
රට දෙල් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ආහාරයක්. කිරට මිරිසට උයා, තම්බා හෝ බැද කෑමට ගන්නා රට දෙල් ගසට ඒ නම ලැබී ඇත්තේ එය විදෙස් රටකින් ගෙන්වා මෙරටට හ`දුන්වා දීම හේතුවෙනි.
දෙල් ගස ශී‍්‍ර ලාංකිකයෝ පළතුරක් ලෙස හ`දුන්වන්නේ නැත. එය අපට ආහාරයක් පමණි. කෙසේ වෙතත් ජනවහරේ පැවසෙන්නේ ශී‍්‍ර ලාංකිකයන්ගේ එඩිතර වීර කි‍්‍රයාවන්ගෙන් පීඩාවට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හ`දුන්වා දී සිංහලයන් දෙල් කෑමට පුරුදු කර රෝගී කිරීමේ අපේක්ෂාවෙන් දෙල් ගස මෙරට රෝපණය කළ බවයි. ඒ පිළිබ`ද මෙතෙක් පැහැදිලි සාක්ෂි හමුවී නැතත් බොහෝ දෙනකුගේ මතය වන්නේ ලන්දේසීන් මෙරටට ගෙන ආ ප‍්‍රථම දෙල් ගස ගාල්ල කොටුවේ රෝපණය කරන ලද බවයි. ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඉතා පැරණියැයි සිතිය හැකි විශාල දෙල් ගසක් පිහිටා ඇත. මේ ගොඩනැගිල්ල අතීතයේ වරාය භාර නිලධාරී වරයාගේ (හාබර් මාස්ටර්) නිල නිවස ලෙස යොදා ගැණිනි. බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙහි ඇති විශාල දෙල් ගස ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට රෝපණය කරන ලද දෙල් ගස බවයි. උෂ්ණාධික බල මාළු කෑමේ දී පොල් මිශ‍්‍ර කැර ගැනීමට පුරුදුව සිටි සිංහලයන් දෙල් කෑමටත් පොල් යොදා ගැනීමෙන් දෙල්වල ඇති උෂ්ණයෙන් වැඩි බලපෑමක් නොවූ බවත් ඉන් වැඩි ශක්තියක් ලැබූ බවත් පැවසේ. කෙසේ වෙතත් ඉංගී‍්‍රසි බසින් දෙල් ගසට බ්‍රෙඞ් ෆෲට් යැයි කීමෙන් පෙනී යන්නේ යුරෝපීයයෝ ද දෙල් ආහාරයට ගන්නට ඇති බවයි. ඔවුන් පොල් හෝ පොල් කිරි යොදා ආහාර පිසින්නේ නැත. එසේ නම් දෙල් කෑමෙන් සිංහලයන් දුර්වල කිරීමට උපායක් ලෙස රට දෙල් ගස මෙරටට හ`දුන්වා දුන්නා යැයි යන්න සැකයට බ`දුන්වන දෙයකි. රට දෙල් ගස ලන්දේසීන් විසින් මෙරටට හ`දුන්වාදුන් බවට සාක්ෂි ඇතත් ගාල්ල කොටුවේ දැනට ඇති දෙල් ගස වැනි ම වූ තවත් දෙල් ගස් පේලියක් පැරණි රෝහල් ගොඩනැගිල්ලට පිටුපසින් දක්නට ලැබෙයි. කොටුවේ පැරණි පාලන වාර්තා අනුව රෝහල පිටුපස තිබූ උද්‍යානයේ සෙවණ ස`දහා දෙල් ගස් පේළියක් සිටුවා ඇත. ගාල්ල කොටුවේ පිහිටි දෙල් ගස් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඞ්රික් නෝර්ත් තැබූ වාර්තාවක් ද දක්නට ඇත. එහි ස`දහන්ව ඇත්තේ ඔහු 1801 වර්ෂයේ සංචාරයක් ස`දහා ගාල්ල නගරයට පැමිණි අවස්ථාවේ ගාල්ල කොටුවේ පිහිටි ඕලන්ද ආණ්ඩුකාර නිල නිවස අවට රට දෙල් ගස් රැුසක් දුටු බවයි. එහෙත් ඔහුගේ වාර්තාවේ පැරණිම දෙල් ගස සම්බන්ධයෙන් කිසිදු ස`දහනක් නැත. මේ දෙල් ගස ගැන තවත් ජනප‍්‍රවාදයක් වෙයි. ඉන් කියවෙන්නේ වැලිතර ප‍්‍රදේශයේ ජීවත් වෙමින් යුරොපීය නැව් වලට ආරක්ෂාව සැපයූ පිනොස් ආරච්චි නමැති අයෙක් සිටි බවයි. හලාවත සිට හම්බන්තොට දක්වාම ඔහු යටතේ වූ ආරක්ෂක අංශයක් කි‍්‍රයාත්මක වූ බවත් ඔහු දැඩි ශක්තිවන්ත මිනිසකු බවත් පැවසේ
කුඩා යාත‍්‍රාවකින් ගමන් කරමින් සිටිය දී දිනක් ඔහු කුණාටුවකට හසුව දුපතකට ගසාගෙන ගියේ ලූ. මේ දුපතේ කිසිදු හව්හරණක් නැතිව සිටි ඔහුට ආහාරයට තිබුණේ රට දෙල් පමණකි. පිනොස් ආරච්චි යළි ලංකාවට පැමිණෙද්දී ඔහු රට දෙල් පැළ රැුගෙන විත් වැලිතර, මාතර හා හලාවත සිටවන ලද බව පැවසේ. ලංකාවට රටදෙල් පැමිණියේ ඒ ආකාරයෙන් බව ඇතැමුන්ගේ මතයයි.
|
ගාල්ල මෙරට වූ විශාල තොටමුණකි. අරාබි, පර්සියන් හා පසුකාලීනව පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංගී‍්‍රසීන් පැමිණීම හේතුවෙන් ක‍්‍රමයෙන් දියුණු වූ ගාල්ල යුරෝපා ජාතීන් වඩාත් සංවිධානාත්මක නගරයක් බවට පත්කරන ලදී. ලන්දේසීන් මෙරට පාලනය කරන සමයේ සිංහල රාජධානියෙන් පරිබාහිරව පාලනය ගෙන යන ප‍්‍රදේශ හදුන්වන ලද්දේ දිසා නමිනි. ගාලූ දිසාව, කොළඹ දිසාව හා යාපනය දිසාව යනුවෙන් ඔවුන්ගේ පාලන ප‍්‍රදේශය කොටස් තුනකින් යුක්ත විය. එවකට මාතර අයත්වූයේ ද ගාලූ දිසාවටය. ගාල්ල බෙන්තර ගෙග් සිට වළවේ ගග දක්වා ද රට මධ්‍යයෙන් බෙරලපනාතර, ඉමදුව, මාපලගම හා කටුවන දක්වා ද පැතිර තිබිණි. ගාල්ල දිස්ති‍්‍රක්කය ඉන් කොටසකි. බෙන්තර ගෙග් සිට එය මුහුදු බඩ මාර්ගයෙන් ගොයියපාන ඇළ දක්වා පැතිර තිබිණි. අදට ද මේ මායිම ඒ ආකාරයෙන් ම තිබේ. මෙහි පාලනය සිදුවූයේ ගාලූ කඩවත් සතරෙනි. ගාලූ කඩවත් සතරට අයත් වූයේ ගාලූ නගරය හා උපනගරය යන දෙකොටසයි. නමුත් දැන් එවැනි කොටස් දෙකක් දක්නට නැතත් අතීතයේ තිබූ ගාලූ කඩවත් සතර දැන් වපසරියෙන් බොහෝ සෙයින් කුඩා වී ඇත. ලන්දේසි පාලන කාලයේ ගාල්ලේ ආරක්ෂක භටයන් රැු`දවූ කඩවත් සතරක් තිබීම හේතුවෙන් ඉන් වටවූ ප‍්‍රදේශය කඩවත් සතර නම් විය. ඒ නමින් අදට ද ගාල්ල නගරය අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හැ`දින්වේ. මේ ස්ථාන හතරින් එකක් පිහිටියේ රූමස්සල කන්ද පාමුල පිහිටි පාලම අසලය. එතැන එක් මුරපොළකි. අනෙක් මුරපොළ පිහිටියේ බටදුවේය. භට පිරිසක් ර`දවා තිබූ දුපතක් හේතුවෙන් මේ ස්ථානය බටදුව නමින් හැ`දින් වූ බව පිළිගත් මතයකි. එය කඩවත් දුව යනුවෙන් ද හ`දුන්වා ඇතැයි පැවසේ. අනෙක් කඩවත පිහිටියේ ගිංතොට පාලම අසලය. එතැන මුරපොළෙන් අවසර නොගෙන කිසිවෙකුට ගාල්ල නගරයට පැමිණීමට හැකියාවක් නැත. තවත් කඩවතක් බටුවන්තුඩාවේ පිහිටියේය. බටුවන්තුඩාව වර්තමාන ගාල්ල නගර සීමාවට අයිති වන්නේ නැත. ගාල්ල නගරය ඉතා කුඩා, වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයකි. මේ නගරය පසෙකින් ක`දු වැටියකි. ඒ ක`දුවැටිය මාතර තෙක් දිවෙන බැවින් මාතර කන්ද නමින් හැ`දින්වූ බව කියයි. ගාල්ල ගැන තතු දත්තවුන් කියන්නේ ගාල්ල සිට වක්වැල්ලට යන මාර්ගය අතීතයේ ඔරු පාරු ගිය මාර්ගයක් බවයි. අදට මහ වැස්සක දී යටවෙන වක්වැල්ල මාර්ගයට සමාන්තරව ගාල්ල නගරය තෙක් පැමිණෙන දිය ම`ගක් වෙයි. එය වක්වැල්ලේ සිට වටරැුක ඔස්සේ වරාය දක්වා භාණ්ඩ ප‍්‍රවාහනයට තැනූ කැප්පූ ඇළට මිනුවන්ගොඩ දී එක්ව මුහුදට ගලා බසී. අදට ද කැප්පූ ඇළ, කෝප්පේ ඇළ, මෝඞ් ඇළ යනුවෙන් යුරෝපීයයන් විසින් කැපූ ඇළ මාර්ග ගාල්ලේ දක්නට ලැබෙයි. ඉංගී‍්‍රසි පාලන යුගයේ අවසන් කාලය දක්වා ම ගාල්ල නගරය වූයේ කොටුව අභ්‍යන්තරයේ ය. සියළු පරිපාලන ගොඩනැගිලි හා කාර්යාල පිහිටියේ පැරණි කොටුවේය. දැන් ලෝක උරුමයක් බවට පත්ව ඇති කොටුවෙන් සියලූම රජයේ කාර්යාල ඉවත් කරමින් එය සංචාරක පුරවරයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක වෙමින් පවතී. දැන් ගාල්ල කොටුවේ රජයේ කාර්යාල පමණක් නොව පුද්ගලික පදිංචිකරුවෝ ද ඉක්මණින් ඉවත් වෙමින් සිටිති. නොසිතූ ලෙස ගාලූ කොටුවේ ඉඩම් මිල ඉහළ යාමේ ප‍්‍රතිඵලයවී ඇත්තේ ලාංකිකයන් කෝටි ගණනකට තමන් සතු ඉඩ කඩම් විදේශිකයන්ට විකුණා දැමීමයි. කොටුවේ නිවාස හෝටල් තානායම් බවට පත්වෙමින් ඇත. ගාල්ල නගරය ද දැන් කොටුවෙන් පිටත සංවර්ධනය වෙමින් පවතී.
|
සක්කිලි යන වචනය සිංහල භාෂාවේ භාවිතා කරන්නේ යමකුට අපහාස කිරීමේ අපේක්ෂාවෙනි. අතීතයේ සක්කිලි යනුවෙන් හැ`දින්වෙන රැකියාවක් මෙරට දක්නට ලැබිණි.
ඔවුන්ගේ රාජකාරිය වූයේ නගරයේ ඇති බාල්දි වැසිකිළිවල අපද්‍රව්‍ය ඉවත් කරමින් සෝදා පවිත‍්‍ර කිරීමයි. එදා සක්කිලි ලෙස සේවයේ යෙදී සිටියේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ද්‍රවිඪ කම්කරුවන් පිරිසකි. බි‍්‍රතාන්‍ය යුගයේ මැද භාගයේ දී මෙරට කි‍්‍රයාත්මක වූ බාල්දි වැසිකිළි ක‍්‍රමය ගාල්ල, කොළඹ, මහනුවර, යාපනය වැනි ප‍්‍රධාන නගරවල දක්නට ලැබිණි. මේ ක‍්‍රමයේ නෂ්ඨාවශේෂ අදට ද ගාල්ල කොටුවේ පැහැදිලිව දක්නට ලැබෙයි.
බාල්දි වැසිකිළි ක‍්‍රමය මෙරට භාවිතයට ගැනෙන්නේ 1880 වර්ෂයෙන් පසුව බව පැරණි ඉංගී‍්‍රසි පාලන වාර්තා අනුව පැහැදිලි වේ. ගාල්ල කොටුවේ එතෙක් පැවති ක‍්‍රමය වූයේ කොටුවේ ඇති භූගත කාණු පද්ධතියට වැසිකිළි අපද්‍රව්‍ය යොමුකැර තිබීමයි. මේ ක‍්‍රමය හේතුවෙන් මීයන්, කැරපොත්තන් වැනි අපිරිසිදු සතුන් බෝවන බවත් ලෙඩ රෝග පැතිරෙන බවටත් කොටුවේ පදිංචි කරුවන් කරන ලද චෝදනාවක් හේතුවෙන් බි‍්‍රතාන්‍ය රජය ගාල්ල කොටුවේ බාල්දි වැසිකිළි ක‍්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බාල්දි වැසිකිළියක් යනු වැසිකිළි වළ වෙනුවට අපද්‍රව්‍ය එකතු වීමට තරමක් විශාල බාල්දියක් තැබීමයි. සෑම දිනකම නිශ්චිත වේලාවක පැමිණෙන සක්කිලි හෙවත් වැසිකිළි කම්කරුවකු මේ බාල්දිය ඉවත්කොට අළුත් බාල්දියක් එහි තබා යයි. අනතුරුව නගරයේ ඇති වැසිකිළි අපද්‍රව්‍ය යොදන විශාල වළකට බාල්දියේ වූ අපද්‍රව්‍ය බහාලයි. ගාල්ල කොටුව විශාල කරමින් වඩාත් සංවිධානාත්මක ව ගොඩනගන ලද්දේ ලන්දේසි ජාතිකයන් විසිනි. ගාල්ලේ නරග සැළැස්ම වූයේ එකිනෙක සෘජුව විහිදෙන මාර්ග පද්ධතියකින් කොටු වූ යාබදව ගොඩනැගුණු ඕලන්ද යුගයේ නිවාස පද්ධතියක් පිහිටා තිබීමයි. මේ නිවාස පද්ධතිය මැද භූමිය හිස් ඉඩක් විවේක ස්ථාන, ළි`ද මේ හිස් භූමියේ පැවතිණි. නිවෙස්හි වැසිකිළියේ අපද්‍රව්‍ය භූගත කාණු පද්ධතියට සෘජුව යොමුකැර තිබුණෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවක් වූයේ ද නැත. බි‍්‍රතාන්‍ය යුගයේ දී බාල්දි වැසිකිළි ක‍්‍රමය හ`දුන්වාදෙන අවස්ථාවේ විශාලත ම ගැටළුව වූයේ බාල්දි රැගත් කම්කරුවන්ට නිවෙස් ඇතුළට ගොස් අපද්‍රව්‍ය රැගෙන ආපසු පැමිණීමයි. මේ ස`දහා බි‍්‍රතාන්‍යයෝ නව වීථි ක‍්‍රමයක් ස්ථාපිත කළහ. ඇතැම් ස්ථානලින් ගොඩනැගිලි බිත්ති කඩමින් හා තවත් තැනක දී හිස් අවකාශයන් භාවිතා කරමින් ඔවුහු එක් එක් ස්ථානවලින් ඇලි වීථි සැකසූහ. ඉතා පටු මාවතක් වූ මේ ඇලි වීථි සක්කිලි කම්කරුවන්ට නිවෙස් වෙත නව වැසිකිළි බාල්දියක් තබා අපද්‍රව්‍ය සහිත බාල්දිය ඉවතට රැුගෙන යාම ස`දහා ප‍්‍රමාණවත් විය. ඇතැම් කම්කරුවන් එකතුකැර ගන්නා අපද්‍රව්‍ය නියමිත ස්ථානයට ගෙනගොස් නොදමා නගරයේ තැන තැන දමා යාමෙන් ද`ඩුවම් දුන් අවස්ථා පිළිබ`දව ද බි‍්‍රතාන්‍ය යුගයේ වාර්තාවන්හි දැක්වේ. අද එවැනි කම්කරුවන් හෝ බාල්දි වැසිකිළි ක‍්‍රමයක් නැත. එසේ වුව ද බාල්දි වැසිකිළි අපද්‍රව්‍ය ගැනීමට ගොඩනැගුණු ඇලි වීථි රැුසක් තවමත් ගාල්ල කොටුවේ දක්නට ලැබෙයි. ඕලන්ද පාලන කාලයේ ගොඩනැගුණු නිවාස රැුසකින් සමන්ත ගාල්ල කොටුවේ පැරණි ගෘහ නිර්මාණ ලක්ෂණ හේතුවෙන් ම එය ලෝක උරුමයක් බවට පත්කැර ඇත. ඕලන්ද පාලනයෙන් පසු බි‍්‍රතාන්‍ය පාලනයේ දී ඇතිවූ වෙනස් කම් වෙනස් ලක්ෂණ සහිත ගෘහ නිර්මාණවලට අමතරව ඇලි වීථි සමූහයත් ගාල්ල කොටුවේ අධිරාජ්‍ය පාලන යුග දෙකක නෂ්ඨාවශේෂ නිහ`ඩව කියාපාන සාධකයන්ය. එහෙත් ගාල්ල කොටුවේ තැනින් තැන පිහිටා ඇති අක‍්‍රමවත්ව තැනූ පටු මාර්ග වැසිකිළි අපද්‍රව්‍ය ගෙන යාමට තැනූ ඇලි වීථි බව බොහෝ දෙනකු දන්නේ නැත. දැන් ඒ මාර්ගවලින් ඇතැම් ඒවා නිවෙස්වලට යාමට ප‍්‍රයෝජනයට ගන්නා අතර ඇතැම් ඇලි වීථි කැළි කසළ දමා අපිරිසිදු තත්ත්වයට පත්ව ඇත. යුරෝපීය නගර නිර්මාණයේ තවත් එක් ලක්ෂණයක් වූ ඇලි වීථි අනාගතය වෙනුවෙන් ද ආරක්ෂා කැර ගත යුතුය.
|
සමනල වියේ යොවුන් චමත්කාරය අත්වි`දින්නට සමනල තටු සේ නිමැවුණු සිහිවටනයක් ඇත්තේ ගාල්ල නගරයේ පමණි. එවැනි තැනක් ලොව කොතැනක හෝ ඇත්දැයි කිසිවෙකුත් දන්නේ නැත. කවර පුද්ගලයකුගේ සංකල්පයකට අනුව කුමන කාල වකවානුවක ඉදිකරන ලද්දක් දැයි නිශ්චිතව කිව නොහැකි ගාල්ලේ සමනල පාලම භද්‍ර යෞවනයේ පසුවන කොයි කාගේත් සිත් ගත් අපූරු ස්ථානයකි. ගාල්ල නගරය මැදින් ගලා බස්නා කැපූ ඇළේ මෝය කට අභියස සමනලයකු අත්තටු විදහාගත් අයුරින් ඉදිකැර ඇති මේ පාලම නව යොවුන් පෙම්වතුන්ගේ හා පෙම්වතියන්ගේ පාරාදීසයක් වැනිය. පෙම් බස් ෙදාඩමින් ඒ මතින් පියමැන නොගිය පෙම් යුවළක් ගාල්ලේ නොමැති තරමට ම සමනල පාලම ගාල්ලට අපූරු සිහිවටනයකි. ගාල්ල කොටුවේ ඔරලෝසු කණුව අසළ ඇති බංකුවක වාඩිවී මම සමනල පාලමට පිටුපසින් පෙනෙන හරිතවන් තුරු ගොමුවෙන් ගැවසී ගත් ධර්මපාල උද්‍යානයත් ඊට ඉහළින් මලානික වූ රක්ත වර්ණ හිරු බැස යන ආකාරයත් බලා සිටියෙමි. සමනල පාලම මතින් තරුණ යුවළක් කැපූ ඇළ තරණය කරන්නට පැමිණෙති. එතැන තල් රුප්පාවේ සෙවනැල්ල සමනල පාලමේ එක් තැනකට වැටී තිබේ. මේ පෙම් යුවළට හිරු බැස යද්දීත් නිවසට යාමට සිතක් නැත.
ගාලූ කොටුවයි සමනල පාලමයි දශක ගණනාවක් ගාලූ පෙම්වතුන්ගේ පහස නොඅඩුව ලැබූ ස්ථානයකි. ගාල්ලේ පෙම්වතුන් හා සමනල පාලම එකකට එකක් බද්ධ වෙලා තිබුණේ හරි අපූරුවට. ගාල්ල කොටුව උඩ ඉඳන් සමනල පාලම දෙස බලද්දී හරිම අමුතු හැ`ගීමක් ඇතිවීම වළක්වන්න බැහැ. ගාල්ලේ කෙනෙක් මේ හැගීම වි`ද නැත්නම් ඒ ගාලූ පුරවැසියකු ද යන්න ප‍්‍රශ්නයක්.
සමනල පාලම යැයි
අදින් වසර කිහිපයකට පෙර ගිනි අව්වේ වේළෙමින් රත්වූ කොටු පවුරේ රශ්මියෙන් පීඩා විඳිමින් නේක වර්ණ කුඩ යට පෙම් සුව විඳි තරුණ තරුණියෝ දැන් එහි නැත. තරුණයකු හෝ තරුණියක කොටුවට පිය මනින විට එහි සිටින ආරක්ෂකයෝ ඔවුහු එළවා දමති. ගාලූ කොටුවේ කාලතුවක්කු සවිකළ බැමි මත හා ආරක්ෂක මුරකුටි ඇතුළේත් විවිධ ආකාරයේ අපචාර කි‍්‍රයාවන් සිදුවන බව පවසමින් දැන් පෙම්වතුන්ට කොටුවට ඇතුළුවීම තහනම් කැර ඇත. වෙනදා සවස් කාලයේ අත්වැල් පටලවාගෙන කුඩයක් යටින් තුරුළුවී ලැසි ගමණින් යන පෙම්වතුන් අද ගාලූ කොටු පවුර මත දක්නට නැත. තරුණයකුට තමන් සිත් ගත් තරුණියක හා මොහොතක් සතුටු සාමීචියේ යෙදෙන්නට හෝ තිබූ කොටුව අද ඔවුන්ගෙන් දුරස්වී තිබේ. කොටුවේ තුරුළුවී සිටියහොත් නවතින්නට වෙන්නේ පොලීසියේය. ධර්මපාල උද්‍යානයට පෙම්වතුන්ට ඇතුළුවීමට ඉඩ ඇතත් ඒ බොහෝ නීති හා රෙගුලාසි මධ්‍යයේය. මම කොටුව මතටවී බලා සිටියෙමි. ධර්මපාල උද්‍යානයෙන් පැමිණ සමනල පාලම මතට පැමිණි යුවළ එකිනෙකාට වඩාත් සමීප වූහ. එකෙනෙහිම නැගී ආවේ විසිල් හ`ඩකි. ධර්මපාල උද්‍යානයේ කෙළවරටවී මේ යුවළ දෙස බලා සිටි ආරක්ෂකයෙක් ඔවුන් දෙදෙනාට එතැනින් ඉවත්ව යන ලෙස ගෝරනාඩු කරයි.
කොටු පවුර මත සිටින මට මේ යුවතියගේත් තරුණයාගේත් මුහුණු පැහැදිලිව පෙනෙන්නේ නැත. නමුත් ඔවුන් දැඩි අසරණ බවට පත්ව සිටින බව ඈත සිට වුව ද තේරුම් ගැනීම අපහසු නැත. නව යොවුන් වියේ සගවාගත නොහැකි වූ පේ‍්‍රමණීය හැ`ගීම් තවත් මිනිසකුගේ අණට කීකරුව සමනල පාලම මත බොඳවී යනු මම බලා සිටියෙමි. මා අසලට තවත් ආගන්තුකයෙක් පැමිණ ඇත. ‘‘මම මේ ගාල්ලේ පාසලක ගුරුවරයෙක්. අපිත් ඔය කාලේ ගත කළා. ඒ දවස්වල මම යාළුවෙලා හිටපු කෙල්ල හමුවෙන්නේ සතියකට වතාවක් සමනල පාලම උඩදී. අපිට කවදාවත් ඔතැන අමතක කරන්න බැහැ. අපි දෙන්නා ලියපු හැම ලියුමක ම සමනල පාලම ගැන එක වාක්‍යයක් හරි තිබුණා. ලියුම් සිය ගණනක් ලියුවා. නිසදැස් ලියුවා. අපේ සුන්දර මතකය ස`ගවාගත්තු සමනල පාලම අද මේ කෙල්ලන්ට කොල්ලන්ට තහනම් කලාපයක් වෙලා තියෙන එක ගැන නම් ඇත්තටම දුකයි. ’’ ගාලූ කොටුව මත සිට සමනල පාලම දෙස බලන අවස්ථාවේ මට ඇතිවූ හැ`ගීම ඔහු තේරුම්ගත්තා විය යුතුය. ඒ ආගන්තුක වැඩිහිටියා සමනල පාලම මත පේ‍්‍රම කරන්නට තරම් වාසනාවන්තයකු වුව ද අද ගාලූ පුරයේ තරුණ තරුණියන් මෙන්ම මට ද සමනල පාලමේ පේ‍්‍රමයට හිමිකම් කියන්නට හැකි වූයේ නැත.
පෙම්වතුන් නොමැති සමනල පාලම අද අතරමංවූ හුදකලා සමනලයකු වැනිය. අතීත ගාලූ වැසියන්ට සමනල පාලම ගැන ඇත්තේ සුන්දර මතකයකි.
|

බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇත්තේ ලන්දේසීන් විසින් ප‍්‍රථම වරට රට දෙල් ගස ශී‍්‍ර ලංකාවට ගෙනවිත් සිටුවන ලද බවයි. උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සිසස් ලෙස හදුන්වන රට දෙල් ගස ඉංගී‍්‍රසි බසින් හදුන්වන්නේ බ්‍රෙඞ් ෆෲට් හෙවත් පාන් පළතුර ලෙසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ ලිපියක්. පළමුව ඔබට ප්‍රණාමය! (නි)
ගාලුපුරය කිසිදිනක මගේ මතකයෙන් ඈත් නොවේ (නි)
සෙලීනා! ඔයා? (දී)
තව ටික කාලයකින් අපට ටිකට් ගන්න වේවි කොටුව බලන්න. (නදී)
සුන්දර ගාල්ල... කවදාවත් හදවතින් දාලා යන්න බැහැ. දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි. (නි)
හොඳයි. ගාල්ලේ ඉඳලත් ගාල්ල ගැන නොදන්න දේවල් ගොඩයි. (නදී)
මම තාමත් හිතින් ඡිවත් වෙන්න්‍ෙ ගාල්ල්‍ෙ මෙම පින්තූර සහ විස්තර දැක්කහම මට හරිම දුකක් දැනෙනව.....අනේ.... මගේ ජිවිතේ අන්තිම දවසේදිවත් මට ගාල්ලෙ ඉන්න ඇත්නම් (නදී)
මේ තියෙන්නේ එදා තිබුන සමනල පාලමද? (නි)
වටිනා ලිපියක්. අපිත් ගාල්ලේ හපුගල. ගාල්ලේ ගියාම දැනෙන හැගීම වෙන කොහේවත් නැහැ . ඒ අපේ මුල් තියෙන්නේ ගාල්ලේ නිසා. මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරතොත් ලංකාදීපම තමා. (ස)
වැඩි විස්තර නොකිවුවාට මාත් ඔය කිට්ටුව තමයි. (නි)
කුඩා අවදියේ පටන් අපි හැදුනු වැඩුනු අපි ලොකු මහත් වුණ ගාල්ල අපට අමතක වේවිද? රිච්මන්ඩ් විද්‍යාලයේ පුංචි කාලයේ පටන් ඉගෙනගෙන අද සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියත් අපගේ සිත්සතන් තවමත් ගාල්ලේ සුන්දර මතක සටහන් සමග මුසුව ඇත. සුන්දර ගාලු පුරයට අපගේ සිරස නමා ආචාර කරමු! (නි)
මම ගාල්ලේ ඉපදුනත් හැදුනේ වැඩුනේ කොළඹ. පහසුකම් අතින් කොළඹ අංක 1... (නි)
අතුල නිකන් පොඩි ළමයෙක් වගේනේ. (ස)
මේ නගරය ඉතාම පිරිසිදුව සැලසුම් සහගතව නිර්මාණය කරගත්තා නම් ලෝකයේ තියන සුන්දරම නගරයක්. කෙසේ වනම් දෝ ගාලූ සිරී වනම් දෝ...(ස)
අනගි ලිපියක් (දී)
ගාල්ලේ ඉපදිච්ච අපිට ලොකු ආඩම්බරයක්. ගාල්ලට මම ගොඩක් අාදරෙයි. (නදී)
අපගේ සිත්සතන් තවමත් ගාල්ලේ සුන්දර මතක සටහන් සමග මුසුව ඇත (ස)
ගාල්ලේ ...සුන්දර ..ගාල්ල ... කවදාවත් හදවතින් දාල යන්න බැහැ. (ස)
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි.... (නි)
යන්න හිත තිබුනත් දැන් සීමා දාල නිසා යන්න හිත දෙන්නේ නැහැ. නැත්තම් ගොඩක් කැමතියි.(නදී)
සමනල පාළම සුන්දර වන්නේ සමනල සිත් ඇති යෞවුන් ආදරවන්තයන් එහි ගැවසෙන විටයි. නැතිනම් නිකම් යකඩ පාළමකට නොවේ. යමෙකුට යොවුන් ආදරවන්තයින් දැක්කකම කේන්ති ගියත් හොඳින් ආදරය කරපු අයෙකුට එහෙම වේ යැයි සිතිය නොහැකිවේ. තවද , අද සෑම කටයුත්තක්ම පසුපස වානිජ කරණය ගොනුවෙලා... ඒ නම් අද ගාල්ල නගරයේ සෑම වීදියකම ලැගුම්හල් පවත්වාගෙන යයි. ප්‍රදේශයේ බලවතුන් ඇතුළු සැම ආශිර්වාද මධ්‍යයේ පවත්වාගෙන යන මෙම ලැගුම්හල් සඳහා හොඳ ප්‍රධාන සැපයුම් මගකි සමනල පාළම අවටින් හා ...තැන්වලින් ආදරවන්තයින් පැන්නීම. මෙය හොඳින් ඉහත විස්තරය බලන විට නොපෙනෙන කොටසයි. එම තැන්වල පිරිවැටුම ඉහළට ගන්නට සැකසුන් ක්‍රමවේදයකි... ඉතින් අද ගාල්ලේ ආදරවන්තයින්ට කියන්නේ කෙලින්ම කාමර තුළ පදමට ආදරය කරපල්ලා.... ඔවුන්ට ස්වභාව සෞන්දර්යාත්මකව මතුවන සැබෑ යොවුන් ආදරයෙන් ඉවත්වන ලෙසයි.....වත්මන් ලෝකය සැකසෙන්නේ මෙලෙසයි. ඉන් කිියවෙන්නේ ඔවුන් වාණිජ ආදරවන්තයින් කරන එකයි. අද සෑම දෙයක්ම සල්ලි මතට තල්ලුවන අවස්ථාවක නතර කර නොහැකි කුරිරු කමක අප පැටලිලා.... ඉතින් යකඩ සමනල පාළම ලස්සන වේද?...(නදී)
අපි මාතර හිටියට ප්‍රේම කරන්න ආවේ ගාල්ලට.සමනල පාලමත් එක්ක සුන්දර මතකයන් මටත් තියෙනවා. ඒවා මතක් කර ගන්න මේ ලිපිය හේතු වුනා. ස්තූතියි. (ස)
දුර රටක හිටියත් ගාලු නගරය අපි හඳුනනවා. මිනුවන්ගොඩ හන්දිය කොහොම අමතක කරන්නද. ලිපියට බොහොම ස්තුතියි.(නදී)
ගාල්ල තමා ලංකාවේ විතරක් නෙවෙයි අසියාවෙත් තියෙන ලස්සනම නගරය. ඒත් නගරය දියුණු කිරීමට කිසිම බලධාරියෙක් උනන්දු වෙන්නේ නෑ (දිල්)
අනේ අපේ ගමට ලන්දේසි පෘතුගීසි ආවා කියපුවහම දුකක් හිතෙනවා. ඒ කාලේ එයාලව එලවන්න කවුරුත් හිටියේ නැද්ද? කොහොම උනත් මම ගමට ආදරෙයි. (ස)
සෙලීනා, සුදත්, බලාගෙන... ප්‍රථම ප්‍රේමය සංසාරයේ ගැළවිල්ලක් නැති ලියැවිල්ලක්. (නි)
හුගක් හොද ලිපියක්. අපි හරි කැමති අපේ රට ගැන මේ වගේ තොරතුරු දන ගන්න. (දී)
මා ඉපදුන ගාල්ල නගරය තරම් සුන්දර නගරයක් මේ රටේ තවත් නැතිතරම්. මම ගාල්ලේ කියලා කියන එකත්, ආඩම්බරකමක් වගේම වාසනාවක්! (නි)
මගේ ප්‍රථම ප්‍රේමය මට නැති වුණේ නිදහසේ කතාකරන්න මෙතනට යන්න කතාකළ විට බැහැ කියූ නිසයි... මතක් වෙද්දී දැන් නම් දුකයි වගේ... (නි)
උපන්බිම ගැන ගොඩක් සුන්දර මතකයන් අලුත් කිරීම ගැන ගොඩාක් සතුටුයි (අ)
ගාල්ලේ ඉපදුණු අපිට මොන ලෝකෙ හිටියත් ගාල්ල අමතක කරනවා කියන්නෙ හරියට අම්මා තාත්තා අමතක කරනවා වගේ. ඒ වගේම දෙල් ගහේ දෙල් කාලත් තියෙනවා හරි රසයි. වගේම රසවත් මතකයක් තියෙනවා කොළඹ යාලුවො කට්ටියක් එක්ක කොටුවෙ ඇවිදින ගමන් දෙල් ගහ පෙන්නන ගිහින් කාඩ් එකකුත් ගහගෙන තියෙන්නෙ.(නදී)
සනත් නන්දන, ඉතාම හොඳ නිවැරදි අදහසක් ඔබ ප්‍රකාශ කර තිබෙනවා. මම එය අගය කරමි. (නි)
අපේ අතීතය මතක්කර දුන්නාට බොහොම ස්තුතියි.මමත් ගාල්ලේ ඉපිද, මහින්දෙහි උගෙන කොළඹ පදිංචි වී සිටින කෙනෙක්. දුකයි තමයි. නමුත් එහෙම නැතුවත් බැහැ. දැන් හැදෙන ළමයි අපේ කාලේ වගේ නෙමෙයි. (නි)
මොන පහසුකම් තිබුනත් මොකටද , පෝරණුවකට රිංගුවා වගේ. (නි)