(සටහන සේයාරු ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
“අනේ වැස්සට තෙමෙන්නේ නැතිව, අව්වට වේලෙන්නේ නැතිව අපිට ඉගෙන ගන්න ගොඩනැගිලි දෙන්න, වේලාසිය රජයේ විද්‍යාලයේ දරුවෝ අධ්‍යාපනය භාරව සිටින වගකිව යුත්තන්ට ආයාචනා කරන්නේ තමන් පත්ව සිටින අසරණකම කියා ගන්නට කෙනෙකු නොමැති විටය .
හුඹස් බැඳ ඇති මැටි ගැසු අවදානම් ගොඩනැගිල්ලක අකුරු කරමින් සිටින වේලාසිය රජයේ විද්‍යාලයේ හත අට, නවය ශ්‍රේණීවල දරුවෝ පාසලේ පවතින ගොඩනැගිලි හිඟය නිසා අසීරුතාවකට පත්ව සිටිති.
පුත්තලම අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේලාසිය රජයේ විද්‍යාලයේ දරුවෝ 550 ක සංඛ්‍යාවක් පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා අධ්‍යාපනය හදාරති. මේ වන විට පාසලේ පවතින උග්‍ර ගොඩනැගිලි හිඟය මේ දරුවන්ට නිදහසේ තම අධ්‍යාපනය කර ගැනීමට මහත් පීඩාවක් ගෙන දී තිබේ .
වේලාසිය විද්‍යාලය පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි අති දුෂ්කර පාසල් අතරින් දුෂ්කරම පාසලක් වන අතරම මෙම දරුවන්ගේ දෙමාපියන් ගඩොල් කපමින් සහ දෛනික කුලී වැඩ වලට යමින් තම දරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්නේ ඇත්තේ දැඩි අසිරුතාවන් මැදය. එවන් පසුබිමක පාසලේ ගොඩනැගිලි හිඟයට මොවුන්ට තවත් පිළියම් සොයාගත නොහැකි නිසාම දරුවන් වෙනුවෙන් තාවකාලික පොල් අතු ශාලාවක් සමග තාවකාලික පංති කාමර කිපයක්ද ඉදිකර දෙන්නට සිදුවු බව මොවුහු පවසති.
පාසලේ පවතින ගොඩනැගිලි හිඟය අධ්‍යාපන බළධාරින් හටද දන්වා ඇත්තේ කළක පටන් වන අතර ඒ සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු නොවූ බව පාසල් සංවර්ධන කමිටුව පවසන්නේ දැඩි කළකිරිමකිනි.
කටු මැටි ගැසු දැඩි අවදානම් සහිත තාවකාලික ගොඩනැගිල්ල තුළ අකුරු කරන මෙම දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන බළධාරින් නිහඬව සිටිනුයේ ඇතැම් පාසල්වලට අතිරික්ත ගොඩනැගිලි පද්ධති ලබාදෙන පසුබිමකය.
තම දරුවන් මුහුණදි ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පාසල් සංවර්ධන සමිතියේ ලේකම් කේ .ශීවකුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මේ පාසලේ දරුවන් අධ්‍යාපනය කරන්නේ බරපතළ ප්‍රශ්න ගණනාවක් සමග මේ වන විට අධ්‍යාපනය ලබන සිසුන් ට උවමනා මුලික පහසුකම්වත් ලබා දෙන්න බලධාරින් කටයුතු කරලා නැහැ. ඒ අතරින් නිදහසේ අධ්‍යාපනය ලබන්න උවමනා ගොඩනැගිලි නැහැ . අනික් කාරණය පාසලට බිමට ජල පහසුකම් නොමැති විම අනික මේ දරුවන්ට විද්‍යාගාරයක් තිබෙන්නේ නමට බෝඩ් එකට එක සිමා වෙලා කිසිම උපකරණයක් මේ දරුවන් දැකලා නැහැ.ගුරු නේවාසිකාගාර නැහැ.මේ දරුවන්ගේ මානසිකත්වය ආරක්ෂා කරගන්න දෙමාපියන් වන අපි ගන්නා උත්සාහය කියා ගන්න බැරි තරම් දුකයි.
තම දරුවන් මුහුණ පා ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳව එල්.පි.වජිරා මහත්මිය හැඬූ කඳුලින් මෙලෙස අදහස් දැක්වූවාය.
වේලාසිය කියන්නේ පුදුම දුෂ්කර ගම්මාන කිපයකන් හැදිලා තිබේන ප්‍රදේශයක් .බොහෝ දෙනෙකු ගඩොල් කර්මාන්තය කරනවා දහසක් ප්‍රශ්න මැද අනිත් පිරිස් තැන් තැන්වලට කුලියට යනවා.එහෙම තිබෙන පසුබිමක තමයි. දරුවන් ගේ දෑස් පාදන්න මේ ආකරයට කටයුතු කරන්නේ. නමුත් පාසලේ සම්පත් නැති වුණාම දරුවන්ට වැඩිය අසරණ අපියි. මොකද දරුවෝ කියනවා අම්මේ අපිට අරවා ඉස්කොලේ නැහැ මේවා ඉස්කොලේ නැහැ කියලා අපි මොනවා කරන්නද හිතා ගන්න බැහැ.අපිට හරියට ඉගෙන ගන්න බැරි වුණු නිසා අපි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න විශාල මහන්සියක් ගන්නවා .නමුත් ඒ සඳහා රජය මැදිහත්විම මදි . අපිට හිතා ගන්න බැහැ මොකද කරන්නේ කියලා.
දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි බියකින් සිටින ජී. පි .දිපානි තනුජා මහත්මිය පවසා සිටියේ කුමක් ඉදිරියේදි සිදුවනු ඇතැයි ද යන සැකයෙනී.
“ අපිට පුදුම බයක් තිබේන්නේ මොකද මේ දරුවන් පිළිබඳව මේ රටේ දරුවෝ නොවෙයිද කියන ප්‍රශ්නය නිසා. අවුරුදු 10 ක් 15 ක් විතර කාලයකින් පාසලට කිසිම ගොඩනැගිල්ලක් ලැබිලා නැහැ. අපි අන්ත අසරණ වෙලා කරන්න දෙයක් නැතිව. මොකද අපිට පුළුවන් දරුවන්ට කන්න අදින්න දෙන්න ඇදුම් පැළදුම් අරන් දෙන්න පොත් පත් අරන් දෙන්න .නමුත් පාසලට උවමනා සම්පත් අපි කොහොම අරන් දෙන්නද? මේ පාසලේ රජයෙන් කරන එකම දෙයයි තිබෙන්නේ ඒ ගුරුවරුන්ට පඩදෙන එක විතරයි . හැබැයි ඉස්සරහාට අපිට එකත් කරන්න වෙයිද දන්නේ නැහැ යැයි පැවැසුවාය.
එස් .පි.රේණුකා ප්‍රියදර්ශනි වේලාසිය විද්‍යාලයේ ආදි ශීෂ්‍යාවකි.එසේම ඇයගේ දරුවන්ද මේ වන විට අධ්‍යාපනය හදාරන්නේද මෙම පාසලේය .මේ ඇය හඬ නැගු ආකාරයි.
“ අපි ඉගෙන ගත්තේ මේ පාසලෙන් අදට වඩා එදා අපි හුඟාක් අසරණයි. හැබැයි එදා වගේ නොවෙයි අද දැන් අනිත් පාසල් දිහා බලපුහාම අපි ඉන්න තැන ගැන තියෙන්නේ දුකක් . අපිට ප්‍රශ්නය මේ පාසල ගැන ඇයි වගකිව යුතු බලධාරින් කියන අය සොයා බලන්නේ නැත්තේ කියලා යැයි ඇය පවසා සිටියේ දැඩි කනගාටුවකිනි .
මේ පිළිබඳව තම අදහස් එක්කල චන්දිමා සමන්ති මහත්මිය පැවැසුවේ මෙවැන්නකි .
“මේ පාසලට එන දරුවෝ කිසිම කෙනෙකු අම්මලා තාත්තලා දොස්තරලාගේ ඉංජීනේරුවන්ගේ දිසාපතිලාගේ දරුවෝ නොවෙයි .ඒ නිසා වෙන්න ඇති අපේ දරුවන්ට කුඩම්මාගේ සැලකිලි. මේ දරුවෝ වහින වෙලාවට තේමෙනවා තදින් හිරු පායන කොට පිච්චේනවා . නිදහසේ අධ්‍යාපනය කරන්න මේ දරුවන්ට අයිතියක් නැද්ද කියන එක විතරයි මම අහන්නේ යැයි ඇය පැවසා සිටියාය.
මෙම පාසලේ දරුවන් පංති කාමර නොමැතිව අධ්‍යාපනය ලබන අසිරු තත්ත්වය පිළිබඳව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.
“ මටත් දැන ගන්න ලැබුණා මේ පාසල ගැන මේ වන විට ප්‍රතිපාදන තියෙනවා කියලා අපිට බොරු කියන්න බැහැ. නමුත් 2019 දි මේ පාසලට අවශ්‍ය ගොඩනැගිලි කිපයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. බෝහෝම ස්තුතියි දැනුම්වත් කළාට යැයි පැවසිය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ සිටන පාලකයන්ට අහිංසක රටවැසියන්ගේ දරුවන් විඳින දුක පේන්නේ නෑ. 1948 දී සුද්දා අපේ රට දාලා ගියදා සිට බලයට පත්වුණ සෑම දෙස්පාලුවක්ම කලේ රටේ ජනතාවගේ මුදල් කොල්ලකන එක, උන්ගේ පවුල් හදා වඩා ගැනීම සහ ජනතාව භේද කිරීම පමණයි...මම මේ රටේ ජනාධිපති වුනොත්........... මුලින්ම කරන්නේ ඔය දියවන්නාවේ සිටින අය පන්නා දැමීමයි
බැංකුව හොරාකාපු සල්ලි දේශපාලකයන්ට නොදී අඩුගානේ මේවගේ පාසල් වලට වියදම් කලානම් ජනතාව කිසිවක් කියන එකක් නැහැ .
ටැබ් එපාද?
මගේ ෆර්ම් එක තියෙන්න වේලාසිය පාසලට නුදුරින්. දැනට මම විදෙස් රටක රැකියාවක් කරනවා. එන වසර ලංකාවට එනවා නැවත රට නොයන්න. මට වයස හැටක් වෙනවා එතකොට. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්, පසුගිය වසරේ මිය ගියා. මම හරිම ආශාවෙන් ඉන්නේ මගේ ෆර්ම් එකේ වැඩ කරන ගමන්, උදය වරුවේ පාසලේ දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීමට. මට එයට අවස්ථාවක් ලැබුනොත් එම යුතුකම අම්මා වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරනවා.
කවුරු හරි මේක ලැප්ටොප් ඇමැතිට පෙන්නනවද?
කොහෙද ළමයිනේ ඉස්කෝල හදන්න සල්ලි? 50000 කට වාඩිවෙලා ක්‍රිකට් ගහනවා බලන්න පුළුවන් ක්රීඩාන්ගණයක් ගාල්ලේ හදන්නතිබෙනවා.
කට්ටියම එකතුවෙලා මේ පාරත් දෙන්න හොදේ...
මෙවැනි පාසල් අප රටේ තිබෙනවා දැකීම අතිශය කණගාටුදායක කරුණක්. ඇත්තෙන්ම කල යුත්තේ, හතු පිපෙනවා වැනි කුඩා පාසල් සෑම තැනම බිහි කිරීම නොවෙයි. මෙවැනි කුඩා පාසල් වල අධ්‍යාපනය හැදෑරීමෙන් දැනුමෙන් සපිරි පරපුරක් බිහි කල නොහැකියි. රජයේ හෝ පළාත් සභාවේ අනුග්‍රහය ඇතිව මෙවැනි පාසලක ගොඩනැගිලි ඉදිකළත්, එය ප්‍රාථමික අධ්‍යාපනයට පමණක් සීමා කොට අනෙක් සිසුන්ව ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන පාසලකට අනුයුක්ත කල යුතුයි. ඒ වගේම ඔවුන්ට ගමනාගමනා පහසුකම් සැපයිය රජයේ කාර්යභාරයයි.. එසේ නොමැතිනම් සිදුවන්නේ, මෙවැනි පාසල් තුල කොතරම් අධ්‍යාපනය හැදෑරුවත් ඔවුන්ගේ මනස එක්තරා පටු සීමාවකට කොටුවීමයි. වඩා පුළුල් විවෘත මනසකින් හා යහපත් ආකල්ප වලින් යුතුව ලෝකය දෙස විවෘත මනසකින් බැලීමට නොහැකි අධ්‍යාපනයේ ප්‍රති විපාක දැනටමත් අප ජාතියක් ලෙස බුක්ති විඳිමින් සිටිනවා.