IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නන් සිරින් වොරැඳි නන්දසිරි

පසුගිය සඳුදා දින යොදාගත් සාකච්ඡාවක් දුරදිග යාමෙන් අපි පශ්චාත් නූතනවාදය, රූකඩ චරිත ආදිය ගැන කථා කරන්නට වීමු. අපි යැයි කීවේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් සහ මම ය. හදිසියේ ම හදවතට තිගැස්මක් ගෙන එමින් කුමාරසිංහ මැතිණිය මහා රංගධර විජය නන්දසිරි මළ පුවත සැල කළාය. මේ පුවත තවදුරටත් අප කථා කළ දෑ, එනම් පදනම් විරහිත රූකඩ ඉතිරි කරමින් දැවැන්තයින්ගේ හැරයාම සනාථ කරන්නක් විය.

මේ ලිපියේ දී විජය නන්දසිරිගේ කලා ජීවිතයේ ඉතිහාසය ගැන හෝ ඔහුගේ නිර්මාණ වාර්තාවන් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. ඒ කාරණා මේ දිනවල පුවත්පත් හා වෙබ් පිටුවලින්  ඕනෑතරම් ඉටුවෙයි. පුද්ගලික වශයෙන් විජය නන්දසිරිගේ නාට්‍ය ජීවිතය හා බැ`දි අත්දැකීම් කිහිපයකුත්, මේ මොහොතේ දේශපාලනය තුළ ඔහුගේ ලකුණ ස්ථානගත කිරීමත් ඉතා කෙටියෙන් හා අසංවිධිතව සිදුවෙයි.

වසර විසිහතක් මනමේ කුමාරයා ලෙස ර`ග පෑ ඔහු මෙරට පේ‍්‍රක්ෂකයා බදා වැළ`දගන්නේ ජයප‍්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘නෝනාවරුනි මහත්වරුනි’ ටෙලි නාට්‍යයෙන් හා ගිරිරාජ් කෞෂල්‍යයගේ ‘සිකුරු හතේ’ චිත‍්‍රපටයෙනි. මේ දෙකෙන් නොපෙනෙන ඉතා ගම්භිර ඉතිහාසයක් ඔහු සතුය. එහෙත්් අසෝක හ`දගම ඔහුගේ ෆේස්බුක් පිටුවේ ස`දහන් කර තිබූ ආකාරයට නොනවත්වා ගලාගෙන ආ එකම වර්ගයේ ජෝක් චරිත ඔහුගේ ගම්භිර රංගනයේ සීමා ලකුණු කළේය. හ`දගම එහිදී විජයගේ රංග පෞරුෂය ජෝ අබේ වික‍්‍රමගේ හා නිහාල් සිල්වාගේ රංග පෞරුෂයන්ට සමාන කරන අතර එහෙත් එවැනි සංකීර්ණ රංගනයන් වෙනුවට ඔහුට ලැබුණේ ‘වැල නොකැඞී එන ජෝක් චරිත’ බව ස`දහන් කර තිබිණි. මනමේ සිට නොනවතින රාජ මන්ත‍්‍රී දක්වා පැමිණි සරල රේඛීය ගමන ඔහුගේ රංග පෞරුෂය මොට කළ බව දෑත් ඔසවා අප පිළිගත යුතුය.

විජය නන්දසිරි කිසි විටෙක දේශපාලන අතකොළුවක් නොවූයේ ය. බලවතුන් මෙන් ම බවලතුන් හා අවැසි තරම් පෑහීමේ හැකියාව සහ පෞරුෂය  ඕනෑවටත් වඩා ඔහු සතු විය. එහෙත් ඒ වෙනුවෙන් හෙතෙම තම කාලය කැප නොකළ බව කිව යුතු නොවේ. ඒ පාර්ශ්වයෙන් විජය ආදර්ශී වුව ද ඔහු නිරූපණය කළ චරිත හා රංගනයන් පිළිබ`ද විවේචනයක් තිබේ. ඔහුගේ හාස්‍යෝත්පාදක අවධියේ ලද අති බහුතරයක් චරිත ගතානුගතික දේශපාලකයන්ගේ චරිත විය. සිනමාවේ නූතන දේහපාලකයාගේ චරිතය වේදිකාවේදී බොහෝ දුරට රජ චරිතයක් විය. මේ චරිත කිසිදු විටෙක නූතන දේශපාලනයේ යථාර්ථය ක‍්‍රම විරෝධී ලෙස හෙළි කරන ඒවා නොවේ. පුද්ගලයන් වශයෙන් දේශපාලකයන්ගේ අඩු ලූහු`ඩුකම් පෙන්වනවා විනා සමස්ත පාලන ක‍්‍රමයක ඵලයක් වශයෙන් එම චරිතවලින් හමන පිළුණු ග`ද ඔහුගේ රංගනයෙන් හෝ භාවිත කතාන්දරයෙන් වහනය වීමක් සිදු නොවීය. තතු එසේ වුව ද අප අමතක නොකළ යුතු කරුණක් ඇත. ඒ ඔහු වෘත්තීමය රංගන ශිල්පියෙකු වීම නිසාය. නූතන වෙළ`දපොළ ආර්ථිකය හමුවේ වෘත්තීය ජීවිතය ඊට අනුව හැඩ ගැසීම තනි පුද්ගල වරදක් නොවන බව අප වටහා ගත යුතුය.

ආර්ථික කඩාවැටීම, දේශපාලන පිළුණු වීම හා සමස්ත සමාජ පද්ධතියම අසංස්කෘතික වීම යන ලක්ෂණ මත පේ‍්‍රක්ෂකයා හුදු විකට ජවනිකා පමණක් ඉල්ලා සිටීම තාර්කිකය.  ඊටත් වඩා අධිපති මාධ්‍යය හා දේශපාලනය සිය පණනල රැුක ගැනීම ස`දහා මේ තත්වයන් දිගටම ඇදගෙන යාම භයානකය. එසේ වුව ද කකුල් හතරේ ඉලංදාරියා, මහාසාර, කපුවා කපෝති වැනි නාට්‍යවල නවතම නිෂ්පාදනයන්හි විජය නන්දසිරි ර`ගපෑ චරිත හුදු විකට චරිත නොවේ. විශේෂයෙන් ම කපුවා කපෝති නාට්‍යය පුරාවට ම ඔහුගේ රංගනය අතිශය බයාදු, ලැජ්ජාශීලී විවාහාපේක්ෂිත තරුණයෙක් පේ‍්‍රක්ෂකයා හමුවෙහි මැවීය. එමෙන් ම ඔහුගේ වෘෂභ රාජ, කුසපබා, භාරත රැුජින, ශ‍්‍රී ගජබා ආදී නාට්‍ය සතර ද අරක්කු වීදුරුවක් බී පමණින් පහළ වන වස්තුබීජයන් නොවේ. එහෙයින් තමා විහිළු කර තමා ම ඇඹරෙමින් සිනාසෙන වර්ගයේ අයට ගැසිය යුතු ලේබලය විජයට ගැළපෙන්නේ නැත. පේ‍්‍රක්ෂාගාරය සිනහවෙන් පිරවීමට ඔහු කුණුහරුප නොකීවේ ය. ඒ වෙනුවට සරච්චන්ද්‍ර. දයයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම ආදීන්ගේ ඇසුරෙන් ලද පරිචය හා පෞරුෂය ඇසුරින් අ`ගපස`ග හැසිරවීය. දෙබස් භාවිත කළේය. ඔහුගේ හාස්‍ය කොතරම් පි‍්‍රයජනක ද කිවහොත් වැරදීම්වලට පවා (වේදිකාවේ* පේ‍්‍රක්ෂකයන් සිනාසුණේ එය වැරදීමක් බව නොදැනය.

ප‍්‍රියන්ත රන්ජන්ගේ රූකඩ රාජ්ජේ නාට්‍යයේ එක් දර්ශනයක දෙබස් අමතකව ඔහු කටේගුරාගේ පිහිට පැතූ අවස්තාවක් මතකයට නැගේ. එදින කටේගුරුකම කළේ මම ය. ඔහුට මගේ මිමිණීම අපැහැදිලි වන්නට ඇත. තමාටත් නොදැනීම ”ඈ....හ්” යනුවෙන් කළ විමසීම විනාඩි කිහිපයක් ම පේ‍්‍රක්ෂකයා උඩ පනිමින් හිනස්සවන්නට සමත් විය. තවත් දිනක් දුර බැහැර දර්ශනයක දී සිදු වූ ඇබැද්දියකි මේ. හෙතෙම රූකඩ රාජ්ජේ හි රජ චරිතය ර`ගපෑවේ ය. රජු පිවිසෙන්නේ නටමින් ය. පහසුකම්වලින් තොර වූ ශාලාවෙහි හදිසියේ ඇද සකසා ගත් පැති තිර රජුගේ අත වැදී කැඞී ගියේ ය. මහා විනාශයකි. කටේගුරන්, අවශේෂ ශිල්පීන්, වේදිකාවෙන් ඉවත වූ රංග භාණ්ඩ සියල්ල පේ‍්‍රක්ෂකයන්ට විවර වුණි. අරුමයකි! කිසිදු හාවක් හූවක් පේ‍්‍රක්ෂාගාරයෙන් නොනැගුණි. අතරින්පතර කිහිප දෙනෙක් හැරෙන්නට සියලූ ඇස් රජුගේ නර්තනය කෙරෙහි ම යොමු වී තිබුණී. ඉතින් තව දුරටත් ඔහුගේ රංග පෞරුෂය ගැන වැනුම් කුමට ද?

විජය නන්දසිරි මෑත කාලයේ රංගනයේ යෙදුණු වේදිකා නාට්‍ය අතර රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ, ප‍්‍රියන්ත රන්ජන්ගේ රූකඩ රාජ්ජේ, මල්වඩම් අනවශ්‍යයි, සරත් කුලාංගගේ දෙයියාත් දන්නෙ නෑ මෙන් ම මෑතකදී නිෂ්පාදනය වූ අලූත් හොරෙක් ආදී සෑම නාට්‍යයක ම චරිත ස්වභාවයන් අතින් විවිධ වුව ද දේශපාලනික දෘෂ්ටියෙන් එක ම පීල්ලක දුවන නාට්‍ය කිහිපයක් විය. කතාන්දරමය වශයෙන් විශිෂ්ට රචනා නොවීය. එසේ වුවත් ඔහු ලොව හැරයන්නට දිනකට පෙර රංගනයේ යෙදුණු මල්වඩම් අනවශ්‍යයි නාට්‍යය පෙර නොවූ අරුත් ගණනාවක් මවන්නකි. හෙතෙම එහි බොරළුගොඩ මල්ශාලාධිපතිගේ චරිතයට අපූර්ව ලෙස ජීවය දුනි. මහගම සේකරගේ ‘නොමියෙමි’ කාව්‍ය සංග‍්‍රහයේ එන යාවජීව මල් ශාලාව සිහිගන්වන එහි අවසානය මනමේහි එන ස්ති‍්‍රය පිළිබ`ද දෘෂ්ටිය හා පෑහෙන බව මා කී කල ඔහු ඉතා සතුටින් ඒ බව කුමාර තිරිමාදුරට කීවේ මනමේ කුමරා ලෙස වසර විසිහතක් කළ රංගනයේ නව ජීවයක් මින් ලද නිසා යැයි හැෙ`ග්. 

දෙසැත්තෑ වැනි වියේදීත් රූපයෙන් සිරිමත් වූ විජය නන්දසිරි ගුණයෙන් වොරැඳියේ ය.  කිසි විටෙක හිස උදුම්මාගත්තෙක් නොවන අතර නාට්‍ය කණ්ඩායම් සම`ග දිවයින පුරා සංචාරය කරන විට හමුවන  ඕනෑම අයෙක් හා කට පුරා සිනාසෙයි: කථා කරයි.  ඔහු නාට්‍ය කණ්ඩායමේ කාගේත් ගරුකටයුතු ජ්‍යෙෂ්ඨයා විය. කවුරුත් ඔහුව ඇමතුවේ විජේ අයියා හෝ විජේ සර් කියාය. රූකඩ රාජ්ජේ රට පුරා සංචාරය කරනවිට නිතරම නාට්‍ය රිය තුළ සුහද ආරවුල් ය. සරත් චන්ද්‍රසිරිගේ හෝ කුමාර ලියනගේගේ විහිළුවකින් ඇස් රතු කරගන්නා ගාමිණී අම්බලන්ගාඩ සුපුරුදු ආටානාටිය පටන් ගනියි. ”මල්ලි ගණන් ගන්න එපා මල්ලි  ඕවා....” ඒ කාගේත් ජ්‍යෙෂ්ඨයා යි.  ඉන්පසු සියල්ල සන්සුන් ය.

මේ ලිපිය ලියවෙන විටත් ඔහු ගල්කිස්ස, කලාපුරයේ තම නිවසේ සුව නින්දකය. නැවත අවදි නොවන නින්දකය. වැලනොකැඞී එන ජන ගඟ මල් වඩම් අනවශ්‍ය බව සනාථ කරයි. දැන් අපි සිනාසී ඉවරයි කී අය ක`දුළු පිරි දෙනෙතින් ආපසු යති. හිස් වූ චරිතවලට කවුරු පණ පොවන්නද? විජයගේ රංග පෞරුෂය මෙන් ම නළුවා කේන්ද්‍ර කරගත් නාට්‍ය කලාවක අදූරදර්ශී බව මේ මොහොත අපට පෙන්වා දෙයි. 

මුලින් සඳහන් කළ දෑ නැවත සිහිපත් කළ යුතුය. මහා ආඛ්‍යාන මිය යමින් පවතියි. එය ස්වභාවය වුවත් විස්සෝපයට පත් විය යුත්තේ කරළිය චූන් වූවන්ට හිමි වීම ගැනය. විජය විශේෂ වන්නේ ඔහුට හැදෑරීමේ ඉතිහාසයක් ඇති නිසාය. සම්ප‍්‍රදායක්, ගමනක් හා ඊට හැඩයක් තිබූ නිසාය. එහෙයින්, නන් සිරින් වොරැඳි ගුරුතුමනි, නැවත අපි හමු නොවෙමු. ඔබට සදහට ම සුබ රාත‍්‍රියක්...!

 

 



අදහස් (3)

නන් සිරින් වොරැඳි නන්දසිරි

සොපි Friday, 12 August 2016 03:01 AM

ඇත්ත ඇතිසැටියෙන් පළකළ මෙම ලිපිය අගයමි(නි)

:       0       0

ගීගන Friday, 12 August 2016 05:06 AM

සැබෑ තතු ගෙන දැක්වීම පිලිබඳව දර්ශන මහතාට ගොඩක් තුති.(හේ)

:       0       0

jayasiri Monday, 09 August 2021 03:52 AM

මෙම ලිපියේ රචකයා හෝ රචකාව කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 156 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 114 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 118 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 223 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 305 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1004 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 729 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site