඒ වෙනුවට ආරක්ෂාකාරි යුද ක්‍රමයක් ගැන සිතන්න.”


මාවෝ ලුෂාන් කඳුකරයේදී ජියැන්ග්ස් පළාතේ පක්ෂ කමිටු ලේකම් යැන්ග්ෂැන්ග්කුයිගේ බිරිඳ සූයි ජියැන්ගෙන් ෆෙන්ග් වෙනුවෙන් උදව් ඉල්ලුවේය. සුයි ඉතා ඉක්මනින්ම ෆෙන්ග් ට හෙදියක් සොයා දුන්නාය. ආපසු බිජිං කරා පැමිණි පසු මාවෝ ඒ හෙදියට පෙම් හසුන් ලීවීමට ෆෙන්ග් ට උදව් කළේය. ඔවුන්ගේ විවාහ දිනයේදී ඔවුහු මාවෝ ට මංගල සූකිරි ගෙනැවිත් දුන්හ. මාවෝ මද සිනා පාමින් ඔවුනට සුබ පැතුවේය. “මට හරිම සතුටුයි. ඔයාලට ප්‍රීතිමත් විවාහ දිවියකට මං සුබපතනවා.”

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත



අදහස් (0)

සොඳුරු අත්වැල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 657 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 543 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site