IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ට්‍රම්ප් ගොඩ දැමූ පාවෙන ඡන්ද

 

ලෝකෙට ලොක්කා යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකන් ජනාධිපති ජාත්‍යන්තර නායකයෙකි. ලොව සියලු‍ම ජගත් සංවිධාන පසුපස සිටින්නේත්, එම සංවිධාන පවත්වාගෙන යෑමට සියලු‍ පියවර ගන්නේත් මූල්‍ය ආධාර දෙන්නේත් ඇමෙරිකා ජනපතිවරයාය. ලෝක යුද්ධ ආරම්භ කරන්නේත්, අවසන් කරන්නේත් ඇමෙරිකන් ජනපතිවරයාය. ලෝක සාමය තීරණය කරන්නේ ද ඇමෙරිකන් ජනාධිපතිවරයායි. දැන් එම ධුරය හිමිවී ඇත්තේ ව්‍යාපාර මනසකින් යුත් ඩොනල්ඞ් ට්‍රම්ප්ටය.


ඇමෙරිකාව යළිත් ශේෂ්ඨත්වය කරා ගෙන යනවා යැයි ඇමෙරිකන් ජනතාවට පොරොන්දුවක් දී සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්, ලෝක බලවතා ලෙස කුමක් කරාවිද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු අනතුරු අඟවා තිබුණු අන්දමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලෝකය විනාශ කරාවිද? තෙවැනි ලෝක යුද්ධයකට මුල පුරාවිද? සංක්‍රමණික අර්බුදය අවුල් ජාලයක් කරාවි? රුසියාව සමඟ මිතුරු වී, උතුරු කොරියාවට බුරුලක් දේවිද? මේ මොහොතේ කාගේත් සිත්වලට නැගෙන්නේ මෙවැනි ප්‍රශ්නය.


කිසිදු දේශපාලන පසුබිමක් නොමැති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනපති ධුරයට පත් වෙද්දී, ජනපති ආර්යාවක, සෙනෙටර්වරියක, රාජ්‍ය ලේකම් වරියක ද වන ඩිමෝක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් පරාජයට පත්වූයේ, ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමට අවස්ථාව ලැබ එය ගිලිහුණු කාන්තාව වශයෙනි.


හිලරි ක්ලින්ටන් ජනපතිවරණයට පිවිසුණේ පැහැදිලි දැක්මක් සහිතවය. ආරම්භයේ දී ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ පවා සහාය ඇයට හිමිවිය. ඒත්, හිලරිට අවාසියක් විය. ඒ, 2008 වසරේ ඔබාමා ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරිය වූයේ හිලරිය.


ජනපතිවරණයට ඔන්න මෙන්න තිබියදී ද හිලරිගේ ඊ මේල් අවභාවිතය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කිරීමට එෆ්.බී.අයි. කාර්යාංශය කටයුතු කළේය. බදු වංචාකාරයකු කියාත්, කාන්තාවන්ට නිගරු කරන්නෙක් කියාත් ගැහැනු පෙරේතයකු කියාත් ඩොනල්ඞ් ට්‍රම්ප්ට කොතෙක් චෝදනා එල්ල වුවත්, ඊ මේල් අවභාවිතය සම්බ්න්ධයෙන් හිලරි ක්ලින්ටන්ට ඇමෙරිකන් ජනතාවගෙන් කිසිදු සමාවක් ලැබුණේ නැත. එය ඇයට එල්ල වුණු දෙවැනි කළු පැල්ලමයි. ඇය ලැබූ පරාජයෙන් එය පැහැදිලිය.


එක් රූපවාහිනී සජීවී විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප්, හිලරිගේ මුහුණටම මෙසේ පැවැසුවේය. රාජ්‍ය ලේකම් විධියට ඊ මේල් අවභාවිතා කිරීම කිසිසේත් සමාව දෙන්න පුළුවන් කාරණාවක් නොවේ. ඒක දේශද්‍රෝහීකමක්. මං ජනාධිපති වුණොත්, නීතිපති ලවා ඔබට විරුද්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. නිසි දඬුවම් දෙනවා.


ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වත්මන් බිරිය මෙලානියාය. ජනපතිවරණයට පෙරාතුව පැවැති රැලිවලටත්, සජීවී රූපවාහිනී විවාදවලටත් මෙලානියා සහභාගී වූවාය. “මගේ සැමියා කාන්තාවන්ට නිගරු කරන නරුමයෙක් නොවේ” යැයි ඇය අවස්ථා කිහිපයකදී මධ්‍ය හමුවේ අවධාරණය කළාය. මෙලානියා සහ ඩොනල්ඞ් අතර සම්බන්ධය ගොඩනැගුණේ 1998 වසරේදීය. දෙදෙනා විවාහ වූයේ 2005 දීය. මෙලානියා 2006 දී පුතකු බිහිකළාය. ඔහු බැරොන් ට්‍රම්ප්ය. ඩොනල්ඞ් ට්‍රම්ප් පස් දරු පියෙකි. මුණුපුරු මිණිපිරියන් අටකට සීයා කෙනෙකි. එසේ වුවත්, පසුගිය මාස කිහිපය පුරා පැවැති ජනපතිවරණ රැලිවලදී පොඞ්ඩන් සහ ළදරුවන් වඩා ගනිද්දී ඩොනල්ඞ් අසීරු අවස්ථා කිහිපයකට මුහුණ දුන්නේය. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ට්විටර් සමාජ ජාල ගිණුම සමග ඇමෙරිකාවේත් ලොව නන්දෙසිනුත් මිලියන 10.7ක පිරිසක් එක් වී සිටීම ද සුවිශේෂී කරුණකි.


ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ ආසන 288 ක් හිමි කර ගනිමිනි. හිලරි ක්ලින්ටන්ට හිමිවූයේ ආසන 215 ක් පමණි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ 270 සීමාව පසුකිරීමය. ජනපතිවරණයේදී ඇමෙරිකාවේ ජනපද 50 න්, ජනපද 11 ක් තීරණාත්මක විය. ඒ, එම ජනපදවල වැසියන් කාට ඡන්දය දේවිදැයි කල්තියා කිව නොහැකි වුණු නිසාය. මෙම “ඡන්ද පාවෙන” එසේත් නැතිනම් දෝලනී ජනපද ලෙස විශ්ලේෂකයෝ හැඳින්වූහ. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජය තහවුරු වූයේ පෙන්සිල්වේනියා ජනපදය ජයග්‍රහණය කිරීමෙන් පසුවය. ඇමෙරිකන් ව්‍යවස්ථාදායකය සෙනෙට් මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකින් සමන්විත වන අතර එම මන්ත්‍රී මණ්ඩල දෙකෙහි ද බහුතර බලය දැන් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව පවතී.

ජනපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරියේ සිට සිවු වසරක කාලයක් සඳහා ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය .
ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂිතම කාරණය වන්නේ ඔහු දේශපාලනඥයකු නොවීමය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර දේශපාලනය හෝ පරිපාලන තන්ත්‍රය පිළිබඳ ඔහුට කිසිදු අත්දැකීමක් නොතිබීමද මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිවාදීන් මතු කළ කාරණයකි‍. එ‍හෙත් දේශපාලනයේ මෙන්ම පරිපාලන තන්ත්‍රයේද අත්දැකීම් බහුල හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙනුවට අමෙරිකානු ජනතාව තෝරා ගත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඇතැම් දේශපාලන විචාරකයන් පවා පවසන අන්දමට මේ ප්‍රතිඵලය නැතහොත් මේ තෝරාගැනීම විස්මය ජනකය, අනපේක්ෂිතය. එහෙත් මෙම ප්‍රතිඵලය මඟින් ඇමෙරිකානුවන් තමන් තුළ වසර ගණනාවක් තිස්සේ කැකෑරෙමින් පැවැති පීඩනය සහ කෝපය මුදාහැර ඇති බව පැහැදිලිය.


ට්‍රම්ප් ගේ චරිතාවලෝකනයේ තවත් කොටසක් ලබන සතියට....


තිළිණි ද සිල්වා



අදහස් (0)

ට්‍රම්ප් ගොඩ දැමූ පාවෙන ඡන්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site