“එලී, එලී, ලාමා සබක්තානී”
(මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?) (මතෙව් 27/46)
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති ක්‍රියාවල යම් අවසානයක් ආරම්භ වී ඇති සෙයකි. ඒ නිසාමදෝ මහත් කළුවරකින් කපාල කඳු මුදුන අවට වැසී යාමට පටන් ගෙන තිබිණි. එතැනට පැමිණි සමුහයෙන් එකිනෙකා හීන් සීරුවේ කඳුවැටියෙන් බිමට බට ඉවත් වන සෙයක්ද දැන් පෙනේ. ක්‍රිස්තුන් වහන්සේ වූ මේ මනුෂ්‍යයා කෙරෙහි අනුකම්පා සහිත වූවන්, අනුකම්පා රහිත වූවන් එකිනෙකා ක්‍රමයෙන් ඉවත් වන්නට පටන් ගත්තේද ඉක්මනින් කළුවර වැටීම ඇති විය හැකි බව සියල්ලන්ටම දැණුනු බැවිනි. හිරු තම මුහුණ ගොම්මනට පෙර ඉක්මනින් සඟවා ගත්තේ මන්දැයි අවට සිටි වුණට නොතේරුණිද හිරුට ඒ පොළව මත සිදුවන සිද්ධි දාම වෙත තවදුරටත් බලා සිටීමට බැරි බව පෙන්නුම් කර කඩිනමින් සැඟවීමට අවශ්‍ය වී තිබිණි. විශ්වයේ ස්වාමියාණන් මරණයට පත් කරන අයුරු විශ්වය ආලෝකවත් කරන ආලෝකයාණන්ටද බලා සිටීමට බැරි ගානය. බොහෝ දිවැසිවරුන් මුල සිටම ප්‍රකාශ කර තිබුණේ මේ අනතුර පිළිබඳවය.
“දේශය පාළු කර දමා එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමනු පිණිස, සමිඳුන්ගේ ඒ දවස රෞද්‍රව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේය.
අහසේ තාරකාද, ග්‍රහ මණ්ඩලයද නොබැබළෙන්නේය. ඉර උදා වන විටම අඳුරු වන්නේය. සඳුද එළිය නොදෙන්නේය’’
(යෙසායා 13:9-10)
‘‘උන් ඉදිරියෙහි පොළව කම්පා වෙයි. අහස ගුගුරයි. ඉර හඳ අඳුරු වෙයි. තරු තවත් නොබබළයි.’’
(ජොවෙල් 2:10)
අන්ධකාරය පැතිර යාමට හේතුව කුමක් දැයි අවට සිටිය වුණට තේරුම් නොගියද සිසාරා පැවතෙන අන්ධකාරය නම් අස්වාභාවික අන්ධකාරයක් බව කල්වාරිය අවට සිටි සියල්ලන්ටම අවබෝධ වෙමින් තිබිණි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිත අවසානය පිළිබඳව, සොරුන් දෙදෙනකු මැද සරි කොට අවසන් හුස්ම පොද වා තළයට විහිද යෑම බලා සිටීමට සතුටු වූවන්ද අසතුටු වූවන්ද යන දෙකොට්ඨාසයම තමන්ගේ පා ඔසවා එතැනින් යුහුසුළුව පිටමං වන්නට පටන් ගත්තේද අස්වාභාවිකව පැතිර යමින් තිබූ ගණ අන්ධකාරය නිසාමය. දැන් ඉතිරිව සිටින්නේ ජේසු සමිඳාණන්ට ඉතාමත්ම සමීපව සිටි දෙතුන් දෙනා පමණකි. මුළු කල්වාරියම පාළු සොහොන් බිමක් වැනිය. කලින් තිබූ ඝෝෂා හඬ, බැන අඬ ගැසීම් කිසිවක් දැන් ඇසෙන්නේ නැත. හැම දෙනාම සිටින්නේ බියකින්ද නැතිනම් ශෝකයකින්ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකි තරම්ය. සිසාරා පවතින ගණ අන්ධකාරය සමගම ගැඹුරු නිශ්ශබ්දතාවක්ද පැතිර යන්නට පටන් ගන්නේ කාගේත් මුහුණු තුළ විපිලිසර හැඟුම් මතු කරමින්ය.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයෙන් හා ආනුභාවයෙන් මහත් වරම් ලැබූ බහුතරයක්ද කන්ද එපිට පාමුල සිටිය මුත් ඔවුන්ද එහි නතර වී සිටීමට තරම් රුචිකත්වයක් නොදැක්වූයේ අවට සිසාරා පැතිරෙමින් ගිය ගණ අන්ධකාරයේ ගුප්ත බවෙන් විවිධාකාර හැඩතල දිස් කරවන්නට පටන් ගත් නිසාමය. අත් හැරීමක් නැතිනම් තනිකර ලීමක්, පිටව ගිය සමුහය තුළින් නතරවූ අතළොස්ස තුළ, තෙරපු හැඟීම් සමුදායක් සමග පැන නැගෙමින් පැවතිණි.
“මේ සිද්ධිය බැලීමට ආ අනෙක් සමූහයා සිදු වු සියල්ල ළයට ගසා ගනිමින් ආපසු ගියහ.”
(ලුක් 23:47)
කල්වාරි කන්දෙන් ඈත එපිට ජීවත්වූවන් ආත්මීය වශයෙන් සිදු වූ සිද්ධි දාමයට ළංව නොසිටි නිසාදෝ ඒ ජන ජීවිතය එලෙස ඒ හැන්දෑවේ දිග හැරුණත් කල්වාරි කඳු මුදුණත නතර වී වික්ෂෝපයෙන් සිටි අය අතර ආදරයක්, තවත් සමහර අය අතර සංත්‍රාසයත්, තවත් සමහරුන් අතර නීතියට බියවී කෝපය මුසු හැඟීමත් විහිද යමින් පැවතිණි. සොල්දාදුවන් නතර වූයේ නීතියට ඇති බිය නිසාමය.
“උන්වහන්සේ දැන හැඳින සිටි සියල්ලන්ද ගලීලයේ සිට උන්වහන්සේ සමග ආ ස්ත්‍රීහුද ඒ දේ නරඹමින් දුරින් සිටියාහ”
(ලුක් 23:49)
පෙර දින සිට තමන් දැරූ අධික වේදනාව දැන් දැන් තව දුරටත් උසුලා සිටීමට උන්වහන්සේට නොහැකි තරම්ය. පෙර දින රාත්‍රියෙහි ගල් කණුවේ බැඳුම් කා රුධිර ගංගාවක තම විඩාපත් සිරුර සතපා ලන්නට සිදුවුයේ බලකිරීම් මධ්‍යයේය. අතුල් පහර, කස පහර, නින්දා බස්, සරදම් හා කෙළ පහරින් විරූපී වී ගිය තම සිරි වත මඩලේ වේදනාව තීව්‍ර කරමින් කටු ඔටුන්නකින්ද සිර වූ මොහොතක ඇති කරවන වේදනාව තේරුම් ගන්නට පවා අපහසු වී ඇති සෙයකි. අත් පා වේදනා දෙමින් රිදුම් දෙන්නේ තම පණ නළ සොරා ගන්නට මෙනි. වේදනා බරිතව රිදුම් දෙන තම දෙනෙතින් පහළ බලන්නට ගත් උත්සාහය විටෙක අසාර්ථක වන බවක් එතුමන්ට දැනේ.
තමන්ට ආදරය කළ, තමන් ආදරය කළ, බොහෝ දෙනෙක් දැන් තමන්වහන්සේව තනි කර ඇත. ආදරයෙන් කතා කරපු අය ළඟ පාතකවත් නැත. තමන්ගේ මෑණියන් වික්ෂෝප මුහුණින් තමන් දෙස බලා සිටින ආකාරය දිහා බලන්නට මනුෂ්‍ය හැඟීම් තුළ තමන්වහන්සේට නොහැකි බව දැනේ. කුරුසිය අද්දරම සිටින සොල්දාදුවන් කිහිප දෙනෙක් සිටින්නේ තමන්ට ආදරයෙන් නොව රාජ අණ නිසාමය. තමන්වහන්සේ මරණයේ එළිපත්තට පැමිණ තිබේ. මනුෂ්‍ය පුත්‍රයෙක් හැටියට මිනිස් දිවියේ මෙවන් වේදනාත්මක තනිකමක් අත් දැකීම හා අත්විඳීම සැබැවින්ම කුරිරුදායකයි.
කල්වාරි කඳු මුදුන හා අවට තිබූ ගැඹූරු නිශ්ශබ්දතාව තුනී කිරීමට මෙන් ජේසුස් වහන්සේ තම මුව විවර කිරීමට උත්සාහ කරන්නේ යාච්ඤාවක් පිදීමටය. ගීතාවලියෙහි තිබූ ලතෝනි යාච්ඤාවක් තමන්වහන්සේට සිහිපත් වෙන ගානයි. ගීතිකා ඛන්ඩයක් වුවත් මෙවර තමන්වහන්සේගේ මුවින් නික්මෙන්නට යන්නේ ආත්මීය පිදීමක මහ වේදනාත්මක හඬක් හැටියටද?
පියාණන් වහන්සේ වෙත නෙත් යොමා අායාචනාත්මකව විමසීමකි. මරණාසන්න පුද්ගලයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමට මහත් ශබ්දයක් නගා තමන්වහන්සේගේ මුව විවර වී මහා මොර ගැසීමක් වා තලයට මුසුවෙයි.
“එලී, එලී, ලාමා සබක්තානී”
(මාගේ දෙවියනී, මාගේ දෙවියනී, ඔබ මා අත්හැරියේ මන්ද?)
(මතෙව් 27/46)
තමන්වහන්සේගේ මෙම යාච්ඤාව හුදෙක් ගීතාවලියෙන් හෝ දිවැසාවලියෙන් පමණක්ම ගත් හුදු යාච්ඤාවක් පමණක්ම නොවේ. තමන් වහන්සේගේම හදවතෙහි තෙරපීම හා සමඟම තම මනුෂ්‍ය පුත්‍ර ස්වරූපයෙහි අවසාන හෝරාවෙහි අත් දකින මහා පාළුවක, අසරණ කමක්, තනි කමක්, විහිද හැරීමකි. දේවත්වයෙහි මුසුව පැවතුණු මිනිසියාවේ අවසන් හෝරාව මෙසේ ගෙවී යන විට දේවත්වයේ පෙර ස්වරූපයට තමන් වහන්සේට ගමන් කිරීමට පෙර අසරණ වූ මනුෂ්‍යත්වය මොහොතකට දිස් කර වීමක් වැනියි. පියාණන් වහන්සේ වෙතම පූර්ණ විශ්වාසය තැබූ උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය තුළ තනිකම හා හුදෙකලා බව තදින්ම දැණුන මොහොතක එලෙස සංවේදී වුවත් උන්වහන්සේ ලබා දුන් පුර්වාදර්ශය නම් සදාකාලිකව ජීවමාන වන්නකි.
ජේසුස් වහන්සේගේ හුදෙකලා බව හා අත්හරිනු ලැබීම ශාරීරික වේදනා අබිබවා යන්නකි. ශාරීරික වේදනාවන් දරා සිටියද මෙය දරා ගත නොහැකි. පියාණන් නොදැක සිටීම නිරයේ අත්දැකීමකි. තමන්වහන්සේ දැන් අත්විඳින්නේ ඒ වේදනාවමද? එලෙස මිනිස් සිතිවිලි සමග මොහොතකට තනි වුවත් උන්වහන්සේ පියාණන්ගේ ආදරය හදවතේ ගැඹුරු තැනින්ම අත් විඳ උන්වහන්සේටම කළ යාච්ඤාව කෙතරම් බලවත්ව මාවතක් දිස් කර වීමක්ද?
(***)
මිගමුව, මහවීදිය, මීසම් සේවක
ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා
ඡායාරූපය - අන්තර්ජාලයෙනි
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?