IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


නොවැරදුණු අනාවැකිය

 

දින ගණනාවක් එක දිගට නිදිවරා වෙහෙසට පත්වු මාවෝ නින්දට ගිය විට කිසිවෙක් හෝ ඔහුගේ නින්දට බාධා නොකළහ. මෙයින් අදහස්වන්නේ ජියැන්ග් මාවෝ සමග ගත කරන්නේ සති කිහිපයකට වරක් හෝ මාස කිහිපයකට වරක් පමණක් බවය. එයින් හැඟවෙන්නේ කුමක්ද?.


ජියැන්ග් නිරන්තරයෙන්ම බොහෝ චෝදනා නැගූ කෙනෙකි. ඇය ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම කෙනෙක් ගැන චෝදනා කළාය. බොහෝ අවස්ථාවල එකිනෙකා අවුළුවන අන්දමේ වැඩ කළාය. මෙනිසා මාවෝ තුළ ඇය කෙරෙහි යම් අප්‍රසාදයක් මතුවූ අතර ඇගෙන් ආරක්ෂාවීමේ පියවරයන්ද ගත්තේය.


මාවෝ යමෙකුට ලෙහෙසියෙන්ම නම්මාගත හැකි කෙනෙක්ය යන හැඟීමක් මා තුළ විය. ඔහු ළඟින්ම ඇසුරුකරණ අයෙක් ඔහුට යම් දෙයක් ගැන කිහිප වතාවක් නැවත නැවත කීවොත් ඔහු ඒ කියු දේ විශ්වාස කරන තත්ත්වයට පත්විය. වැඩකරන අතරවාරයේ හමුවෙන විවේකයකදී මාවෝ අප සමග විහි`එ තහ`එ කිරිමේ පුරුද්දක් පැවතුණි. ඒ වෙලාවන්හිදි මාවෝ හැසිරුණේ සාමාන්‍ය අයෙකු ලෙසිනි. ඔහුට විහි`එවෙන් ඕනෑම දෙයක් කියන්නට අපට ලැබුණු හොඳම වේලාව මෙය විය. වරක් අපේ පෞද්ගලික ආරක්ෂකයින්ගෙන් කෙනෙක් සම්බන්ධ කර ඔහුගේ පෙම්වතිය සමග අමනාපවී සිටින නිසා ඔහුට නින්ද නොයන බව අපි විහි`එවට පැවසුවෙමු. මුල් වතාවේ මාවෝ එය විහි`එවට ගත්තේය. දෙවැනි වතාවේදී එය කියු විට මාවෝ එය සැබෑලෙස පිළිගත් අතර තුන්වැනි වතාවේදි ඔහු එය බරපතළ ලෙස සිතට ගත් අතර එය විසඳන්නට මැදිහත්වන්නට පවා ඉදිරිපත්විය. එනිසා එය විහි`එවක් බව අවසානයේ අපි ඔහුට කිවෙමු. නමුත් අපි එය තුන්වරක් කියන තුරුම ඔහු එය විහි`එවක් බව විශ්වාස නොකළේය. අපි විහි`එ තහ`එවෙන් නායකයා වැරදි මතයෙන් ගලවා ගත්තේ එලෙසිනි.


ගාවෝ ගැන්ග් සහජ හැකියාවන් සහිත විශ්වසනීය පුද්ගලයෙකු බව ප්‍රසිද්ධ පරිවර්තකයෙකු වූ සයි ෂී වරක් මාවෝ සමග පැවසුවේය. ගාවෝ ගේ මේ ඇගයිම් සහිත කතාව කිහිප වතාවක් මාවෝ ඇසු පසු ගාවෝ හොඳ මිනිසෙක් බව කිහිප අවස්ථාවකම මාවෝ ම කියනු ඇසුණි. ඉන් වසර දෙකකට පමණ පසු පැවැත්වු මහා මධ්‍ය මණ්ඩලයේ හත්වැනි සැසිවාරයේදි, පක්ෂයට කරන ලද නොපනත්කම් හේතුවෙන් ගාවෝ සමග රාවෝ සුසී ප්‍රසිද්ධියේ හෙළා දැකීමට ලක් කෙරිණි. එම සැසිය අවසන් වු පසු මාවෝ සයි ගෙන් මෙසේ ඇසුවේය. “ගාවෝ හොඳ මිනිහෙක් කියලා ඔබ මට කීවා. නමුත් එයා පක්ෂයේ කඩාකප්පල්කාරි වැඩවලට සම්බන්ධ වෙලා.” එවිට සයි මෙසේ පිළිතුරු දුන්නේය. “මා එහෙම කියන කාලේ එයා පක්ෂයේ උපසභාපතිනෙ.”ඉන් අනතුරුව මාවෝ ඒ ගැන කිසිවක් කිවේ නැත.

 


මාවෝ සමග යම් කෙනෙක් අමනාපව සිටියේ නම් ඒ තැනැත්තා ගැන හොඳ කියා ඒ අමනාපය සමථයකට පත්කරන්නට මාවෝ ගේ බිරිඳ ලෙස ජියැන්ග්ට ලෙහෙසියෙන්ම කළ හැකිව තිබුණි. හොඳ බිරිඳක් ලෙස ඇය කළයුතුව තිබුණේ එයයි. නමුත් එසේ කරනවා වෙනුවට ඇය කළේ ඒ තැනැත්තා ගැන මාවෝ ගේ තරහ වැඩිකිරීම හෝ ඒ හරහා මාවෝ අසතුටට පත්කිරීමයි. ඇය මේ කටයුත්ත සිමාව ඉක්මවා කළාය. අවස්ථා දෙකකදිම මාවෝ මේ සම්බන්ධයෙන් ඇයට දැඩිලෙස දෝෂාරෝපණය කළ හැටි මට මතකය. “ඔයාට අනිත් මිනිස්සු එක්ක කවදාවත් සුහදව ජීවත් වෙන්න නම් බෑ.” ඒත් එක්කම මෙසේ ද කීවේය. “අනිත් මිනිසුන්ට මිතුරන් විදිහට සලකන්න ඔයා කවදාවත් ඉගෙන ගන්නේ නෑ. ඔයා හැමකෙනෙක්ම ඔයාගේ සතුරන් කරගන්නවා.”


ජියැන්ගේ මේ හැසිරීම් ගැන මාවෝ අපට කියු දේවල් මට කිසි දිනක අමතක නොවේ. “ජියැන්ග් එයාගේ නපුරු කටින් මිනිසුන් නිතරම රිදවනවා. එයා කරදර හදන කෙනෙක්. මගේ මරණයෙන් පස්සේ එයාට අත්වෙන්නේ ඛේදජනක අවසානයක්.” මාවෝ ගේ ඒ අනාවැකිය එලෙසම සත්‍යවිය.


මේ මොනදේ වුවද ඇගේ සීමාවන් මොනවාද කියා ජියැන්ග් හොඳ හැටි දැන සිටියාය. ඇතැම් අවස්ථාවල ඇයට මාවෝට යමක් කියන්නට උවමනා වුවද මාවෝ එයට සවන් නොදෙන බව දැනුණු විට ඇය වෙනුවෙන් ඒ දේ මාවෝ ට කියන්නට මාවෝ ඇහුම්කන්දේවි යැයි ඇය සිතන කෙනෙක් සොයාගන්නට ඇය අමතක නොකළාය. “සංස්කෘතික විප්ලවයේ” අවසාන වසර කිහිපයේදී ඇය මාවෝ යුආන්ෂින් සමග කල්ලි ගැසුණේද ඒ නිසාවෙනි.

 


ආරියනන්ද දොඹගහවත්ත

 



අදහස් (0)

නොවැරදුණු අනාවැකිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site