IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද කාශ්මීරයයි. කාශ්මීරය, ඉන්දියාවට, පාකිස්තානයට පමණක් නොව, චීනයට ද අයත් වෙයි. හිමාල කඳුවැටිය ඇතුළු කඳු වැටි රැසක් අයිති වන්නේ ද කාශ්මීරයටය. කාශ්මීරයේ බහුතරය මුස්ලිම්ය. 1947 දී බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූයේ ඉන්දියාව දෙකඩ කරමිනි.

එහිදී, පාකිස්තානය වෙනුවෙන් මුස්ලිම්වරුන්ට අලු‍ත් රටක් නිර්මාණය විය. ඒ අනුව, කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් අර්බුදයක් හටගත් අතර, එය  දිනෙන් දින ඔඩුදුවන්නට විය. ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී, කාශ්මීරය මුල්කර ගනිමින් ඉන්දියාවත්, පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් පවා නිර්මාණය වී ඇත. ඒ, කාශ්මීරයේ සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින්, කාශ්මීර බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කළ වෙඩි තැබීමකින්, සංචාරකයන් 25 දෙනකු මියගොස්, තවත් 17 දෙනකු තුවාල ලැබීමේ පුවතයි. එම 25 දෙනාගෙන් එක් අයකු නේපාල ජාතිකයෙකි. සෙසු පිරිස ඉන්දීය ජාතිකයන්ය.

දශක ගණනකට පසු කාශ්මීර බෙදුම්වාදීන් එල්ල කළ දරුණුම ප්‍රහාරය මෙයයි. එපමණක් නොව, ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ දරුණුම ප්‍රහාරය ද මෙයයි. සාමාන්‍යයෙන් ඉන්දු කාශ්මීරය අස්ථාවර කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයයි. ‘ලෂ්කාර් ඊ තයිබා’ සංවිධානයට, පාකිස්තාන රජය මෙන්ම පාකිස්තාන ‘අයි.එස්.’ බුද්ධි අංශයේ ද සහාය හිමිවන බවට චෝදනා එල්ල වී ඇත. ඉන්දීය බුද්ධි අංශ පමණක් නොව, ඇමෙරිකා බුද්ධි අංශ ද මේ බව තහවුරු කර ඇත. ‘ලෂ්කාර් ඊ තයිබා’ සංවිධානයේ අරමුණ වී ඇත්තේ, කාශ්මීරය ඉන්දියාවෙන් වෙන් කර ගැනීමය. කෙසේ නමුත්, පසුගිය 22 වැනිදා ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු එම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත්තේ, ‘ටී.ආර්.එෆ්.’ නමැති ත්‍රස්ත කල්ලියයි. මොවුන් දැඩි අන්තවාදී අදහස් ඇති ත්‍රස්ත කල්ලියකි.

ඉන්දු කාශ්මීරයේ පහල්ගම් නගරයේ බයිසරන් තණපිටිය, වනාන්තරයකට මායිම් වුණු සුන්දර ස්ථානයකි. පසුගිය 22 වැනිදා දහවල් වෙඩි ප්‍රහාරය එල්ල වූයේ, මෙම තණ පිට්ටනියේ සිටි සංචාරකයන් පිරිසකටය. ස්වයංක්‍රීය රයිෆල්වලින් සන්නද්ධ වූ ත්‍රස්තයන් වෙඩි තැබීම සිදු කළේ ඉහළ සිට ගස්වලට මුවාවෙමිනි. ඔවුන්ගේ ඉලක්කය වූයේ සංචාරකයන් අතරේ සිටි පිරිමින් පමණි. මෙහි වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් පසුව රෝහල්වලට රැගෙන යෑම සිදුවූයේ හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමිනි. වෙඩි තැබීම සිදුවෙද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිටියේ සෞදියේය. ඒ නිල සංචාරයකට සහභාගී වෙමිනි. මෙම පුවත සැළවුණු සැණින් මෝදි නිල සංචාරය අතරමඟ නවතා ආපසු ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා කඩිනමින් කාශ්මීරයේ ශ්‍රීනගර් බලා ගියේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමටය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ලෝක නායකයෝ සිද්ධිය ගැන කම්පා වෙමින් ඉන්දීය අගමැති මෝදිට සොව පළ කළහ. සෙසු ලෝක නායකයෝ ද එසේ කළහ. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙන්ම, ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද ප්‍රතිඥා දුන්නේ, ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවටය. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනකුගේ සිතුවම් ප්‍රසිද්ධියට පත් කිරීමට ද ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට පියවර ගෙන ඇත. එම සැකකරුවන් සහ සෙසු ‘ටී.ආර්.එෆ්.’ ත්‍රස්ත සාමාජිකයන් සොයා ඉන්දීය හමුදාව මේ වනවිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් පසු ඉන්දීය රජය, පාකිස්තානය සමඟ දේශසීමාව වසා දැමීමට තීරණය කර‌ ඇති අතර, ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, ‘සාර්ක්’ වීසා වැඩසටහන යටතේ පාකිස්තාන ජාතිකයන්ට ඉන්දියාවට යෑමට යළි ඉඩ නොදෙන බවය. එමෙන්ම එවැනි වීසා ඇතිව ඉන්දියාවේ සිටින ඕනෑම පාකිස්තාන ජාතිකයකු පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවී යා යුතු යැයි ද ඉන්දීය රජය දැනුම් දී ඇත. ඉන්දීය සංචාරයකයන් ඉලක්ක කරගනිමින් එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද කනස්සල්ල පළ කළේය. ජාතික ආරක්ෂක කමිටුව වහා කැඳවා සිදුවූයේ කුමක්දැයි සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. මියගිය අය වෙනුවෙන් සොව පළ කරමින්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද පාකිස්තාන රජය කටයුතු කළේය.

(*** ලු‍සිත ජයමාන්න - එන්.ඩී.ටීවී. ඇසුරිනි)



අදහස් (0)

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1440 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site