23_PAGE_6_T

 

අපේ රටේ පවතින උස් කඳු මුදුන් සහිත ප්‍රදේශවලින් පසුගිය කාලයේ විශාල ප්‍රසිද්ධියක් හා දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ස්ථානයක් වශයෙන් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සහිත කඳුකර ප්‍රදේශය සලකයි. එය පිහිටි අම්බුළුවාව කඳු පන්තිය පවතින්නේ සබරගමුවත් මධ්‍යම පළාතත් වෙන් වන මායිමේය. නමුත් මේ සුන්දර පරිසරයේ එක් බෑවුමකට ගම්පොළ නගර සභාවේ කැළි කසළ දිනකට ටොන් ගණන් මුදා හැරීම නිසා ඊට පහතින් ආරම්භ වන සියලු ජල මූලාශ්‍රයන් අපිරිසිදු වී ඇත. කුණු දමන ස්ථානයට පහතින් ආරම්භ වන කුඩා ඔයද මේ නිසා අපිරිසිදු වී ඇති අතර එම ජලය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතී. තව නොබෝ දිනකින් මිලියන ගණනක් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නා මා ඔයටද මේ අපිරිසිදු ජලය එක්කාසු වී එම ජලයටද හානි පැමිණෙනු ඇත. එසේ වන්නේ කුඩා ඔය මාවනැල්ල ප්‍රදේශයේදී මාඔයට එක්කාසු වීම නිසාය. කෙසේ හෝ මේ වන විට අම්බුළුවාවේ කුණු ගැටලුව සිදු කරන්නේ සුළුපටු විනාශයක් නොවෙයි. පසුගිය දිනක අම්බුළුවාව කූණු බහාලන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමිය වන නිලුකා ඒකනායක මහත්මිය පැවසුයේ කන්දක් මුඳුනකට කුණු දමන ලෝකයේ පවතින එකම ස්ථානය අම්බුළුවාව විය හැකි බවත්, මහජනතාව මෙයින් පීඩාවට පත්වීම පිළිබඳව අමුතු පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත්ය. වහාම මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන් කටයුතු කරන බව එතුමිය පැවසුවේ කුණු කන්ද තිබෙන ස්ථානයේදීම මාධ්‍ය හමුවක් පවත්වමිනි.

 

එතුමිය පැවසූයේ ගැටලුව සියසින් දැක ගැනීමෙන් පසුව දැඩි කම්පාවකට පත් වු බවයි. නමුත් ආණ්ඩුකාරතුමිය සේම මෙහි විටින්විට පැමිණි බොහෝ රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන්  සිදුවන විනාශය ගැන කම්පාවී ගිය නමුත් වසර 4 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ ගැටලුවට විසඳුම් නොලැබුණු බව පීඩාවට පත් වූ ජනතාව අප සමග පැවසූහ.

 

1

 


මේ වෙනුවෙන් නිතරම අරගලකරන මෙයින් පීඩාවට පත් වූ ජනතාව එකරාශී වී උද්ඝෝෂණයකද පසුගිය දිනක නිරත වීමෙන් පසු ගම්පොළ නගර සභාව මගින් අම්බුළුවාව සුරකීමේ සංවිධානයේ නිලධාරින් හා එහි ජීවත්වන ජනතාවගෙන් තෝරා ගත් පිරිසක් සහභාගිකරවා ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමිය වන නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ නගර සභා පරිශ්‍රයේද රැස්වීමක්ද පවත්වා තිබේ. නමුත් ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් එහිදී ගම්පොළ නගර සභාවේ නිලධාරින්ගෙන් පැහැදිලි පිළිතුරක් තමන්ට නොලැබුණු බවයි අම්බුළුවාව සුරකීම වෙනුවෙන් පිහිටුවාගත් ඔවුන්ගේ අම්බුළුවාව සුරකීමේ සංවිධානය පවසන්නේ.


එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ස්ථානය දැක බලා ගැනීමට පසුගිය අප්‍රේල් 12 වැනිදා කූණු දමන ස්ථානයේ සිදු වෙන පරිසර හානිය පිළිබඳ නිරීක්ෂණය කිරීමට ආණ්ඩුකාර තුමිය අම්බුළුවාවට පැමිණෙන්ට ඇති බවයි ඔවුන් අප සමග මෙහිදී පැවසුයේ.


වසර 4ක් තුළ විසඳා ගැනීමට නොලැබුණු ගැටලුව පිළිබඳ ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු කරවන ලෙස අපි මාධ්‍යයෙන් අම්බුළුවාව සුරකීමේ සංවිධානයේ නිලධාරින් ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ එතුමන් මේ ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙනු ඇති බවයි. තවද ජනාධිපතිතුමා පරිසර හිතකාමී පුද්ගලයකු නිසා ලෝකයේ කඳු මුඳුනකට කුණු දමන එකම ස්ථානය හා එයින් සිදුවන හානිය තමන්ගේ රටේ මේ ස්ථානයේදී සිදුවනවායි එතුමන් දැනුම්වත් වී නැති නිසා මෙය දැනගත් වහාම මේ සඳහා පිළිතුරු ලැබෙනු ඇති බව ඔවුහු විශ්වාසයක් ගොඩ නඟා ගෙන සිටිති.


මේ ගැටලුව විසඳාගැනීම වෙනුවෙන් මාධ්‍ය සතු වගකීමක් ලෙස සලකමින් අපද දිවා රෑ මේ වෙනුවෙන් කැප කිරීම් කරන්නේ අනාගතයේ මිලියන ගණනක් වූ ජනතාවකට මෙයින් සිදුවෙන හානිය අපට දැන් දැන් සනාථ වන කරුණු අනාවරණය වන නිසාය. ඒ පිළිබඳ සොයා බලා එය සනාථ වන පැහැදිලි තොරතුරු අප මේ ලිපියෙහිද සටහන් කර ඇත.

 

5

 


මේ වෙනුවෙන් නිතරම අරගල කරන අම්බුළුවාව හා හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මෙයින් පීඩාවට පත්වන ජනතාව පසුගිය අප්‍රේල් 3 වැනිදාද කුණු දමන ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් සිදු කළහ. මෙම අවස්ථාවට එදා රතුපස්වල ප්‍රශ්නය වෙනුවෙන් හඬ නැඟූ තෙරිපැහැ සිරිධම්ම ස්වාමීන් වහන්සේද සහභාගි වී සිටිනු අපට දැක ගත හැකි විය.


ගම්පොළ නගර සභාවේ කැළි කසළ දිනකට ටොන් ගණන් (දිනකට ට්‍රැක්ටර් 15ත් 20ත් අතර) අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට ආසන්නව ඇති බෑවුමකට මුදා හැරීම දිගින් දිගටම සිදුවීම මුල්කර ගෙන එය නවතා දමන ලෙස බලධාරීන්ට බල කිරීම උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණි. 
මෙහිදී තෙරිපැහැ සිරිධම්ම ස්වාමීන් වහන්සේ කියා සිටියේ මෙම ගැටලුව අවුරුදුවලින් පසුව විසඳුණේ නැති වුවහොත් තමන් මාරාන්තික උපවාසයක් මෙම කුණු කන්ද පවතින ප්‍රදේශයේදී සිදු කරන බවයි. 


එසේම ප්‍රදේශයේ ජනතාව පැවසූ තවත් කරුණක් වූයේ කුණු කන්ද අසල කඳුකර ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් කඩන මහා පාරිසරික විනාශයද වහාම නවතා දැමිය යුතු බවයි. විශාල කඳු මුදුනක් සහිත අම්බුළුවාව කඳු මුදුනේ ගල් කුරියක් පවත්වාගෙන යෑම මගින් ඉදිරි කාලයේදී පහත් බිමේ ජනතාවට විශාල ජල අර්බුදයකට මුහුණ පෑමට මෙන්ම නාය යෑම් වැනි ස්වභාවික විපත්වලට මුහුණ දීමට සිදු වෙයි. තවද ස්වභාවික ජල උල්පත්වලින් ජලය ලබා ගන්නා ඔවුන්ට දැනටමත් ගැටලු මතු වී ඇති බවද එම ප්‍රදේශයේ කළ චාරිකාවේදී අපට දැක ගත හැකි විය. 

8
එදින උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස අම්බුළුවාව පිවිසුම අසළ ගම්පොළ හෙම්මාතගම මාර්ගය ආසන්නයේ උද්ඝෝෂණයේ නිරත වීමෙන් පසුව කුණු කන්ද තිබෙන ස්ථානයට ගොස් එම ස්ථානය නිරීක්ෂණය කළහ. පසුව ඊට මිටර් 100කට පමණ ඉදිරියෙන් ඇති පරිසරය විනාශ කරන ගල් කඩන ස්ථානයේ සිදුවන පරිසර විනාශය පිළිබඳවද නිරීක්ෂණය කළ අතර එම ස්ථානයේ සේවකයෙකු සමඟ එහිදී උණුසුම් කථා බහක්ද ඇති විය. 


කෙසේ හෝ මෙම පරිසර පද්ධතියේ සිදුවන විනාශයට රජයේ දේපොළ බලෙන් අයිතිකරගත් බව පවසමින් හිටපු අග්‍රාමත්‍ය දි.මු. ජයරත්න මහතාට හා පුතණුවන් වන අනුරාධ ජයරත්න මහතාට මෙහිදී ඔවුන් දැඩි ලෙස චෝදනා කළ අතර මෙම පරිසර හානිය සිදුවූයේ ඔවුන් නිසා බවද උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව හඬ නගා පැවසීය.


අම්බුළුවාවේ මෙම කඳු ප්‍රදේශ රජයට අයිති බිම් ලෙස තිබුණත් පසුගිය රජය සමයේ එම රජයේ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා ඒවා 99 අවුරුදු බදු ඔප්පු මගින් ලබා ගෙන දැඩි හානි සිදුකර ඇති බවත්, මේ නිසා මෙහි සෘජු බලපෑම සමස්ත සබරගමුවටම විඳින්නට සිදු වී ඇති බවත් කීය. එසේම පසුගිය රජය සමයේ තමන් මේ වෙනුවෙන් හඬ නැඟු නමුත් කෑගල්ල හා මධ්‍යම පළාතේ වගකිව යුතු කිසිවකුත් විසින් මේ වෙනුවෙන් කිසිදු සොයා බැලීමක් සිදු නොකරන ලද්දේ එම රජයේ අගමැති දි.මු. ජයරත්න මහත්මා නිසා බවද ජනතාව පවසති. එහිදී දේශපාලනඥයන් ද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔවුහූ චෝදනා කළහ.


මේ කුණු ප්‍රශ්නය හේතුවෙන් සෘජුව බලපෑම් එල්ල වන සියලු ජන කොටස් නියෝජනය කරමින් පසුගිදා පැවති මෙම උද්ඝෝෂණයටද සිංහල, ද්‍රවිඩ, ඉස්ලාම් ජාතිකයන්ද එක්ව සිටි අතර එහි වැඩම කරන ලද උද්ඝෝෂණයට සහභාගී වූ පසුගිය කාලයේ වැලිවේරිය රතුපස්වලට සටන් වැදුණු වැලිවේරිය, ගල්ඔළුව සම්බුදු ජයන්ති විහාරාධිපති හෙළය ජන පවුර සංවිධානයේ සභාපති රාජකීය පණ්ඩිත තෙරිපැහැ සිරිධම්ම ස්වාමීන් වහන්සේ පවසා සිටියේ තමන් මේ ප්‍රශ්නය බලධාරින් විසඳුවේ නැතිනම් මාරාන්තික උපවාසයක ඉදිරි දිනයක නිරත වන බවයි. 


මෙම ප්‍රශ්නය පිළිබඳ උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි කථාවකි.


අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට දැඩි හානියක් සිදු කරන මෙම ක්‍රියාව හිටපු අගමැතිවරයා සිදුකර තිබෙන අතර ඔහු මේ සඳහා වගකිව යුතු වෙනවා. මේවා එතුමාගේ බූදලයක් නොවෙයි. මේ කුණු ටික නැවත හිටපු අගමැතිගේ ගෙදරට රැගෙන යන්න. එසේම මේ ඉන්න පාලකයෝ මේ කරන හානිය සුළු පටු නැහැ. මෙය නවතා දැමුවේ නැති නම් මාරාන්තික උපවාසයකට සූදානම්. එසේම මේ වෙන කොට මේ කුණු ප්‍රශ්නය සියලු ජනතාවට බලපාලා තියෙනවා මේක ඉක්මනින් විසඳන්න. එසේ නැති වුවහොත් ඉදිරියේදී මිට වඩා කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ස්වාමීන් වහන්සේ එහිදී රජය වෙතද බලකර සිටියහ.  


මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනතාව පවසන්නේ මධ්‍යම පළාතේ කුණුවලින් පහත් බිමේ ඇති සබරගමුවේ ජනතාව පීඩා විඳින බවයි. එසේම මෙම කුණු දැමීම දිනපතා සිදු වන නිසා පහත් බිමේ පවුල් දස දහස් ගණනකට විවිධ රෝග පීඩා හා මැස්සන්ගේ උවදුරු දිනෙන් දිනම ඉහළ ගොස් ඇත.

ප්‍රයෝජනයට ගන්නා ජල උල්පත්වලටද හානි සිදු වී ඇති බව ඔවුහූ පවසති. තමන් උයාගත් කෑම අනුභව කරන්නටවත් නොහැකි බව පවසන ඔවුන් පාසල් යන දරුවන්ට පොතක් බලා ගැනීමටවත් නොහැකි තත්වයක් මේ නිසා උද්ගත වී ඇති බවද කියා සිටියහ.


උද්ඝෝෂකයන් පවසන්නේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිර්ණයේද දිනකට අහිසංක දරුවන් විවිධ අපචාරයන්වලට ගොදුරු වන බවයි. මේ සියල්ලට වගකිව යුත්තේ ජයරත්න මහතා බවද ඔවුහූ පවසති. ඒ නිසා මෙම ස්ථානය ආණ්ඩුවට පවරාගෙන නිසි ක්‍රමයකට පවත්වාගෙන යන ලෙසද රජයෙන් ඉල්ලා සිටිති. තවද දැනට මෙයින් කිසිදු මුදලක් රජයට නොලැබෙන බවත් නමුත් පොලිසිය මේ ස්ථානයේ රාජකාරි කටයුතුවලට යොදවා විනාශ වන දරුවන්ගේ ගැටලු එළියට නොයන්නට ඉඩ නොදී වසන්කර සුළු පිරිසකගේ වැජබීම උදෙසා පවත්වාගෙන යන බවද ඔවුහු කියති.


එසේම ස්භාවික ජල උල්පත් සේම සුන්දර පරිසරයකට උරුමකම් කියන මෙම සුන්දර පරිසරයේ ජෛව විවිධත්ව සංකීර්ණයට යාබදව ඇති උද්ඝෝෂකයන් පවසන බෑවුමේ කන්ද මතට දැනට වසර ගණනාවක සිට ගම්පොළ නගර සභාවේ පළාත් පාලන ආයතන හා නගර කිහිපයකම දිනකට කුණු ට්‍රැක්ටර් 15 කට වැඩි ප්‍රමාණයක් මුදා හැරිමේ ඛේදනීය තත්ත්වය අද වන විට පරිසරයට හානිදායක ලෙස උස්සන්න වි ඇත. මේ හේතුවෙන් මෙම ගැටලුවෙන් වැඩි වශයෙන් පීඩා විඳින්නේ සබරගමුවේ ජනතාව බවද ඔවුහූ පවසති.


මීට අමතරව මෙයින් වැඩි වශයෙන් පීඩා විඳින්නේ කුඩා දරුවන් හා වයෝවෘද්ධ වූවන්ගේ ඔවුන් කුණු දමන ස්ථානයට ආසන්නව ඇති දෙමළ ගමක් වන වත්තේකඬේ එහි බොහෝ පවුල් තමන් උයා ගත් කෑම වේල අනුභව කරන්නට නෙට් එකක් ඇතුළට යන බව පැවසේ. එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මැස්සන් නිසා තමන්ට ආහාරයක්වත් ගැනීමට බැරි බවයි. මේ හේතුවෙන් කහඋණ රෝගය වැලඳුණු දරුවකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර එම සිඟිත්තියගේ පණනල බේරා ගෙන ඇත්තේ අනූනවයෙනි. එසේම ස්වභාවික උල්පත්වලින් ගලා ගෙන එන ජලය ප්‍රයෝජනයට ගන්නා මෙහි බොහෝ ජනතාවට වැසි දිනයන්වලදී ඒවා බීමට නොහැකි වී ඇත්තේ මේ කුණු කන්ද නිසා බව පැවසේ. කුණු රැගෙන එන ට්‍රැක්ටර් නිසා වැටෙන සමහර කුණු, බල්ලන්, බළලුන්, කපුටන් වැනි සතුන් විසින් රැගෙන ගොස් තැනින් තැන දැමීම හේතුවෙන්ද මේ වන විට බොහෝ පාරිසරික ගැටලු රාශියක් පැන නැගී ඇත. 


මේ හේතුව නිසා ගම්මුන් විසින් සදාගනු ලැබ ඇති අම්බුළුවාව පරිසරය හා ජල උල්පත් සුරකීමේ සංවිධානය කිහිප වතාවක් බලධාරින් දැනුම්වත් කිරීමෙන් පසුව ඒ සඳහා කිසිදු පිළිතුරක් ඔවුන්ට නොලැබුණු බව පවසමින් මෙම උද්ඝෝෂණය සංවිධායනය කිරීමට තීරණය කළ බවයි. එම සංවිධානයේ නිලධාරි මහතෙකු වන බලත්ගමුව බී.ජී. අජන්ත ගාමිණි මහතා ප්‍රකාශ කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.


අපේ සංවිධානය කිහිප වතාවක්ම විවිධ පරිසර සංවිධාන හා රජයේ වගකිව යුතු නිලධාරින් මෙන්ම ගම්පොළ නගර සභාව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම්වත් කළා. එම දැනුම්වත් කිරීම් මත මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමියත් ඇවිල්ලා පසුගිය දිනක මෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණත් විසඳුමක් ලැබුණේ නැහැ. පසුගිය දිනක අපි ලියුම් දීලා වගකිවයුතු නිලධාරින් හමුවෙලා කීවා මාර්තු 31 වැනිදායින් පස්සේ කුණු දාන්න එපා. එහෙම වුණොත් අපි මේ සඳහා ක්‍රියා මාර්ගයක් ගන්නවා කියලා. ඒකට කිසිදු විසඳුමක් නැහැ. අදත් කුණු අරන් යනවා. ඊට පස්සේ මේ උද්ඝෝෂණය සංවිධානය කළා. 


මේ කුණු කන්ද නිසා ගෙදරක කෑම වේලක් කන්න බෑ. ඒ තරම් මැස්සෝ. දැන් බලන්න මේ රටේ කවුරුත් දන්න අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය තියන ආසන්නයේ ඇති කන්දටනේ මේ කුණු ගෙනත් දාන්නේ. දැන් අවුරුදු කිහිපයකට කලින් ඉඳන් ගම්පොළ නගරයේ ඇති කුණු සේරම ගෙනත් දානවා. හුළං නිතරම තියෙන නිසා මැස්සෝ ටික සේරම අපේ ගෙවල්වල. රෑ තිස්සෙත් මැස්සෝ. මේ හින්දා පුංචි ළමයින්ට නිතරම ලෙඩ. එයාලට පාඩම් කරගන්නවත්, සෙල්ලම් කරන්නවත් ඉස්සර වාගේ බෑ. මේ කුණු හින්දා ගම්පොළ නගරයට කිසිම කරදරයක් නැහැ. මේකේ හානිය මේ අපිට. ඒ වාගේම තමයි මේ කන්ද පල්ලෙහාට තියෙන්නේ මාවනැල්ල කලාපය. කුඩා ඔය මේ කන්දේ ජල උල්පත්වලින් ලැබෙන ජලයත් අරන් පල්ලෙහාට ගලාගෙන යනවා. මා ඔයට එක් වෙන නිසා වැසි දිනයන්වලදී මෙහෙන් යන වතුර ගඳයි. බලන්නකෝ අනාගතයේ දවසක මේ කුණු නිසා විශාල පිරිසකට විවිධ රෝග හැදෙන හැටි. මේවා බලධාරීන්ට කීවාට වැඩක් නැහැ. මේ විනාශ වෙන්නේ ලංකාවේ සුන්දරම ස්ථානයක්. මෙවා වළක්වා ගන්නවා නම් තාම කල් තියනවා  යැයිද ඔහු පැවසීය.


මෙම ගැටලුව පිළිබඳ සියලු දෙනා එසේ අදහස් දක්වන අතරම මීට අමතරව අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය කන්ද වෙතට දි.මු. ජයරත්න මහතා අගමැති වී සිටියදී රිළවුන් හා පෝනියන්. සර්පයන්, දඬුලේනුන් ගෙනවිත් දැමූ බවත් ඔවුන් නිසාද ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී ඇති බවත් ඔවුන් පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙක් අප සමග සිය අදහස් ප්‍රකාශ කළහ.

 

SLTK_06.qxd
ඒ මිගෙල් පෙරේරා මහතාය
“කුණු වැසි දිනවලදි හේදිලා ඇවිල්ලා වත්තේකඬේ, බලත්ගමුව, කෙහෙල්පන්නල, ඕලාන, හෙම්මාතගම, මාවනැල්ල, අරණායක ඇතුළු සබරගමුවේ බොහෝ ස්ථානවලට ජල මාර්ග ඔස්සේ සම්බන්ධ වෙනවා. බොහෝ මිනිස්සු බොන්න ගන්නේ ඇළවල්, ඔයවල් වල ජලය. එතකොට ඒ මිනිස්සුන්ට මොනමොන රෝග හැදෙයිද? මේ තරම් ඔළුවක් නැද්ද මේ රටේ වග කිව යුතු මිනිස්සුන්ට. මේවා ප්‍රතිචක්ක්‍රීය කරලාවත් යම් වැඩ පිළිවෙලක් සකස් කරන්න. දැන් මේ ගම්වල පොඩි ළමයින්ටයි වයසක ඇත්තන්ටයි එක එක ලෙඩ. ඒ වාගේම හදිසියකට රෝහලකට අරන් යන්න නිතරම වාහන යන පාරක් නෙවෙයි මෙක. ඒ නිසා අවුරුදු ගාණක් වුණත් අපිට තාම විසඳුමක් ලැබිලා නැහැ. මේක බලලාවත් මේ සඳහා ඉක්මනින් විසඳුමක් ලැබෙනවා නම් මේ මහත්වරුන්ටත් පිනක්. 


ස්භාවික උල්පත් හා පාරිසරික අතින් හොඳ පැත්තක්. ඉස්සර අපේ පරණ අය කීවේ මෙහේ ඉඳන් ගන්න හුස්ම ටිකත් ගොඩාක් වටිනවා කියලා. ඒකට හේතුව තමයි මේ සුන්දර පරිසරය. කියන්න කනගාටුයි අද නම් ඒක විනාශ වෙන්න යන්නේ. දිනකට කුණු ට්‍රැක්ටර් 15ක් සමහර දවස්වල 20ක් විතර ගෙනත් දානවා. කුණු දාලා පස්වලින් වහනවා කියලා කියන්නේ. ඒත් ඒක වෙනවාද කියන එක නම් සැකයක්. ඒවා අපේ ඇස වලටම දැකලා තියනවා. අපි පාරිසරික අංශ පවා දැනුම්වත් කරලා තියනවා. ඒයාලා පවා කියලා තියෙන්නේ මේ ප්‍රදේශයට කුණු දැමීම එතරම් යෝග්‍ය නැහැ කියලා. ඒ නිසා මේ හානිය මිනිස්සු ගැන හිතලා මිනිස්සුම සලකන්න ඕනෑ කටයුත්තක්. ඒ නිසා මම කියන්නේ අවසාන වශයෙන් මේ ප්‍රශ්නය හෙට දවසේ හරි වළක්වන්න පුළුවන් නම් වටිනවා කියන එකයි.”

 


මුත්තලගු ත්‍යාගරජා වත්තෙකඬේ පවසන්නේ මෙවැනි කතාවකි.
මා මේ ගමේ දැන් අවුරුදු 51ක් ජීවත් වෙන්නේ පොඩි වඬේ කඩයක් පාර අයිනේ කර ගෙන. ඒක කරගන්නවත් බෑ සමහර දවස්වලට මැස්සෝ නිසා. හරක් කකුල්, බලු කකුල්, එළු ඔලුයි මේකේ ගෙනත් දාලා මිනිස්සුන්ට නැති රෝග ඇති කරලා ඉවරයි. මහත්තයලාගේ පුවත්පතට මේවා පෙනුන එක කොයි තරම් වටිනවාද? අපිට මේ මිනිස්සු එක්ක පයිට් කරන්න බෑ. කළා කියලා නවත්වන්නේ නැති හින්දා අපිත් ඉන්නවා. හෙට අනිද්දා මොනවා වෙයිද මන්දා
අම්බුළුවාව නාලනි පබාවතී පවසන්නේ ජලයේ අපවිත්‍රකම ගැනය


මාගේ උපන් ගම අම්බුළුවාව. 1965 ඉඳන් තමයි මෙහේ ඉන්නේ. අම්බුළුවාවේ ඉඳන් ගම්පොළ සිංහාපිටියට පාසල් ගියේ පයින්. මේ පයින් යන ගමනේදි අපිට වතුර තිබහ හැදුණාම ඕනෑම තැනකින් වතුර බීලා ඒ පිපාසය නිවා ගත්තා. එදා අපි දෝතට අරන් පිරිසිදු ජලය බීවා. නමුත් ඒ වාගේ දෝතට ගන්න ජලය මෙහි ඇත්තේ නැහැ. දැන් තියෙන වතුරවල මඩ, මළකඩ රස වාගේම හැම අතින්ම ජරාව. ඒ වාගේම තමයි දිනපතා අපේ දරුවන් ලෙඩ වෙනවා. ඒ ලෙඩ වුණාම රෝහල්වලට අරන් ගියාම ඒ ලෙඩ හොයා ගන්න අමාරුයි. මොකද කුණු නිසා තමයි එහෙම අපිට වුණේ. දොස්තරවරු අහනවා කොහේද ඉන්නේ කියලා. කියන්න ලැජ්ජයි අම්බුළුවාවේ ඉන්නේ කියලා. 


කුණු ගොඬේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉස්සර වාගේ අම්බුළුවාවේ කියලා කියන්න බෑ. මේ කුණු කන්ද නිසා අපි ලෙඩ වෙනවා. කන්න බොන්න තියන ඒවායේ මැස්සෝ පිරෙනවා. වතුර එකක් වුණත් කෝප්පයකට දැම්මොත් මැස්සෝ කොප්පයේ කට වටේ පිරෙනවා. අද අපිට අපේ නෑදෑ කෙනෙකුට, පිට මිනිහෙක් ආපු වහම කෑම වේලක් හෝ වතුර ටිකක් ගෙනත් දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. 


මෙ සියලු දේවල් කළේ ජයරත්න මහත්තයා. මේවාට වගකිව යුත්තේ එතුමා.
කෙසේ හෝ මේ ගැටලුව ඉදිරියේදී විසඳුණේ නැති නම් මෙම ස්ථානයෙන් පටන් ගන්නා කුඩා ඔය දූෂණය වී මා ඔය දක්වාම ගැටලුව ව්‍යාප්ත වන අතර, සකල ලක්වාසී බොහෝ දෙනා අන්ත අසරණ තත්වයකට මුහුණ පාන බව නම් නිසැකය.

m