දරුවන් මාපියන්ට සැලකිය යුතුය. වයසට ගිය, මහලුවුණ මාපියන්ට සැලකීම පුද්ගල දියණුව පිණිස හේතුකාරණා වෙයි. මාපියන් දෙවුරේ තබාගෙන සිය ජීවිත කාලය පුරා ම උවටැන් කළත් දරුවන් වෙනුවෙන් මාපියන්ගෙන් වූ සේවයට හිලවු කළ නොහැකිය යනුවෙන් මාපියන් හා දරුවන් පිළිබඳ සබඳතාව බුදු සමයේ උගන්වනු ලබයි. දහමේ උගන්වන ඒ ඉගැන්වීම සමකාලීන සමාජ පරිසරයේ දරුවන්ගේ දෘෂ්ටියෙන් බැලීම කෙරෙහි මේ ලිපියේ අවධානය යොමුවන්නේ ගැටලුව පිළිබඳ පර්යේෂණ ඇසකින්ද බලමින්ය.

සිංහල සංස්කෘතිය අනුව අම්මා තාත්තා යනු කෙබඳු කාර්යාවලියක් විය යුත්තේද යනු බුදුසමයේ දැක්වෙන ඉගැන්වීම්වලින් උකහා ගෙන සකස් වී ඇත්තකි. බුදුදහමේ දක්වන්නේ මාපියන් තුළ සතර බ්‍රහ්ම විහරණ පැවතිය යුතු බවයි. ඒ අනුව දරුවන් හැදූ වැඩූ පුද්ගලයකු තුළ සිවි බඹ විහරණ තිබීම අත්‍යවශ්‍ය වෙයි. අම්මා යන උදාර නාමයත් තාත්තා අප්පච්චි යන උදාරකමත් යම්කිසි කෙනෙකුට ලැබෙන්නේ එකී උදාර අදහස්වලින් සමන්විත වීම හෝ සතර බ්‍රහ්ම විහරණ අනුව ජීවත් වූයේ නම් පමණි. දරුවන් ජාත කළ හැකිවීම අම්මා තාත්තා යන උදාර නාමයට උරුමකම් කීමට ප්‍රමාණවත් සාධක ලෙස සලකන්නේ නැත. තමන් ජාතක කළ දරුවන් නොමැති වුවද සිවුබඹ විහරණ පුරා තිබෙන්නේ නම් ඒ උදාර නාමයට උරුමකම් කිව හැක්කේ වෙයි.
බුදු දහමෙහි ද සිංහල සංස්කෘතියෙහි ද සිව්බඹ විහරණ සඳහා දී ඇත්තේ එතරම් ම ප්‍රශංසනීය අර්ථයකි. සිව්බඹ විහරණ සම්පූර්ණ කර නැති, දරුවන් ජාතක කළ අය හඳුන්වනු ලබන්නේ අම්මා හෝ තාත්තා හෝ යන ගරු නමින් නොව දරුවන් සිටින ගැහැනුන් හෝ දරුවන් සිටින මිනිසුන් ය කියාය. එබඳු අය අම්මා තාත්තා හෙවත් අප්පච්චි යන උදාරතර නම ලැබීමට සුදුසුකම් නොලබති. ඒ උතුම් ගුණ දරන අම්මලා ද අප්පච්චිලා ද අපේ සමාජයේ සිටිති. අපේ සමාජය සමස්ත වශයෙන් අධ්‍යයනය කරන විට ප්‍රමාණාත්මක අතින් දරුවන් සිටින ගැහැනුන් හා පිරිමින් වැඩිය. දරුවන් සිටින අම්මලා හා තාත්තලා අඩුය. දරුවකු මෙලොවට බිහි කිරිමේ කායික ශක්තිය පැවැතීම තම පිරිමිකම ලෙස ඇතැම්හු සිතති. ඒ ඔවුන්ගේ දැනුම් තේරුමේ හැටිය. නමුත් පිරිමිකම සඳහා ඒ හැකියාව තිබීම පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැත. හරි පිරිමියෙකු ලෙස පොළොවේ පය ගසා ජීවත් වීමට නම් එයට එහා ගිය මානසික ශික්ෂණයක් තිබිය යුතුමය. සිය ඔසප් චක්‍රය ක්‍රමවත් වීමත් ගර්භාෂයේ හා ඒ ආශ්‍රිත රෝගාබාධ නොමැති වීමත් දරුවකු මෙලොවට බිහි කිරිමේ හැකියාව උදාර මාතෘත්වය ලෙස ඇතැම්හු සිතති. ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණය මිස සත්‍යය නොවේ. දරුවකු පිළිසිඳ ගැනීම සඳහා අවශ්‍ය වන වැඩ කටයුතු ටික කර ගැනීම එතරම් අපහසු කාර්යයක්ද? ඒ සඳහා ගැහැනු බව පමණක් වූවද ප්‍රමාණවත් නොවන්නේද? මන්ද බුද්ධික බවින් යුතු අඟනකට ද සතාසීපාවාට වුවද එය කළ හැකි නොවන්නේද? උදාර මාතෘත්වය තුළ ඇත්තේ එයට එහා ගිය අදහසකි. මාතෘත්වය තීරණය වන්නේ එකී නායික ක්‍රියාවලියෙන්ම පමණක් නොවේ. මාතෘත්වය හා පිතෘත්වය තීරණය වන්නේ උපදින දරුවා සහ පොදු සමාජය කෙරෙහි ඒ අම්මා හෝ තාත්තා හිතන පතන ආකාරය අනුවයි.

අද අපේ සිංහල සමාජය තුළ දරුවන් සිටින ගැහැනුන් නිසා බොහෝ දරුවෝ විවිධ අවුල් ජාලවල පැටලෙති. ඇතැම්විට තමාගේ ජීවිතයද විවාහ ජීවිතයද අවුල් කර ගනී. ලේ නෑයන් අතර භේද භින්නතා ඇති වෙයි. එසේම දරුවන් සිටින පිරිමින් නිසා ද දරුවෝ බොහෝ අවස්ථාවල අවුල් වෙති. ජීවිතයද තම විවාහය ද සමාජ ජීවිතයද අපිළිවෙළ කර ගිනිති. පවුල් අවුල් වී යයි. ලේ නෑයන් අතර භේද භින්නතා ඇතිවේ. දරුවන්ගේ සීමාව සහ මාපියන්ගේ සීමාව නිවැරදිව නිර්ණය කරගැනීමට සමත් වන්නේ අම්මලා සහ අප්පච්චිලාය. තමන්ට දරුවන් සිටි පමණින්ම මාත් අම්මා අප්පච්චි කියා සිතන මිනිසුන් නිසා ම මේ අවුල සිදුවන බව පෙනේ.
එක්තරා අම්මා කෙනෙක් සිටියාය. ඇය හොඳටම මහලුය. ඇස් පෙනීම ද හොඳට ම දුර්වලය. දෑස් පෙනෙන්නේ නැති තරම්ය. ඇයගේ ශරීර දුර්වලතාව නිසා ශරීරයේ තෙල් ආදිය ගැල්වීමට එක්තරා තරුණයකු සිටියේය. ඔහු සිය කාර්යය දිනපතා මැනවින් ඉටු කරයි. ඇය ඉටු කරන ගමන් එම මහලු ස්ත්‍රියගේ ශරීර ස්වභාවය ගැන වර්ණනා කරයි. උදම් අනයි. ටික දිනක් මෙසේ කරගෙන යන විට අන්ධ මහලු වියේ පසුවන ස්ත්‍රියට තරුණයා කෙරෙහි රාගික හැඟීම් මතුවන්නට විය. දිනපතා තරුණයා ශරීරය සම්බාහනය කරන ගමන් ස්ත්‍රියගේ ශරීරයේ ස්වභාවය ගැන නිතර නිතර කියයි. එයින් උද්දාමයට පත් ස්ත්‍රීය ඒ තරුණයා සමග අඹුසැමි හැසිරීමකට ඔහුට ආරාධනා කරයි. ඔහුගේ පුතා නිවසේ සිටින නිසා එය කළ නොහැකි බව තරුණයා කියයි. අපට එකතු විය හැකි වන්නේ පුතා මැරුව හොත් පමණි. ඔබට හැකි නම් ඒ දෙය කරන්න යැයි තරුණයා කියයි. පුතා මැරීම තමාට කළ හැකි වුවත් තම දෑස අන්ධ නිසා එය කළ නොහැකි යයි ඇය කියයි. තමා එයට උදවු කරන්නම් යයි තරුණයා කියයි. දෙදෙනා මෙසේ කතිකා කරගෙන අම්මාගේ සයනයේ සිට පුතුගේ සයනය දක්වා නූලක් පුතුට නොදැනෙන සේ ඇද මෑණියන්ගේ අතට පොරවක් ද දුන්නේය. පුතුට හොඳටම නින්ද ගිය පසු එලන ලද නුලේ ආධාරයෙන් පුතු ළඟට ගොස් පොරෝ පහරදී ඔහු අද රාත්‍රියේ මරණයට පත් කරමියි ඈ ඉටා ගත්තාය. මැදියම් රැයේ ඇය එසේ ම කළාය. මුලින් කතා කරගත් පරිදි පුතු නිදා ගන්නා යහනේ ඔහු එද රෑ නිදා ගත්තේ නැත. දරකඩක් යහනේ තබා රෙද්දකින් පොරවා ඔහු තම දැස් නොපෙනන අම්මාගේ ක්‍රියාවලිය සැඟවී මැනවින් බලා සිටියේය. යහන මත හාන්සිකර තිබූ දර කොටයට පොරෝ පහර වැදුණු පසු “අම්මා ඔය මොනවා දැයි කරන්නේ”යි කියමින් සැඟවී සිටි පුතා තම මවගෙන් ප්‍රශ්න කළේය. ලැජ්ජාව ඉවසා ගත නුහුණු අම්මා ළය පැලී එතැනම මරණයට පත්වූවාය.
ඇතැම් දෙමාපියන්ගේ ඇතැම් මනෝභාවයන් නිසා අප්‍රමාණ ලෙස චිත්ත පීඩාවට ද සමාජ ගැරහුමටද පත්වන දරුවෝද සිටිති. ඒ කොපමණ අපහසුතා අත් වින්දත් ඇතැම් දරුවෝ මාපියන් කෙරෙහි මෛත්‍රීයෙන්ම බලති. එසේ නොවන අවස්ථා ද බොහෝය. හැදු වැඩූ මාපියන්ට සැලකීම දරුවකු තුළ පවතින උතුම් ගති ගුණයකි. නමුත් දරුවන් වැදු පමණින් මාපියන් නොවන නිසා විවිධ මනෝභාව වලට වසඟව කටයුතු කරන්නෝද සිටිති. තම දරුවාටත් විවාහ ජීවිතයක් තිබිය යුතු යැයි පරිත්‍යාගශීලී ව නොසිතන ඇතැම් මවක, පියෙකු තම දරුවාගේ විවාහය කඩා බිඳ දැමීමට හෝ ඔහු විපතට පත් කිරීමට ඊර්ෂාව, වෛරය ද්වේෂය වැනි මනෝභාව නිසා කටයුතු කරති. තම කිරි දරුවා ගැන හෝ නොසිතන දරුවන් වැදු අය සිටිති.
එක්තරා බිරිඳක් සිටියාය. ඇය තම සැමියා වැඩ ඇරී රාත්‍රියේ පැමිණෙන වේලාව ගැන බලා දැනගෙන ගෙදර නිදන තම දරුවන්ටත් රහසින් හොර සැමියකු සමග යහනේ වැතිරුණාය. තම සැමියා නිවසට පැමිණි පසු ඔහු සමග ද එලෙස සිට නින්දට වැටුණාය. සොර සැමියා සහ ඇය කතිකා කරගත් පරිදි ඔහු සැමියා මරණයට පත්කොට ඇයගේ ද අතපය ගැටගසා පලා ගියේ ය. එසේ කරනු ලැබුවේ දෙදෙනා පසුව එකතු වීමේ අදහසින් ය. ඒ සැලසුම ක්‍රියාත්මක කළ බිරිඳ තම සැමියා ගැනද තම දරුවන් ගැන ද නොසිතුවාය. ඇය කල්පනා කළේ එක් දෙයක් පමණි. එනම් තම මනෝභාවය කෙසේ හෝ ඉටු කර ගැනීමයි. නමුත් කළ ක්‍රියාවේ බරපතළකම අයට දැඩි ලෙස වැටහෙන්නට පටන් ගත්තේ සිද්ධි දාමය උසාවිය දක්වා ගිය පසුවය. අම්මා කිසිවකු විසින් ගැට ගසා ගොස් තිබෙන නිසා උදෑසන අවදි වූ දරුවන් ඒ ගැට ලිහන්නට හදනවිට එයට විරුද්ධ වූ ගැටවලින් බැඳී සිටි අම්මා තමා නොලිහා අසල්වාසීන්ට හා පොලිසියට මේ සිද්ධිය දැනුම් දෙන ලෙස කී බව ඒ නොදරුවෝ උසාවියේ කීහ. සියල්ල කණ පිට පෙරළෙන්නට පටන්ගත්තේ එතැන් සිටය. තම සැමියා මරා දමා තමන් ද බැඳ දමා යන්නයයි හොර සැමියාට උපදෙස් දුන් ඒ බිරිඳ ජීවිතයේ අවසන් සමයේ පැවිදි බව හොඳයයි තෝරා ගත්තාය. ජීවිතයේ හැටි එහෙමය.
බුදු දහමේ උගන්වනු ලබන්නේ තමා යමක් සැලසුම් කරන විට එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා නොව එම ක්‍රියාවේ ප්‍රතිඵලය කෙබඳු වේදැයි දෙපැත්තකින්ම කල්පනාකොට බලා එය ක්‍රියාත්මක කරන ලෙසය. එසේ කළ විට තම අදහස් ජයගන්න තිබෙන ඉඩකඩ වැඩිය.
මෙහි දැක්වූ නිදුසන් දෙක ම එක වගේය. පළමුවැන්න බණ කතාවකි. දෙවැන්න නූතනයේ ප්‍රසිද්ධියට පත් සිද්ධියකි. දෙකෙහිම සියල්ල සැලසුම් කරන්නේ අඟනුන්ය. කතා දෙකෙහි ම ඒ කාන්තාව කරන සැලසුමට ඈතින් උදවු දෙන පිරිසක්ද සිටිති.
එකම දෙය නිතර නිතර කල්පනා කරකර ඉන්නට යාම සුදුසු නැත. එසේ කල්පනා කරනු ලබන්නේ ශුභ සිතිවිල්ලක් ගැන නම් ප්‍රශ්නයක් නැත. බුදුරජාණන් වහන්සේගේ අනන්තාපරිමාණ ගුණකාය ගැන කල්පනා කරකර සිටීම බුද්ධානුස්සති භාවනාව නම් වේ. කල්පනා කරකර ඉන්නවා යන්නට ආගමික වශයෙන් භාවිත කරන වචනය වන්නේ මෙනෙහි කරනවා යන්නයි. තමා මෙනෙහි කරන්නේ තම හුස්ම ඉහළ පහළ යාම පිළිබඳව නම් එය ආනාපාන සති භාවනා නම්වේ. නමුත් තමා කල්පනා කර කර ඉන්නේ අශූභ සිතිවිල්ලක් නම් එය ක්‍රමයෙන් ගැඹුරට යන නිසා මානසිකව අහිතකර හෝමෝන වර්ග ශ්‍රාවය වන්නට පුළුවන. එසේ වනවිට එමගින් කායික මෙන්ම මානසික අක්‍රමිකතා ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවල බොහෝ විට තමා කරන්නට සැලසුම් කරන වරදේ බරපතළකම තමාට නොවැටහෙන්නට වුවද පටන් ගනී. මෙහි නිදසුන් හැටියට දැක්වූ කතා දෙක ම එබඳු ඒවාය. නරක සිතුවිල්ල සහිතව කරනු ලැබූ ක්‍රියාවෙහි විපාකය ඔවුනට ලැබිණි. එකම දෙය සිතා හිතා ඉන්නට යාම බුද්ධිමත් සිතුවිල්ලක් නොවේ. යම් ක්‍රියාවක් අකුසල ක්‍රියාවක් හෝ නරක ලෙස පොදු සමාජය අර්ථ කථනය කළත් වරද කළ තැනැත්තාගේ මනස තමා කළ වරද තමාගේ පැත්තෙන් පමණක් සිතමින් එය සාධාරණීකරණය කරයි. ලොකු ලොකු වැරදි දක්වා මනස අරගෙන යනු ලබන්නේ මෙබඳු අවර සිතුවිලි විසින්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්වභාවය සත්‍යයකි. අපිද එවැනි දෙමව්පියන්ගේ දරුවෝ වෙමු. අපේ දෙමාපියන් එකතු වී අමනුෂ්‍යයින් ලවා ඔවුන්ගේ දරුවන්ට වැඩ දෙති පියාගේ වයස 95. මවගේ වයස 80. තවමත් ඔවුන් සිතන්නේ දරුවන්ට හානි සිදු කර සේපසේ වාසය කිරීමටයි. නමුත් දරුවන් වන අපි භාග්‍යවත් බුදු හිමියන් සරණ ගිය ගිහි ස්රවකන් වෙමු. අපි කවුරුත් මෛත්‍රී සිති ඔවුන් අපි බිහිකරය, කවා පොවා හැදුවා, ඉගැන්නුවා යන දෙහි කෙලෙහි ගුණ තබා සතකාර කරන්නෙමු. මය අප වැනි අන් දරුවටත් ආදර්ශයක් වේවා. ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි. සතුරන් ලෙසින් සංසාරයේ පසුපස එන අයගෙන් ගැලවිය හැක්කේ ඒ එන මගවෙනස් කිරීමෙන් පමණි. එනම් ආර්ය අෂ්ඨන්ගිකමාර්ගය දිගේ ගොස් ගමන නිම කිරීමෙන් පමණි. සන්සාරය මෙවන්නකි. එකිනෙකාට සතුරු වුවන් විවධ වෙස් ගෙන අතර මගදී මුණ ගැසෙති. (හේ)
ප්‍රියදර්ශනී වැරදිද නැද්ද මම දන්නේ නෑ එ්ත් කාට හරි ඇගිල්ලක් දික් කරන්න කලින් තමුන් ගැන හිතනවානම් හොඳයි නේද? ජේසුස් වහන්සේ කිව්වේ වරදක් නොකරපු කෙනා පලවෙනි ගල ගහන්න කියල.....(බ)
ප්‍රියදර්ශනී, කරන කලට පව් මීරිය මි සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... ඔයාගේ වැරදි කා පිටවත් පටවන්න එපා. ඔයා පවෙන් මිදෙන්න විදියක් හොයාගන්න. (නි)
ප්‍රියදර්ශනී , ඔයා හරි. කර්මය අපි පසු පස්සේ එලවාගෙන එනවනේ. සමහර වෙලාවට අපේ සංසාරගත වයිරක්කාරයන් මවු පියෝ වෙලා එනවා, සහෝදර සහෝදරියෝ වෙලා එනවා, අඹුව වෙලා හෝ ස්වාමියා හෝ දරුවන් වෙලා එනවා . එහෙම වුනා කියලා අපි කාටවත් වෛර කරන්න හොද නැහැ.මේ බවයෙන් අපේ වෛරය ඉවර කරන්න ඕනේ.හුගක් දෙනෙක් විශ්වාස නොකරන දෙයක් තමයි අපේ මලගිය ඇත්තෝ ප්‍රේතයෝ වෙලා අපේ සිරුරට රිංගගෙන හෝ අසලින් ඉදගෙන අපිත් එක්ක තියෙන වයිරයක් පිරිමහගන්න හරි ආදරය නිසා හරි එක එක දේ කරනවා.අපේ සිත් අවුල් කරනවා. ගෙදර ප්‍රශ්න ඇතිකරනවා.අපිව සියදිවි හානි කරගන්න පොලබවනවා . විද්‍යාව නම් මේක දකින්නේ මානසික රෝගයක් විදිහට.මානසික රෝගයක් තමයි සිත් අවුල් වෙනවා කියන්නේ. මේවා බොහොම අවදානයෙන් අධ්‍යනය කරලා අවබෝධ කරගන්න ඕනේ. (හේ්)
සිතේ පිරෙන අදහස් නිසා තමයි ඔක්කොම සිද්ධවෙන්නේ. අද අපේ ජනතාවගේ හිත් පිරෙන්නේ නරක දේ වලින්. මේ පිළිබඳව පුළුල් යහපත් කතිකාවතක් අවශ්‍යයි. (නි)
මැරෙන බව ස්ථිරයි. එය මේ මොහොතේ සිට කොතරම් වෙලාවකින් සිදුවේදැයි කිව හැකි කෙනෙක් නැත. කළයුතු කුසලය /යහපත් වූ දෙය නොපමාව සිදු කරන්න (නි)
අනේ මන්දා, බය හිතෙනවා මේවා කියවනකොට. මොන හේතුවකට ජීවය ඇති වුණාද? පෘථිවිය මොකට ඇති වුණාද? මොකුත් නැතුව තිබුනා නම් මොනතරම් හොඳද? (නි)
ප්‍රියදර්ශනී ඔය පැන්නේ මල්ලෙන් එලියට, මිනිසුන් කී දෙනෙක් ඔය හින්ද දුක් විදිනවද.? කී දෙනෙක්ට ජීවිතය අහිමි වුනාද? (බ)
මමද මගේ ජිවිතේ අනන්තවත් මෙවන් මා පියන් ගේ සිද්ධීන් වලට මුහුණ දී මුළු ජීවිතේම කන පිට පෙරලගත් අයෙකි එහෙත් පූරැවෙ වාසනාවකට මෙන් ශක්තිය හිතේ තියන නිසා අද ඡීවිතේ ගොඩක් දුරට සාර්ථක කර ගත්තා. මගේ කතාවෙන් පොතක් ලියන්න පුලුවනි. (බ)
ප්‍රියාන්, අමුලික බොරුවක් මලගිය අය නොවෙයි, ජීවත්ව ඉන්න විකුර්ති කාමාසාවක් තියන ගැනියෙක් ලෝකෙම විනාශ කරනවා. (ර)
අසද මන්ත ජාතකය (කෞ)
අනියම් සම්බන්ධයකට පැටලුන මගේ බිරිඳ ඔය විදියට මාවත් මරන්න දැඟලුවා. බැරිම තැන දික්කසාද වෙලාත් අවුරුදු විසි හයක්ම මිනීමරන්න පසුපස එළවනවා. බුදු දහම නිසි සේ රැකීම නිසා මම අදටත් බේරී හොඳින් ජීවත්වෙනවා (නි)
බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයට වඩා කිසිම දෙයක් මේ ලෝකේ නැහැ (නි)
අවුරුදු 7න් අම්ම මාවයි අය්යවයි දාලා ගියා තාත්තා එයාට උවමනාවක් තිබ්බෙ නෑ අපි ගැන හොයන්න අාච්චිලා, බාප්පලා දෙන දෙයක් කාලා බැනුම් අහගෙන ජීවත් වුනේ ඒත් ඉගෙන ගෙන හොද රස්සාවක් කරන් ජීවත් වෙනවා. අම්මට එයාගෙ හේතු තියෙනවා තාත්තට එයාගෙ දර්ශනලා වගේ අදහස් තියෙන මිනිස්සුන්ට අම්මා,තාත්තා ලග නැති එකේ දුක දැනෙන්නෙ නෑ (බ)
දර්ශන, මේ ඔයා නිකන් මෝඩ කතා නොකියා ඉන්නවද? මොනවද දන්නේ? අනික කොහොමද කියන්නේ මම වැරදි කළා කියලා? නැති කරගන්න පවක් මම කරලා නැහැ. (නි)
ඇල්ම ඕනෑවට වඩා පැවතුනොත් විනාශයක් යැයි මම සිතමි. එසේම ඇල්මක් නැතිවුණොත් ලෝකයක් පවතීද? (නි)
පූජනීය පාතේගම ඤාණිස්සර හිමිසඳුනේ, බුදු සමිඳුන්ගේ සප්ත භාර්යා සුත්‍රය එළිදක්වන්න. බෞද්ධ පවුල් වලට යහපතක් වේවි. (නි)