IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඇමරිකාවේ අනාගතය මගේ අතේ

 

අවලාද සහගත මඩ ප්‍රචාර හමුවේ පවා සිය බිරිය මෙලනියා සහ විවාහ 3ක දරු මුනුපුරන්ද සොහොයුරන් ද තමන් සමඟ සිටීම ට්‍රම්ප්ට විශාල ශක්තියක් වූ බවද මේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වෙයි. රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනේදී හිටපු නිව්යෝර්ක් පුරපති ගිලියානි වැනි ප්‍රබලයන් අභිභවා යාමට සමත් වූ ට්‍රම්ප්ට තම පක්ෂයේම ප්‍රබලයන්ගේ වෙනස්කම් විඳ දරා ගැනීමටද සිදුවිය. පක්ෂ ප්‍රබලයන් ඇතැමෙක් ඍජුවම හිලරිට සහාය දැක්වූහ. එවැනි පසුබිමක පවුලේ සාමාජිකයන් පොකුරක්ම තමන් හා සිටීම ට්‍රම්ප්ට විශාල ‍ධෛර්යයක් ගෙන ආ බව නොරහසකි.

 

වසරකටත් වැඩි කාලයක් තිස්සේ පැවැති මැතිවරණ ක්‍රියාදාමයේදී ආරම්භයේ ට්‍රම්ප් සිටියේ හිලරිට වඩා බොහෝ පසුපසිනි. එහෙත් අවසානය වනවිට ඇය හා කරට කර සටනක් දීමට ඔහුට හැකිවිය. හිලරිට එරෙහිව මතුවූ ඊ -මේල් අපවාදය ද ඇය‍ගේ පරාජයට සැලකිය යුතු බලපෑමක් කරන්නට ඇත. ජනාධිපතිවරණයේ අවසානයට පැය කිහිපයක් තිබියදී ඇය නිර්දෝෂී බව එෆ්. බී. අයි. මඟින් ප්‍රකාශ කළද තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පෙරළා ප්‍රශ්න කළේ මෙතරම් ඉක්මනින් මේ ගැන නිගමනයක් දීමට නම් විමර්ශකයින් තත්පරයකට එක් ඊ මේල් පණිවිඩය බැගින් විශ්ලේෂණය කළ යුතු බවය. එය විය නොහැක්කකි. එබැවින් එම තුරුම්පුවද හිලරිට වැඩකළේ නැත.


ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය නායකයන් ගණනාවක් සුබපැතුම් එක්කර තිබේ. මුලින්ම සුබපැතූ අය අතර රුසියානු ජනාධිපති පුටින්ද විය. සිය මැතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් පළ කළ අදහස්වලින් පෙනෙන්නේ ඔහුගේ නායකත්වය යටතේ අමෙරිකාව, රුසියාව සම්බන්ධයෙන් දැනට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවය. එසේ වුවහොත් එය සෙසු ලෝකයටද යහපතක් වෙනු ඇත. චීන ජනාධිපති ෂී ජින් පිංග්ද ජපාන අගමැති ෂින් ෂෝ අබේද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද එලෙස සුබපැතු අය අතර සිටිති. 


ඉන්දියාව කෙරෙහි මිත්‍රශීලී පිළිවෙතක පිහිටා මැතිවරණ ව්‍යාපාරයේදී කටයුතු කිරීම අගමැති මෝදි අගය කර තිබිණි. මෙක්සිකෝව හරහා සංක්‍රමණිකයන්ට ඇතුඑ වීමට ඉඩ නොලැබෙන පරිදි දැවැන්ත තාප්පයක් ඉදිකරන බව හා දෙරට අතර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම අත්හිටුවන බව ට්‍රම්ප් කියා සිටීමත් සමඟ මෙක්සිකෝවේ යම් තිගැස්මක් ඇති වූවද එරටද ට්‍රම්ප්ට සුබපැතුම් එක්කර තිබේ. බංග්ලාදේශ ජනාධිපතිනිය ද අමෙරිකාවේ නව නායකත්වයට සුබ පැතුවන් අතර සිටී. ප්‍රංශ ජනාධිපති හා ඕස්ටේ්‍රලියානු අගමැතිවරයාද බි්‍රතාන්‍ය අගමැතිනියද මේ අතරට එක්වේ. ඇතැම් විචාරකයන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය දැක තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි්‍රතාන්‍යයන් ගත් තීරණයට එය සමාන කරමිනි.


ජයග්‍රහණයක කතාව
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය ද රිපබ්ලිකන් පක්ෂය සතුවිය. එය ආසන 100න් 51ක බලය ඔවුන්ට ලැබී තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයට ලැබුණේ ආසන 45කි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435න් 235ක්ම ලැබී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටය. මේ පසුබිම ට්‍රම්ප්ට සිය පාලනය පෙරට ගෙනයාමේදී විශාල පිටුබලයක් වනු ඇත.


රිපබ්ලිකන් පක්ෂය ග්‍රෑන්ඞ් ඕල්ඞ් පාටි (ඨධඡ) ලෙසද හැඳින්වේ. රිපබ්ලිකන් ජනාධිපතිවරයකු ‍ අමෙරිකාවේ පාලනය භාරගත්තේ 2009 න් පසුවය. මෙතෙක් රිපබ්ලිකන් ජනාධිපතිවරු 18ක් බිහි වී තිබේ. අමෙරිකාවේ පළමු රිපබ්ලිකන් ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන් වන අතර බලයේ සිටි අවසන් ජනාධිපතිවරයා ජෝර්ජ් ඩබ්. බුෂ්ය. (2001 - 2009) බුෂ් ජනාධිපතිවරයාගේ පාලනය අතිශයින්ම වාද - විවාදවලට තු‍ඩු දෙන්නකි. ඇතැම් අය පූර්ව නිගමන මත පිහිටා අපේක්ෂා කරන්නේ ට්‍රම්ප්ගේ කාලයද ගැටලු‍සහගත වනු ඇති බවය. එහෙත් ඔහු කෙසේදැයි කියන්නට තවමත් ඉක්මන් වැඩිය. ජයග්‍රහණයෙන් පසු ට්‍රම්ප් කළ කතාව ඇතැම් විචාරකයන් කියන පරිදි ඉතිහාසයේ වෙනත් එවැනි කතාවලට වඩා වෙනස්ය. ඔවුන් ඉන් අදහස් කරන්නට ඇත්තේ සම්ප්‍රදායයි. එසේ වුවද ට්‍රම්ප් එහිදී පළ කළ අදහස් අවධානයට ලක්විය යුතුය.


බෙදීම් අවසන් කර අමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් එක්සත්ව නැඟී සිටින්නැයි රිපබ්ලිකන්, ඩිමොක්‍රටික්, ස්වාධීන සියලු‍ කොටස්වලට ඔහු ආයාචනා කළේය. අමෙරිකානුවන්ගේ අභිලාෂය වූයේ ඔවුන්ගේ පවුල් උදෙසා පැහැදිලි අනාගතයක් බව කී ට්‍රම්ප් තමන් එය උදාකරන බවද කීවේය. තම සම්පූර්ණ ජීවිතය මෙතෙක් කැප කළේ ව්‍යාපාරවලට නමුත් ‍මෙතැන් සිට තමන්ට ඇත්තේ තම රට දියුණු කිරීමේ අභිප්‍රාය බවද පැවසීය. යටිතල පහසුකම් නැංවීම, ආර්ථිකය නැංවීම ආදී පොරොන්දු රැසක් ඔහු ඉදිරිපිට තිබේ. මේ සියල්ල සැබෑකරගත හැකි සිහින බව ට්‍රම්ප්ගේ විශ්වාසයයි.


ට්‍රම්ප්ගේ ලෝකයෙන් තවත් කොටසක් ලබන සතියට....


තිළිණි ද සිල්වා



අදහස් (0)

ඇමරිකාවේ අනාගතය මගේ අතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site