රාජ්‍ය බැංකු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ බරපතළ ගැටලු මතු වෙමින් තිබිණි. එකී තත්ත්වය මඟහරවාගෙන අදාළ පත්කිරීම් කඩිනමින් සිදු කිරීමට දැන් පියවර ගෙන තිබෙන බව පෙනේ. සමහර බැංකුවලට තාවකාලිකව ද තව රාජ්‍ය බැංකු කිහිපයකට ස්ථිර පත් කිරීම සිදුව තිබේ. සෙසු ආයතනවලට ද ඒ ආකාරයටම ප්‍රධානීන් පත්කිරීම අප්‍රමාදව සිදු කෙරෙනු ඇතැයි අපි සිතමු.
සෑම රාජ්‍ය ආයතනයකටම පත් කළ යුතු පුද්ගලයන් ඉහළ සුදුසුකම් සපුරා තිබීම අවශ්‍ය බවට තර්කයක් නැත. එහෙත් එම පත්කිරීම් ප්‍රමාදයකින් තොරව සිදුවීම ද අවශ්‍යය. මෙහිදී ප්‍රමාදය ගැන සෙවීම තේරුමක් නැති වැඩක් බව අපගේ විශ්වාසයයි. අවශ්‍ය වන්නේ සුදුසු පුද්ගලයන් වැඩි පමාවකින් තොරව ඒ ඒ ආයතනවලට පත්කරනු ලැබීමය. එය නොසිදුවන විට එහි බලපෑම් රටේ සෑම ක්ෂේත්‍රයකටම එල්ලවීම වළක්වනු නොහැකිය.
මෙහිදී අප ද අවධාරණයෙන් පවසන්නේ ආයතනවලට යෝජනා කරනු ලබන පුද්ගලයන් අදාළ ආයතනවල අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන සුදුසුකම් ඇති පුද්ගලයන්දැයි සොයා බැලීම අවශ්‍ය බවය. දැනගන්නට තිබෙන අන්දමට ඇතැම් රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා අදාළ අමාත්‍යවරුන් විසින් යවනු ලැබ ඇතැයි කියන්නේ යන්තම් සාමාන්‍ය පෙළ දක්වා පමණක් උගත් හිතවතුන් හෝ තමන්ගේ පෞද්ගලික සහකාරවරුන් එසේත් නැත්නම් සම්බන්ධීකරණ ලේකම්වරුන් වශයෙන් කටයුතු කරන පුද්ගලයන් බවය. එක් උදාහරණයක් වන්නේ එක්තරා ආයතනයක සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු විසින් දැරිය යුතු තනතුරකට අක්ෂි කාච සම්බන්ධ විශේෂඥයකු නම් කිරීම පෙන්විය හැකිය. මේ තොරතුරු හෙළිකර තිබුණේ තනතුරු සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කෙරුණු ජනාධිපති කමිටුවේ නිලධාරියකු විසිනි. ආණ්ඩුවේ තනතුරුලාභීන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජනාධිපති කමිටුවක් පත් කිරීම විවාදසම්පන්න කරුණක් වියහැකි නමුත් මෙවැනි උදාහරණ මගින් පෙන්නුම් කරන්නේ තනතුරුලාභීන් ප්‍රබල පිරික්සීමකට ලක්විය යුතු බවයි.
ඉහළ සුදුසුකම් ලත් පුද්ගලයන් රාජ්‍ය ආයතනවලට පත් කිරීමෙන් එම ආයතන දියුණු වනවිට එය රටටම යහපතකි. ආර්ථිකයේ බර සැහැල්ලු කිරීමකි. රට දියුණුවට යොමු කරන මාවතකි. අවසානයේ ආණ්ඩුවට ද මේ ප්‍රතිඵල පෙන්වා ගොඩයා හැකිය. එහෙත් අපේ රටේ කරුමය වී තිබෙන්නේ නිදහසින් පසු බිහි වූ බොහොමයක් ආණ්ඩු මේ යථාර්ථය අමතක කර දැමීමය. රාජ්‍ය ආයතන තමන්ට ඕනෑ හැටියට ක්‍රියාත්මක විය යුතු පෞද්ගලික බූදලයක් වශයෙන් සලකන ඇමැතිවරයකුට එම ආයතන පාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ‘හොඳ මොළයක්’ නොව තමන්ට කීකරු හෙංචයියෙකි. ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් නැති තරමට එවැනි ඇමැතිවරු කැමැති වෙති. කොතැනකින් හෝ මේ ක්‍රියාදාමයට තිත තැබිය යුතුය. නැතහොත් අපේ රටට කවදාවත් ගොඩ ඒමක් නැත.
රාජ්‍ය ආයතනවලට සුදුසුකම් ඇති හොඳ මොළ යොදවාගෙන හිස එසවූ රටක් වශයෙන් අපට ගත හැකි හොඳම උදාහරණය වන්නේ සිංගප්පූරුවය. වර්තමානයේ සිංගප්පූරුවේ වරාය ආසියානු කලාපයේ වඩාත්ම නවීකරණයවී ඇති ජාත්‍යන්තර මුවදොරකි. ඔවුන්ගේ සේවා සියලු බලවත් රටවලට සැපයෙන විට අපි තවමත් අපේ වරායවල් ඉන්දියාවට හෝ චීනයට උකස් කරමින් මුදල් සෙවීමට තැත් කරමු. සිංගප්පූරුවේ චැංගී ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසරේ මගීන් මිලියන 65කට සේවා පහසුකම් සලසා තිබුණි. මීළඟ දශකය තුළදී එම සංඛ්‍යාව මිලියන 70ක් දක්වා වැඩි කිරීමට තවත් පර්යන්තයක් ඉදිකිරීමට එරට රජය දැන් සිටම සැලසුම් කරයි.
සිංගප්පූරු ගුවන් තොටුපොළ මෙහෙයවනු ලබන්නේ එකී ක්ෂේත්‍රය පිළිබඳ ඉහළම සුදුසුකම් ඇති වෘත්තිකයන් සහ විශේෂඥයන් පිරිසක් විසිනි. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. සිවිල් ගුවන් සේවා භාර ඇමැතිවරයා ගුවන් තොටුපොළ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කරන්නේ තම සොහොයුරාය. ඒ සමඟ වරාය අධිකාරිය කළමනාකරණය සඳහා තම සොහොයුරා පත් කරන ඇමැතිවරයෙක් ද අපට සිටියි. සිංගප්පූරු ගුවන් සේවය ඉහළම ලාභ ලබන ආයතනයක් වශයෙන් ලෝ පුරා ප්‍රසිද්ධියට පත්වන විට අපේ ජාතික ගුවන් සේවය දේශපාලනඥයන්ගේ සෙල්ලම් බඩුවක් බවට පත්ව තිබේ. ප්‍රතිඵලය රටට දරාගත නොහැකි තරම් ණය කන්දරාවකින් ගුවන් සමාගම වැසී යාමය. ආර්ථික වශයෙන් සාර්ථක සහ ආර්ථික අගාධයකට වැටී සිටින රටවල් දෙක සැසඳුමට මේ උදාහරණ කිහිපයක් පමණි.
රාජ්‍ය ආයතනවලට සුදුසුකම් ඇති පුද්ගලයන් පත් කිරීමට උපමාන සකස් කළත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් එම උපමාන ක්‍රියාත්මකවී නැති බවට ද ඇතැම්හු චෝදනා කරති. උපමාන සකස් කළ යුත්තේ සෑමදෙනාටම එකසේ ක්‍රියාත්මක වීම සඳහා බව පෙන්වා දීමට කැමැත්තෙමු. එසේම තමන් සිදු කරන පත්වීම් තමාට වඩා රටේ උන්නතියට හේතුවන අන්දමින් සිදු කිරීම ඇමැතිවරුන්ගේ වගකීමක් බව ද සඳහන් කරමු.
ඒ සමඟ පැවැසිය යුත්තේ අපේ රට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා පැමිණ ඇති ගමනේදී සුවිශේෂී ජයග්‍රහණ ද ලබා තිබෙන බවය. දකුණු ආසියාවේ සාක්ෂරතාව, අධ්‍යාපනය, තාක්ෂණය, සෞඛ්‍යය සහ සංචාරක ව්‍යාපාරය වැනි විෂයන් අතින් අපට ආඩම්බර විය හැකි ජයග්‍රහණ ගණනාවක් තිබේ. ඒ බව සිහියේ තබා ගනිමින් ආර්ථිකය හරි පැත්තට පෙරළා ගැනීමට උත්සාහ කළොත් අපට වරදින්නට හේතුවක් නැත. ඒ වගකීම ඇත්තේ රට කරවන නායකයන් අතේය.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාජ්‍ය ආයතන පාලනයට හෙංචයියන් දැමීම නවත්වනු
de silva berlin Tuesday, 12 February 2019 04:37 PM
මෙම ආයතන වල පාලකයන් සදහා ක්ෂේත්‍රයේ පළපුරුද්ද අවුරුදු 10 සහ අවම අධ්‍යාපන සුදුසුකමක් ගැසට් කලානම් මේ ප්‍රශ්නේ ඇති නොවේ ,
kujith Thursday, 14 February 2019 09:56 AM
මේක නම් ඇත්ත.. මේක මුළු රටපුරාම දකින්න තියන දෙයක්... ශක්තිමත් රජයක් සහ රාජ්‍ය නායකයෙක් නැතිව මේවා කරන්න බැහැ.