යුද ගැටුම් සමයේ දී තම මවුපියන් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට පලාගිය ශ්‍රී ලාංකික දැරියක, ඇයට වීසා හිමි කාලය ද ඉක්මවා රැදී සිටීමෙන් අනතුරුව ජීවිතය ජයගෙන තිබෙන බව වාර්තා වේ. ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට අදාළ රැකියාවක නිරතවීමෙන් අනතුරුව ඇය එම ක්ෂේත්‍රයේ තරුවක් බවට පත් වූවාය. මෑතක දී නිම වූ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවෙන් අනතුරුව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අවධානයට නතු වූ ඇය එම පුවත්පතෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූවාය.
ඇගෙන් විමසන ලද ප්‍රශ්න සහ ඈ දුන් පිළිතුරු ඔක්තෝබර් 7 වැනිදා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූයේය. එහි පුවතේ සිරස්තලය යොදා තිබුණේ වයස අවුරුදු හතරේදී ශ්‍රී ලංකාවෙන් පලාගිය ඇය දැන් නුවරක නායකත්වය හොබවන්නීය.’’ යනුවෙනි.
ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් ආණ්ඩුවල පවා ජාත්‍යන්තර සම්බන්ධතා නැමති විෂය අති විශේෂ වූවකි. එහි විෂය ක්ෂේත්‍රය සීමාවන්නේ කලාතුරකිනි.
පෙනී අබේවර්ධනට තමාගේ නගර සභාව වෙනුවෙන්, ජාත්‍යන්තර සබඳතා විෂයේ කාර්යභාරයන් රාශියක් පැවරී තිබිණි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක සත්කාරකභාවය දැරීම එවැනි නගරයට පැවරුණ අතිශය භාර ධූර කාර්යයක් විය.
ඇගේ මෙම කාර්යයන් ඇරඹුණේ වසර අටකට පෙර ඇයට නිව් යෝර්ක් නගරයේ නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ මුණ ගැසුණු පසුවය. නගරයට අදාළ අන්තර්ජාතික කටයුතු පිළිබඳ කාර්යාලය වැඩි දියුණු කිරීම පිළිබඳව ඔහු එවේලේ ඈ සමඟ සාකච්ඡාවක යෙදුනේය. ඒ දක්වා එම කාර්යාලය සමාජ උත්සව සංවිධානය කිරීම සහ රථ වාහන ගාල් කිරීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පාලනය කරන ආයතනයක් ලෙස පමණක් හඳුනාගෙන සිටි බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපිය කියයි.
ශ්‍රී ලාංකීය ඇමෙරිකානු කාන්තාව ඉක්මණින්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස් ධූරයට පත් කෙරිණි. ඇය එම ධූරයේ සේවය කිරීමට පත් වූ පළමු සුදු ජාතික නොවන සංක්‍රමණික කාන්තාව වූවාය. තරම කාර්යාලයේ කටයුතු විවිධාංගීකරණයට ලක් කළ ඇය,නිව් යෝර්ක් නගරයේ කණිෂ්ඨ තානාපති වැඩසටහන් වැනි වැඩ සටහන් දියත් කරමින් එම ආයතනයේ සේවා සැපයුම්, සේවාලාභීන් හට පහසු කළාය. කනිෂ්ඨ තානාපති වැඩසටහන් හඳුන්වාදෙනු ලද්දේ මධ්‍යම පාසැල් දරුවන් එක්සත් ජාතීන්ට හඳුන්වා දී අසල්වැසි රටවල් ආශ්‍රයෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම දිරිමත් කරනු උදෙසාය.
නිව් යෝර්ක් නගරය වසා කෝවිඩ් 19 වසංගතය පැතිරී ගිය විට ඇය එක්සත් ජාතීන් සම්බන්ධීකරණය කරමින් මුව ආවරණ 250,000ක්, වෙන්ටිලේටර්, ඔක්සිජන් ආදිය පරිත්‍යාගලෙස ලබා ගත්තාය. අසීරු කාලයේ දැඩි අරගලයක නිරත වී සිටිනු දුටු අප වෙනුවෙන් අනෙක් රටවල සහාය ද ගත් බව ඇය කියා සිටියාය.
නගරයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස් ධූරයේ කටයුතු සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව ඈ දෙසැම්බර් මාසයේ එම තනතුරෙන් ඉවත්වීමට නියමිතය.
එක්සත් ජාතීන් සම්බන්ධකරගෙන නගරයේ කිනම් වෙනස් කම් සිදු කළේ ද යන ප්‍රශ්නය ඇගෙන් විමසූ විට ඇය මෙසේ කියා සිටියාය.
‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු අය අවුරුදු ගණනාවක් අපගේ නගරයේ වාසය කළ සැබෑ මිනිසුන්. මට අවශ්‍ය වූයේ ඒ අය මෙම නගරයට අයත් නිව් යෝර්ක්වාසීන් ලෙස ඔවුන්ට සිතෙන්නට සැලැස්වීමයි.
‘‘එ.ජා. මගින් ඇතිවන වැඩදායි බලපෑම් පිළිබඳ පළමු වාර්තාව අප නිකුත් කළා. නගරයට ඩොලර් බිලියන තුනක ආදායමක් එක්සත් ජාතීන් විසින් ගෙන එන ආකාරය අප එහිදී විස්තර කළා. එම නිසා පළමු මාවතේ නැගෙනහිර ස්වෛරී බිමක් ගොඩනගනවාට වඩා යමක් ලෙස නිව් යෝර්ක් නගරවාසීන්ට එය දකින්නට හුරු කරවන්නට හැකිවුණා.’’
‘‘ඒ මගේ නිරීක්‍ෂණ පමණයි. එහෙත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් ඇතුළු බොහෝ රාජතාන්ත්‍රික නිලධාරීන් බොහෝ දෙනෙක් වසංගතයේ මුල් මාසවල වාසය කළේ මේ නගරයේමයි. මා සිතන පරිදි එසේ වූයේ මගේ කාර්යාලයේ කටයුතු ඔස්සේ ගොඩ නගන ලද සම්බන්ධීකරණ නිසයි.’’
තමාගේ ළමා කාලයේ විදි ගැහැට පිළිබඳවද පෙනී අබේවර්ධන කියා සිටියාය. එම ගැහැට ඔස්සේම තමා ශූර කාන්තාවක වූ අයුරු ඇය පවසා සිටියාය.
‘‘මා සිහින දකින්නන් අතුරින් 1980 ගණන් වල බිහි වූ වර්ගයේ අයෙක්. මෙම නිලයෙන් නික්මයාමට සූදානම්ව මා දැන් ඒ ගැන බොහෝ දේ සිතනවා. මට අවුරුදු හතරේ දී මගේ පවුලේ අය මා සමඟ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයෙන් නික්ම පලා ආවා. ඉන් පසු අපගේ සංචාරක වීසා කාලය ඉකුත්ව ගිය පසුත් අපි රැඳී සිටියා. ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රීලාංකීය ප්‍රජාව අතර දශකයකට කාලයක් ලියාපදිංචියෙන් තොරව මා ජීවත් වුණා. මට පුරවැසිභාවය ලබා ගන්නට මඟ පෑදුණ එකම හේතුව 1986 රොනල්ඩ් රීගන් ගෙන ආ පොදු සමාවට අදාළ පනතයි. (Amnesty Act 1986)
‘‘දකුණු ආසියාතික ඇමෙරිකානු ප්‍රජාව අතර මම හැදී වැඩුණා. ස්වකීයයන් පිළිබඳ එම හැඟීම රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් තුල තිබීම වැදගත් යයි මා සිතුවා.
‘‘මට අවුරුදු 16 දී මගේ මව තනි වූ මවක වූවා. මමත් මගේ සහෝදරයාත්, මවත් ගෘහස්ථ හිරිහැර වලට මුහුණ දී බේරුණු අයයි. අපි එකල හරිම දුප්පත්, එහෙත් ඇය අප උදෙසා සතියට දවස් හතක් කඩිසරව වැඩ කළා. මම පවා වැඩ කරන්න පටන්ගන්නෙ අවුරුදු 14 දී ඇයට උදව්වෙමින්.’’
‘‘එය වෙහෙසකර ජීවිතයක් එහෙත් ජීවිත අත් දැකීම් සියල්ල නිසි අතට යොමුකරනවා නොවේද? සංවේදී වන්නට උත්සාහ කරන මිනිසුන් සමඟ බොහෝ න්‍යයික කරුණු සාකච්ඡා කරන්නට පෙළඹුනා. ඒවා අතිශයින් ඵලදායී. එහෙත් එම අත්දැකීම් හරහා යනවිට කාන්තාවගේ හා කෙල්ලකගේ සටන ඇතුලාන්තයෙන් වූ හැඟීම් වලට සම්බන්ධවන්නක්.’’
සටහන - හැල හැප්පීම් වලට භාජනය වූ පුද්ගලයකු යනු සාර්ථකත්වය කරා යන අධිෂ්ධානයෙන් යුක්ත පුද්ගලයකු වේ යන අර්ථය ඇති ඇමරිකානු කියමනක්ද වේ.
(***)
Sunday Times
ඔක්තෝබර් 10 වැනිදා පුවත්පතේ පළවූ
"Lankan American Penny emerges asacity leader in New york ලිපියේ පරිවර්තනයයි.
පරිවර්තනය- සමන් පුෂ්ප ලියනගේ
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යුද්ධයේදී රට හැර ගොස් ඇමෙරිකාව දිනූ අපේ යුවතිය
chinthana Wednesday, 13 October 2021 09:41 AM
මෙයා සිංහලද? මෙයාට හෝ පවුලේ අයට යුද්ධයෙන් පලායන්න තරම් ජීවිත තර්ජනයක් තිබුණාද? ඔය වගේ ගොඩක් අය යුද්ධය ඉස්සරහට දාලා, සාමාන්‍ය ජනතාව මරනවා කියලා පිටරටවලට කියලා පිටරටවලට පැනගත්තා... ලංකාවට මානව හිමිකම් චෝදනා එන්න ඔහොම අයත් හේතුවක්...
jagathWednesday, 13 October 2021 06:02 PM
88/89 සමයේ සිංහල අයටත් ජීවිත තර්ජන තිබුණා මතක නැද්ද...?
සුද්දාWednesday, 13 October 2021 06:17 PM
යුද්ධය කියලා හඳුන්වන්නේ කොටි යුද්ධය. 87-89 භීෂණය වෙනම දෙයක්. මේ පෙන්නන්නේ කොටි යුද්ධය විදිහට.
Vithana Wednesday, 13 October 2021 11:08 AM
යුද්ධයේදී රට හැරගොස් ආපහු රටට ආපු අය නම් කරන්නෙම විනාසේ වගේ....
duminda Thursday, 14 October 2021 09:01 AM
තව එක්කෙනෙක් එහෙම ඇවිල්ලා හොඳටම අනාගෙන ඉන්නේ.
Kamal Thursday, 14 October 2021 01:40 PM
යුද්ධයට බයේ රට හැර ගිය අය දෙමලනෙ. සිංහල අයත් කීප දෙනෙක් ඇති. ඉන් එක්කෙනෙක් තමා දැන් අපේ රටේ නායකයා.