IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


නිහඬව ලොව දිනූ අපේ සිත්තරා

ජගත් පූජිත ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වූ ජයන්ත ප්‍රේමචන්ද්‍ර සූරීන්ගේ අභාවයට 30 වසරක් පිරීම නිමිත්තෙන් පළවන ලිපියකි

කලා පාරාදීසයක් බඳු වූ ප්‍රංශය වෙත සේන්දු වූ ශ්‍රී ලාංකීය අසහාය කලා ශිල්පියකු කාටත් හොරෙන් ජීවන ගමන එහි නිමාකොට තිස්වසරක් ගතවී ඇත. ඔහු නමින් ජයන්ත ප්‍රේමචන්ද්‍ර වන අතර 1936 දී කෙළඹ රාජගිරියේ ඉපිද, ගංගොඩවිල රේවත රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කේරි විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය නිමාකොට රජයේ කලායතනයට පා තබනුයේ චිත්‍ර ශිල්පය සහ කලාව හැදෑරීමටය.

මේ වනවිටත් කුඩා ජයන්ත ඉරිදා ලංකාදීප පත්‍රයේ ‘ළමා කල තරුවක්’ ලෙස තිලක මාමාගෙන් කලා ලොවට අවතීර්ණ වීමට විවරණ ලැබුවේය. මේ කාලයේදී ඔහුගේ ප්‍රධාන චිත්‍ර ගුරුවරුන් වී සිටියේ සුසිල් ප්‍රේමරත මහතා සහ සාර්ලිස් මහතායි.

‘ලංකාදීප’ පත්‍රයේ ‘තිලක මාමා’ ඔහු ගැන එදා මෙසේ පවසා තිබුණි. ‘කුඩා ජයන්ත ප්‍රේමචන්ද්‍රත් පිකාසෝ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වන්නට උත්සාහ කරනවා ඇතැයි තිලක මාමා බලාපොරොත්තු වෙනවා’

(ඉරිදා ලංකාදීප-ළපටි පෙළ, 1955/10/23)

ළමාසිත්තරකු ලෙස කලා ජීවිතය ආරම්භ කළ ජයන්ත කුඩා කාලයේදීම එම දස්කම් විදහා දක්වා ඇති බව එවකට පළවූ පුවත්පත් හා සඟරා සාක්ෂි දරයි. ඉරිදා ලංකාදීප පත්‍රයේ ‘ළපටි පෙළ’ ට චිත්‍ර සපයා දෙමින් ආරම්භ කළ කලා දිවිය ඔහු වයස 19 දී ඉදිරිපත් කළ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත වූයේ එදා අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අතිනි. මේ වනවිට ඔහු ජේ.ඩී.ඒ. පෙරේරා, ඩේවිඩ් පේන්ටර් සහ ස්ටැන්ලි අභයසිංහ යන ප්‍රවීන ලාංකික කලාගුරුවරුන්ගෙන් රජයේ කලායතනයේ චිත්‍ර ශිල්පය හදාරමින් සිටියේය. මේ අවස්ථාව වනවිටත් ජයන්ත ප්‍රේමචන්ද්‍ර තරුණ චිත්‍ර ශිල්පියා තරග කිහිපයක්ම ජයග්‍රහණය කර දස්කම් දක්වා තිබුණි. ඉන් කීපයක් නම් බුද්ධ ජයන්ති චිත්‍ර තරගය දෙවන ස්ථානය, 1952 දී ක්ෂය රෝග මුද්‍රා තරගයේ පළමු ස්ථානය ඔහුගේ වයස අවුරුදු 16දී, ලංකා කලා සංගමයේ ත්‍යාග කිහිපයක්, ජාතික කලා පෙරමුණේ ත්‍යාග සහ ලංකා ෂෙල් සමාගමේ චිත්‍ර සඳහා පිරිනැමෙන ත්‍යාග කිහිපයක්ද ලබාගෙන තිබුණි.

ජේ.ඩී.ඒ. පෙරේරා කලා ගුරු ‘චිත්‍ර තරංගනී’ නමැති කලා ප්‍රදර්ශනයට පසුවදනක් සපයමින් පවසා තිබුණේ වෙනත් කිසිම චිත්‍ර ශිල්පියකු සිතුවමට නගා නොමැති ලංකාවේ වන්නම් සහ භාරත සංගීතයේ රාග චිත්‍රයට නගා ඇති බවකි. මෙම අපූරු චිත්‍ර ශිල්පියා මෙම ප්‍රදර්ශනය පවත්වනුයේ ඔහුට වැඩිදුර කලා අධ්‍යාපනය ලබා ගැනීමට ඉන්දියාවට යාමට ආධාර ලබාගනු පිණිස බවය. (අප්‍රියෙල් 1 දා චිත්‍ර තරංගනී සමරු කලාපය)

8-03-1958 වැනිදා මර්සලින් ජයකොඩි පියතුමා ජන්යත පිළිබඳව සමරු සටහනක් තබමින් පවසා ඇත්තේ ජෝර්ජ් කීට්. ආනන්ද සමරකෝන්, අයිවන් පීරිස් ආදීන් බබළන අහසේම ජයන්ත ප්‍රේමචන්ද්‍ර ද තරුවක් වී බබළන ලෙස ප්‍රාර්ථනා කරන බවය.

ඔහුගේ චිත්‍ර තරංගනී සංග්‍රහය සඳහා එහි සංවිධායකයන් ලෙස එදා ඔහු වටා සිට ඇත්තේ ද කලා ලොවේ බල කණු කිහිපයකි. එනම් සුනිල් රේගිනොල්ඩ්, එම්.ඩී. සුමනපාල, නිව්ටන් රාජපක්ෂ, උදයරත්න, ජේ.පී. සිරිල් ජයසේන, දයාරත්න රණතුංග, කේ. ජස්ටින් සිල්වා, අමරදිවාකර සහ දයානන්ද වෙත්තසිංහ ආදීන්ය.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය නැරැඹූ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ද ඔහුට පැසසුම් ලිපියක් ඉංග්‍රීසි බසින් එවා ඇත.

වැඩිදුර ඉගෙනුමට ඉන්දියාවට යාම කෙසේ වෙත් ජයන්තයන් සෝවියට් රුසියාවට පා තබා ඇත්තේ කලාව වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහායි. මොස්කව් හි කාර්මික චිත්‍ර කලා ආයතනයට (industryal Art Institute) ඇතුළු වී ඉන් අනතුරුව විශේෂ ඩිප්ලෝමා සහතිකයක් දිනාගෙන පෙරලා ලංකාවට පැමිණෙයි.

ඉන් අනතුරුව ලංකාවේදී නැවතත් කලා ප්‍රදර්ශන කිහිපයක් පවත්වන ඔහු ඉන් එකකදී ‘යුරි ගගාරින් ගේ චිත්‍රයක් නිමවා ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි රුසියානු ජාතික යුරි ගගාරින්ට පිරිනමයි. රුසියානු කලා අධ්‍යාපනයෙන් පසු මොහු ජාතික කලා ආයතන කිහිපයකම සිට ඇත. පසුව ඔහු තුල්හිරිය පෙහෙකම්හලේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කළේය. ඒ හා සමගාමීව කොළඹ කලායතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද ක්‍රියාකර ඇත. නිදහස් රචකයකු ලෙසද ක්‍රියා කොට ඇති ජයන්තයන් නවකතා 2ක් එළි දක්වා ඇත. ඔහු විසින් ජාත්‍යන්තර සහ ලාංකීය චිත්‍ර ප්‍රදර්ශන 32ක් පමණ පවත්වා ඇත්තේ තනි පුද්ගල ප්‍රදර්ශනයන් ලෙසිනි. ඔහුගේ කලා නිර්මාණ ලෝකයේ ප්‍රසිද්ධ කලාගාර මගින් මිලදී ගෙන ඒවායෙහි ස්ථිර ප්‍රදර්ශන කෘති ලෙසද තබාගෙන ඇති බවට සාක්ෂි ඇත. හෙනි හල්බෙර චිත්‍ර එකතුව, බග්දාඩ් ජාතික කලාගාරය, මොස්කව් හි ආසියානු කලාගාරය ඉන් කිහිපයකි.

කලාකරු ජයන්ත ප්‍රේමචන්ද්‍රගේ චිත්‍ර සහ කලාකෘති ප්‍රදර්ශනයන්ගේ ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් මෙසේය.

කොළඹ- කලා භවන- 1959, පින්ලන්තයේ - හෙල්සින්කි හි කොමිනි ගැලරිය-1962, සෝවියට් රුසියාව - මොස්කව් හි ජාත්‍යන්තර මිත්‍රත්ව නිවස-1963, ටශ්කෙන්ට් හි ටෂ්කන්ට් මිත්‍රත්ව ගැලරිය-1962, යෙරෙවාන් හි ආර්මේනියා කලා භවන-1983, බල්ගේරියාව- සොෆියා හි බල්ගේරියානු කලා සමාජ ගැලරිය-1963, ඉරාකය- බැග්ඩෑඩ් හි බැග්ඩෑඩ් මොඩන් ආර්ට් කෞතුකාගාරය-1976, ස්වීඩනය- ස්ටොක්හෝම් හි හෙගාරස්රෙටන් ගැලරිය-1976, ටෙක්නිස්කේ නම්ඩ්සිට් ගැලරිය-1978, නෝර්වේ රාජ්‍ය-එල්වරූම් හි නොස්ක් ස්කොගන්බ්රුක්ස් කෞතුකාගාරයෙදී-1977, හමාර් හි කුන්ස්ටර්න්ස් ෆ්ලොරින් ගැලරිය-1978, සාප්ස්බර්ග් හා කලා භවන ඕමයින්-1979, බගෙන් හිදී බ්‍ර්යිග්ගෙන්ස් කෞතුකාගාරය-1981, බටහිර ජර්මනිය- හැම්බර්ග් හි ඩයි වෙරෙයින්ස් සහ බටහිර ඉවුරේ ගැලරිය-1977, ලින්බර්ග් හි ක්ලුඋකෙන්හවුස් කලාගාරය-1978, කොලොන් හි ද්රෙස්නර් බෑන්ක්-1979, ඩෙන්මාර්කය- හොල්ටේ හි හොල්ටේ පුද්ගලික බැංකුව-1977, ලින්ග්බි හි චිත්‍ර පුස්තකාලය-1978, කෝපන්හේගන් හි ස්පරෙකසෙන් ගැලරිය-1980, පෝලන්තය- ඔල්ස්ටින් හි කසියස්කි ගැලරිය-1979, නෙදර්ලන්තය- ඉමාන් හි මියුසික් ගැලරිය-1982, වින්ටෙර්ස්වික් ෆ්ලවර් ගැලරිය-1982, ඉතාලිය- රෝමා හි එක්ස්පොසිෂන් ඩී පෙයින්ටූරෙස්- 1984, චෙකොස්ලොවකියාව ප්‍රාග්හි එක්ස්පොසිෂන් ඩී පෙයින්ටුරෙස්-1984, ප්‍රංශය- පැරිසියේ හොටෙල් මොන්ට්පර්නසේ උද්‍යානය-1986, කලිචි හි ARC-1987

සුසිල් ළමාහේවා

 



අදහස් (0)

නිහඬව ලොව දිනූ අපේ සිත්තරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15148 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 478 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 268 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site