Mount-Batten-Kundasale-Bunglow
 

Mountbatten
ජනරාල් මවුන්ට් බැටන්

දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය හෙවත් දෙවැනි ලෝක යුද්ධය (කි‍්‍ර.ව 1939-1945) පිළිබඳ මතකයන් තවමත් වැඩිහිටි බොහෝ දෙනෙක් අතර හොල්මන් කරනවා නිසැකය. ඒ, වසර හයක් පුරාවට පැවති යුද්ධයේ ඇති බියකරු බව නිසාමය. දෙවැනි මහා සංග‍්‍රාමය නිම වී වසර හැට නවයක (69) කාලයක් ගත වී අවසන්ය. එහෙත් එහි නෂ්ටාවශේෂ තවමත් මෙරටෙහි ඉතිරිව පවතින බව බොහෝ දෙනෙක් දන්නේ නැත. එපමණක් නොව නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා වශයෙන් නාවික හමුදා ජෙනරාල් ලූවී මවුන්ට්බැටන්ට් පත් කරන ලදි.

ීෑ්ක්‍ නමින් හැඳින්වූ දුම්බර මිටියාවතේ පිහිටි ආසියාවේ යුද මූලස්ථානය භාරව සිටියේද ඔහුය. ලූවී මවුන්ට්බැටන්ට් පදිංචිව සිටියේ දුම්බර මිටියාවතේ කුණ්ඩසාලයේ ය. බි‍්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු වූ ඔහු වික්ටෝරියා මහා රැුජිනිය ගේ මුණුපුරෙකි. 6වන ජෝර්ජ් රජු, මවුන්ට් බැටන්ට් ගේ ඥාති සොහොයුරෙකි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ ඔහු ගේ කාර්යාලය ද, පොල්ගොල්ලේ ගුවන් හමුදා මූලස්ථානය ද, බංගලාව කුණ්ඩසාලයේ ද පිහිටා තිබිණි. මහනුවර රජ ගෙදර ද ඔහු ගේ නිල නිවාසය වශයෙන් භාවිතා කර තිබේ.

දෙවැනි ලෝක සංග‍්‍රාමයට හේතුව ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයට මෙන්ම දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයටද හේතු වූයේ පෙරදිග යුරෝපයේ සුළු ජාතීන් පිළිබඳව වූ ආරවුලකි. එවකට ජර්මනිය පාලනය කළ ඇඩොල්ෆ් හිට්ලර් ( Adolf Hitler ක‍්‍රි.ව 1933-1945) පෝලන්තයේ ඩැන්සිග් ප‍්‍රදේශය තම දේශ සීමාවට ඇතුළත් කර ගැනීමටත්, පෝමෝර්ස් හරහා මහා මාර්ගයක් හා ධූම රථ මාර්ගයක් සෑදීමටත් ඉඩ ලබා දෙන ලෙස පෝලන්ත රජයට බල කර සිටියේය. එම ඉල්ලීම පෝලන්තය විසින් ප‍්‍රතික්ෂේප කළේය. ඒ සමඟම ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකළ අයුරින් ක්ෂණිකව ක‍්‍රි.ව 1939 සැප්තැම්බර් මස පළමුවෙනි දින ජර්මන් හමුදා විසින් පෝලන්තය ආක‍්‍රමණය කරන ලදි. පෝලන්තය ආරක්ෂා කිරීමට එම වර්ෂයේ මාර්තු මාසයේ දී ප‍්‍රතිඥා දී සිටි එංගලන්තය (මහා බි‍්‍රතාන්‍යය) සහ ප‍්‍රංශය ජර්මනියට විරුද්ධව යුද්ධ ප‍්‍රකාශ කළ අතර, එහිදී පෙරමුණ ගත්තේ එංගලන්තයයි. එංගලන්තය යුද්ධ ප‍්‍රකාශ කර පැය හයක් ගත වීමට ප‍්‍රථමව ප‍්‍රංශය ද ජර්මනියට විරුද්ධව යුද්ධ ප‍්‍රකාශ කරන ලදී. අග්නිදිග ආසියාවේ අණදෙන නිලධාරියා වශයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළේ මවුන්ට්බැටන්ට් සාමිවරයාය.

ඇල්බට් වික්ටර් නිකොලස් මවුන්ට්බැටන්ට් මනා කඩවසම් සිරුරකට හිමිකම් කියූ සුන්දර මිනිසෙකි. ඔහු ගේ උස අඩි හයක් පමණ විය. රජ පවුලෙහි පුද්ගලයකු වූ නිසා පමණක් නොව මිනිසුන් ගේ සිත් දිනා ගැනීමේ අපූර්ව හැකියාවක් තිබූ නිසාම ලෝකයේ ජනප‍්‍රිය පුද්ගලයෙක් බවට පත්වීමට ඔහුට ගත වූයේ කෙටි කාලයකි. ශ්‍රී ලංකාව තුළ ගත කළ කාල පරාසය පිළිබඳව විස්තර කිරීමට ප‍්‍රථමව ඔහු ගැන කෙටියෙන් හෝ සටහනක් තැබිය යුතු යැයි සිතේ.
ජෙනරාල් මවුන්ට්බැටන්ට්

පළමුවැනි ලෝක මහා යුද්ධය මවුන්ට්බැටන්ට් මතකය. ඒ වන විට ඔහු වයස අවුරුදු දහ අටක හිරිමල් යෞවනයෙකි. දෙවැනි ලෝක යුද්ධය වෙනුවෙන් තමන්ටත් වගකීම් සහිත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වෙතැයි කිසි දිනෙක සිහිනයෙන්වත් නොසිතන්න ඇති. එහෙත් දෛවය පුදුමාකාර ය. ඔහු ආසියාවේ අණදෙන නිලධාරියා බවට පත්විය.

වයස අවුරුදු දාහතරක පමණ කුඩා ළමයෙක්ව සිටි කාලයේ ජර්මනිය හැර දමා එංගලන්ත රාජකීය නාවික හමුදාවේ නිලධාරියකු ලෙස බැඳුණේ සිය පියා ගේ අඩිපාරේ යමිනි. ඔහු ඉපදී ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ වියනා නුවරදීය. 5 වැනි ජෝජ් රජු ගේ ඉල්ලීම පරිදි ‘‘බැටන්බර්ග්’’ නැමති තමා ගේ පවුලේ නාමය ‘‘මවුන්ට්බැටන්’’ නමින් වෙනස් කර ගත්තේය. මෙම වෙනස් වීමට හේතු වූයේ පළමුවැනි ලෝක සංග‍්‍රාමයේදී බි‍්‍රතාන්‍යයේ ඇති වූ ජර්මන් විරෝධතාවයයි.

පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධ අතර ඔහු ප‍්‍රසන්න, සිත් ඇදගන්නාසුළු වූ කඩවසම් තරුණයෙකි. රාජකීය පෙළපත සහ ආකර්ශනීය තරුණ පෙනුමනිසාම බි‍්‍රතාන්‍යයේ ටැබ්ලොයිඞ් පුවත්පත් වල අවධානයට යොමු වූ ඔහු ඒ නිසාම තරුණ කාලයේදීම ජනප‍්‍රිය පුද්ගලයෙකි. රූමත්, ධනවත් එල්විනා ඈෂ්ලි හා විවාහ වන්නේ රජ පවුලේ ආශිර්වාදය සමඟිනි. ඔවුන් ගේ විවාහ උත්සවය ක‍්‍රි.ව 1922 වසරේදී සිදුවන විට ගත කරමින් සිටියේ සුන්දර යොවුන් ජීවිතයකි. බොහෝ විට සති අන්ත සෑම පුවත් පතකම බැටන් යුවළ ගැන කිසියම් තොරතුරක් සඳහන් වූයේ එහි ඇති රසවත් භාවය නිසාමය.

ජනප‍්‍රිය විනෝදකාමී තරුණයකු ලෙස ප‍්‍රසිද්ධියට පත් වූවද, ඔහු එකළ සිටම  ඕනෑම යමක් පිළිබඳ ගැඹුරින් සිතන සේවයටම කැපවුණු නාවික නිලධාරියෙකි. ක‍්‍රි.ව 1927 වසරේදී නාවික උසස් ගුවන් විදුලි පාඨමාලාවේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට ‘‘වී’’ බෝම්බය, ඉලක්ක ගත මිසයිල විදිනය පමණක් නොව සඳ ගමන පිළිබඳ කිසියම් අදහසක් ලබා ගැනීමට පසුබිම සකසා දුන් ප‍්‍රංශ ජාතික රොකට් විද්‍යාඥයෙකු වූ රොබට් එනෝල්ට් පෙල්ට් ටෙරී විසින් රචිත පොත් සියල්ලක්ම රාජකීය නාවුක හමුදාවට මිලදී ගත්තේ මවුන්ට්බැටන් ගේ උපදෙස් මත ය.
 


Visiting-area


ආසියාවේ අණදෙන නිලධාරියා බවට පත් කිරීමට මඟ පෑදුණු ආකාරය.
ක‍්‍රි.ව 1939 අගෝස්තු මස 25 දින අලූතින් දියත් කළ ්‍යඵී කෙලී යුද නෞකාවේ නැව්පතියා ලෙස පත් වූයේ මවුන්ට්බැටන් ය. කෙලී නෞකාව දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මන් බෝම්බ ප‍්‍රහාරයක් නිසා 1941 මැයි මාසයේදී විනාශ විය. එම සිද්ධියෙන් පසු මාස කිහිපයක් ගත විය. එවකට මහා බි‍්‍රතාන්‍ය අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල්, මිත‍්‍ර පක්ෂයේ ඒකාබද්ධ මෙහෙයුමේ පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානියා වශයෙන් ක‍්‍රි.ව. 1941 ඔක්තෝබර් මස 27 දින මවුන්ට්බැටන්ට් පත් කළේය. විද්‍යාව පිළිබඳ මහත් උනන්දුවක් දැක් වූ ඔහුට එය කදිමට ගැළපුණි. මෙහිදී ඔහු විද්‍යාඥයන්, කාර්මිකයන්, විවිධ නිර්මාපකයන් ඇතුළු දක්ෂතා තිබෙන පුද්ගලයන් එකතු කර කණ්ඩායමක් නිර්මාණය කළේය. ඔවුන් ගේ උපදෙස් මත දිය යට පයිප්ප මාර්ගයක් වූ ‘‘ප්ලූටෝ’’, කෘතිම වරුසා, නවීකරණය කළ රොකට් ආදිය සාදන ලදි. මෙම නිර්මාණ නිසා මිත‍්‍ර හමුදාවේ නෝර්මන්ඩි ආක‍්‍රමණය සාර්ථක විය. පසුව අග්නිදිග ආසියාවේ උත්තරීතර ආඥාපති ධූරය හෙවත් ආසියාවේ අණදෙන නිලධාරී තනතුර ඔහුට පිරිනැමීමට එය හේතු වූ බව සඳහන් වේ. මේ වන විට ලෝකයේ ඇති වූ යුද්ධ අතුරින් භයානකම යුද්ධය ලෙස දෙවැනි ලෝක යුද්ධය ඉතිහාසයට එක් වී අවසන් ය. අගමැති චර්චිල්, මෙම යුද්ධය ජයග‍්‍රහණය කරා මිස, අතරමඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රට පුරා පැතිර වූයේ ය.ඒ වන විට නාවික හමුදාවේ ජනරාල්වරයකු වශයෙන් සිටි වික්ටෝරියා මහ රැුජිනගේ මුණුපුරා වන ලූවී මවුන්ට්බැටන්ට් අග්නිදිග ආසියාවේ අණදෙන නිලධාරියා වශයෙන් පත් කළේය. බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ හමුදා සමඟ එකතුව ජර්මන් හමුදාවන්ට නොබියව මුහුණ දුන් මවුන්ට්බැටන් සාමි, ජපාන හා චීන මුහුදේ ද, ඉන්දියන් සාගරයේ ද, යාත‍්‍රා කළ යුද නැව් කිහිපයක් බෝම්බ හෙළා විනාශ කළේය. ජපන්නු ත‍්‍රිකුණාමලය සහ කොළඹ වරායට ද බෝම්බ හෙලූහ. ක‍්‍රි.ව 1944 වසරෙදී බුරුම රට ජපන් ආක‍්‍රමණයෙන් මුදවා ගැනීමට හැකි වූයේ අග්නිදිග ආසියාවේ යුද මෙහෙයුම් මූලස්ථානය දුම්බර මිටියාවතේ පිහිටුවා ගත් නිසා ය. බුරුමයේ රැුදී සිටි ජපන් හමුදාවේ ඉන්දියාව ආක‍්‍රමණය කිරීම ඇරඹූ අතර, ඒ වන විට බි‍්‍රතාන්‍ය හා ඉන්දියන් හමුදා එක්ව බුරුමය ජපන් ආක‍්‍රමණයෙන් ගලවා ගැනීමට සමත් වූහ.

 

Kundasale-Bangalow-Side

මැදිවක තෝරා දුන් දුම්බර මිටියාවත
දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානීන් ආසියාවේ යුද මූලස්ථානය සඳහා සුදුසු ආරක්ෂිත බිමක් සොයමින් වෙහෙසුණි. ඒ වන විට ශ්‍රී ලංකාවේ වාසය කළ මේජර් තෝමස් ස්කිනර් මේ සඳහා මහත් සේ වෙහෙසක් ගත්තෙකි. ඔහු ඉංජිනේරුවෙකි. පසු කාලයක මෙරට ප‍්‍රථම මහා මාර්ග කොමසාරිස් වරයා වශයෙන් ද කටයුතු කරන්නේද ඔහුය. සිංහල භාෂාව ඉගෙන ගැනීමට විශාල කැමැත්තක් දැක්වූ මේජර් තෝමස්, ඒ බව එවකට මහනුවර ඒජන්තව සිටි ඊ.ජේ ඩයිසන් වෙත දැනුම් දුන්නේය.

ඩයිසන් මහනුවර ප‍්‍රදේශයේ සිටි සිංහල ඉංග‍්‍රීසි උගත් වැදගත් පුද්ගලයන් බොහෝ දෙනෙක් දැන හඳුනා ගෙන සිටියේය. ඒ අතර ප‍්‍රථම පන්තියේ සිංහල සහ ඉංග‍්‍රීසි ගුරු සහතිකය ලබා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සේවය කළ ඇම්.බී.ඩබ්ලිව් මැදිවක මහතා ද සිටියේය. ඔහු ගේ ඉංග‍්‍රීසි සහ සිංහල භාෂාවන් පිළිබඳ වූ හසල දැනුම නිසාම තෝමස් සිංහල භාෂාව කෙටි කාලයකදී ඉතාමත් හොඳින් ඉගෙන ගත්තේය. ඒ වන විට මැදිවක, තෝමස් සහ ඩයිසන් හොඳ මිතුරන් වශයෙන් බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වූ චරිත තුනකි. දෙවැනි ලෝක යුද්ධයේ උත්සන්න අවස්ථාව වන විට බි‍්‍රතාන්‍යයේ හමුදා මූලස්ථානය පිහිටුවා තිබුණේ ඉන්දියාවේ නවදිල්ලියේ ය. එය ඉංග‍්‍රීසින්ට තම හමුදා මූලස්ථානය එතැනින් ඉවත් කර වෙනත් තැනකට රැුගෙන යාමේ දැඩි අවශ්‍යතාවය දැනෙන්නට පටන් ගෙන තිබුණු කාලයකි.

දෙවැනි ලෝක සංග‍්‍රාමය පිළිබඳ මෙහෙයුම් කටයුතු සිදු කළේ ඉතාමත් රහසිගත අයුරිනි. ඒ සතුරාට තොරතුරු පිටවී යාවි යන සැකය මතු වී තිබුණ නිසාය. මෙවන් පසුබිමක රහසිගතභාවය ආරක්ෂා වන ආකාරයෙන් මෙරට ඊට සුදුසු ප‍්‍රදේශයක් සොයා ගත හැකි විශ්වාසවන්ත සිංහල නායකයකු ගේ අවශ්‍යතාවය මතු වෙමින් තිබිණ. විශ්වාසය පමණක් නොව අදහස් හුවමාරු කර ගැනීමට සිංහල, ඉංග‍්‍රීසි යන භාෂාවන් දෙක පිළිබඳ වූ දැනුම ද අත්‍යාවශ්‍ය සාධකයකි. වාසනාවකට මෙහිදී ඉංග‍්‍රීසින් ගේ මතකයට එකවරම පැමිණියේ මැදිවකය. එයට හේතු වූ අනෙක් කරුණ වූයේ එවකට බි‍්‍රතාන්‍යයන් අතර ඔහුට තිබූ පිළිගැනීමයි. ඒ අනුව ඉංග‍්‍රීසින් ගේ යුද හමුදා මූලස්ථානය ආසියාවේ රටක් වූ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත කිරීමේ අදහස ආණ්ඩුකාරවරයා හරහා මහනුවර දිසාපති මඟින් මැදිවක මහතාට දැනුම් දුන්නේ බලාපොරොත්තු රාශියක් පොදි බැද ගනිමිනි.

කන්ද උඩරට භූමියේ පිහිටීම පිළිබඳ මනාදැනුමක් තිබූ මැදිවක මහතා ගේ අදහස අනුව තෝරා ගත්තේ සිංහලයේ අන්තිම සිංහල රජු වූ, නරේන්ද්‍රසිංහ රජතුමා ගේ රාජධානිය වූ දුම්බර මිටියාවතයි. එහි කුණ්ඩසාලේ අසල පිහිටි වත්මන් කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාල භූමිය යුද හමුදා මූලස්ථානය සඳහා සුදුසු යැයි යෝජනා කරන ලදී. එවකට එම ප‍්‍රදේශයේ වගා කර තිබුණේ කොකෝ ය. ඉංග‍්‍රීසින් විසින් ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් අවසානයේ අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානය එහි ස්ථාපනය කරන ලදී.

තැන්නේකුඹුර පාලමෙහි සිට රජවැල්ල දක්වා වූ භූමි ප‍්‍රදේශය මේ සඳහා වෙන් කර ගන්නා ලද අතර, මෙම ප‍්‍රදේශයේ පිහිටි ඉංග‍්‍රීසි සමාගම් සහ සිංහල ජනතාව ඇතුළු එම ප‍්‍රදේශයේ ජීවත් වූ අයට අයිති සියලූම ඉඩම් යුද නීතිය යටතේ හමුදාව වෙත පවරා ගත්තේ සිංහල බෞද්ධයන් ගේ අප‍්‍රසාදය මධ්‍යයේ ය. පවරාගත් එම ප‍්‍රදේශයේ පදිංචි වීම සඳහා අවසර ලබා දුන්නේ හමුදාවේ පිරිස් වලට පමණි. ඔවුන්ට අවශ්‍ය සියලූම ගොඩනැගිලි, හමුදා නිවාස, සිනමා ශාලා සහ වෙනත් පොදු පහසුකම් සියල්ල එහි ඉදි විය.

මවුන්ට්බැටන් යුද්ධය මෙහෙය වූ බංගලාව වර්තමානයේ කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාල භූමියේ එදා හමුදාවේ නිලධාරීන් සඳහා නිවාස ඉදි කරන ලද අතර, නිලධාරි පොදු සමාජ ශාලාව (General Mess) කුණ්ඩසාල වත්තේ ප‍්‍රධාන බංගලාවේ ස්ථාන ගත කෙරිණි. ජෙනරාල් මවුන්ට්බැටන් යුද්ධය මෙහෙයවූයේ මෙම බංගලාවේ ජීවත් වෙමිනි. එදා මවුන්ට්බැටන් ජීවත් වූ එම බංගලාවේ අද වාසය කරන්නේ කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක එච්.එස්. කුරුවිට මහතාය. එදවස මවුන්ට්බැටන් ඇතුළු ඉංග‍්‍රීිසි හමුදාවෝ නැවතී සිටි සහ මුද්‍රණ යන්ත‍්‍ර (සිතියම් සහ මුදල් මුද්‍රණය කිරීම සඳහා භාවිත කළ) පිහිටි ගොඩනැගිලි අද කෘෂි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් ගේ නේවාසිකාගාර ය. ඉංග‍්‍රීසින් ගේ සංඥා බළකා මූලස්ථානය කුණ්ඩසාලේ හමුදා මූලස්ථානය අසල ම පිහිටා තිබුණි. මෙය දිනකට නොකඩවා සංඥා දෙදහසක පමණ සංඛ්‍යාවක් නිකුත් කිරීම සහ ලැබෙමින් පැවති කාර්ය බහුල ස්ථානයකි.

ලංකා පාබළ හමුදාවට සියලූම මෙහෙයුම් කටයුතු භාරව තිබුණි. වර්තමානයේ හාරගම වත්ත නමින් හැඳින්වෙන ප‍්‍රදේශයේ පාබළ හමුදාව ස්ථානගත කෙරුණි. වර්තමානයේ පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලය පිහිටි ඉඩමෙහි රාජකීය ගුවන් හමුදා ප‍්‍රධාන මූලස්ථානය ඉදි කරන ලද අතර, මින්නේරිය, සීගිරිය හා පලාලි (යාපනය* පිහිටි ගුවන් හමුදා කඳවුරු පාලනය කරන ලද්දේ ද පොල්ගොල්ලේ සිට වීම විශේෂත්වයකි.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ද මවුන්ට්බැටන් ගේ පාලනය යටතේ භට පිරිස් ස්ථාන ගත කර තිබිණි. එහි ගොඩනැගිලි කිහිපයක්ම ප‍්‍රයෝජනයට ගෙනඇත. වර්තමානයේ එහි අධ්‍යාපන මධ්‍යස්ථානය වශයෙන් භාවිත කරන්නේ එවන් එක් ගොඩනැගිල්ලකි. ආයුධාගාරයක් ද එහි තිබී ඇත.
ඉංග‍්‍රීසින් ගේ මහත් ගෞරවයට පාත‍්‍ර වී සිටි මැදිවක මහතා යුද්ධය පැවති කාලයේ සිවිල් සම්බන්ධීකරණ කටයුතු ප‍්‍රධානියා ලෙස පත් කරන ලදි. ඉංග‍්‍රීසින් ගේ හමුදා කඳවුර තුළ නිවාසයක සිටීමට අවසර ලත් එකම සිවිල් පුරවැසියා වූ මැදිවක මහතා පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්, ඇමතිවරයෙක් හා සෙනෙට් මන්ත‍්‍රීවරයෙක් ලෙස ද ප‍්‍රදේශයට විශාල සේවයක් ඉටු කළ සමාජ සේවකයෙකි.

මේ වන විට මවුන්බැටන් ගැන දන්නා බොහෝ දෙනෙක් මිය ගොසින්ය. අප ගේ වාසනාවට ඔහු දැක ඇති පුද්ගලයන් දෙදෙනෙක් මුණගැසුණි. ඉන් එක් අයෙක් වනුයේ මැදගම්මැද්ද, මැණික්හින්නේ එච්.එම්. විජේරත්න (අවුරුදු 78)ය. ඔහු මෙසේ කීවේය.

‘‘එවකට අපි පදිංචිව සිටියේ කුණ්ඩසාලේ කෘෂිකර්ම ගොවිපොළට නුදුරෙන් වූ වරාපිටිය ගමේ. මගේ මව්පියන් ඒ දවස් වල වැඩ කළේ දැන් කෘෂිකර්ම විද්‍යාලය පිහිටි භූමියේ තිබූ වත්තේ ය. ඔවුන්ට දහවල් ආහාරය රැගෙන යන්නේ මමයි. එහි වගා කර තිබුණේ කොකෝ, කෝපි වැනි බෝගයන්. එතකොට මගේ වයස අවුරුදු එකොළහක් පමණ ඇති. අපට වත්තට ඇතුලූ වෙන්න අවසර තිබුණේ නැහැ’’

‘‘රැුවුල කොණ්ඩය වවාගත් කළු පැහැති කාපිරි මිනිසුන් මුරට සිටියා. මවුන්බැටන් සාමි පදිංචිව සිටිය බංගලාව පාරට උඩින් කඳු ගැටයක් වැනි ස්ථානයක පිහිටා තිබුණා. යුද සෙබළුන් මුර කළා. බංගලාව එහි සෑදීමට හේතු වී තිබෙන්නේ එම ප‍්‍රදේශයෙ උසම ස්ථානයක් ලෙස පිහිටා තිබීමත් පහළ හොඳින් දර්ශණය වීමත් නිසාය. මවුන්ට්බැටන් සාමි අශ්වයා පිට නැග යනවා මම කිහිප අවස්ථාවකදීම දැක තිබෙනවා’’

මවුන්බැටන් ජීවත් වූ බංගලාව එදා තිබුණු තත්ත්වයෙන්ම අද ද පවතී. ඔහු භාවිත කළ ලී මේස, පුටු පමණක් නොව නාන කාමරයේ ඇති ජල බේසම ද ඊට කදිම සාක්ෂියකි.

ඊළඟට අප හා කතාබහට එක් වූයේ මුරුතලාවේ, පෑලව පදිංචි එම්.ජී. පේද්‍රික් (අවුරුදු 78)ය.
‘‘මම කුඩා කාලයේ දී හැදී වැඩෙමින් ජීවත් වූ අපේ මහ ගෙදර පිහිටා තිබුණේ ගන්නෝරුවේ මීදෙණියේ යි. සහෝදර සහෝදරියන් හතර දෙනකු ගෙන් යුත් පවුලක තෙවෙනියා වුණේ මමයි. පියා වැඩ කළේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ යි. ඔහු ඉපයූ ආදායම පමණක් පවුලේ වියදම පිරිමසා ගැනීමට මදි වුණා.

එම නිසා කුඩා කාලයේදීම මමත්, අයියාත් මව්පියන් ගේ අකමැත්ත පසෙක දමා කි‍්‍ර.ව 1944 වසරේ දී මල්වත්තේ (උද්භිද උද්‍යානයේ) රැකියාවට ගියා.

එතකොට මගේ වයස අවුරුදු එකොළහයි. එම දවස් වල අප වැනි කුඩා ළමුන් එහි වැඩ කළ නිසා සහ තාත්තා එහි සිටි බැවින් ඇතුළු වීමට පහසු වුණා.

පළමුවෙන්ම මම කළේ මල්වත්තේ වල් පැලෑටි, තණකොළ ගලවා දැමීමයි. පසුව බම්බු උණ, ජෑම් උණ වලින් සාදා ගත් උණ පතුරු සහ දෑකැති වලින් තණකොළ කැපුවා. දැන් තාර දමා ඇති මාර්ග එදා බොරළු පාරකි. මම වැඩට යන් විටත් ඉංග‍්‍රීසි හමුදාව සිටියත්, ටික දවසකින් ඔවුන් පිටවී ගියා. දෙවෙනියට තවත් ඉංග‍්‍රීසි යුද හමුදා භට පිරිසක් පැමිණියා. කාබේරි, පන්ජාබ් ජාතිකයන් ඒ අතරේ සිටියා. පසුව දැන ගත්තා මවුන්ට්බැටන් ඔවුන් සමඟ පැමිණ සිටින බව. බොහෝ අවස්ථා වලදී ඔහු ඉතාමත් හොඳින්, දවසට හතර පස් වතාවක් පමණ දැක තිබෙනවා. පදක්කම් සහිත කාකි නිළ ඇඳුමෙන් (කෝට් කමිසයක්, දිග කලිසම) සහ අලංකාර බි‍්‍රතාන්‍ය කොඩිය සහිත රවුම් තොප්පියකින් නිතර සැරසී සිටියා. සමහර දිනවල රියදුරු නොමැතිව ජීප් රථය පදවා ගෙන එනවා.

මල්වත්තේ ඉංග‍්‍රීසින් සිටි ප‍්‍රදේශයට හැමෝටම යන්න අවසර ලබා දුන්නේ නැහැ. එහෙත් මා ඇතුළු විසි එක් දෙනෙකුට එම ප‍්‍රදේශයට ගොස් වැඩ කිරීමට අවසර ලැබුණා. එමනිසා මවුන්ට්බැටන් නිතර දැකීමට අවස්ථාව හිමි වුණා. යුද ටැංකි, යුද හමුදා වාහන බොහොමයක් මල් වත්ත ඇතුළේ සහ පිටත් දක්නට ලැබුණා. එම දවස් වල මල්වත්ත ඉස්සරහා විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වන ප‍්‍රදේශයේ තිබුණේ රබර් ගස්, එහි ද යුද හමුදා රථ නවතා තිබුණා. යුද්ධය අවසන් වනවාත් සමඟම ඔවුන් සියලූ දෙන මල් වත්තෙන් පිටවී ගියා.

දෙවැනි ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු ක‍්‍රි.ව 1947 වසරේදී මවුන්ට්බැටන් සාමි ඉන්දියාවේ අවසාන ප‍්‍රතිරාජයා වශයෙන් පත් කරන ලදී. ක‍්‍රි.ව 1947 අගෝස්තු මස 15දින පකිස්ථානය ඉන්දියාවෙන් වෙන් කිරීමට මූලිකව කටයුතු කළේ ද ඔහුය. අවසානයේ දී ක‍්‍රි.ව. 1979 අගෝස්තු මස 27 දින ස්ලීගෝ මුහුදු වෙරළෙහි දී, අයර්ලන්ත ගරිල්ලා හමුදා ප‍්‍රහාරයකින් මිය යන විට ඔහු විශ‍්‍රාමික ජීවිතයක් ගත කරමින් සිටියේ ය.
 

mgpedrik

ස්තූතිය - පේරාදෙණිය උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර, මහනුවර උලූක්කොණ්ඬේ නීතීඥ අබේරත්න බණ්ඩාර කන්දේගම, ලේඛිකාවක වන විශ‍්‍රාමලත් විදුහල්පතිනී යසෝමැණිකේ කන්දේගම, පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති හා පුහුණු) ආර්.එස්. විජේසේකර, කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය අධ්‍යක්ෂක එච්.එස්. කුරුවිට යන මහත්වරුන්ට.


 

fech-futter-02