ජපානයේ ෆූජි කන්දට (Mount Fuji) ඉහළින් අහස දීප්තිමත් වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

රාත්‍රී අහස මේ අයුරින් දීප්තිමත් වූයේ උල්කාපාතයක් හේතුවෙනි. ජපානයේ හිරට්සුකා (Hiratsuka) නගරයේ කෞතුකාගාරයක සවිකර තිබූ CCTV කැමරාවක, මෙම දසුන් සටහන් වුණු බව ද පැවැසෙයි. 

බොහෝ උල්කාපාත සුදු පැහැයෙන් දිස් වුවද, පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යෑමේදී ඒවායේ අඩංගු මූලද්‍රව්‍ය අනුව කොළ, කහ, රතු හෝ නිල් වැනි විවිධ වර්ණවලින් දිස්විය හැකි යැයි මේ සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයන් පැහැදිලි කිරීමක් කර ඇත.