
යටිතළ පහසුකම් නංවාලමින්, නගර සංවර්ධනය සහ අලංකාරයත්, එම නගර දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද සංචාරක ආකර්ශනය දිනූ ස්ථාන බවට පත් කිරීමත් පාලකයන්ගේ වගකීමකි. ලොව ප්‍රසිද්ධ නගර බොහොමයක් අද ලොව අංක එකේ සංචාරක ආකර්ෂණ බවට පරිවර්තනය වී ඇත්තේ එම නිර්මාණශීලී ආකාරයට අලංකාර කර ඇති බැවිනි.
කායික සහ මානසික සුවය විඳිමින් නිදහසේ ජීවත්වීමට වැව්, පොකුණු ආදිය කේන්ද්‍රකොට ගනිමින්, අලංකරණ කටයුතු සිදු කර ඇති අයුරු දකින්න ලැබේ. වැව් පොකුණු පමණක් නොව සාගරයට මුහුණලා පිහිටි නගර බොහොමයක්, සංවර්ධනයට ලක් වී ඇත්තේ එම නගරවල සුන්දරත්වය වඩාත් කැපී පෙනෙන අයුරිනි. ඇවිදින මංතීරු, පා පැදි මංතීරුවලින් සමන්විත, එලිමහන් අවන්හල්වලින්ද පිරුණු මෙවැනි නගර බොහොමයකට බොහෝ දෙනා එක් රොක් වන්නේ සැන්දෑවේය. සැන්දෑවේ විදුලි පහන් ආලෝකයෙන් හැඩ ගැන්වෙද්දී, විඩාබර දිවිය අවසන්ව ගතටත් සිතටත් ප්‍රමෝදයක් ඇති වෙයි. යහළු යෙහෙළියන් සමග, පවුලේ ආදරණීයයන් සමග විනෝද වීමට අවස්ථාවක් ලැබේ.
ප්‍රංශයේ පැරිස් නුවර, සෙන් නදිය දෙපස කලාපය මීට හොඳ උදාහරණයකි. පැරීසිය ආදරයේ අගනගරයයි. එපමණ නොව ගෝලීය වශයෙන් චිත්‍ර කලාවට, විලාසිතාවලට, රසම රස වීදි කෑම පිරි අවන්හල්වලට පැරීසිය ප්‍රසිද්ධය. ප්‍රංශය යුරෝපා රටකි. අලංකාර නගර බොහොමයක් දකින්න ලැබෙන්නේ යුරෝපා රටවල යැයි කීවොත් එය නිවැරදිය. ජලයෙන් යටවුණු ඉතාලියේ වැනීසිය යුරෝපා රටවලින් කැපී පෙනෙන සංචාරක ආකර්ශනයකි. නගරයේ වීදි වෙනුවට ඇත්තේ දිය පහරවල් වන අතර ගමන් බිමන් යෑම බෝට්ටු ආධාරයෙනි.
යුරෝපා රටවල් අතරින් ඇවිදින මංතීරු ආදියෙන් අලංකාරයට ලක් වුණු නගර අතරින් කැපී පෙනෙන නගරයක් වන්නේ ‘බර්ගෙන්‘ ය. නගරයේ එක් කොටසක් වරායට සම්බන්ධ වෙයි. 1930 දශකයේ කුඩා ධීවර ගම්මානයක් වූ ‘බර්ගෙන්’ අද ලොව නවීන පන්නයේ නගරයක් ලෙස සැලකිය හැකිය. නෙදර්ලන්තයේ අගනුවර ලෙස සැලකෙන්නේ ඇම්ස්ටඩෑම්ය. නගරය පුරා දිය පහරවල් දකින්න ලැබෙන අතර, ඒවා වට කර ගනිමින් අලංකරණ කටයුතු සිදු කර තිබේ. නගරයේ වඩාත්ම සුන්දර වීදි රැසක් දකින්න ලැබේ. නෙදර්ලන්තයේ අල්ක්මාර් ද තවත් සුන්දර නගරයකි. සංචාරක ආකර්ශනයකි.
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සුන්දර කඳු පංතියකින් සහ සුන්දර මුහුදු තීරයකින් සමන්විත වෙයි. නගරයේ පැරණි සුන්දරත්වය ආරක්ෂා කරමින්, නවීන ක්‍රමයට එය අලංකාර කිරීමට දකුණු අප්‍රිකා රජය කටයුතු කර තිබේ. අප්‍රිකා මහද්වීපයේ සංවර්ධිත අලංකාර නගරය ලෙස ද කේප්ටවුන් සැලකිය හැකි බව විදෙස් සංචාරකයන්ගේ අදහසය. ඇමෙරිකාවේ නිව් ඕලන්ස් වරාය නගරය සංස්කෘතික වශයෙන් සහ ඓතිහාසික වශයෙන් පොහොසත්ය. නිව් ඕලන්ස් නගරයේ සුන්දරත්වය වඩාත් හොඳින් කැපී පෙනෙන්නේ රාත්‍රී කාලයටය. සුන්දර මුහුදු වෙරළ තීරයකට මුහුණලා පිහිටි ඉතාමත් අලංකාර නගරයක් ලෙස බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ හැඳින්විය හැකිය. රියෝ දි ජිනැයිරෝ උදෑසන සිට රාත්‍රිය තෙක් කාර්ය බහුල ස්ථානයකි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොහෝ දෙනාගේ ආකර්ශනය දිනා ගෙන ඇත්තේ නගරයේ ඇති ස්වභාවික සුන්දරත්වය නිසාය. නගරය සංවර්ධනය වී ඇත්තේ එම ස්වභාවික සුන්දරත්වය රැක ගනිමිනි. ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය ඇමෙරිකාවේ ප්‍රධානතම සංචාරක ආකර්ශනය දිනූ නගරයයි.
නගර අලංකාරය කිරීමේ දී එම නගරවලට පෞරාණික වටිනාකමක් ඇතිනම් ඒවා ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දී තිබේ. රාත්‍රී කාලයේ නගර ආලෝකමත් කිරීමට සූර්ය බල ශත්තිය භාවිතයට ගන්නා අයුරු මෙම නගරවලින් බොහොමයක දකින්න ලැබේ. එංගලනයේ බ්‍රයිටන් නුවර ද දෙස් විදෙස් සංචාරකයන්ගේ ආදරයට ලක්වුණු තැනකි. තේ පානය සඳහාත්, ‘සී ෆූඩ්’ සඳහාත් ප්‍රකට අවන්හල් රැසක් දකින්න ලැබේ. ඊට අමතරව නැවුම් එළවළු සහ පලතුරු ආහාරයට ගත හැකි අවන්හල් කීපයක් දබ්‍රයිටන් නුවර පිහිටා ඇත. කැනඩාවේ වැන්කුවර් නගරය අනෙක් නගර හා සැසඳීමේදී සුවිශේෂී එකකි.
සෑම කෙනකුටම අවශ්‍ය සෑම දෙයක් ම ඇති නගරයක් ලෙස වැන්කූවර් සැලකිය හැකිය. නගරයේ වනජීවීන් ආරක්ෂා කර ගනිමින්, අක්කර සීයයක භූමියකින් යුත් උද්‍යානයකි. ස්ටෑන්ලි පාක් යනුවෙන් මෙම උද්‍යානය හැඳින්වෙයි. උද්‍යානය හරහා ඇවිදින මංතීරු ඉදිකර තිබෙන අතර, ස්වභාවික සුන්දරත්වය රස විදීමට අවස්ථාවක් ඒ අනුව ලැබේ. විවිධාකාරයේ මිශ්‍ර සංස්කෘතියක් වැන්කූවර් නුවර දකින්න ලැබේ.

(*** ලුසිත ජයමාන්න
ලෝන්ලි ප්ලැනට් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියට කලින් හෙන්ඩුව අරගෙන වැඩක් වෙයිද ?ඔය රටවල් ඔක්කොම දියුණුයි .අපි වගේ නෙවෙයි .අපිට විසඳගන්න ප්‍රශ්න ගොඩක් තියනවා .ට්‍රැක් එකක ඇවිදින්න කලින්
මම නම් හරිම කැමතියි ඔය පොළොන්නරුවේ වැව වටේ ඇවිදින මන්තීරුව කෙසේ හෝ ඉදිවෙනවා නම්..., දැම්මාට පස්සේ නම් ඔය බනින කට්ටිය පවුල් පිටින් ඇවිල්ලා ඉඳීවී සති පොළ වගේ ඔතන..
පෞරාණික පරාක්‍රම සමුද්‍රයට අත නොතබනු. නූතන සිංහලයන් පෞරාණික වැවට කියන්නේ ‘‘පොළොන්නරුවේ‘‘ වැව කියලා...
එදාවේළ කන්න නැති, හිසට සෙවනක් නැති ජනතාවට පළමුව පිහිට වෙමු. ඉන්පසුව සුනඛයන්ටත්, ගවයින්ටත්, අලින්ටත්, මිනිස්සුන්ටත් ඇවිදින මංතීරු ඕනතරම් හදා කොමිස් මුදල් ලබාගත හැක.
දැන් මේ කියන්නේ, යුරෝපා රටවල් නගර අලංකාර කරගෙන ඇත්තේ, බංගලාදේශයෙන් හිඟා කාගෙන චීනෙන් ගිනිපොලියට ණය අරගෙන කියලද? ප්‍රංශයේ හැදුවේ, ගිනිපොලියට අරගෙනද? අනෙක, එක පැලැන්තියකට පමණක් අවශ්‍ය සංවර්ධනය නෙමේ ඒ රටවල සිදුවන්නේ. දැන් ඔය නෙළුම් කුලුණට මේ රටේ සියලුම පුරවැසියන්ට යා හැකිද? ණය අරගෙන කල එම ව්‍යාපෘතියෙන් ලැබෙන ආදායමක් තියනවාද? සංවර්ධනයට මුවාවී තක්කඩි පාලකයින්ගේ පොකට් එකට වැටෙන ගාන අනුව තමයි මේ සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ. එක අතකට තුන්වේල කන්න නැති බොන්න පිරිසිදු වතුර ටිකක් නැති හිඟන ජාතියකට මොන ඇවිදින මන්තීරුද? ඒ වුණාට රටේ හිඟන්නෝ රැල ජීවත් වෙන්නේ හොර තක්කඩි පාලකයින්ගේ උජාරුව හිතට අරන්, ඔහොම වෙලා මදි අයට...
ඇවිදින මංතීරුව හදන්න අලි වැටකුත් ගලවලා, දැන් අලි ගම වදිනවා. මේ වගේ අටුව කඩලා පුටුව හදන වැඩ නොකර ඉන්නවා නම් තමයි රටට, ජනතාවට හොඳ... අනික දාලා තියෙන පින්තුරේ දිහා බැලුවාම පේනවා නේද, පරාක්‍රම සමුද්‍රය වගේ ගම්බද නිස්කලංක තැනක් නොවන බව... මේවා නගර මධ්‍යයේ තියෙන වැව්... ඒකයි වෙනස, කුරුණෑගල වගේ නගර ආසන්නව ඇති වැව් පිළිසකර කර මෙවැනි පහසුකම් දෙනවා නම්, කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ...
පිස්සු තමා
අපට මේ සැම නස්පැත්තියකට මුල්වෙලා තියෙන්නේ රටට ගැලපෙන සංවර්ධන සැලැස්මක් නැතිකමයි. පිටරට යම්යම් දේවල් කොපිකරන්න ගිහින් අමාරුවේ වැටීමයි. ඒ රටවල ඇවිදින මංතීරු සාදා ඇත්තේ කිසියම් විද්‍යාත්මක ක්‍රමයකට වන අතර එයින් පරිසරයට හෝ පෞරාණික බවට හෝ සංස්කෘතියට හානියක් වී නොමැත. මෙම කරැණු සම්පූර්ණ වී තිබේනම් ඇවිදින මංතීරු හැදුවාට ජනතා විරෝධයක් නොමැත. ඒ අනුව රලපනාව තල්ලුකර එතන ඇවිදින මංතීරුවක් හදනවා කියන්නේ කරුණු අධ්‍යයනය නොකර නිකම් මෝඩකමට පිටරට දේවල් ගෙඩිය පිටින්ම කොපිකිරීමකි. ඇරත් ලංකාව වගේ දුප්පත් රටවලට ඇවිදින මංතීරු හදනවට වඩා ප්‍රමුඛතාවය දියයුතු දේවල් කොතරම් තිබෙනවද.
ඒ රටවල් මිනිස්සුන්ට කන්න දීලා තමයි ඇවිදින මංතීරු හැදුවේ. මුලින්ම මංතීරුව හදන එක නිකම් කලිසම නැතුව ටයි ඒක දානවා වගේ වැඩක්..