
තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
‘මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා. මට දැං බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’
එලෙස කිවේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියකි. ඇය අප සමඟ එලෙස ප‍්‍රකාශ කරන විට හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය ද දැන් ඇය සිටින්නේ පස් වැනි ශ්‍රේණියේය. ඇයට බනින්නේ ඇගේ ඇස් පෑදීමට සිටින ගුරුවරුන් සහ වැඩිහිටි පිරිසකි. මේ සිඟිත්තියගේ මවට ‘ඒඩ්ස්’ රෝගය වැළඳී ඇතැයි කියමින් පාසලේ ගුරු පිරිසක් සහ ඇය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් වෙනස්කම් කරති. දැරිය පාසලට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගනිති. ඔවුන්ගේ සිත්හි කරුණාව, මෛත්‍රිය නැතත් මේ කුඩා දැරියට ඔවුන් කෙරෙහි වෛරයක් නැත. ‘මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ ඇය කියන්නේ ඒ නිසා විය යුතුය.
මෙය පසුගිය වසරේ මාර්තු මාසයේ කරළියට ආවේ එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකින් පසුවය. ඒ අනුව ඇයට කරන වෙනස්කම් ගැන සොයා බැලීමට අපි ද පසුගිය මාර්තු මාසයේ ඇය ජීවත් වන ප‍්‍රදේශයට ගියෙමු. ඉන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් වී දැරියට යළි පාසලට යෑමේ අවස්ථාව සලසා දුන්නේය. ඊට වසරකට පසු එනම් දැන් යළිත් එම ගැටලූව කරළියට පැමිණ තිබේ.
දැරිය ඉගෙනුම ලබන්නේ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසලකය. දැරිය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි ඇගේ පාසලේ නම මෙන්ම ඇගේ පවුලේ උදවියගේ නම් ගම් ද භාවිත නොකරමු.
ඇය එම පාසලට ඇතුළත් කරනු ලැබුවේ මීට වසර පහකට පෙරය. දැරිය දැන් ඉගෙනුම ලබන්නේ පස් වැනි ශ්‍රේණියේය. ඉගෙනුම අතින් මේ සිසුවිය එම පාසලේ අන් සිසුන් පරදා පෙරමුණේ සිටින්නීය. මේ ප‍්‍රශ්න පටන් ගැනීමට පෙර එනම් 2016 වසරේ පළමු, දෙවැනි සහ තුන් වැනි වාර අවසාන විභාග තුනෙන්ම ඇය පන්තියේ පළමු වැනියා ය. 2016 වර්ෂාවසාන විභාගයේ ඇය පන්තියේ පළමු වැනියා වූයේ සියලූ විෂයන්වලට ලකුණු 89.16ක සාමාන්‍යය අගයක් ලබා ගනිමිනි.
සිදුවූ අසාධාරණය ගැන සොයා බලන්නට අප පසුගිය වසරේ එහි යන විට දැරිය ‘පියා’ සමඟ පාර අයිනට වී සෙල්ලම් කරමින් සිටියාය. ‘ඒඩ්ස්’ යනු කුමක්දැයි ඇය දැන්නේ නැත. ඇය දන්නේ තමාට පාසලට එන්නට නොදී කරන කෙනෙහිලිකම් ගැන පමණි. පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු සහ දෙමාපියන් කිහිප දෙනකු නිතර නිතර ‘ඒඩ්ස් හැදුණු ළමයා’ යැයි චෝදනා කරන නිසා දැරිය ඇය හදා වඩා ගන්නා මාපියන්ගෙන් නිතර අසන්නේ ‘ඒඩ්ස් කියන්නේ මොකක්ද?’ කියා පමණි.
දැරියගේ මවට තවත් පුතකු බිහිවූ පසු දැරිය හදා වඩා ගැනීමට බාර වූයේ මවගේ සහෝදරියකටය. සහෝදරිය ඇගේ සැමියා සමඟ දරුවා රැක බලා ගත්තාය. දැරිය පාසලට භාර දෙන දිනයේ පාසලට පැමිණියේ මවයි. ඉන් පසු ඇය පාසලට නොගිය අතර දැරිය මව සහ පියා යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නේ ඇය රැක බලා ගන්නා දෙදෙනාට ය. කාලය මෙසේ ගත වෙද්දී දැරිය වැදූ මවට ‘එච්අයිවී’ ආසාදනය වී ඇතැයි ඇතිවූ සැකයක් මත පරීක්ෂණයකට බඳුන් වූවාය. ඉන් පසු ඇය ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සමඟ ළඟින්ම කටයුතු කරමින් ඒඩ්ස් රෝගය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වූවාය.
2017 මුල් කාලයේ රූපවාහිනී නාලිකාවකින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම කාන්තාව ද දැනුම්වත් කිරීම් සිදු කරන අයුරු දැක්වෙන දර්ශන පෙන්වා තිබුණි.
ඇය නිතර පාසලට නොපැමිණියත් දැරිය බාර දෙන දිනයේ පාසලට ගිය මතකය දෙමාපියන්ට සහ ගුරුවරුන් කිහිප දෙනකුට තිබුණි. රූපවාහිනී වැඩසටහනෙන් මාසයකට පමණ පසු එම වැඩසටහන ජංගම දුරකතනයකින් පාසලේ තවත් පිරිසකට පෙන්වා තිබුණේ ගුරුවරියකි. ඉන් පසු කට කතාවලට අත්තටු ලැබුණා මෙන් විය. ‘අහවල් ළමයාගේ අම්මටත් ඒඩ්ස්. ළමයටත් ඒඩ්ස්.’ යනුවෙන් කට කතා පැතිරෙන්නට විය. එම දැරිය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන්ගේ කනට ද එම කතාව යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. පාසලේ ගුරුවරු කිහිප දෙනෙක් සහ දෙමාපයෝ කිහිප දෙනෙක් එක්ව දැරිය රෝගී දැරියක ලෙස හංවඩු ගැසූහ. දැරිය දකින දකින අවස්ථාවල ‘ඒඩ්ස් හැදුණු ළමයා’ යැයි කියමින් ඇය කොන් කරනු ලැබුවාය.
‘එච්.අයි.වී’ යනු සුළඟින්, අතපත ගෑමෙන් බෝවන කැස්සක්, උණක් මෙන් රෝගයක් නොවන බව හත සහ අට ශ්‍රේණිවල සෞඛ්‍ය පොතෙන් පවා කියා දෙද්දී ඒවා කියා දෙන්නට සිටින ගුරුවරු පිරිසක් ද අනිසි බියක් මවා ගනිමින් දැරිය පාසල් ඒම වැළැක්වීමට උත්සාහ ගත්හ. ‘ඒඩ්ස්’ රෝගය වැළඳී තිබුණ ද එය සුළඟින් හෝ අත පතගෑමෙන් බෝ නොවන රෝගයක් නිසා ‘ඒඩ්ස්’ වැළැඳුණු පුද්ගලයන් ඈත් නොකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙද්දී මේ සිසුවිය දිනෙන් දින පාසලෙන් කොන් වන්නට වූවාය.
මේ අතර 2017 මාර්තු මාසයේ දිනක ඇය හදා වඩා ගන්නා දෙමාපියන්ට පාසලෙන් කැඳවීමක් ලැබිණි. ඒ අනුව ඔවුහු පාසලට ගොස් විදුහල්පති හමු වූහ. දෙමාපියන් කැඳවූ හේතුව පැහැදිලිව ප‍්‍රකාශ නොකළ විදුහල්පති සිය පුටුවෙන් නැගිට ගිය අතර පාසලේ වගකීමක් ඇති තවත් ගුරුවරියක් කතාව ඇරුඹුවාය. දැරියට ඒඞ්ස් වැළ`දී ඇතැයි යන කතා නිසා දැරිය පාසලට පැමිණීම ගැන අනෙක් මවුපියවරුන් තරහෙන් පසුවන බව කී එම ගුරුවරිය මේ දැරිය පාසලෙන් ඉවත් කරගෙන යන ලෙස දැන්වූවාය. විදුහල්පති ද පසුව එම මතයේම සිටියේය.
එතැන් සිට දැරිය පාසලට යද්දී දෙමාපියෝ පිරිසක් වරින් වර දෙස් දෙවොල් තැබූහ. දැරිය පාසලට එද්දී අනිත් දරුවන් පාසලෙන් ඉවත් කරගෙන ගියහ.
‘පන්ති භාර ටීචරුයි, ඉංග‍්‍රීසී ටීචරුයි තව කීප දෙනකුයි විතරයි දුව ගැන කාරුණික වුණේ. දුව ගැන හොයලා බැලූවේ. ’ යැයි දැරිය රැක බලා ගන්නා මව විස්තර කරද්දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරිය දුවගෙන ආවාය.
‘දූ කැමතිම මොනවා ඉගෙන ගන්නද?’
‘මං කැමතිම ඉංග්‍රීසි ඉගෙන ගන්නයි.’ කියමින් ඇය ලස්සන අත් අකුරු සහිත ඇගේ ඉංග්‍රීසි පොත ගෙනැවිත් පෙන්නුවාය.
‘කවුද දූ කැමතිම ටීචර්?’
‘මං කැමතිම ඉංග්‍රීසි ටීචර්ටයි, අපේ ටීචර්ටයි.’ ඇය ‘අපේ ටීචර්’ යැයි කීවේ පන්ති භාර ගුරුවරියටය.
යළි දැරිය එතැනින් ඉවත්ව ගිය පසු මව කතාව ඇරුඹුවාය.
‘මේ දරුවා හරිම දක්ෂයි. හැමදාම පන්තියේ පළමු වැනියා. කොට්ඨාස, කලාප තරගවලිනුත් දිනලා තියෙනවා. දුව හරිම කැමතියි ඉස්කෝලේ යන්න. ඉස්කෝලෙන් ආපහු එන්න වුණු දවසේ තමයි දුව අර චිත‍්‍රය ඇන්දේ.’ මව චිත‍්‍රයක් පෙන්වමින් කීවාය. ඒ සිතුවමෙහි වූයේ සිසුවිය මව සහ පියා සමඟ පාසලට යන අයුරුය.
‘දුව දහම් පාසල් යනවා. අපි හිතුවේ මේ ප‍්‍රශ්නය නිසා දරුවා දහම් පාසල් යවන්නත් බැරි වෙයි කියලා. නමුත් හාමුදුරුවො කතා කරලා පන්සලට එන්න කියලා කිව්වා දරුවා දිගටම දහම් පාසල් එවන්න කියලා. ඒක අපට ලොකූ අස්වැසිල්ලක්. අපි නිතරම පන්සල් යනවා. මල් පහන් පූජා කරලා ප‍්‍රාර්ථනා කරන්නේ ඒ පිනෙන් හරි මේ දරුවගේ ප‍්‍රශ්නය විසඳෙන්න කියලයි.’
‘දුවට ගෙනියන්න ජාතික කොඩියයි සිංහ කොඩියයි ගෙන්න නගරයට යන්න ඕනෑ.’ යැයි මව කියද්දී හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණිය මව නිවැරදි කරමින් ‘ජාතික කොඩියයි සිංහ කොඩියයි කියන්නේ එකමනේ... මට ඕනෑ ජාතික කොඩියයි රාජ්‍ය ලාංඡනයයි.’ කීවාය.
දැරියට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ඇත්තේ තවත් මාස හතරක පමණ කාලයකි. ‘මට ශිෂ්‍යයත්වය ලියන්න ලැබෙයි නේද?’ දැරිය නිතර දෙමාපියන්ගෙන් විමසන්නීය.
‘දැන් මේ පාසලේ තවදුරටත් ඉන්න අමාරුයි වගෙයි. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ දරුවට ඉගෙන ගන්න අවස්ථාව දන්න කියලා විතරයි. දරුවාට ගැටලූවක් නැතිව ශිෂ්‍යත්වය ලියන්නවත් පාසලක් ලැබුණොත් හොඳයි.’ ‘පියා‘ අවසන් වශයෙන් කීවේය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිසුවියට පාසල් යෑමේ අවස්ථාව ලැබිණි. ඒ වසරකට පමණි. දැන් යළිත් ඇයට පාසල එපා කරවා තිබේ. මේ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව යළිත් විමර්ශනයක් ආරම්භ කර ඇත. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු බලධාරීන් ගෙන්වා මීට සතියකට පෙරද විමර්ශනයක් සිදු විය. දැරියට හානියක් නොවන අයුරින්, දැරියගේ අන්‍යයතාවය ආරක්ෂා වන අයුරින් යම් විසඳුමකට යෑමේ යෝජනා කිහිපයකට අධ්‍යාපන බලධාරීන් එකඟ වූ බව කිමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
කිසිම හේතුවක් නිසා දරුවකුගේ අධ්‍යාපන අයිතිය ඇහිරිය නොහැකි බව මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
HIV kiyanne mokakda ehuwoth ape ayya sri niyama Uttar.monawa karannada lamayata tiyenawanam e lamaya palida.bo wenawada una hembe wage.ape ayage mole tiyena tena hair ne
මේක පරණ කතාවක් නේ...
පරණ කතාවක් වුනාට ළමයාගේ අධ්‍යාපනයට වෙන බාධා නිසා ළමයාගේ වැදූ මවයි හදන මවයි ළමයයි වෙස් මුණු දාගෙන කලාප කාර්යාලය ළඟ විරෝදතාවයක් කලා මේ ලඟදි.
මේකට කරන්න ඕනේ දේ තම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දැම්මා. ඊට පසුව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම... එඩ්ස් තිබුනත් ඒ දරුවට පාසලක් දිය යුතුයි. එ්ක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දක්වා වගකීමට බැඳෙන ක්‍රියාවක්... කරුණාකරලා අනාගතයෙන් පලි ගැනීම නතර කරන්න. මෙයට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනමට ලක්කර විනය පරීක්ෂණයක් පවත්වන්න. අධ්‍යාපනය යනු ළමයාගේ අයිතියක්.. මේක වර්තමාන ඇත්ත තත්ත්වය කුමක්ද?
මේ දරුවට කරන්න තියෙන්නේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වෙලා හොඳ පාසලකට යන්න.. අංගුලිමාලලා නිර්මාණය කළෙත් දිසාපාමොක්ලාම තමයි.
අනුකම්පාවක් නැති මින්නිසු .... පව් අහිංසක දරුවා. ඉගනගන්න දෙන්න දරුවට ...
මේ වගේ කුහකකමයි ඊර්ෂ්‍යාවයි පිරුණු ජාතියක් ලෝකේ කොහෙවත් දැකලා නෑ
මෙතන තියෙන්නේ ඇත්තටම "මම නම් හරිම පිරිසිදුයි" කියන අර්ථයයි. මේ ගැන මම වැඩිය කියන්න යන්නේ නැත්තේ මමත් මවකගෙන් උපන් කෙනෙක් නිසයි. අනෙක කාටවත් අපහාස කරන්න නොහිතන නිසයි. හිතන්න මේ දැරිවියට අපහාස කරලා ඒ ළමයාගේ අනාගතය නැති කලොත් ඒ සාපය කාට කාට යයිද දන්නේ නැහැ. අපි ජිවත්වන සමාජයේ අපි කොපමණ වතාවක් මෙවැනි තත්වයක් ඇති අය ලග බස් එකේ කෝච්චියේ වාඩි වෙලා ගිහින් ඇත්ද? සමහර වෙලාවට එය තියන කෙනාවත් එය නොදැන ගෙන ඔය වගේ අනෙක් අයට කෙනෙහිලි කරනවා ඇති අනන්තවත්. මෙය හැදෙන්නෙම වරදවා හැසිරීමෙන් බව තහවුරු කරලා ඉවරයි. ඉතින් ඔය කියන අය කැටපතක් ලඟට ගොස් කියන්න මම නම් එහෙම නැහැ කියල.
ජනහිත , ඔබගේ අදහස මම අගය කරමි. අපි හැමෝම ගුරුවරුන්ගෙන් උගත් පුද්ගලයින් තමයි. අපි ගුරුවරුන්ට ගරු කරනවා. නමුත් මේකත් නොකියම බැහැ. බොහොමයක් ගුරු මහත්මීන් අධ්‍යාපනයට දක්ෂ දිළිඳු පවුල්වල දරුවන්ට අකමැතියි. විශේෂයෙන් ම අධ්‍යාපනයට අදක්ෂ තමන්ගේ දරුවන් ඉන්න ගුරු මහත්මීන් .මම මේක අත් විඳලා තියෙනවා. හැබැයි හැමෝම නොවෙයි. දරුවන්ට පොත් පත් අරන් දෙන වියදම් දරන ගුරු දෙවි දේවතාවොත් ඉන්නවා.
මොනවද මේ ළමයින්ට උගන්වන්නේ...
අපේ රටේ ඉන්න වැඩි ප්‍රමාණයක් මිනිස්සු මෝඩයි. දන්නවා කියල හිතාගෙන හිටියට මොකුත් දන්නේ නෑ
අපේ රට 2025 දී එච්.අයි.වී. වැළැක්වීම පිළිබඳව ලොකු ඉලක්කයකට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ නව ආසාදිතයන් බින්දුව කරන්න ඒඩ්ස් වලින් මැරෙන ප්‍රමාණය බින්දුව කරන්න සහ එච්.අයි.වී. සමග ජීවත් වන පුද්ගලයින්ට කරන වෙන්කර සැලකීම සහ වෙනස් කොට සැලකීම බින්දුව කරන්න.. ඉතින් විදුහල්පතිවරු සහ ගුරුවරුවත් මේ පිළිබඳව දැනුවත් නැත්නම් අපි කොහොමද ඒ ඉලක්කයට යන්නේ...? ලෙඩරෝග සහ සමාජය පිළිබඳව මේ අයගේ දැනුම නම් බින්දුවයි තවම.. ළමයින්ට උගන්වන්න කලින් මේ අයට උගන්නලා ඉන්න ඕනෑ.. නැත්නම් ජාතියක් හැටියට අපට හැමදාම ගෝත්‍රිකයෝ වගේ තමයි ඉන්න වෙන්නේ..
පිරිමි දරුවෙකුට උසස් මහනුවර පාසලක් උදව් කළා. මේ ළමයට එහෙම කරන්න බැරි මොකද කාන්තා පාසලක.. ?
ලංකාවේ අපේ හුඟාක් අය ඉන්නේ අනුන්ගේ වැරදි හොයලා අනුන්ට ගිනිගෙඩි දීලා සතුටු වන්න. මේ අසරණ දරුවාට පාඩුවේ ඉගෙන ගන්න දීලා පැත්තකට වෙලා ඉන්නේ නැතිව පාසල් ගේට්ටුව ලඟ ඉන්න අම්මලා ටික ඉස්සර වෙලාම අරගෙන ගිහිල්ලා බලන්න ඕනෑ කාටද ඒඩිස් තියෙන්නේ කියලා. ඉස්කෝලේ විදුහල්පතිවරයා මාරු කරලා යවලා ළමයි ගැන අනුකම්පාවෙන් බලන්න පුළුවන් කෙනෙක්ව පත් කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැරි අැයි?