IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අන්ධ භක්තිය තුළ අසීමිත අවදානමකුත් තිබෙනවා

 කෙනකුගේ පුද්ගලික ජීවිතයේ සහ සමාජයේ දෛනිකව ජීවත්වන විට දෛනික වශයෙන් ඔහුට හමුවන්නේ ප්‍රශ්නයි. ඒ ඒ අය ඒවාට මුහුණ දෙන විසඳන මැදිහත් වන විධි වෙනස්ය. බුද්ධිමත් මිනිසා ප්‍රශ්න ප්‍රශ්න ලෙස කල්පනා කරන්නේ නැත. ඔහු කල්පනා කරන්නේ ඒවා ප්‍රශ්න නොව ජීවිතයට අලුතෙන් පැමිණි අභියෝග ලෙසයි. හැම කෙනකුටම අභියෝගවලට මුහුණදීමට තරම් මානසික ශක්තියක් නැත. නමුත් අභියෝග ජය ගැනීමට හැම කෙනකු තුළම හැකියාවන් තිබේ. ඔහු තුළ පවතින ඒ හැකියාව ඇතැම්විට ඔහුවත් නොදන්නවා විය හැකිය. අභියෝගවලට මුහුණදීමේ සහ විසඳුම් පිළිබඳ විමසිලිමත්වීමේ ශක්තිය සඳහා පෞරුෂය යන වචනය දැක්විය හැකිය. ප්‍රශ්නවලට මුහුණදෙන්නා ප්‍රශ්නවලින්ම මිරිකී ජීවිතය දුක් කඳුළු බවට පත්කර ගනියි. අභියෝගවලට මුහුණදෙන්නා අභියෝග ජයගෙන හෝ ජයගැනීමට උත්සාහ ගෙන හෝ ජීවිතයට සතුටු කඳුළු එකතු කරයි.

 

SLD_20160612_B0121
ප්‍රශ්න සහ අභියෝග
තම ජීවිතය ඉදිරියට එන්නේ යම් යම් සිද්ධීන්ය. ඒ සිද්ධි පිළිබඳව තමා සිතන විමසන අකාරය අනුව ඒවා ප්‍රශ්න හෝ අභියෝග බවට පත්වෙයි.  එය එසේ වන්නේ තමා මුහුණදෙන සිද්ධි පිළිබඳව තමා සිතන සහ විමසන විදිහ අනුවයි. යමක් පිළිබඳව විවිධ විදිහට හිතන්නට බුද්ධිය අවශ්‍ය වේ. එසේම ජීවන අත්දැකීම් ද අවශ්‍ය වේ. බුද්ධිමතා තමාට හමුවන හැම ජීවන අත්දැකීමක්ම ජීවිතයට ලැබෙන අධ්‍යාපනයක් ලෙස සිතයි. මෝඩයා සිතන්නේ එසේ නොවේ. ඔහු තමාට ලැබෙන හැම අත්දැකීමක්ම ජීවිතය අවුල් කරගැනීම සඳහා යොදාගනියි.


ලෝකයේ කිසිවිටකත් කිසියම් දෙදෙනකු එක වගේ නොවෙයි. බැලූ බැල්මට එක වගේ පෙනුණාට ඔවුහු එක වගේ නොවෙති. කායික වශයෙන් ද මානසික වශයෙන් ද සම්පූර්ණයෙන්ම වෙනස්ය. යම් යම් අවස්ථාවල මානසික තත්ත්වය එක වගේ පෙනුණට එක වගේ නොවේ. මිනිසා දෛනිකව ලබන ජීවන අත්දැකීම හෝ සංසිද්ධි පිළිබඳව හෝ ඔහු කල්පනා කරන ආකාරය අනුව බුදු සමයේ පුද්ගල වර්ගීකරණයක් කොට තිබේ. එම වර්ගීකරණය කොටස් හයකින් යුක්තය.

 


සිද්ධි මූලික කරගෙන මිනිසා සිතන විධි
රාග චරිත - යම් සිද්ධියක් පිළිබඳව රාගිකත්වය මූලික කරගෙන ඒ පිළිබඳව විමර්ශනයේ යෙදෙන්නා, අදහස් පළ කරන්නා. 


ද්වේෂ චරිත - යම් සිද්ධියක් පිළිබඳව ද්වේෂය මූලික කරගෙන ඒ පිළිබඳව විමර්ශනයේ යෙදෙන්නා, අදහස් පළ කරන්නා.

09-pg16d--taks--pgs
මෝහ චරිත - යම් සිද්ධියක් හෝ පුද්ගලයකු හෝ පිළිබඳව කරුණු කාරණා නිවැරැදිව අඳුනා නොගෙන අනුවණ ලෙස හෙවත් පටු දෘෂ්ටියෙන් ඒ දෙස බලා සිද්ධිය ගැන හෝ පුද්ගලයා ගැන අදහස් පළ කරන්නා.


සද්ධා චරිත - යම් සිද්ධියක් හෝ පුද්ගලයකු හෝ පිළිබඳව විමර්ශනශීලීව වටහා නොගෙන සද්ධාව හෝ අන්ධ සද්ධාව මූලිකත්වයේ තබාගෙන ඒ මානසිකත්වයෙන් පුද්ගලයා හෝ සිද්ධිය පිළිබඳව හෝ අදහස් පළ කරන්නා.


බුද්ධි චරිත - යම් සිද්ධියක් හෝ පුද්ගලයෙකු පිළිබඳව නිවැරැදිවත් විමර්ශනශීලීවත් කරුණු කාරණා වටහාගෙන ඒ පිළිබඳව අදහස් පළ කරන්නා.


විතක්ක චරිත - යම් සිද්ධියක් හෝ පුද්ගලයකු හෝ පිළිබඳව විවිධ කරුණු කාරණා එකතු කරමින් තර්කානුකූල මතයෙහිම එල්බගෙන ඒ මතයම තහවුරු කරගැනීම පිණිස කරුණු ඉදිරිපත් කරන්නා. අනුන්ගේ නිවැරැදි අදහස් වුවද හෙළා දැක තම තර්කයම ඉස්මතු කරන්නා.


  සමාජයේ දෛනිකව සිදුවන සිද්ධි හා සමාජ අත්දැකීම් පිළිබඳව විවිධ විධියේ අදහස් පළ කරන්නන් සමාජයක සිටින බව මින් පෙනේ. කෙනෙකු අදහස් පළ කරන විට ඒ අදහස අසා සිටින්නා එය ගතයුත්තේ කියන්නාගේ අදහස පිළිගැනීමට වඩා ඒ පිළිබඳව කල්පනා කරන්නේ මෙසේය කියාය. ඔහු ඒ පිළිබදව එසේ සිතන විට ඒ සිද්ධිය පිළිබඳවම වෙනත් කෙනෙක් වෙනත් අදහසක් පළ කරයි. එයට හේතුව ඔහු ඒ සිද්ධිය දකින ආකාරය වෙනස් නිසාය. යමක් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුත්තේ එම නිසාය.

 


සිහිය සහ බුද්ධිය
  සිහිය යනු එකකි. බුද්ධිය යනු අනිකකි. තමා අසන දෙය හෙවත් ශ්‍රවණය කරන කරුණ ඉතා මැනැවින් අසා සිටීම හෙවත් ශ්‍රවණය කිරීම කළයුතුය. අධ්‍යාපන විද්‍යාවේ දී ද ශ්‍රවණය වැදගත්ම සංකල්පයකි. නිවැරැදිව ශ්‍රවණය කිරීමත් ශ්‍රවණය කළ දෙය බුද්ධියෙන් මෙනෙහි කිරීමත්, විමසීමත් කළයුතුය. අසවලා මෙසේ කීවා යැයි තමා වෙනත් කෙනකුට කීමට පෙර කියූ දෙය මැනැවින් අසා එය බුද්ධියෙන් මෙනෙහිකොට තිබිය යුතුය. අසන දෙය බාගෙට අසා ඉතිරිය තම අදහස්වලින් පුරවා මෙය අහවලාගේ අදහස යැයි වෙනත් කෙනෙකුට කීම බරපතළ වරදකි. ඇතැම් අය හිතන්නේ ද කල්පනා කරන්නේ ද සිද්ධිය මූලික කරගෙනය. ඇතැමුන් එසේ නොවේ. ඔවුන් කල්පනා කරන්නේ තමා මූලික කරගෙනය.


  අසවලා මට බැන්නේය. මට ගැසුවේය. මා සතු දෙය පැහැර ගත්තේය. මා විනාශ කළේය යනාදී ලෙස තමාගෙන් බාහිර අන්‍ය සමාජ ප්‍රජාව ගැන ඔබ හිතනවා නම් ඔබ සිතන එම සිතුවිල්ලෙන් තමාට සිදුවන කිසිදු යහපතක් තිබේද? ඒ වෙලාවේ හටගත් කේන්තිය නිසා එහෙම හිතුණාට එයින් තමාට හෝ පොදු සමාජයට සිදුවන යහපතක් නැති බව පසුව වැටහුණා නේද? ඉන් ඇති වන්නේ අයහපතක්. එයින් වන්නේ වෛරය තම සිත තුළ පහ නොවී ශරීරගතව ද පැතිරීමයි.

 


අසුබවාදීව කල්පනා කරන්නේ ඇයි?
යම් පුද්ගලයකු හෝ ආයතනයක් හෝ ගැන ඔබත් එහෙම දවසක් දෙකක්වත් හිතන්නට ඇති නේද? අතීතයේ යම් යම් අමිහිරි අත්දැකීම් මඳක් හාරා විමසා බැලූ විට ඒ වගේ අවස්ථා හමුවේවි. එබඳු දේවල් තවමත් හිත තුළ ඒ විදිහටම පවතිනවාද? සමහර විට වර්ධනය වෙලාත් ඇති. ඇතැම් දේ ගැන මතකයකවත් නැතුව ඇති.


අමතක වීම සහ අමතක කිරීම කියලා දෙකක් තියෙනවා. ඇතැමුන්ට අමතක වෙනවා. සමහරු අමතක කර දමනවා. මේ කොයිකත් අතර ලොකු වෙනසක් නැහැ. මේ දෙකම මනසින් හා එහි මූලිකත්වයෙන් සිදුවන දෙයක් නිසා. අධ්‍යාපන අවධියක පසුවන දරුවකුට අමතකවීම තිබේ නම් එය නරක දෙයක්, රාජකාරී කටයුතුවල යෙදී සිටින කෙනෙකුට වුවද එමඟින් රාජකාරී කටයුතු අවුල් වියවුල් කරගන්නට හේතු වෙනවා. අනවශ්‍ය විදියට කාලය අපතේ හැරීමට හේතු වන ප්‍රධානම සාධකයක් ලෙස මෙය දක්වන්න පුළුවන්. තමා යම් දෙයක් අතට ගත්විට එය කොතැනක හෝ දමා පසුව පැය ගණන් කාලය මිඩංගු කරමින් එය සොයන්නට උත්සාහ ගන්නා අත්දැකීම් ඔබට මොනතරම් තියෙනවා ද?

 


යම්ක් ගත්විට ආපසු ගත් තැනම තියන්න බැරිද?
  යම් දෙයක් තැනකින් ගත්විට එය නැවත ගත් තැනම තියන්නට හුරු පුරුද්දක් නැති බවත් මහම පාඩුවක්. අනිත් එක තමයි සිතට නිවැරැදි ලෙස දැනුම් නොදී යම් යම් කටයුතු කරන්නට යාම. එබඳු අවස්ථාවලත් අමතක වීම් එමටයි. යම් දෙයක් තැනක තබනවා නම් -මම මෙය මෙතන තබනවා” යන හැඟීම පළමුව ඇති කරගන්නට ඕනෑ. එසේ තැබූ බඩුවක් කවරදාකවත් සොයාගන්න බැරි වුණාද? නැහැ නේද? එයට හේතුවක් තියෙනවා. ඒ තමයි හිතට නිවැරැදිව යමක් දැනුම්දුනහොත් එය මතකයේ රඳවා තබාගෙන අවශ්‍ය වෙලාවට නැවත සිහි කැඳවා ලබාදීමට සිතෙහි ඉදිරිපත්වීම.


මෙහෙම කටයුතු කරන්න යන එක අමාරු වැඩක් නෙවෙයි, හැබැයි එය හිතට පුරුදු කරලා තියෙන්න ඕනි. එහෙම නැතිවුණොත් එහෙම කෙරෙන්නේ නැහැ. තමා කරන හැම ක්‍රියාවකටම වඩා ඉතා වැදගත් සාධකය තමයි සිහිය මැනවින් තබා ගැනීම. එකවර හිතට කටයුතු දෙකක් කරන්න බැහැ. හැම වෙලාවෙම කරන්නේ එක ක්‍රියාවක් පමණයි. හුරුපුරුදු කරවන තරමට ඉතා ශීඝ්‍රයෙන් ඕනෑම කටයුත්තක් කරන තරමේ හැකියාවක් තිබෙන්නේ සිතටයි. අමතක වීම වැඩිපුර සිදුවන්නේ තමන්ට අවශ්‍ය බව සිතට අවධාරණය කරන්නේ නැති වුණාම. එහෙම නැත්නම් කටයුතු දෙක තුන එකවර කරන්න ගියහම.


  මතකය මනසෙහි තැන්පත් වන රිද්මයක් තියෙන නිසා රිද්මයානුකූලවත් යම්කිසි රටාවකට මතකයට ගන්න දේවල් ඉක්මණින්ම තැන්පත් වෙනවා. විනාඩි දහයක් පමණ ගතවන විට මතකයෙන් සියයට හැත්තෑවක් අමතක වී යනවා කියලා සඳහන් වෙනවා. මතකයේ තබා ගැනීම කෙතරම් අනගි වුවද අමතකවී යාමත් යම් තරමක වටිනාකමක් තිබෙන බව පෙනෙනවා. තමා අතින් සිදුවන අයහපත් දේවල් ඉතා ඉක්මණින් අමතකවී යනවනම් හොඳයි කියලා ඔබටත් හිතිල ඇති සමහරවිට. අන්‍යයන් අතින් තමාට සිදුවන අකටයුතු පිළිබඳව මතකය නැවත නැවත අවදි කිරීමත් එතරම් සුබ දෙයක් නොවෙයි.
මතකය නැවත නැවත අවදි කිරීමත් එතරම් සුබ දෙයක් නොවෙයි.


සමාජයක් වශයෙන් හෝ ගෘහ ආශ්‍රිත පරිසරයක් ලෙසින් හෝ ගෙන බැලූ විට පැහැදිලි වන දෙයක් තමයි විවිධ අදහස් හා සංකල්ප ග්‍රහණයෙන් යුතු පිරිස් සිටින බව. පුද්ගල විවිධත්වය මැනවින් අවබෝධ කරගත යුතුය. එයට ප්‍රථම තමා කවුද? යම් ගැටලුවකට තමා ප්‍රතිචාර දක්වන්නේ කෙබඳු අකාරයෙන් ද යනාදී වශයෙන් වූ දළ හැඳින්වීමක් තමා පිළිබඳව තිබිය යුතුයි.


  ඔබ බොහෝවිට සමාජයේ අන්‍යයන් පිළිබඳව කල්පනා කරනවිට ඔවුන් විෂයෙහි අසීමිත භක්තියෙන් හිතනවා නේද? ඇතැම් විටෙක අසීමිත ප්‍රතික්ෂේප කිරීමකින් යුතුව තීරණ ගන්නවා නේද? මේ තරම් ඉක්මන් වී ඒ විදිහට කටයුතු කිරීම කරන්නට ප්‍රථම එබඳු අවස්ථාවකට තමා මුහුණදුන්නා නම් එය කරන්නේ කොහොමදැයි හිතා බලන්නට පමාවූයේ ඇයි? එම නිසාම අන්‍යයන්ගෙන් තමාට සිදුවී ඇති අකටයුතු මතකයෙන් බැහැර කර දමන්නට පුරුදු වන්න. ඔවුන්ගෙන් තමාට සිදුවී ඇති යහපත මෙනෙහි කරන්න. ඒත් ඔවුන් විෂයෙහි අසීමිත භක්තියෙන් නොබැඳෙන්න. එහෙම වුණොතින් සමාජය කෙරෙහි ඇතිවන කලකිරීම හා හිත් රිදීම් අවම වෙන හැටි දවසින් දවස තමාටම පසක් කරගත හැකි වේවි.



අදහස් (0)

අන්ධ භක්තිය තුළ අසීමිත අවදානමකුත් තිබෙනවා

අමරදාස Saturday, 06 August 2016 08:31 AM

බුදු දහම නිරීක්ෂණය තුළින් බිහි වූ දර්ශනයකි. එය ඇදහීමට නොවේ. ප්‍රායෝගිකව කළයුතු ජීවත්වීමේ කලාවකි. (නි)

:       0       0

ආදිත්‍ය Friday, 29 July 2016 10:09 AM

බුදු දහම තරම් උතුම් ආගමක් මෙලොවේ තවත් නැත. (ර)

:       0       0

කවින්ද Sunday, 14 August 2016 04:40 AM

ගොඩක් දේවල් ඉගෙනගත්තා මේ ලිපියෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 718 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site