IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ ගජබින්න

 

ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පසුගිය ජනවාරි 20 වැනිදා ධවල මන්දිරයට පිවිසියේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. 2016 ජනාධිපතිවරණ ඡන්ද සටනේ හවුල්කරුවකු වනතුරුම ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන ලෝකයා කතා කළේ ඉතා අඩුවෙනි. නමුත් ඔහු අමෙරිකා ඉතිහාසයේ සුවිශේෂ දේශපාලන චරිතයක් බව අප අමතක කළ යුතු නොවේ.

 

වයසකම ජනපති
හැත්තෑ විය සපිරූ අපේක්ෂකයකු අමෙරිකා ජනාධිපතිවරණ සටනකට පළමුවරට ඉදිරිපත් වූයේ නම්, ඒ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. එකී වාර්තාව ට්‍රම්ප්ට පෙර තබා තිබුණේ රොනල්ඞ් රේගන්, හැට නව වන වියෙහි පසුවන විට බව වාර්තාවල දැක්වේ. ජනවාරියේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමඟම ඩොනල්ඞ් ට්‍රම්ප් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් අමෙරිකා ජනාධිපති පුටුවට තේරී පත්වුණු පස්වන ජනාධිපතිවරයාද වනු ඇත. අමෙරිකා ඉතිහාසයේ වරින්වර තේරී පත්වුණු මාර්ටින් වැන් බුරෙන්, මිලර්ඞ් ෆිල්මෝර්, තියඩෝර් රූස්වෙල්ට් සහ ෆ්‍රෑන්ක්ලින් ඩි. රූස්වෙල්ට් යන ජනාධිපතිවරු ද නිව් යෝර්ක් ප්‍රාන්ත වැසියෝය. එමෙන්ම තියඩෝර් රූස්වෙල්ට්ට පසුව නිව් යෝර්ක් නගර සීමාවෙන්ම අමෙරිකාවේ මුල් පුටුවට තේරී පත්වුණු පළමුවැන්නා වන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් බව දැක්වේ. 


තමන් ඉපදුණු ප්‍රාන්තයෙන් පරාජයට පත් වුණ මුත් අමෙරිකාවේ බහුතර ජනතාවගේ ඡන්දය දිනා ගත් ජනාධිපතිවරු ද ඇමෙරිකා ඉතිහාසයේ සිටිති. එකී ලැයිස්තුවේ මෙතෙක් තිබුණේ 1844දී බලයට පත් ජේම්ස් කේ. පෝල්ක්ගේත්, 1916දී බලයට පත් වුඞ්රෝ විල්සන්ගේත්, 1968දී බලයට පත් රිචර්ඞ් නික්සන්ගේත් නම් පමණි. 2016 ජනාධිපතිවරණ ඡන්ද සටන නිමාවට පත්වීමත් සමඟ ඒ ලැයිස්තුවට ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමත් අලු‍තින් එකතුවී ඇත.

 


ට්‍රම්ප්ගේ ගජබින්න
ඩොනල්ඞ් ට්‍රම්ප් ධනපතියකු බව බොහෝදෙනෙක් නොදනිති. ලෝක ප්‍රකට “ෆෝර්බස්” සඟරාව මේ වසර මුලදී කියා සිටියේ ට්‍රම්ප්ගේ ධනය අමෙරිකා ඩොලර් බිලියන 3.7ක් පමණ වන බවයි. ඇමෙරිකා ප්‍රවෘත්ති ඒජන්සියක් වන “බ්ලු‍ම්ස්බර්ග්” පැවසුවේ ඔහුගේ ධනය අමෙරිකා ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බවය. මේ කුමන අගය අන්තිම දශමයටම නිවැරදිදැයි කියා අපි නොදනිමු. නමුත් ට්‍රම්ප් ඇමෙරිකා ඉතිහාසයේ පහළවුණු ධනවත්ම දේශපාලනඥයාය යන්න කිසිවකුට බැහැර කළ නොහැකිය. හෙතෙම තමන්ගේ ධනය ගැන අධි තක්සේරුවකින් සිටින බව කිව යුතුව ඇත. 


ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට පළමුව - එනම් පසුගිය වසරේ ජුනි 16වැනිදා ට්‍රම්ප් තම මුල්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබිණ. එක් පිටුවකින් සමන්විත මේ මුල්‍යය ප්‍රකාශය නිකුත් කරන්නට මුල්වී තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් වූත් විශාල වූත් ගණකාධිකරණ. සමාගම කියන ආකාරයට ට්‍රම්ප්ගේ ධනස්කන්ධය ඇමෙරිකා ඩොලර් 8,737,540,000කි. එයින් කියැවෙන්නේ ට්‍රම්ප්ට ඇමෙරිකා ඩොලර් බිලියන 9කට ආසන්න ධනයක් ඇති බවකි. මේ මුල්‍යය ප්‍රකාශයත් සමඟම ට්‍රම්ප් පැවසුවේ “මම ඇත්තටම පොහොසත්” කියාය. ෆෝර්බස් සඟරාව එකී මුල්‍යය ප්‍රකාශයත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් යන දෙකම අපූරු විග්‍රහයකට බඳුන් කර තිබිණ. ඒ අනුව සඟරාව සටහන් කර තිබුණේ “එය ගජබින්නයක්” බවය.


ආඩම්බර විය හැකි තරමේ මහා ධනයක් උත්පාදනය කෙරෙන වත්කම් ප්‍රමාණයක් ට්‍රම්ප් සතුය. එයින් වැඩි ප්‍රමාණයක් ඔහුට උරුම වුණේ ඔහුගේ පියාගෙනි. ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු සියල්ලක් සිදුවන්නේ “ට්‍රම්ප් සංවිධානය” නමින් හඳුන්වන ආයතනය යටතෙහි බව දැක්වේ. සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.


ඔහුගේ මේ සංවිධානය යටතේ පාලනය වන ව්‍යාපාර අතර සංචාරක නිකේතන, සුඛෝපභෝගී මහල් නිවාස සහිත කුලු‍නු, ඉඩකඩම් සංවර්ධනය කිරීමේ ව්‍යාපාර සහ ගොල්ෆ් පිටි ඇත. නිව් යෝර්ක්හි “ට්‍රම්ප් ටවර්” නමැති කුලු‍නත්, මෑන්හැට්න්හි “ට්‍රම්ප් වර්ල්ඞ් ටවර්” කුලු‍නත්, ලාස් වේගාස්හි රන් පැහැ ඵලක ඇල්ලූ ට්‍රම්ප් හෝටලයත්, ෆ්ලොරිඩාහි “පාම් බීච්” වත්තත් එම සංවිධානයට ධනය ගලා එන මාර්ග අතර කැපී පෙනෙයි.


ලෝකයේ විවිධ රටවල ඇති ගොල්ෆ් පිටි දහසයක් ඩොනල්ඞ් ට්‍රම්ප් සතුව ඇති බව දැක්වේ. විශ්ව රූ රැජිණ තරගය, ඇට්ලන්ටා නගරයේ බොක්සිං තරගවලින් සහ ටජ් මහල් කැසිනෝ ව්‍යාපාරය හරහාද ට්‍රම්ප් සංවිධානයට ධනය ලැබෙයි. ඒ අනුව ගත් කල, ට්‍රම්ප් සංවිධානයට ධනය ගලාගෙන එන මාර්ග රැසකි‍.


ට්‍රම්ප් ගේ ලෝකයෙන් තවත් කොටසක් ලබන සතියට....

තිළිණි ද සිල්වා



අදහස් (0)

ට්‍රම්ප්ගේ ගජබින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1278 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site