අප්සරා යෝසිත් විජේසූරිය
ආයුර්වේදීය තොරතුරු සහ වාල්මිකීගේ රාමායණය නම්වුණු පුරාණෝක්ති මහා කාව්‍යය අනුව අධික රුධිර වහනයෙන් මරණාසන්නව අසාධ්‍යවූවන්ට නැවත ජීවය ලබාදෙන සංජීවනී නමින් හඳුන්වන මහඟු දුර්ලභ ඖෂධයක් රූමස්සලකන්ද රිටිගල රාස්සගල ප්‍රදේශවල තිබිය හැකියි. සංජීවනී ඖෂධ ශාකය සම්බන්ධව පර්යේෂණ සිදුකරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හල්දුම්මුල්ල ජාතික ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා මෙසේ තොරතුරු දැක්වූයේය.
රාවණා පුත් ඉන්ද්‍රගේ අවි ප්‍රහාරයකින් රාමකුමරුගේ සහෝදරයාවූ ලකෂමණ මරණීය තුවාල සිදුව සිහිසුන්විය. එම අවස්ථාවේ ලකෂමණගේ අවසන් කටයුතු පවා සිදුකිරීමට සූදානම්ව සිට ඇත. එසේ තිබියදී පැමිණි රාජකීය වෛද්‍යවරයෙකු ලකෂමණ ප්‍රාණවත් අන්දමින් සුවපත් කිරීමට හිමාලය ප්‍රදේශයෙන් සංජීවනී ඖෂධ පැලෑටිය රැගෙන එන ලෙස පවසා තිබේග ඒ අනුව රාම කමරුට සහය දැක්වූ හනුමන් විසින් සංජීවනී ඖෂධ සහිත කොටසක් හිමාල කඳු පන්තියෙන් ගලවා ඔසවාගෙන නීලගිරි කඳුවැටිය පසුකර රාමායණයට අනුව ලංකාපුරය නම්වූ ලංකාවට රැගෙන එන ලදි. සංජීවනී ඖෂධ පැල සහිත පාෂාණ හිමාලයෙන් ගලවා එසේ ගෙනෙන විට ස්ථාන කීපයක වැටුණු පාෂාණ කුට්ටි වලින් මෙම සංජීවනී ඔසු පැලය රූමස්සල රිටිගල සහ රාස්සගල ප්‍රදේශවල ව්‍යාප්තව ඇතිබව සඳහන් කළහැකි බව හල්දුම්මුල්ල ජාතික ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පවසයි. මහතා මෙසේ කීය.
ලොව රටවල් කීපයකම Selaginella ciliaris විද්‍යාත්මක නාමයෙන් නමින් යුතු සංජීවනී ශාක යුද අවස්ථාවල (Septic) ලේ වහනය වැළැක්වීමට භාවිතා කළ ඔසුවකිග අදටත් හිමාලය කඳුවැටි ආශ්‍රීතව ජීවත්වන ග්‍රෝත්‍රික ජනයා ලේ ගැලීම වැළැක්වීමට මෙම ඖෂධය උපයෝගි කරගනිති.
ඉන්දියාවේද චීනය සහ වෙනත් ආසියාතික රටවලද ඕස්ට්‍රේලියාවේද විවිධ ප්‍රදේශවල ඇති ඇති සෙලජිනෙල්ලා සිලරීස් නම් විද්‍යාත්මක නමින් හඳුන්වන සංජීවනී ශාකය වෙනත් නම්වලින් දැකගත හැකියි.
ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් නොවන මෙය ලංකාවේදී අවිනිශ්චිත ශාකයක් වශයෙන් හඳුන්වයිග ඉතා දුලබ වශයෙන් දක්නට ඇති සංජීවනී නම් ඖෂධ පැලෑටි දෙකක් ලංකාවේ පවති. එයින් Selaginella ciliaris නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකය හල්දුම්මුල්ල ඔසු උයනේ ව්‍යාප්තිය සඳහා පර්යේෂණ සිදුකරයි .Selaginella නමින් විද්‍යාත්මකව හදුන්වන තවත් ශාකයක් සංජීවනී නමින් භාවිතවේග එම පැල වර්ග දෙකෙහිම ඔසු ගුණය ලේවහනය වැලැක්වීමයි. මෙම ඖෂධ පැල දෙකම එකම නමින් හඳුන්වන නිසාත් ඖෂධීය ගුණය අතින් සමානවන හෙයින්ද සංජීවනී ඖෂධ ශාකය අවිනිශ්චිත ශාකයක් ලෙස ලංකාවේදී හැඳින්වීම සිදුවේ.
රාමායණයේ සත්‍ය අසත්‍යතාව විමසීම කෙසේවුවද එහි කතාපුවතේ සඳහන් පරිදි හනුමන් විසින් රැගෙන ආ සංජීවනී පැල කඳු කුට්ටි පාෂාණ වල පැල එකකට වඩා වැඩිපුර තිබෙන්නට ඇති බවත් හනුමන්ට සංජීවනී පැලය ගෙන ඒමට ඇති හදිසි අවශ්‍යතාවත් නිසා පැල රාශියක් එකවර ගෙන ඒම පිළිබඳව අපට මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වේ. මක් නිසාද දැනට ශ්‍රී ලංකාවේ රූමස්සලල රිටිගලල රාස්සගල ප්‍රදේශවල සංජීවනී ඔසුපැලය පවතින හෙයිනි. සංජීවනී නාමයෙන් එකම ඔසුගුණය සහිත පැල දෙකක් දක්නට ලැබීමද මෙහිදී අප සැලකිය යුතුය.
රාමායණයේ සඳහන් පුවත නිසාම පැරණි රාජකීය වෙද්‍යාචාර්යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරු සංජීවනී ඖෂධය මෘත සංජීවනී යනුවෙන්ද හඳුන්වති. මෙම ශාකයේ පත්‍ර හෙවත් කොල ප්‍රමාණයෙන් කුඩා සවරූපයක් දරයි. එසේ වුවද සංජීවනී ශාකයේ කොල හෙවත් පත්‍ර කොලපැහැ වර්ණයෙන් දීප්තිමත්ව මොනර පිලක හැඩයෙන් යුක්තවන හෙයින් සංස්කෘත භාෂාවේ මෙම පැලෑටිය හඳුන්වන්නේ මයුරශික යනුවෙනි.
මීවන ශාකයක් වන මෙහි මල් හටගැනීමක් සිදුනොවේ. සාමාන්‍ය වශයෙන් ගල් සහිතවූ ස්ථානවල සහ ගල් පාෂාණ සහිත කඳුකර ප්‍රදේශ මෙම සංජීවනී පැලෑටිය වර්ධනයවේ. මීවන ශාක බොහොමයක් අපිශාක හෙවත් වෙනත් ශාකයක කඳ ස්ථරය මත වර්ධනය වන ස්වභාවයකින් යුතු වුවද ශ්‍රී ලංකාවේ දක්නට ඇති සංජීවනී ශාකය අපි ශාක නොවන මීවන ශාකයකිග කොළ රොඩු ගොඩවල් සහ අපිරිසිදු ස්ථානයන්ද ලංකාවේ දක්නට ඇති සංජීවනී පැලෑටිය වර්ධනයට හිතකර නොවේ.
වන සත්ව වෘකෂලතා ආඥා පනත (1924 ශාක ආරකෂක ආඥාපනත සහ 1937 වන සත්ව හා වෘකෂලතා ආඥා පනත) මූලාරම්භය සිටම මගින් සංරකෂණය කළ ආරකෂිත ශාක නාමාවලියට මෙම සංජීවනී ශාකය ඇතුලත්ව ඇත. වඳවී යන ශාක හා වන සත්ව සම්පත් පිලිබඳ තොරතුරු ඇතුලත් එක්සත් ජාතීන්ගේ රතු දත්ත පොතෙහිද මෙම සංජීවනී ශාකය සංරකෂණය කළ යුතු දුර්ලභ ශාකයක් ලෙස ඇතුළත් කැර ඇත.
බීජාණු මගින් ව්‍යාප්තිය සිදුවන නිසාත් සරු බීජ ලබාගැනීමේ අපහසුවත් බහුලව වගා කිරීමේ අපහසුවක් පවති. නමුත් අසරණ අසාධ්‍ය රෝගීන් සුවපත් කරන මේ වටිනා ඔසු පැළය සංරකෂිත වගාවක් සේ ව්‍යාප්ත කිරීමටත් තිරසාර භාවිතය පිළිබඳ ක්‍රමවත් වැඩපළිවෙළකින් එය ප්‍රචලිත කිරීමටත් කාලය එළඹ තිබේ.
විසිතුරු පැලෑටියක් ලෙස මන බඳන සුන්දරත්වයකින් යුතු නිසා ගෙවතු අලංකරණ වගාවක් වශයෙන්ද වගාකල හැකිය. විවිධ ආක්‍රමණශීලි පැල භාවිතය වෙනුවට මෙවැනි වගාවන් ව්‍යාප්තිය මගින් දුර්ලභ ඖෂධ සංරකෂණය සිදුකල හැකිවේ.
මේ මහගු ඖෂධය වගාවක් සේ ව්‍යාප්තිය සහ තිරසාර භාවිතය පිළිබඳව මේ දිනවල හල්දුම්මුල්ල ජාතික ඔසු උයන ආයුර්වේද ඖෂධ පර්යේෂණායතනයේ සිදුකරන පර්යේෂණාත්මක කාර්යය අසරණ රෝගී ජීවිත සුවපත් කරන ලෝකයටම ඵලදායී සාර්ථක කාර්යයක් වේවායි ලංකාදීපය සුබ ප්‍රාර්ථනා කරයි.
සංජීවනී ශාකය
(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විෙජ්සූරිය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පැළෑටියට සමාන පැළෑටියක් මම මෙල්බෝර්න් නගරයේ ඇවිදින්න ගිය වෙලාවක හමු වුණා. මෙය එම විශේෂයමදැයි සොයාගන්න තිබේ නම් වටිනවා (නි)
මේ ශාකය මීවන ශාකයක් වගේ පේන්නේ නැහැනේ . තාල කුලයේ ශාකයක් වගේ පේන්නේ. රූපය මාරු වෙලාද ? (නදී)
හරිම වැදගත් ලිපියක් ලංකාදීපයට ගොඩක් ස්තුති යි (නදී)
මේ පැල හඟුරන්කෙත වෙල්යායක පරණ හුණුගල් බැම්මක තිබුනා මෙ මෑතක් වෙනතුරුම. මම එහෙ ගියොත් පැලයක් අරන් යනවා හදන්න. මොකද ඒ බැම්ම ගොයම් හදනකොට සුද්ද කරලා දානවා. ඒත් මේ වතාවෙ යද්දි ඒ පැල වඳවෙලා ගිහින්.මම මේකෙ නම හෙව්වෙ අවුරුදු 6ක සිටයි.අද තමයි නම දැනගත්තේ. (නි)
මේ ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වටිනවා (නි)
සංජීවනී, නාමය කෙසේ වෙතත් සබරගමුවේ මේ හා සමාන පැලෑටියකට කියන්නේ තල් ගස කියලයි. දෙපැත්තේ කුඩා කටු සහිත නැට්ට(මිට ) අඩි 4 ක් පමණ දිග්වී පලල්වු අත්තෙහි මැදක් හරියේදී පමණ ඇඟිලි ආකාරයෙන් පත්‍ර විහිදෙයි. නැට්ට පදම් කර තලා ගත් විට කෙඳි නුල් වගේ වෙන්කර ගත හැක. මල් නොපිපෙයි. මෙම ගසේ ඖෂධීය ගුණයක් ගැන නම් ගැමියන්ගෙන් අසා නොමැත. (නදී)
ඉතා වටිනා ලිපියක්. මේ තියෙන පින්තුරයනම් තාල වර්ගයේ පැලයක් වගේ පේන්නේ. මේකට ආසන්න හැඩයක් ඇති පැළෑටි ගොඩක් ලංකාවේ දකින්න තියෙනවා. නිවැරදිව මේ අගනා ශාකය හදුනා ගන්න හැමෝම උනන්දු වෙමු. සංරක්ෂණය කරගැනීමට සහය වෙමු. (දී)
ඉතා වටිනා ආරංචියක් (නි)
අපි කවුරුත් දන්නා සෙලජිනෙල්ලා පැල කුඩා මීවන වර්ග. ඒවාගේ උස සෙන්ටිමීටර් 10ක් විතර වෙන්නේ. (නි)
මෙම ශාකය සහ ප්‍රාණජීව ශාකය ලංකාවේ හොයාගන්න තියේද?. ස්නායු රෝගයක් නිසා මා හට ප්‍රතිකාර සඳහා අවශ්‍යයි. ලබාදිය හැකි නම් හෝ තිබෙන තැනක් පැවසිය හැකිනම් ලොකු පිනක්...