අසේල රජු මරා රජරට පාලන බලය පැහැරගත් එළාර නමැති ආක‍්‍රමණිකයා (කි‍්‍ර.පූ. 205-161) උතුරේ පාලකයා වී සිටි සමයේ දකුණේ සිටි පාලකයන්ට මර්මස්ථානයක් වූයේ කටුගස්තොටත් (කඩුගත්තොට) පොල්ගොල්ලත් අතර මහවැලි ගෙඟ් වක්කලමට යාබද උතුරු ප‍්‍රදේශයයි. අද නවයාලතැන්න නමින් හඳුන්වන්නේ එම ප‍්‍රදේශයයි. එදා රුහුණු මායා පිහිටි (රජරට) යනුවෙන් ශ්‍රී ලංකාව බෙදී තිබුණු පරිපාලන මායිම්වල කේන්ද්‍රස්ථානය වූයේ කටුගස්තොට වීම නවයාලතැන්න කඳවුර පිහිටුවීමට බලපෑමේ ප‍්‍රධාන හේතුව වී ඇත. ගෙවීගිය දශකයේ නිම වූ තිස් අවුරුදු යුද්ධයේ යුධ නායකයන් මෙන්ම දුටුගැමුණු රජුගේ (කි‍්‍ර.පූ. 161-137) හා ඔහුගේ පිය රජු වන කාවන්තිස්ස රජුගේ යුධ නායකයන් ද මර්මස්ථාන හඳුනාගෙන ඒවාට රැකවරණය දී තිබුණු බවත් එදා කෙරුණ ජාතික විමුක්ති සංග‍්‍රාමයට මේ භූමිය ජය බිමක් වූ බවත් අනාගත දේශපේ‍්‍රමී පරපුරට හඳුන්වාදීමේ අරමුණින් මේ ලිපිය ලියමි.
|
තලගුණා වෙහෙර |
ශ්‍රී ලංකාවේ වංශකතාව ලියූ භික්‍ෂූන් වහන්සේලා එම යුගයේ ජාතික වගකීමක් ඇති රහසිගත ස්ථාන සහ සැපයුම් මාර්ග පිළිබඳ තොරතුරු තම ලිපිවලට ඇතුළත් නොකළේ රහස්‍ය භාවය සැබවින්ම රැක ගත යුතු නිසාය. නවීන යුද තාක්‍ෂණයත් වර්තමානයේ ඉදිවන මහා මාර්ගත් අනුව එදා මර්මස්ථාන අද යුගයට අදාල වන්නේ නැත. එම හේතු නිසා දුටුගැමුණු රජුගේ පියාණන් රට මධ්‍යයේ ඉදිකළ මෙම සැපයුම් කඳවුර පිළිබඳ තොරතුරු සෙල්ලිපි ආදී ලිපිලේඛන වලින් සොයා ගැනීම අපහසු බැවින් එවැනි කඳවුරක් නොතිබුණා යැයි බැහැර කිරීමට ගියහොත් ඓතිහාසික සත්‍යයක් සදාකාලිකව වැසීයාමට පුළුවන. ජන ශ‍්‍රෑතියේ එන තොරතුරු හා වෙනත් ඓතිහාසික සාධකත් පරිසරික සාධකත් ගලපා එළඹෙන නිගමනවලින් ඉහත සත්‍ය ඔප්පු කිරීමට පුළුවන.
එදා රහස්‍ය භූමියක්ව පැවති නවයාලතැන්න දුම්බර මිටියාවතට අයත් බිම් කඩකි. අංක 54 දරන: 150,000 මහනුවර මෙට්ටි‍්‍රක් සිතියමට අනුව ප‍්‍රදේශය හඳුනා ගැනීම පහසුය. දුම්බර යන්නේ තේරුම දුමින් බර වූ එනම් දුමින් වැසී ගිය භූමිය යනුයි. වර්තමාන යුගයට වඩා අතීතයේ අවුරුද්දේ වැඩි දින ගණනක් මීදුමින් වැසී තිබුණ ප‍්‍රදේශයක් වූ බවට සැක නැත. වර්තමාන යුගයේ පවා මහවැලි නිම්නය මීදුමින් බර වී පවතින අවස්ථා ඇත. දේශගුණික වශයෙන් කඳුරට තෙත් හා කඳුරට වියළි කලාප වෙන් කෙරෙන මායිමේ පිහිටි බිමකි. ඒ අනුව යෙදෙන නමේ අර්ථයෙන්ම වැසීගිය භූමියක්ම එදා හෙළයින් මේ රහසිගත කඳවුරු ඉදිකිරීමට තෝරාගෙන ඇත.
ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයට අනුව යාලඅත්ත යනු මඩුව වැනි අර්ථයක් ගෙන දෙන වචනයකි. නවයාලතැන්න යන්නෙහි අර්ථය සාලතු නවයක් ඉදිකළ තැනි බිමක්ය යන්න ජනශ‍්‍රැතියේ සඳහන්ය. කඩුගත්තොට සිට පොල්ගොල්ල දක්වා අතර භූමියේ යුද්ධ කඳවුරු 9ක් ඉදිකර ඇත. මාගම්පුර රාජධානියේ සිට උතුර බලා ඇදී ආ මහා යුද්ධ සේනා මලය රටේ ගිරිදුර්ග මගහරවා ගනිමින් වෙරළබඩ තැන්නෙන්ම ගමන් ගත්තත් ඒ හමුදාවලට අවශ්‍ය සැපයුම් මාර්ග වල රහස්‍යභාවය සඳහා ඒවා වැටුනේ මලය රට හරහාය. මේ සඳහා මහවැලි ගංගාව යොදාගෙන ඇත. ගංගාව සමනොළ අඩවියේ සිට උතුර බලා ඇදී ගියත් නවයාලතැන්නේ දී ඇති කරන වක්කලමෙන් ගංගාව නැවත දකුණු දෙසට ගමන් කරයි. උතුරට ගමන් කරන සැපයුම් සේවා නැවත දකුණට හැරීම ප‍්‍රඥාගෝචර නොවේ. එබැවින් විවේකයත් ගබඩා පහසුවටත් යන දෙකටම ඉතා යෝග්‍ය ස්ථානය වූයේ නවයාලතැන්නය.
මේ යුගයේ කෙරුණ විදේශ වෙළෙඳාමේ දී අවි ආයුධ විකිණීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානය වශයෙන් පැවැති කටුගස්තොටින් අවශ්‍ය යුද උපකරණ ලබා ගැනීමේ පහසුවත් ඒවා ගබඩාකර යුද්ධ භූමියට සැපයීමේ පහසුවත් පැවතීම කඳවුර ඉදිකිරීමට බලපෑ තවත් සාධකයකි. දීඝවාපියේ සිට මිනිපේ හරහා ගෙන ආ ධාන්‍ය ගබඩා කිරීමටත් හොඳම හා ආරක්‍ෂිත මධ්‍යස්ථානය වූයේ මෙම කඳවුරුයි. රාජාඥාවෙන් දකුණු ප‍්‍රදේශ හැර දා පැමිණි ගිලනුන්, ළදරුවන්, මව්වරුන්, පූජ්‍ය පක්‍ෂය හා මහළු පිරිස්වලට රැුකවරණය විවේකය ලබාදීමට ඉදිකළා. වූ කඳවුරු වූයේ ද මෙයයි.
අතීතයේ ඉතා දක්‍ෂ දුනුවායන් දුම්බර ප‍්‍රදේශයේ වේඩුරුව ගම්මානයේ වාසය කළ බව පුරා විද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිපාණන්ගේ ප‍්‍රකාශන වල සඳහන් වේ. යුධ අභ්‍යාසවල දී එම ශිල්පීන්ගේ සහාය ලබා ගැනීමට හොඳම ප‍්‍රදේශය වූයේ ද නවයාලතැන්නය. ජනශ‍්‍රැතියට අනුව ගෝඨයිම්බර යෝධයාගේ ප‍්‍රධානත්වයෙන් මෙහි දී හේවායින් යුද්ධ පුහුණුව ලබා ඇත.
යුද්ධයක දී විවිධ සේවා අවශ්‍ය වන බැවින් ඉදිකිරීම් කටයුතු කළා වූ විවිධ ශිල්ප ශ්‍රේණිවල පිරිස්වලට ද මෙහි රැුකවරණය ලැබී ඇත. වෛද්‍යවරුන්ට අවශ්‍ය රැුකවරණ දුන් කඳවුර වූ බැවින් වෛද්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ද මේ කඳවුර පවත්වාගෙන ගොස් ඇත. ගැමුණු කුමරුගේ මව වූ විහාර මහාදේවිය පවා කඳවුර අධීක්‍ෂණයට පැමිණි බව ජනශ‍්‍රැතියේ සඳහන් වේ. තමාගේ ඥාතිවර උත්තිය, කුමරුගේ සැපදුක් බලා වටපුළුව දෙසින් වේඬුරුවට එතුමිය පැමිණි විට වෙඬරුවේ දේශහිතෛෂීන් වෙඬරු ඔරුවක් පරිත්‍යාග කර ඇත. එබැවින් ඒ ගම වේඬරුව නමින් ප‍්‍රසිද්ධ විය.
ඉතිහාසඥයන්ගේ පිළිගැනීම වන්නේ ගැමුණු රජු තම යුද්ධ හමුදා සඳහා විශාල තූර්ය වාදක කණ්ඩායම් ප‍්‍රමාණයක් ගෙන ගිය බවකි. එම තූර්ය වාදක කණ්ඩායම් රඳවා තබා ගැනීමට ද මේ කඳවුර උදව් වී ඇත. ගිලන් වූ සොල්දාදුවන්ට (හදිසි අනතුරු නිසා) රෝහලක් වශයෙන් ද පවත්වාගෙන ගොස් ඇත.
එළාර - දුටුගැමුණු සටන ජාතික විමුක්ති සංග‍්‍රාමයක් වූ බැවින් දීර්ඝ කාලයක් වුව ද එළාරගේ හමුදා සමඟ සටන් කිරීමට දකුණෙන් ජනතාව පැමිණියේ පවුල් පිටින්ය. ඒ පැමිණි ජනතාව නිසා මලය රටේ මෙම කඳවුර වටා තාවකාලික ජනාවාස ඇති විය. ඒ ජනතාවගේ සහයෙන් කඳවුර වටා හේන් එලිපෙහෙළි වී ඇත. එම හේන් අතරින් අද පවා හඳුනා ගැනීමට ඇති හේන් දෙක උඩතල හේන සහ පල්ලේතල හේනයි අද උඩතලවින්න හා පල්ලේතලවින්න වශයෙන් එදා තල වගා කළ හේන් දෙක ජනවහරට පැමිණ ඇත. වින්න යන්න ‘‘හේන්’’ යන වචනයෙන් බිඳීගිය වචනයකි. (හේන, හීන්න වී වින්න බවට පත් වී ඇත) කඳවුර අවට පොල් වගාව ද කෙරී ඇත. එම ගම්මාන පොල්ගොල්ල හා උයන්වත්ත වශයෙන් ජනවහරට එකතු වී ඇත.
කාවන්තිස්ස රජකළ රෝහණයත් එළාර රජකළ පිහිටි රට වෙන්කළ මායිම වූයේ මහාවාලූකා නදියයි. යථෝක්ත කඳවුර මහවැලි ගෙඟන් උතුරේ පිහිටි රටේ ඉදිකිරීමට තරම් කාවන්තිස්ස රජු බලසම්පන්න වී ඇත. කාවන්තිස්ස රජු යක්‍ෂ ගෝති‍්‍රක සම්භවයක් ඇත්තෙකු වෙයි. ඔහුට මලය රටේ දුම්බර ලක්ගල කඳු ආශ‍්‍රිතව වාසය කළ යක්‍ෂ ගෝත‍්‍රික ඥාතීන්ගේ සහය ලැබී ඇත. මලය රටේ වන දුර්ගයන්ගෙන් ද, උතුරින් බලකඩුව දුර්ගයෙන් ද, කාරනදිය මගින් ජල දුර්ගයකින් ද, නැගෙනහිරින් දුම්බර කඳුවැටියෙන් ද, බටහිරින් ගලගෙදර දුර්ගයෙන් ද, ස්වභාවික රැුකවරණ දීමට සමත් වී ඇත. ජනවහරට අනුව සොල්දාදුවන්ට අවි ආයුධ හා සාමාන්‍ය ජනයා සඳහා ගොවි උපකරණ සෑදීම හා අලූත්වැඩියා සඳහා කඳවුරට ආසන්නව මහා කර්මාන්ත ශාලාවක් පැවත ඇත.
ඒ කම්හල් පැවති ඉඩම පසුකාලයක කම්මලේ වත්ත ලෙස ජනවහරට එක් වී කාලයාගේ ඇවෑමෙන් හඳුනාගැනීමට පවා නොහැකි ස්ථානයක් බවට පත් වී ඇත. කඳවුරේ හේවායින්ට අධ්‍යාත්මික සුවය ලබා දීමට ඉදි කළා වූ විහාර භූමියත් උතුරේ යුද්ධය සඳහා භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදාගත් සැපයුම් මාර්ග අද වන විටත් හඳුනාගැනීමට පුළුවනි.
තලගුණා වෙහෙර
යුධ බිමට යෑමට සිටි හේවායන්ගේ මානසික සුවය සඳහා කඳවුරේ උතුරු දෙසින් පූජනීය ස්ථානයක් ඉදිකර ඇත. ශ්‍රී ලංකාවේ 1: 10,000 මෙටි‍්‍රක් සිතියම්වල අංක 54/14 දරන සිතියමේ පල්ලේතලවින්න, උඩගම්මැද්ද උඩතලවින්න මඩිගේ හා උඩතලවින්න මෙගොඩ ගම්මැද්ද යන ග‍්‍රාමසේවක වසම්වලින් මැදිව මෙම ස්ථානය පිහිටා ඇත. එකී ස්ථානය ගැන පුරාවෘත්ත රාශියකි.
කඳවුරට ‘තල’ නමැති ධාන්‍ය සැපයූ තලහේන් දෙක මගින් ලබාදුන්නා වූ ‘තල’ වලට කෘතගුණ පලකිරීමට මේ ස්ථානයේ ‘තලගුණා’ වෙහෙර නමින් චෛතයක් ගැමුණු රජුගේ අණින් ඉදිකර ඇත. කතුවරයා අඥාත මහනුවර යුගයේ සන්දේශ කාව්‍යයක ශේෂව පැවති පත් ඉරුවකින් උපුටා ගත් කාව්‍යයක මෙසේ දැක්වේ.
වනසනා විලස බලසෙන් සතුරන්නේ
යන දිනා ගැමුණු සෙනඟක් සමගින්නේ
නැවතුනා තැනක ලකුණකට කර දුන්නේ
තලගුණා වෙහෙර ගලබල තලවින්නේ
වෙහෙර පිහිටි ගල වේරගල නමින් අද ජනවහරට පැමිණ ඇත. මෙම ගල්තලාවේ අතීතයේ ගොඩනැගිලි පැවති බවට ද ලෙන් විහාරයක් පැවති බවට ද සලකුණු ඇත. එහි වටාපතක සහ සිරිපතුලක ලාංඡුනය කොටා ඇත. අනුරාධපුර යුගයේ සිරිපා වන්දනාව බහුලව පැවති බවට ඓතිහාසික තොරතරුැ ඇති නිසා මෙම චෙත්‍යය ගැමුණු යුගයේ ඉදි වූ පූජනීය ස්ථානයක් බවට එය හොඳම සාක්‍ෂියකි. කාවන්තිස්ස රජුගේ යුගයේ අම්බස්තලය හෙවත් මිහින්තලය එළාරයේ පාලනය යටතේ පැවති බැවින් අඹතලා භූමියක සිරි මවා පෑමට මෙම ස්ථානයේ අඹගස් වගාකර ඇත. අද පවා පැරණි අඹගස් දැකීමට ඇත.
අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වභාවික ආපදාවන්ට ගොදුරු වූ චෛත්‍ය මහනුවර යුගය වනවිට තුඹසක ස්වරූපයට පත්ව තිබූ බව ජනශ‍්‍රැතියේ දැක්වේ ඉංග‍්‍රීසි පාලනයේ මුල් සමයේ ප‍්‍රදේශයේ ප‍්‍රභූන් පිරිසක් උඩතලවින්න විහාරස්ථානයේ වැඩ විසූ නාරද නැමති ස්වාමීන් වහන්සේ කෙනකුගේ මග පෙන්වීමෙන් චෛත්‍ය අලූත්වැඩියා කර ඇත. ඒ ආසන්න කාලයක දී නැවතත් ගරා වැටීමකට ලක් වූ චෛත්‍යයේ ගල් කුට්ටියක් අසල්වැසියකු තම නිවසේ අවශ්‍යතාවකට ගෙනගොස් ඇත. නැවත ඔහු උමතුවෙන් එය චෛත්‍ය අසලටම ගෙනත් දැමූ බව ද ජනශ‍්‍රැතියේ සඳහන් වේ. මින්පසුව කලක් ගත වනතුරු කිසිවකු චෛත්‍ය ප‍්‍රතිසංස්කරණයකටවත් ඉදිරිපත් වී නැත.
1980 දශකයේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ රජය කාලයේ චෛත්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැනීම් වලට භාජනය විය. එයින් ලැබුණ රන්පිළිම ඇතුළු පූජනීය භාණ්ඩ රාශියක් පුරාවිද්‍යා අංශයට භාරදුන් බව එදා ජාතික පුවත්පත් වලින් අනාවරණය කර තිබුණි. එම කටයුතු සිදු වී ටික කලකින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවයත් සමඟ චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ද ප‍්‍රමාද විය. පසුව බලයට පත් ඞී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ පාලන කාලයේ චෛත්‍යයේ වැඩකටයුතු නිමාවෙන් පසුව ඇති තත්ත්වය මෙම ඡුායාරූපයෙන් දැක්වේ.
මුුහුදු මට්ටමේ සිට මීටර් 535ක් උසින් යුත් ස්ථානයක් කඳවුරට අදාළ ආරක්‍ෂාව සැපයීමේ බැලූන්ගල වශයෙන් යොදා ඇත. එම ස්ථානය බලනගල වශයෙන් ජනවහරට පැමිණ ඇත. (මහවැලි නිම්නයේ සිට අඩි 300ක් පමණ උස කන්දකි) ගල මුදුනේ සිට බලන විට කිලෝමීටර 5ක අරයකින් යුක්ත වටරවුමක් නැරඹීමට පුළුවනි.
කඳවුරේ සිට යුද්ධ භූමිය කරා වැටුන සැපයුම් මාර්ගය රවන්ඔය හෙවත් රාවණාඔය ඉවුර දිගේ උතුරු දෙසට වැටී වත්තේගමත් රයිතලාවෙලත් පසුකර සුදු ගංගා නිම්නයේ ඉවුරට වැටී කාරනදිය ඉවුර දිගේ උතුරට විහිදී ඇත.
30 අවුරුදු යුද්ධයේදී ද මෙවැනි මර්මස්ථානයක් හඳුනා ගැනීමට තිබුණි. එය යාන් ඔය ද්‍රෝණියේ වැලිඔය කඳවුරයි. උතුරු හා නැගෙනහිර පළාත් වෙන් කරන එම භූමිය එදා සතුරා සතුවූවා නම් සතුරාගේ ජය භූමිය වෙනවා වාගේම රජය සතුවීමෙන් ජාතියේ ජයබිම වූ බව එළාර - දුටුගැමුණු සටනින් ද තහවුරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි වීරසේකර මහතාට මෙම දැනුවත් කිරීමට. අනාගත පරපුරට ඉතා වැදගත් ලිපියක්.(නදී)
මෙම වටිනා ලිපි ඇතුළත් කර අනාගත පරපුරට කියැවීමට පොත් පිංචක් එළිදක්වනවා නම් ඉතා අගය කොට සළකමි. (නි)
අපේ ඉතිහාසයේ සත්‍ය තොරතුරු, සාධක සහිතව මෙවැනි අගනා ලිපි රැසක් ලංකාදීප අපේ උරුමය පිටුවේ කියෙව්වා. අපේ දරුවන්ටත් දැනගත හැකිවන සේ අපේ ඉතිහාසය යළි ලිවීමට මේ තොරතුරු රුකුලක් වේවා! (නි)
ඉතාමත් හොද ලිපියක් තවත් ලියන්න (නදී)
ඉතාම වැදගත් ලිපියයක් මෙිවා අපේ ළමයින්ට කියවන්නට සළස්වන්නට හැකිනම් මෙහි වටිනාකම තවත් වැඩි වෙනවා. ඔබ ඔබෙි වගකීම ඉටු කිරීම පිළිබදව මාගේ ස්තුතිය.(නදී)
හොඳ ලිපියක් (නි)
මෙවන් ලිපි පළකරන එක කොතරම් අගනේද? (නි)
ඉතා අගනා ලිපියක් .... ජය වේවා ....(අ)
අපේ දරුවන්ට අපේ ඉතිහාසය දැනගැනීමට ඉඩ නොතබා එය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීම වැරදියි කියලා දැන්වත් තේරෙනවද? (නි)
ඉතා වැදගත් ලිපියක් (අ)
අති විශිෂ්ට ලිපියක්. අපි හැමෝම දැනුවත් වුණා. (ස)
අපි පොඩිකාලේ ඉගෙන ගත්තේ කළු සුද්දෝ ලියපු ඉතිහාසයයි. ඒවායින් කියවුනේ සමහර සිංහලයින් ද්‍රෝහියන් හැටියට හංවඩු ගහලා. එහෙත් මුඛ පරම්පරාවෙන් ආ ඉතිහාසයත් කළු සුද්දෝ ලියපු ඉතිහාසයත් යනු දෙකකි.පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් සමග කුළුපගව සිට ඔවුන් හා සටන් කල සිංහලයින්ට කෙනෙහිලි කම් කිරීම එදා සිටම පැවතුනි. "සත්‍ය ඉතිහාසය තව දුරටත් හැදෑරීමට ශක්තිය ලැබේවා"පතමි. (දී)
අඳුරේ අතගා සෙවූ මැනික ට ආලෝකය දී අපට දෘෂ්‍යමාන කළාට ඔබට ගොඩක් පින්. මම අත්තනගොඩ කලන නවරත්න.(අ)
මෙම ප්‍රදේශයෙන් මහනුවර යුගයට පෙර යුගවලට අයත් යමක් ලැබී තිබෙනවද? මහනුවර යුදයේදී මේ අවට බොහෝ යුද්ධ සිදු විය. (අ)
අදුරේ අතගා සෙවූ මැණික ට ආලෝකය දී අපට දෘශ්‍යමාන කලට ඔබට ගොඩක් පින් (නදී)
ජය වේවා. මෙවන් ලිපි තව දකින්න ආසයි. (නදී)
බොහොම ස්තුතියි වීරසේකර මහතාට, මෙම දැනුවත් කිරීමට. අනාගත පරපුරට ඉතා වැදගත් ලිපියක්. (නි)
අපි නොදන්නා දේවල් කියා දුන්නට පින් (දී)
කාලීන වැදගත් නිර්මාණයකි. (නි)
වැදගත් ලිපියක්. ස්තුතියි.(නදී)
වැදගත් වගේම රසවත් ලිපියක් පළ කළ ඔබලා සියලු දෙනාට මාගේ ප්‍රණාමය.(නදී)
ලිපියට බොහෝ ස්තුතියි ! (ස)
පොත පතින් උගන්වන්නේ නැති දේවල්, නුතන පරම්පරාවට දැනුමක් ලබාදීම ගැන කතෘ මණ්ඩලයට නොවක් තුති ! (නදී)
පොත පතින් උගන්වන්නේ නැති දේවල්, නුතන පරම්පරාවට දැනුමක් ලබාදීම ගැන කතෘ මණ්ඩලයට නොවක් තුති ! (නදී)
ඔබ තුමාගේ ලිපියෙන් ඉතා රසවත් සහ වටිනා අතීත තොරතුරු රැසක් ඉගෙන ගතිමි. ලංකාවේ අතීත තොරතුරු පාසලේ ඉගැන්වීම නතර කර තිබුණු යුගයක් වූ බැවින් මෙවැනි ලිපි වලින් වත් අපේ දරුවනට අපේ අතීත ශ්‍රී විභූතිය හඳුනා ගැනීමට අවස්ථාවක් සැලැස්වීම මහඟු සේවාවකි. ඔබ තුමාට ස්තුතියි. (අ)
විශිෂ්ට සිදුවීමක්. (ස)
ගොඩක් වටිනා ලිපියක් හැමෝටම වැදගත් වෙන ලිපියක් මේ වගේ ලිපි ඉදිපත් කරන ඔබට ගොඩාක් පින් (ස)
ඉතා වැදගත් ලිපියක්. (ස)
ශා.. ඉතා වැදගත් ලිපියක්! ඉතා ආශාවෙන් කියෙව්වා. ස්තුතියි. (අ)
මෙම ලිපිය කියවූ මට මහත් සතුටක් ඇති වුණා ඔබ තුමාට නිරෝගී සුවය ලැබෙවා. නැවතත් මෙවැනි තොරතුරු ලියන්නට දිරිය ලැබේවා(දිල්)
හොඳ ලිපියක් (නි)
නියම වැඩක්. අද දවසට ගැළපෙන ලිපි... (නි)
මෙම ළිපිය ලියු ඔබට ගොඩක් ස්තුතියි (නදී)
මම දැනට වසර 27 පමණ පදිංචි වෙලා ඉන්නේ බලනගල. නිතර දෙවේලේ කඳු මුදුනට නගිනවා. නමුත් යටගියාව දැනගෙන හිටියේ නෑ. ඔබතුමාට පින් අත්වෙනවා. (ස)
ඉතිහාසය ගැන කියවෙන ඉතාම වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි.(නදී)
ඉතිහාසයක් , සංස්කෘතියක් උගන්වනේ නැති රටක දරුවන්ට මෙවන් ලිපි ඉතාම වැදගත්. (ස)
මෙම ලිපිය සිංහල පත්තර වලට පමණක් සිමා නොකර ජාත්‍යන්තර වෙබි අඩවි හෝ ෆේස්බුක් එකට යොමු කරන්නේ නම් වටිනවා නේද. වැදගත් ලිපියකි සැමටම කියවන්න සලස්වන්න (නදී)