IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


හෘදය සාක්ෂියේ අර්බුදය

ආචාර්ය චරිත හේරත්ගේ පසුගිය සිකුරාදා පළවූ කිවිදා විග්‍රහය ලිපියේ මෙසේ සඳහන් විය. “මා මුලින් කියූ දෙවැනි හේතුව වන්නේ ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව රටේ මහජන සේවාවලට අයිති මූල්‍ය පරිපාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට ය. එහි තේරුම වන්නේ කැබිනට් මණ්ඩලයේ අනෙත් කිසිම ඇමතිකමකට වඩා මුදල් ඇමතිකම පාර්ලිමේන්තුවට සම්බන්ධ බව ය”. ආචාර්ය හේරත් නිවැරදිව කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියේ මෙය ඉතා පැහැදිලිව දක්වා ඇත. මේ අතර, චරිත හේරත් විසින් ලියන ලද තම ලිපිය තුළ අප විසින් ඊට පෙර සතියේ මෙම පිටුවටම සපයන ලද ලිපිය ගැන ද අදහස් දක්වා ඇත. අපගේ ලිපිය මගින් එවර සාකච්ඡා කළේ ආර්ථික අර්බුදය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බෙදුණු තීන්දුවේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ විද්වත් තීන්දුවයි. එම ලිපියේ දී අප විසින්  විනිසුරුවරයා, පාර්ලිමේන්තුවේ 148 වැනි වගන්තියෙන් සක්‍රීය වන ව්‍යවස්ථාවේ 80(3) වගන්තිය උපුටා දක්වමින් තැබූ ප්‍රකාශය මෙසේ සටහන් කර සිටියෙමු. “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෙටුම්පතක් පනතක් බවට පත්වන ලදුව, ජනාධිපති හෝ කතානායක විසින් එය අත්සන් කිරීමෙන් පසු, කිසිදු ආකාරයකින් එහි වලංගුතාව පිළිබඳ විමර්ශනය කිරීම, ඒ පිළිබඳ නියෝග ලබා දීම හා එය ප්‍රශ්න කිරීම කිසිදු හේතුවත් මත අධිකරණයකට, හෝ විනිශ්චය සභාවකට නොකළ හැක්කේ ය” (තීන්දු පිටු -152).

විනිසුරු ජයවර්ධන තර්ක කරන්නේ ද ආචාර්ය චරිත හේරත් තර්ක කරන තැනම සිට ය. මූල්‍ය ප්‍රතිපත්තිමය කලාපයට අයත් තීන්දු ගැනීමේ පූර්ණ බලය ජනතාව විසින් ව්‍යවස්ථානුකූලව පවරා ඇත්තේ පාර්ලිමේන්තුවට ය. අධිකරණයට එය ප්‍රශ්න කළ හැකි නොවේ. එය ප්‍රශ්න කිරීමේ විශේෂඥමය දැනුම ද, ව්‍යවස්ථානුකූල සුජාත බව ද අධිකරණයට නැත. විනිසුරු ජයවර්ධන තම දීර්ඝ තීන්දුව තුළ තර්ක කරන්නේ මේ ශුද්ධ වූ ජනතා අයිතිය වෙනුවෙනි.

ගෝඨාභය ආණ්ඩුව විසින් ගන්නා ලද සියලු‍ මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්තිමය කාරණා පාර්ලිමේන්තු පනත් ලෙස සම්මත වී ඇත. බදු ඇතුළු සියලු‍ ප්‍රතිපත්ති නීතිය බවට පත් කර ඇත. එම අයිතිය ප්‍රශ්න කිරීමට ලංකාවේ කිසිදු අධිකරණයකට හැකියාව නැති බව විනිසුරු ජයවර්ධන අවධාරණය කරයි. ප්‍රතිපත්තිමය කාරණා ප්‍රශ්න කිරීමේ ප්‍රායෝගික නොහැකියාව පිළිබඳ කාරණය නිදසුනකින් පැහැදිලි කර ගනිමු.

එක්තරා මිනිසෙක් ගමනක් යන්නේය. ඔහුගේ ගමනාන්තය එක්ස් නම් ස්ථානයයි. මද දුරක් යන විට ඔහුගේ මාර්ගය දෙකට බෙදෙන්නේ ය. එම බෙදෙන මංසන්ධියෙහි ඇති මග සලකුණු හා විස්තරවලට අනුව පාරවල් දෙකම එක්ස් නම් ගමනාන්තයට මිනිසා ගෙනයයි. කෙසේ වෙතත්, දෙකම එකවර ගත නොහැකි හෙයින් එක් මගක් පමණක් තෝරාගත යුත්තේ ය. ඒ අනුව මිනිසා තීරණය කරන්නේ දකුණට හැරී යන පාරෙන් තම ගමනාන්තයට යාමයි. එසේ යන අතරතුර ඔහු හදිසි අනතුරකට ලක් වේ. ඔහුගේ පාදයක් බිඳෙන අතර ඇවිද යාම දුෂ්කර වේ. මෙය දුටු එක්තර පිරිසක් මිනිසාට කියන්නේ “අයියෝ ඔයා අනිත් පාරෙන්නෙ එන්න තිබුණෙ” යනුවෙනි. ප්‍රශ්නය වන්නේ අනිත් පාරෙන් ගියේ නම් අනතුර සිදු නොවන බවට ඉහත මංසන්දියේ දී මිනිසාට තිබූ සහතිකය කුමක්ද යන්නයි.        

ආර්ථික අර්බුදය ගැන වන අධිකරණ හා මහජන කතිකාව ගැන ද කිවයුත්තේ ඉහත කතාවම ය. ප්‍රතිපත්තිමය තීන්දු යනු ද නීති පද්ධති හෝ රෙගුලාසි ලෙස නිශ්චිතව දක්වා නැති ඉතා පුළුල් නිදහස් මාර්ගයකි. එවන් මාර්ග දෙකක් හෝ ඊට වැඩි ගණනක් ද තිබිය හැකි ය. එහෙත් අපට එකවර ගත හැක්කේ එකකි. මේ අතර එසේ ගන්නා එකම ප්‍රතිපත්තිය ගැන ද විවිධ අර්ථකතන තිබිය හැකිය. පුරවැසියන් වන අප ද එක කාලයක් එක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර පසුව වෙනත් එකකට මාරු වීම ද සිදුවේ. ඉහත මගියා මුහුණ දුන්නේ ද එවැනි අවිනිශ්චිත තත්ත්වයකට ය. එකම ගමනාන්තයට යන මාර්ග දෙකක් හමුවන අතර, එකක් තෝරා ගැනීම අනිවාර්ය වුණ පසුබිමක ඔහු එකක් ගන්නේය. එම මාර්ගයේ ගොස් අනතුරට ලක් වූ පසු ඔහු වැරදි බව කෙසේ නම් තීරණය කළ හැකි ද?

චරිත හේරත් හා ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරන පිරිස් නිතර වහරන වචනයක් තිබේ. ඒ බංකොලොත් යන වචනයයි. ඇතැමුන් බංකොලොත් වීම ලෙස වැරැදියට තේරුම් ගෙන සිටින්නේ රටේ ඉන්ධන හා ගෑස් හිඟයක් ඇති වීම ය. මුලින් ම එය නිවැරැදි කළ යුතු ය. ඇත්ත වශයෙන් ම බංකොලොත්වීම යනු ගෙවීමට ගිවිසුම්ගත වී ඇති ණය ගෙවීමට මුදල් නොමැතිකමින් ණය ගෙවීම අතහැරීමයි. 2022 අප්‍රේල් 12 වැනිදා ලංකාව “බංකොලොත්” බව ප්‍රකාශ කළේ වත්මන් මහැබංකු අධිපති නන්දලාල් වීරසිංහ ය. ඒ අනුව, තෙල් ගෑස් පෝලිම් ඇති වීම බංකොලොත්වීම ලෙස සිතීම දැන්වත් නිවැරදි විය යුතුය.   

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම්වල ගෙවීමට ගිවිසුම්ගත වී ඇති හා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දී මුදල් ද වෙන් කළ ණය ගෙවීමට කටයුතු කිරීම ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ලද වරදක් ලෙස චෝදනා කර තිබුණි. අහෝ ඛේදයකි! රටේ සම්මත නීතියට අනුව කටයුතු කිරීම වරදක් ද?

රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම සඳහා කිසිදු නෛතික හෝ මූල්‍යමය පදනමක් මහබැංකු අධිපතිවරයාට තිබුණේ නැත. අංක එක වන්නේ, රටේ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවට බැවින් මුලින් ම රට බංකොලොත් කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ව තිබුණි. රටක බංකොලොත් බව ප්‍රකාශ කිරීම යනු සුළුපටු කරුණක් නොවේ. එය අපගේ වසර 75කට අධික කාලයක සිට අඛණ්ඩව රැකගත් නිසි කලට ණය ගෙවීමේ වාර්තා පොත පළමු වරට උල්ලංඝනය කිරීමකි. එම වාර්තාව කඩවීම කොතරම් බරපතළ ද යත්  2022 අප්‍රේල් 12න් පසු එළඹෙන ඉතිහාසය තුළ අපට විදේශයකින් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේ සිට ව්‍යාපෘතියක් සඳහා ණයක් ලබාගැනීම සඳහා වන ක්‍රියා දක්වා අතිශය දුෂ්කර කරන්නේ ය. ලංකාව ණයකරුවන්ගේ විස්වාසය බිඳි ජාතියක් බවට පත් කරන්නේ ය. අපට ණය දෙන පොලී අනුපාත පවා වැඩි කරන්නේ ය. එවන් තීන්දුවක් පාර්ලිමේන්තුවට පවා නොදන්වා නිලධාරියකු විසින් ගැනීම කොතරම් බරපතළ ද යන්න දැන් ඔබට වැටහෙනු නොඅනුමාන ය.

බරපතළම කාරණය වන්නේ බංකොලොත් බව ප්‍රකාශ කරන අවස්ථාව වන විට අප ගෙවිය යුතුව තිබූ හදිසි ණයක් ද නොතිබීමයි. ගෙවිය යුතු පළමු ණය යෙදී තිබුණේ ජූලි 27 වැනිදාට ය. ඒ මිලියන 1000ක බැඳුම්කර ණයකි. අප්‍රේල් සිට ජූලි දක්වා මාස 4ක පමණ කාලයක් තිබේ. එය ණයකරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා පමණක් නොව, බංකොලොත් බව ප්‍රකාශ නොකර අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග පවා සාකච්ඡා කිරීමට හැකි තරම් ප්‍රමාණවත් කාලයකි. ඇරත් සෑම විදේශ ණයකදී ම නියමිත දිනට පසු මසක පමණ කාලයක් ද ගෙවීම සඳහා අතිරේකව රටකට ලැබේ. මේ සියල්ල තිබිය දී ම රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම මොන තරම් අපරාධයක් ද?

චරිත හේරත් ම කියන පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය උල්ලංඝනය කර ඇත්තේ කවුද යන්න දැන් පැහැදිලිය. මතුපිට අතගාමින් නොසිට උගත් මන්ත්‍රීවරුන් ලෙස මේ බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය ගැන සංවිඥානික සංවාදයක් ඇරඹීම ආචාර්ය චරිත හේරත් වැනි අය විසින් වහා කළ යුතුය. එහි දී ඔවුන් පහත ඉතිහාසය ද සැලකිල්ලට ගැනීම වැදගත් ය.

මෙරට මූල්‍ය අර්බුදය ආරම්භ වූයේ 1953 සිට ය. 53 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජේ.ආර්. ජයවර්ධන පවසා සිටින්නේ අප වියදම් කරන ප්‍රමාණයට ඉපැයීම නොකරන බවත් මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතා භයානක බවත් ය. 53 දී කළ එම ප්‍රකාශය සත්‍ය වශයෙන්ම යථාර්ථයක් වීමට තිබුණේ 2017 වසරේ දී ය. එහෙත් යහපාලන ආණ්ඩුව එහි දී කළේ ඩොලර් බිලියන 13.5ක බැඳුම්කර ණය ගෙන අර්බුදය තාවකාලිකව යටපත් කිරීමයි. එම ආණ්ඩු කාලය තුළම පැමිණි පාස්කු ප්‍රහාරය නිසා රටට එන විදේශ සංචිත තව තවත් අඩු වුණි. 2019 වසරේ ගෝඨාභය ආණ්ඩුව ගන්නේ එවන් අර්බුදයක් පැසෙමින් තිබුණ තැනක බව බොහෝ අය හිතාමතා අමතක කරති. අවසානයේ ඔහුගේ ආණ්ඩුව පැමිණ මාස තුනකින් කෝවිඩ් වසංගතය ඒම තුළ ආර්ථිකයට සිදුවිය හැකි විපත අමුතුවෙන් කිව යුතු ද? පෙට්ටි කඩයක් වුව දිනක් වසා තැබීමෙන් සිදුවන හානිය දන්නේ කඩයේ හිමිකරු ය. රට දින 150ක් වසා තැබීමෙන් හා එසේ වසා තබන කාලය තුළ වසංගතය සඳහා අමතර මුදල් රුපියල් කෝටි ගණනින් වියදම් කිරීමෙන් කොරේ පිටට මරේ වූ හැටි කිව යුතු ද?

මේ සියල්ල තුළ පෙනී යන කරුණ නම්, කිසිවකු විසින් රටේ ආර්ථික අර්බුදය සඳහා රාජපක්ෂවරුන් හා එම පාලනයේ නිලධාරීන් වගකිව යුතු බව කියන්නේ නම් එය කොතරම් අසාධාරණ හා පදනම් විරහිත කතාවක් ද යන්න ය. කෝවිඩ් වසංගත සමයේ මෙරට ජනතාව ඉල්ලා සිටියේ ජීවිතයයි. එම ජීවිතය පැවති දුර්වල ආර්ථික පසුබිම තුළ පවා ලබා දීමට රාජපක්ෂවරු කටයුතු කළහ. අද එම අර්බුදයෙන් එළියට විත් තමා බේරාගත් පිරිසට ම චෝදනා කිරීම මහජන හෘදය සාක්ෂිය නමැති ආයතනය විසින් පමණක් දිය හැකි තීන්දුවක් බව අවධාරණය කරමි.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (2)

හෘදය සාක්ෂියේ අර්බුදය

රාලහාමි Wednesday, 13 December 2023 11:02 AM

මහින්ද ඇතුළු නඩේ කුණු හෝදන බත්බැලයෙක්ගේ අඳෝනාවක්...!!!

:       1       3

සමන් විමල් Wednesday, 13 December 2023 09:21 PM

මෙලෝ හසරක් නොදන්නා අයට පෙනෙන අයුරු...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 112 0

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 61 1

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 240 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 244 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 305 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 805 1

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 281 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site