ලෝක දේශපාලන ක්‍රීඩාවේ, ඉරානය සතුව තුරුම්පුවකි. ඒ, හෝමූස් සමුද්‍ර සන්ධියයි. පසුගිය සති අන්තයේ, ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට ඇමෙරිකාව කළ පහර දීමෙන් පසු, ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කළේය. එම තීරණය ක්‍රියාත්මක වීමට නම් ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය යුතුය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම යනු අප වැනි ආසියාතික රටවලට මරු පහරකි. හේතුව, අරාබි රටවලින් තෙල් රැගෙන ඒම සිදුවන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වීම නිසාය. ජාත්‍යන්තරයට වැදගත් සමුද්‍ර සන්ධියක් ඉරානය වසා දමන්නේ කෙසේද? ඉරානයට එතරම් හපන්කමක් කළ හැක්කේ කෙසේද?
හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ අතිශය වැදගත් මාර්ගයක් වන්නේ, ලෝකයේ සමස්ත බොරතෙල් වෙෙළඳාමෙන් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු වන බැවිනි. මැදපෙරදිග තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වන්නේ සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මේ රටවලින් නිෂ්පාදනය වන තෙල් එළියට එන්නේ; එසේත් නැතිනම් ජාත්‍යන්තර වෙළෙඳපොළට එන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. එපමණක් නොව, ලෝකයේ ද්‍රව ස්වාභාවික වායු (එල්.එන්.ජී.) වෙෙළඳාමෙන් සියයට 20 ක් පමණ ද මෙම සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට යයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලෝක බලශක්ති සැපයුමේ ජීවනාලිය යැයි කීවොත් නිවැරදිය. මෙය මැදපෙරදිග කලාපයේ පිහිටි භූගෝලීය වශයෙන් ඉතා වැදගත්, ස්වාභාවික පටු ජල මාර්ගයකි. පර්සියානු ගල්ෆ් කලාපය ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමග මෙය සම්බන්ධ වෙයි. ඉරානය පිහිටන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ උතුරු දෙසිනි. ඉරානයට අයත් දූපත් කිහිපයක් ද සමුද්‍ර සන්ධිය තුළ ඇත. හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු දෙසින් එක්සත් අරාබි එමීර් සහ ඕමානයේ මුසන්දම් අර්ධද්වීපය පිහිටා ඇත. මුසන්දම් අර්ධද්වීපය ඉතා කඳුකර ප්‍රදේශයක් වන අතර, එය සමුද්‍ර සන්ධියේ පටුම කොටසට ආසන්නව පිහිටයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානයේ පළල කිලෝමීටර් 33ක් පමණය. කෙසේ වෙතත්, නැව් ගමනාගමනය සඳහා භාවිත කරන නාවික මාර්ගයේ පළල ඊටත් වඩා පටුය. මෙම මාර්ගයේ පැමිණෙන සහ යන නැව් සඳහා වෙන වෙනම මංතීරු ඇති අතර, එක් එක් මංතීරු කිලෝමීටර් 3 ක් පමණ පළලය. මෙම මංතීරු අතර කිලෝමීටර් 3 ක් පමණ පළල මධ්‍යස්ථ කලාපයක් ද ඇත. සමුද්‍ර සන්ධිය ප්‍රමාණවත් තරම් ගැඹුරු වන අතර, ලෝකයේ විශාලතම බොරතෙල් ප්‍රවාහන නෞකාවලට පහසුවෙන් එහි යාත්‍රා කළ හැකිය. හෝමූස් සමුද්‍ර සන්ධියේ ගැඹුරුම කොටස ඕමානයේ මුසන්දම් අර්ධද්වීපය ආසන්නයේ දක්නට ලැබෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සහ ගෑස් ප්‍රවාහනය නොවන්නට, මැදපෙරදිග රටවලට විවෘත මුහුදට පිවිසීමට වෙනත් විකල්ප මාර්ග නොමැති තරම්ය. එබැවින්, එය ගෝලීය බලශක්ති සැපයුම සඳහා අත්‍යවශ්‍ය මාර්ගයකි. ආසියානු රටවල් වන ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් ලබා ගන්නා ප්‍රධානම ගමනාන්ත වෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ එහි නාවික ගමනාගමනයට බාධා කිරීම, ගෝලීය ආර්ථිකයට සහ බලශක්ති වෙළෙඳපොළට විනාශකාරී බලපෑමක් ඇති කරයි. එය සුළුවෙන් තැකිය නොහැකිය. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන්, සිදුවිය හැකි ප්‍රධාන ප්‍රතිවිපාක කිහිපයකි.
සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ගෝලීය තෙල් සැපයුම ක්ෂණිකව අඩාල වන අතර, එය තෙල් මිල අතිශයින් ඉහළ යෑමට හේතු වනු ඇත. සමහර විශ්ලේෂකයන් බිය පළ කර ඇත්තේ, තෙල් බැරලයක මිල ඩොලර් 80 ත් 90 ත්, සමහර විට ඩොලර් 100 ඉක්මවා යෑමටත් ඉඩ ඇති බවය. මෙය ලෝක ආර්ථිකයට දැඩි අස්ථාවරත්වයක් ඇති කරනු නිසැකය.
තෙල් සහ ගෑස් සැපයුම අඩාල වීමෙන් ලොව පුරා බලශක්ති අර්බුදයක් ඇති වීමට ඉඩ තිබේ. බොහෝ රටවල් තම බලශක්ති අවශ්‍යතා සඳහා මෙම සමුද්‍ර සන්ධිය මත යැපෙන බැවින්, මෙය කාර්මික නිෂ්පාදනයට, ප්‍රවාහනයට සහ එදිනෙදා ජීවිතයට දැඩි බලපෑමක් කරයි.
ඉහළ යන තෙල් මිල ගණන් උද්ධමනය තවදුරටත් ඉහළ දැමීමට දායක වනු ඇත. මෙය ගෝලීය ආර්ථික වර්ධනයට බාධාවක් වී, බොහෝ රටවල් ආර්ථික වශයෙන් පීඩාවට පත් වේවි යැයි ජගත් විශ්ලේෂකයන්ගේ අදහසය. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල ආර්ථිකය තෙල් අපනයනය මත රඳා පවතින බැවින්, ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය ද දෙදරීමකට ලක් වනු නිසැකය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් යුදමය ගැටුම් ඇතිවීමේ අවදානම සහ ආතතිය වැඩි කරනු නිසැකය. කලාපයේ ස්ථාවරත්වය සඳහා බොහෝ රටවල් සෘජුවම සම්බන්ධ වන බැවින්, ඕනෑම බාධාවක් විශාල ගැටුමකට තුඩු දෙනු ඇතැයි ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් හෝ ආරක්ෂක අවදානම් වැඩි වීමෙන් නාවික ගාස්තු සහ රක්ෂණ ගාස්තු විශාල ලෙස ඉහළ යනු ඇති අතර, මෙය ජාත්‍යන්තර වෙළෙඳාමට සහ සැපයුම් දාමයන්ට අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමට සමත් වෙයි
ඉරානයත්, ඊශ්‍රායලයත් අතර සතියකට වැඩි කාලයක් තිස්සේ පැවැති ගුවන් ප්‍රහාර දිනෙන් දින ඉහළ යයි. ඉරානයට පාඩමක් උගන්වන්න ඕනෑ ඉරානය පරමාණු බෝම්බ හදන්න උත්සාහ ගන්නවා යැයි චෝදනා නගමින්, ගජ මිතුරා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද සමග එක් වී, සමස්ත ලෝකයේම ආරක්ෂාව ගැන සිතා, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, පසුගිය 21 වැනිදා ඉරානයට පහර දීමට අණ කළේය.
ඒ අනුව, රේඩාර් මග හැර යා හැකි ඇමෙරිකන් හමුදාවේ බී2’ වර්ගයේ බෝම්බ හෙළන යානා 7 ක් යොදා ගනිමින්, ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට පහර දී විනාශ කළේය. ඇමෙරිකන් ප්‍රහාර එල්ල වූයේ ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන ඉලක්ක තුනටය. මෙම ඉලක්කවල පිහිටියේ, න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ න්‍යෂ්ටික
පර් යේෂණගාරය. ඇමෙරිකාව ඔවුන්ගේ මෙම ප්‍රහාර මෙහෙයුම නම් කර තිබුණේ ‘රෑ මැදියම මිටි පහර’ යනුවෙනි.
(***)
බීබීසී ඇසුරිනි
ලුසිත ජයමාන්න
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හෝමූස් වැසුවොත් කුමක් වෙයිද?
randil dunuwille Tuesday, 24 June 2025 04:07 PM
ඔය ගැහුවේ මිටි පහර...