ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්තුමන්ලා මෙන් නොව, සුවිශේෂ තැනැත්තකු බැවිනි. ෆ්රැන්සිස් පාප්තුමාණෝ පසුගිය ඉරිදා (20) පාස්කු දේව මෙහෙයට සහභාගි වී, ශාන්ත පීතර චතුරස්රයට රැස්ව සිටි ජනතාව අතරට ගියහ.