මේ රටේ ආර්ථිකයට උසුලාගත නොහැකි බරක් බවට පත්වෙමින් තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් බොහොමයක් මත පළවෙමින් තිබේ. කාලයක් තිස්සේ එවැනි රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ අතර රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බරපතළකම සමඟ එවැනි ආයතන සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමකට අනිවාර්යයෙන් යායුතු තැනකට රට තල්ලු වී ඇත. පුවත්පත් කතුවරුන් පසුගියදා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කළේ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බවය.
රට මේ තරම් අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට පෙර සිටම රටේ සිදුවෙමින් පවතින නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් තිබිණි. පාඩු ලබන රාජ්‍ය ආයතන එහි මුලින්ම සඳහන් වූ මාතෘකාවකි. වරින්වර කැඳවනු ලබන පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවලින් මෙවැනි ආයතනවල පවතින විශාල අක්‍රමිකතා, නාස්ති සහ අකාර්යක්ෂම බව සම්බන්ධව විවිධ තොරතුරු අනාවරණය වෙයි. මේ ඇතැම් තොරතුරු දකින විට රටේ මුදල් කා දමන මෙවැනි ආයතන පවත්වාගෙන යන්නේ රටේ ජනතාවගේ සුබසිද්ධියට වඩා එම ආයතන භාරව කටයුතු කරන මැති ඇමැතිවරුන්ගේත් ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ගේත් සුබසිද්ධියට බව හැඟෙන අවස්ථාද තිබේ. මේ ආයතනවල දීර්ඝ කාලයක් සේවය කරන ඇතැම් නිලධාරීන්ද ඒවායේ පවතින අක්‍රමිකතා සහ අකාර්යක්ෂම බවට වගකිවයුතු බවද ඒ සමඟ පෙන්වා දිය යුතුය.
පෞද්ගලික අංශයේ සමාගම් සමූහයකින් ඇතැම් ඒවා පාඩු ලබන විට සිදු කෙරෙන්නේ එම පාඩු ලැබීමට හේතුසාධක සොයා බලා අදාළ සමාගම යළි ලාබ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කිරීමය. ඒ සඳහා පාලනාධිකාරිය අදාළ සමාගමේ ලොක්කන්ට නීතිද පනවන අතර ඔවුන්ට ඉලක්ක ලබාදීමත් සමාගම ගොඩගැනීමට නිශ්චිත කාලසීමාවක් ලබාදීමක් සිදුකරයි. ඒ ලබාදෙන අවස්ථාවලින්ද සමාගම ගොඩගත නොහැකි නම් සිදු කෙරෙන්නේ සමාගම වසා දැමීමය. ඒ හේතුවෙන් රැකියා ගණනාවක් අහිමි වුවද මවු සමාගම් සැමවිටම සැලකිලිමත් වන්නේ පාඩු සිදුවන සමාගම වසා දැමීමෙන් තම ආයතනවල සෙසු සමාගම් අවදානමට පත්වීම වළක්වා ගැනීම කෙරෙහිය. ලාබ ලබන සමාගම්වල මුදල් පාඩු ලබන සමාගම්වලට පොම්පකර ඒවා පවත්වාගෙන යාමක් පෞද්ගලික අංශය තුළ ක්‍රියාත්මක නොවේ.
එසේ වුවද ආණ්ඩුවකට එසේ කළ නොහැක. හැකියාවක් තිබුණද ආණ්ඩුවක් එහෙම කරන්නේ නැත. දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ආයතන පාඩු ලැබුවත් කෙසේ හෝ ඒවා පවත්වාගෙන යාමේ සංස්කෘතියක් මිස ඒවා වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කර ලාබ ලබන තත්ත්වයට පත්කර ගැනීම හෝ නොවේ. පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට පොම්ප කරන්නේ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික ධනය නොවේ. භාණ්ඩාගාරයේ මුදල්ය. භාණ්ඩාගාරයේ ඇති රටේ ජනතාවගේ බදු මුදල් ද මේ සඳහා වැය කෙරෙයි. ඒ අනුව පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයන් වැටුප් සහ දීමනා ලබා ගන්නේත් පාඩු ලැබුවත් බෝනස් ගන්නේත් රටේ මහජනතාවගේ මුදලිනි.
එවැනි පියවර අනුගමනය කර පාඩු ලබන ආයතන පවත්වාගෙන යාමට කිසිම ආණ්ඩුවක් මැලිවන්නේ නැත. තමන්ගේ මැති ඇමැතියන්ගේත් ඔවුන්ගේ ඥාතීන් සහ ගජ මිතුරන්ගේත් මනදොළ පිනවීම සඳහා විවිධ ආණ්ඩු මහජනතාවගේ බදු මුදල් භාවිත කළේ කිසිදු හිරිකිතයකින් තොරවය. අද වනවිට එහි ප්‍රතිඵල ඇස්පනාපිට දිගහැරෙමින් තිබේ. එහෙත් ඒ තත්ත්වය යහපත් අතට හරවා ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවක් තවමත් පෙනෙන්නට නැත.
විදුලිබල මණ්ඩලය මේ රටේ ඉතා විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. මේ ආයතනය 1996 වනතුරුත් ලාබ ලැබූ බවද මණ්ඩලයට කණකොකා හඬන්නට පටන් ගත්තේ 1995න් පසුව බවද ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ හිටපු බලශක්ති උපදේශක ආචාර්ය නිශාන්ත නානායක්කාර අපගේ ලංකාදීපයට ලබාදුන් සාකච්ඡාවකදී හෙළිකර තිබිණි. රටට අවාසිදායක ලෙස විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් එයට ප්‍රධාන හේතුවක් වූ බව පෙන්වා දී තිබූ නානායක්කාර මහතා වියදමට සාපේක්ෂව විදුලිය ගාස්තුව තීරණය කිරීමට මණ්ඩලයට ඉඩ නොදී බලයේ සිටි ආණ්ඩුම එය සිදුකිරීම එයට හේතුවක් වශයෙන් පෙන්වා දී තිබිණි. ලංවිම ඉංජිනේරුවන් සකස් කළ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ නුදුන්නේද බලයේ සිටි ආණ්ඩු බවත් මේ නිසා පවතින අර්බුදයේ වගකීම ආණ්ඩු විසින් මෙන්ම ලංවිම ඉංජිනේරුවන් විසින්ද බාරගත යුතු බවත් ඔහුගේ සාකච්ඡාවේ සඳහන් විය.
ලංවිම මේ තත්ත්වයෙන් ගොඩනැගීමට 2009දී ඇතිකළ ව්‍යුහාත්මක සංශෝධන ක්‍රියාත්මක නොකිරීම නිසා අද වනතුරු මණ්ඩලයට පාඩු ලැබීමෙන් බේරීමට මගක් නැති බවද සඳහන්ය. එහෙත් මේ රටේ ලංවිමට පමණක් නොව පාඩු ලබන සියලුම රාජ්‍ය ආයතනවලට දැන්වත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුය. එයින් තොරව රටට ගොඩයාමක් නැති බව රටේ ජනතාවද මේ ආයතනවල වෘත්තීය සමිති සංවිධානද තේරුම් ගැනීමත් අවශ්‍යය. රටට අයිති සම්පත් රැක ගැනීම අප කාගේත් යුතුකමක් සහ වගකීමක් බව සැබෑය. එහෙත් එම සම්පත් විදේශ ආධාරද ලබාගෙන සංවර්ධනය කිරීමෙන් සිදුවන්නේ රටට යහපතත් මිස අයහපතක් නොවේ. මේ බව තේරුම් නොගැනීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකයට දරාගත නොහැකි බරක් එකතු වීම පමණි. එහි ප්‍රතිඵලය රට තවත් දුප්පත් වී සම්පත් ටිකත් නිකම්ම නාස්ති වී යාමය.
රට ආර්ථික වශයෙන් කඩා වැටී ඇති මේ මොහොතේ හෝ පුළුල් දැක්මක් ඇතිව කටයුතු කර රට ගොඩනංවා ගැනීම කෙරෙහි සියලු දෙනා යථාර්ථවාදීව කල්පනා කිරීම අවශ්‍යය. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා හැකි හැම පියවරම ගැනීම හැර ඒ සඳහා වෙනත් විකල්පයක් නැත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටට බරක් නොවිය යුතු පාඩු ලබන රාජ්‍ය ආයතන