IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ට්‍රම්ප්ගේ නොපළ කතා

 

ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාස ගතවේ.

මෙවරත් දියත ඔස්සේ දිග හැරෙන්නේ එදා මෙදා තුර ධවල මන්දිරයෙන් බිහිවූ සුවිශේෂීතම ජනපතිවරයාගේ තවත් සුවිශේසී කරුණු කිහිපයකි.

 

අවම සුරතල් සතුන් 
සියවසකට අධික කාලයක් තුළ ධවලමන්දිරයට සුරතල් සතෙකු නොගෙනා පළමු ජනධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ඉතිහාසගතවන අතර ඔහු ‘ගෝල්ඩන් ඩුඩල්‘ සුනඛයෙකු රැගෙන ඒමට පැවතී සැලසුමක්ද අත්හැර දැමූ බව කියැවේ.


ජනාධිපතිවරුන්ගේ සුරතල් සතුන් පිළිබඳ කෞතුකාගාරය පවසන ආකාරයට සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සුරතල් සතුන් ඇතිකළ අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සතුන් සිටි බව සඳහන්වේ.


ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මේ අතරින් කැපී පෙනෙන්නේ ‘සාසා‘ නමැති හාවෙකුගේ සිට කැනේරි කුරුල්ලෙකු දක්වා විවිධ සතුන් ඇතිකිරීම හේතුවෙනි.


එහෙත් 1923 සිට 1929 දක්වා ධවල මන්දිරයේ වාසය කළ කැල්වින් සහ ග්‍රේස් කූලිජ් යුවළට ‘සත්වෝද්‍යානයක්‘ වැනි විශාල සත්ව සංඛ්‍යාවක් සිටි බැවින් මේ කරුණේදී ඔවුන් පෙරමුණ ගන්නා බව කෞතුකාගාරය පවසයි. 


ඒ අනුව සුනඛයන් දහ දොළොස් දෙනෙකු, එබිනීසර් නම්වූ බූරුවෙකු, විදේශවලින් තෑගී ලෙස ලැබුණු සිංහ පැටව්, ඕස්ට්‍රලියානු වොලබියෙකු, බිලී නම්වූ හිපොපොටේමසකු සහ කළු වලසෙකුද ඔවුන් සතුව සිටි බව සඳහන් වේ.

 


නිදහස් වෙළෙඳාමට දැඩි ලෙස විරුද්ධවීම
ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ රැකියා අවස්ථා උදාකිරීමේ පොරොන්දුව මත වූ අතර ඇමෙරිකානු නිෂ්පාදන නවතාදැමීමට හේතුවූ නිදහස් වෙළෙඳාම දැඩිලෙස විවේචනය කළේය. ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර දුර්ලභ ලක්ෂණයක් වූ මෙය අවසාන වරට දක්නට ලැබුණේ 1930 දී හර්බර්ට් හූවර් ජනාධිපතිවරයාගෙනි.


ඩොනල්ඞ් ට්‍රම්ප් 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී ‘ඉකොනොමිස්ට්‘ සඟරාවට ප්‍රකාශ කළේ ”‍චීනය අපව විනාශ කරමින් සිටිනවා ඇමෙරිකානුවන්ට මේ කොල්ලකෑම එපාවෙලා”‍ යනුවෙනි. චීන ආනයනවලට වැට බැඳීම පිණිස 12% ක ආනයන බද්දක් පැනවීමට අදහස් කරන බවද ඔහු පවසා තිබුණි.


එසේම තම ඡන්ද ව්‍යාපාරය තුළදී ඔහු අනතුරු ඇඟවූයේ කැනඩාව, ඇමෙරිකාව සහ මෙක්සිකෝව යන රටවල් වසර විසි තුනක කාලයක් සඳහා එකඟතාවට පැමිණ ඇති නැෆ්ටා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉරා දමන බවය.


ඒ ආකාරයටම ඇමෙරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් තබා ඇති පැසිෆික් වෙළෙඳ ගිවිසුම ධවල මන්දිරයට යන මුල්දිනයේදීම අවලංගු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

 


විවිධාකාරයෙන් පළමු තැනගත් ආර්යාව
ස්ලෝවෙනියාවෙන් පැමිණ ජනපති බිරියක් වූ පළමු කාන්තාව වන මෙලනියා ට්‍රම්ප් උපතින් ඉංග්‍රීසි බස කතා නොකරන පළමු ජනපති ආර්යාව වේ.


ඇමෙරිකාවෙන් පිටතදී උපත ලද දෙවැනි ජනපති ආර්යාව වන ඇය දෙවැනි වන්නේ 1825 සිට 1829 දක්වා ඇමෙරිකාවේ හයවැනි ජනපති පදවිය හෙබවූ ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ බිරිඳටය. ඇය ඉපදී ඇත්තේ ලන්ඩන් නුවරදීය.


ඩොනල්ඞ් ට්‍රම්ප් මීට පෙර දෙවරක් විවාහවී ඇති බැවින් ධවල මන්දිරයට පැමිණෙන ප්‍රථම ‘තෙවැනි බිරිය‘ වන්නේ මෙලනියා ට්‍රම්ප් වේ.


දික්කසාදව සිටි අනෙක් එකම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන රොනල්ඞ් රේගන් සිය පළමු බිරිය වූ ජේන් වයිමන් නම් නිළියගෙන් වෙන්වී තිබුණේ ජනාධිපති පදවියට පත්වීමට පෙරය.


වැඩිම භාෂාවන් ගණනක් කතාකරන ප්‍රථම ඇමෙරිකානු ජනපති ආර්යාව වන්නේද මෙලනියා ට්‍රම්ප් වේ. ඇයට ස්ලෝවේනියානු, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ සර්බියානු භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව ඇත.


එසේම නිරුවත් නිරූපිකාවකව සිට ජනාධිපති ආර්යාව බවට පත්වූ පළමුවැනියා වන්නේද ඇය වේ.


වසර 2000 දී ඇය සඟරා කිහිපයක් සඳහා නිරුවත්ව පෙනී සිටියාය. ඩොනල්ඞ් ට්‍රම්ප් ද 1990 වසරේදී පිරිමින් සඳහා වූ ‘ප්ලේ බෝයි‘ සඟරාවේ පෙනීසිටි අතර”‍ ඉතා හොඳ සඟරාවක්. එය අලෙවිකරන්න කැමති ද?”‍ යන වැකිය සමග ඔහුගේ රුව එහි පළවී තිබුණි.


මෙවැනි කරුණු රැසක් හේතුවෙන් ට්‍රම්ප් ලෝකෙට ලොක්කා ලෙසින් නොදෙවැනි වන්නේ වෙන කාටදැයි අපට දැනෙන්නේ නිතැතින්ම නොවේද?

තිළිණි ද සිල්වා



අදහස් (0)

ට්‍රම්ප්ගේ නොපළ කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site