ලෝකයේ ගිනිකඳු පුරාණය දෙස එබී බලන කල රාවණ යුගයේ ලංකාවේ ගිනි කන්දක් තිබුණු බවට මත පළවී තිබේ. අප සමනල අඩවියට යමු. සමනළ කන්දේ සිට බලන විට නුදුරින් පේන කුණුදිය පර්වතය රාවණ යුගයේ පිහිටි ගිනි කන්දයි. නමුත් මේ ගිනි කන්ද දැන් සාමාන්‍ය කන්දකි. එය නිහඬ කන්දක් වූයේ කෙසේද?
රාවණ යුගයේ මෙම පර්වතයෙන් නිතර ලෝදිය හෙවත් ලාවා ගලා තිබේ. කන්දෙන් ලාවා ගලනු දුටු මරිචි රාක්ෂයා රාවණ රජු හමුවට ගොස් මේ පිළිබඳව දන්වා ඇත. රාවණ එහි පැමිණ යාගයක් සිදු කොට ඇත. එම යාගයෙන් ලෝදිය උණු දිය බවට පත්ව තිබේ. ඉන් පසුව මෙම කන්ද උණුදිය පර්වතය යැයි ජන ව්‍යවහාර ගත විණ. පසුව කාලයත් සමග අද කුණුදිය පර්වතය ලෙස ජනගතවී තිබේ.
එදා මේ ගිනි කන්ද පුපුරා ගියේ නම් මුළු සමනළ අඩවියම විනාශ වෙන්නට ඉඩ තිබිණි. ගිනි කන්දේ දැඩි රශ්මිය කරණකොට අවට පළාතේ ගෙවුඩ නම් මැණික් විශේෂය උපදින්නට ඇත. විශේෂයෙන් සමනළ අඩවිය හා රුවන්පුර අවටින් ගෙවුඩ මැණික් හමුවන්නේ රාවණ යුගයට නෑකම් ඇති කුණුදිය පර්වතයේ වූ ගිනි කඳු ලක්ෂණ නිසාය.
සමනල රුව කොටා ඇති සමනළ කන්ද
ගවරගෙ රුව ඇති ගවර ගිරි කන්ද
ලෝදිය එදා ඉතිරුණු උණුදිය කන්ද
මරිචිගෙ වාස භවනය බෑනගෙ කන්ද
ඉහත කවිය පැරැුණි පුස්කොළ පොතකින් උපුටා ගත්තකි. රාවණ රජ සමය සමනළ අඩවිය සමග සුහද නෑයෙකි. රාවණ රජතුමා නිරතුරුව සමනළය හා අවට කඳුවල සැරිසරා ඇත. මරිචි රාක්ෂයා යනු රාවණගේ බෑනාය. බෑනා සිටි නිසා බෑනා සමනළයටද ඔහුගේ වාස භවන ගිනි කන්දෙන් ආරක්ෂා කර දෙන්නට උණුදිය පර්වතයටද රාවණ පැමිණෙන්නට ඇත.
මරිචිට කළ නොහැකි වූ ගිනි කන්ද නිහඬ කිරීම ඔහු රාවණට පවරා තිබේ. රාවණ බෑනා වෙනුවෙන් බෑන සමනළයට ගොස් එතැනින් උණුදිය පර්වතයට පැමිණ ගිනිකන්දේ ලෝදිය ගැලීම නතර කරවා ඇත.
මෙම කාර්යය රාවණ රජතුමා විසින් සමනළ අඩවියේ වාස භවනය සඳහා කළ උදාර මෙහෙවරකි. මෙය ගිනිකන්දක් ලෙසම පැවතිණි නම් එහි තර්ජනය බරපතළ අන්දමින් අවට ප‍්‍රදේශ කෙරේ බල පාන්නට තිබිණි.
තවත් අතෙකින් රාවණ රජතුමා තම බෑනණුවන් වෙනුවෙන් කළ උපකාරයකි.
මරිචි රාක්ෂයා රාවණ චරිතය ළඟ නිතර ගැවසුනෙකි. ඔහු රාවණගේ සමීප ආරක්ෂකයකු සේම සීතා දේවිය පැහැරගෙන ඒම සඳහාද රාවණ හා ගිය අයෙකි.
උණුදිය පර්වතයට එහායින් ඇති ගවරගිරි කන්දේ මහා මැණික් නිධානයක් ඇති බව කියැවේ. පැරැුණි පුස්කොළ පොත්හි සඳහන් වන ආකාරයට ගවරගිරිය මැණික් බැංකුවකි. එතරම්ම මැණික් ගොඩක් වසා ගත්තකි. නමුත් මේ නිධානය සුරකින බලවේග රාශියක් වෙයි. එයින් ප‍්‍රධානියා රාවණ සමයෙහි විසූ ගව රාක්ෂයාගේ භූත ආත්මයයි. මේ ගවර භූතයාගේ ශරීරය මනුෂ්‍ය ස්වරූප ගනී. හිස ගවර ස්වරූපයේය.
පැරණි තොරතුරුවල සඳහන් ආකාරයට ගව රාක්ෂයාගේ භූත ආත්මය දඩයම්කරුවන්ට මුණ ගැසී තිබේ. එම ප‍්‍රවාද තොරතුරු අනුව ගව රාක්ෂයාගේ ස්වරූපය පැහැදිලිව හඳුනාගෙන තිබේ.
කෙසේ නමුත් අදටත් සමනල අඩවියට ගව රාක්ෂයාගේ භූත ආත්මයේ බලපෑම තිබේ. විශේෂයෙන් ගවරගිරියේ මැණික් නිධන් සෙවීම ගවර භූත ආත්මය ඇති කල්ම පහසු කාර්යයක් නොවනු ඇත.
තවදුරටත් ගත් විට එදා සමනළ අඩවියේ පූර්ණ පාලන බලය තිබී ඇත්තේ මරිචි නම් රාක්ෂයාටය. මරිචිගේ භූගත මාළිගාවක් බෑන සමනලයේ තිබෙන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි. මෙය කන්දට යටින් නොව කන්ද අභ්‍යන්තරයේ ඇති බව පිළිගන්නා දෙයකි.
කුණුදිය පර්වතය නම් පැරැුණි ගිනි කන්දත් සමග තවත් ගිනි කඳු මෙරට තිබෙන්නට ඇතැයි සැක පහළ කළ හැකිය. කෙසේ වෙතත් ලංකාවේ ගිනි කඳු තිබුණා යන පණිවුඩය ලෝක ඉතිහාසය පැත්තෙන්ද නව මතවාදයකි. විශේෂයෙන් ගිනි කඳු පිළිබඳ පර්යේෂකයන්ටද අලූත් මග පෙන්වීමකි.
අවුරුදු 7500 කට එහා ලංකාවේ ඉතිහාසය ගොඩ ගන්නට කුණුදිය කන්ද අපූරු තැනෙකි. විද්‍යාඥයින්ට එහි ගොස් පර්යේෂණ ඇසුරින්ම මෙහි ඇත්ත නැත්ත තහවුරු කර ගන්නට හැකියාව තිබේ.
එදා පටන්ම කුණුදිය කන්ද පාමුල ජනාවාස නොවීය. පැරණි ජනාවාස කිසිවක් එම කඳු මුදුන් යටින් හමු නොවන්නේ මේ ගිනි කඳු බලපෑම නිසා බව මිරැුන්ඩෝ ඔබේසේකර මහතා සඳහන් කරයි.
ගවරගිරියේ පිහිටි මැණික් නිධානයට අමතරව මොරගහකන්ද ප‍්‍රදේශයම රාවණා යුගයේ ප‍්‍රධානතම නිධන් පිහිටි සීමාවකි. පැරැුණි පොත්වල සඳහන් වන ආකාරයට මොරගහකන්දේ රත්රන් පලතුරු බන්දේසියක් තිබී ඇත. කෙසෙල් ඇවරි, තැඹිලි කුරුම්බා, බෙලි මේ සියල්ල රනින් සාදා නිධන් කර තිබී ඇත.
ඒවාට අමතරව මොර ගෙඩි ප‍්‍රමාණයේ රත්රන් ගුලි ලක්ෂ ගාණක් මෙහි නිධන් කොට ඇත. රත්රන් මෙසේ නිධන් කරවූයේ රාවණ රජුට අවශ්‍ය වේලාවට ගැනීම සඳහාය. මෙසේ නිධන් කිරීම එකල බැංකු ක‍්‍රමයේ ලක්ෂණයකි. ගවරගිරිය මැණික් බැංකුව වෙද්දී මොරගහකන්ද රත්රන් බැංකුව වෙන්නේ මෙසේය. තවත් පැත්තකින් මොරගහකන්දට යාම සඳහා ලංකාවේ සිවු දෙසින්ම පොළොව යට උමං මාර්ග හතරක් තිබිණි.
දැනට ඉදිවන මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා අවට දිස්ත‍්‍රික්ක ගණනාවකට සුවිසල් බලපෑමක් වනු ඇතැයි ආචාර්ය මිරැුන්ඩෝ අනාවැකි ගෙනෙයි. ඉතිහාස තොරතුරු ඔස්සේ ඉදිරියට යද්දී රාවණ සමය රනින්ද මැණික්වලින්ද ආඩ්‍ය වූ සමයක් බව විශ්වාස කළ හැකිය.
රාවණ රජ කාලයේ තවත් පැත්තකට හැරෙමු.
එකල කෙනෙක් මිය ගිය විට අද මෙන් පෙට්ටිවල දමා වළදැමීමක් තිබී නැත. රාජකීයයෙක් මළද සාමාන්‍ය අයෙකු මළද එකම පිළිවෙළකට ආදාහනය කර තිබේ. දේහය රෙද්දක් ඔතා පසුව එය ගින්නට දමා අලූ කරවා තිබේ. එම මිනී අළු (භස්මාවශේෂ* මැටි භාජනවල බහා නැවත පොළොවෙහි නිධන් කරවා ඇත. ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරන පරිදි ඉබ්බන්කටුව ප‍්‍රාග් ඓතිහාසික සුසානය මෙවැන්නකි.
රාවණ යුගයේදී රට පුරා මෙවැනි සුසාන තිබෙන්නට ඇත. එක්කෝ භූ විෂමතා ලක්ෂණ නාය යෑම් භූකම්පන ආදිය නිසා පොළොවට තව තවත් වැසී යන්නට ඇත.
එකල කුඹල් කර්මාන්තය ඉතා විශිෂ්ටව පැවැති බවද ඉතා පැහැදිලි කාරණයකි. අවුරුදු දහස් ගණනක් එහා නටබුන් ගොඩ ගන්නා කල මැටි භාණ්ඩ වල වෙනස් වූ හැඩ තලයන් ඇති භාණ්ඩ කොටස් අපට හමුවේ. අවුරුදු 7500 කට එහා තිබුණු විශිෂ්ට කුඹල් කර්මාන්තය මේ ඔස්සේ අපිට තවත් ගොඩ ගත හැකිය. ආදී මානවයෝ පස් හාරා ජලය මිශ‍්‍රකොට මැටියෙන් නිෂ්පාදන කිරීම ගැන මනා අවබෝධයක් තිබුණු අය බව අද පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
මරණයක් සිදු වුවද මිනී අළු බහාලූයේ එවැනි මැටි මුට්ටි වලය. අපේ රටේ පොළොව හාරා ගියොත් ශ්‍රේෂ්ඨ රාවණ ඉතිහාසය සහමුලින්ම ස්ථාවර කර ගත හැකි බව ආචාර්ය මිරැුන්ඩෝගේ අදහසය.
රාවණ රජතුමාගේ අග බිසොව මන්දෝදරී බිසව හැටියට සඳහන් වේ. රාවණට ඇයව හමුවී ඇත්තේ දඩයමට ගිය විටකය. රාවණ ඇයට ආදරයෙන් බැඳී ඇත. රාවණ හා මන්දෝදරීගේ සම්බන්ධතාවය බිඳින්නට මන්දෝදරීගේ පියා වූ මයදානව කටයුතු කර නැත. පසුව රාජකීය උත්සවයක් පවත්වා ඔවුන්ගේ විවාහය පවත්වා තිබේ.
එකල අවමංගල චාරිත‍්‍රය එකම ආකාරයට සුළු සුළු වෙනස් කම් සහිතව සිද්ධ කෙරුණත් විවාහ චාරිත‍්‍රවලදී රාජකීය විවාහ තුළ විශේෂ ලක්ෂණ දකින්නට තිබේ.
රාජකීය විවාහ උත්සව සියලූ පාර්ශ්ව කැඳවා උත්සවාකාරයෙන් නෑ සංග‍්‍රහ පවත්වා දින කීපයක් මුළුල්ලේ සිද්ධ වී තිබේ. රාවණ රජු මන්දෝදරීව විවාහ කරගත්තේද එවැනි විශේෂ උත්සව ලීලාවෙනි.
(යක්ෂ නාග රාක්ෂ ගන්ධබ්බ* ආදී සාමාන්‍ය පන්තියේ පවුල් වල අය උත්සව නොපවත්වා විවාහ වීම් සිද්ධ කෙරී තිබේ. එනම් තමන් කැමැති සහකාරිය සහකාරයාගේ ගෙට කැන්දාගෙන ඒමයි. මේවා වැඩිහිටියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන්නට ඇත. නමුත් අද ලාංකීය සංස්කෘතිය අනුව මෙකී විවාහ සිරිත පහත් මට්ටමේ එකකි. අද සමහරු මෙයටම පැන ගියා යැයි කියති. එකල වැඩි වශයෙන් පැවැතී ඇත්තේ මෙකී විවාහයන්ය.
ඉහත දක්වන ලද තොරතුරු අනුව රාවණ යුගය දියුණු මෙන්ම සමහර තැන්හි යම් යම් අඩු ලූහුඬුතාද දක්වන පරිච්ෙඡ්දයකි. ඉබ්බන්කටුව පුරාණ සුසානයෙන් ඔබ්බට තවත් මෙවැනි සුසාන රාශියක් මේ පොළොවේ වැළලී තිබේ. දියුණු ශිෂ්ටාචාරයක දියුණු මිනිසුන්ගේ නාගරික ලක්ෂණ සීගිරිය, ඉබ්බන්කටුව, හස්තිශෛලපුර, මාතලේ, ලග්ගල මහ පොළොව යට හාරා ගියොත් මුණගැසේ. එම විචිත‍්‍රවත් ඉතිහාසය සොයා ගැනීමේ ළදරු අවධිය තවමත් අපට ගතවේ. එහි තාරුණ්‍ය උදාවන දිනෙක ”රාවණ රජු” ලංකා ඉතිහාසයේ ”මහා රජු” යන කිරුළ දෙන්නට කවුරු කවුරුත් පෝලිම් ගැසෙනු ඇත.
රතන් ටාටා මානව ගුණාංගවලින් පරිපූර්ණ අද්විතීය මිනිසෙකි. ඔහු අසීමිත ලෙස ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට ආදරේ කළ අයෙකි. ඉන්දියාව ද ඔහුට පෙරළා ආදරය කළේය. රතන්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බ
නොවැම්බර් 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) අවසන් විය.
ආසියාවේ උසම කුලුන වශයෙන්ද සලකනු ලබන නෙළුම් කුලුන දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා මෙම සංචාරක මධ්‍යස්ථානය මරණ මංචකයක් බ
මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ 24 වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මේ වනවිට ශ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමනළ කන්දට යාබදව එදා ගිනි කන්දක්
මැටිපහන Monday, 06 October 2014 12:28 PM
ප්‍රසාද් මහතා වැනි බොහෝ දෙනෙක් මේ රාවණා කතාව ගැන උනන්දු වෙනවා. මේ රාවණා කතාව නිසා හැබැයි ලංකාවට එක වාසියක් වෙලා තියෙනවා. මොකද රාමායනයට සම්බන්ධ තැන් බලන්න හින්දු සංචාරකයින් ගොඩක් එන නිසා. (නි).
ප්‍රභාෂ් කුලරත්න Tuesday, 30 September 2014 08:07 AM
සෙනරත් මේ මොනවා කතා කරනවද. කොහෙද දැන් සමනල කන්දේ නිදන්. (දී)
ලලිත් Tuesday, 30 September 2014 08:36 AM
ලංකාවෙත් ගිනිකඳු තිබ්බාද (දී)
ඉන්ද්‍රජිත් Tuesday, 30 September 2014 08:53 AM
මම අහල තියෙන විදිහට කාශ්‍යප බුදුහාමුදුරුවෝ ශ්‍රීපාද කන්නද මුදුනේදී රවනා රජ්ජුරුවොන්ට ලංකාවතාර සුත්‍රය දේශනා කරලා තියෙනවා , එක නිසා තමයි රවන රජ්ජුරුවෝ බෞද්දයෙක් කියන්නේ. (දී)
සුපුන් මධුරංග Sunday, 05 October 2014 05:45 AM
ගිනිකන්දක් යට පොලව අනිවාර්යෙන් භූ තැටි දෙකක් සම්බන්ධ වෙනවා. ලංකාව තියෙන්නේ තැටි දෙකක් ගැටෙන තැනක නෙමයෙි. ඉතින් කොහෙද ගිනිකන්දක් හැදෙන්නේ. ලංකාව තියෙන්නේ ඉන්දු ඔස්ට්‍රේලියා තැටියේ මැද්දට වෙන්න. (නදී)
සුපුන් මදුරංග Sunday, 05 October 2014 06:07 AM
මැණික් හැදුනේ රාවනාගේ කාලේ ගිණි කන්දෙන් කියා තියෙනවා. මැණික් කියන්නේ විපරිත පාෂාණයක්. පාෂාණය විපරිත වෙලා එ්ක හැදෙන්නේ. එහෙම වෙන්න වසර මිලියන 5 කට වැඩිය යනවා. ලංකාවේ මැණික් හැදුනේ ඒ විදියට. ඉතින් කොහොමද මහත්තයෝ රාවණාගේ කාලය ඒකට සම්බන්ධ වෙන්නේ? (නදී)
ලසිත් Tuesday, 30 September 2014 09:48 AM
දැන් ඉතින් කට්ටිය ඔය පළාතේ නිදන් හොයයි (දී)
සුපුන් මදුරංග Thursday, 09 October 2014 03:30 PM
අපේ රජවරු කරපු දහසක් වෙහෙර විහාර, වැව් අමුණු ටිකට ආදරයක් නොකරන උදවිය තමා මේ කොහෙවත් නැති රාවණ රජෙක් ගැන හොයන්නේ. .දඩුමොනරු හොයන්න කලින් තියෙන පුරාවස්තු ටික ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් ගැන කතා කරොත් නරකද? (නදී)
කිංස්ලි පෙරේරා-බහරේන් Wednesday, 01 October 2014 07:42 PM
මේක ඇත්තටම හොඳ ලිපියක්. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපේම හදවතට තට්ටු කරලා ඇසිය යුතු කරුණු කීපයක් තියනවා.මාත් මේවා දැනගත්තේ මෙහෙට ආවිටයි. දැන් බලාගෙන ගියාම අපි ලැජ්ජා වෙන්න ඕනෑ. ලංකාවේ හිටි දියුණු ශිෂ්ටාචාරයක ප්‍රබල රජෙක් අපේ ලංකා ඉතිහාසයයෙන් අමතක කර දැමූ එක ගැන. (නි)
රොෂාන් Tuesday, 30 September 2014 10:49 AM
වෑද්දන් අදත් සමන් දෙවියන්ට ඊතල මානනවා කියල අහලා නෑත්ද්? රත්නපුර කලවාන පහූනාම සමන් දේවාලයේ උත්සවය පවත්වන වෙලාවට වෑද්දන් ඊතලයක් සමන් දෙවියන්ට විදින්න උත්සහ කරනවා. ඒකට හේතුව දේව ගෝත්‍රකයන් රට පාලනය, කලේ සමන් දෙවියෝ කියන්නේ දේව ගෝත්‍රිකයෙක් නිසයි ඔය ශ්‍රී පාදය අවට කන්දක ලාවා ගෑලීම නිසා වෑද්දන් යක්ශ ගෝත්‍රිකයන් ශ්‍රී පාද අඩවියෙන් මහියන්ගනයට සමන් දෙවියන් යවපු කේන්තිය නිසයි ඊතලයක් අදත් මානන්නේ මම අහල තියෙන දෙයක්. (ස)
ඉෂාන් Tuesday, 30 September 2014 11:13 AM
දැන් ඉතින් නිධන් ටික ඉවරයි (දී)
සෙනරත් Monday, 29 September 2014 03:38 PM
සමනල කඳු අඩවිය පුජනීයත්වයට පත් වුයේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශවය ලැබූ පසුවය. එනම් වසර 2500 ක් තරම් කාලයකට පෙරය. එයට පෙර එනම් වසර 7500 කට පෙර එම කන්දට ආරක්ෂාව සැපයීම සඳහා අසල තිබුණු ගිනි කන්දක් නිවා දැමීමට තරම් උවමනාවක් රාවණ රජුට ඇති උනේ ඇයි? තම බෑනාගේ නිවස රැක දීමටද? කුමක් උනත් නිදන් හොරුන්ගෙන් මීට පස්සේ සමනල කන්ද රැක ගන්න පොලීසියට පහසු වෙන එකක් නැහැ. (දී)
ලියොන් ගුණවර්ධන Thursday, 20 November 2014 11:29 PM
වීරවිකුම් පෑ රාවණා නිරිඳුන් ගැන යටත් පිරිසෙයින් මෙම පිටුවේ පළවූ එක් ගවේෂණාත්මක ලිපියත්වක් කියෙව්වේ නම් මෙවැනි මෝඩ අදහස් සමහරුන් දක්වන්නේ නැත (නි)
සංජය Saturday, 11 October 2014 06:18 AM
ලෝකයේ සිද්දවෙලා තියෙන සිදුවෙන හැමදෙයක්ම විද්‍යාවෙන් අර්ත දක් වන්නවත්, පැහැදිලිකරන්නවත් පුලුවන් තරමට විද්‍යාව දියුනු වෙලා නැහැ (නදී)
සංජීව Saturday, 04 October 2014 01:39 AM
මේකේ දාලා තියෙන අදහස් දිහා බැලුවම මේ වෙන දේවල් ගැන පුදුමයකුත් නැහැ (නි)
සෙනරත් Wednesday, 01 October 2014 09:23 AM
මැටිහන, ඔබ හරියටම හරි. ඉන්ද්‍රජිත්, කාශ්‍යප බුදුන් වැඩ සිටියේ දැනට වසර කල්ප ලක්ෂ ගනනකට පෙරය. එදා බන ඇසු රාවන රජ තුමා දැනට වසර 7500 කට පෙර තරම් මතක් වනතුරු ජීවත්ව සිටිය යයි ඔබ හිතනවද? නැත්නම් අපට විතරක් එහෙම හිතා ගන්න කියල කියනවද? (ස)
රොෂාන් Tuesday, 30 September 2014 11:51 AM
වෑද්දන් අදත් සමන් දෙවියන්ට ඊතල මානනවා කියල අහලා නෑත්ද්? රත්නපුර කලවාන පහූනාම සමන් දේවාලයේ උත්සවය පවත්වන වෙලාවට වෑද්දන් ඊතලයක් සමන් දෙවියන්ට විදින්න උත්සහ කරනවා ඒකට හේතුව දේව ගෝත්‍රකයන් රට පාලනය කලේ සමන් දෙවියෝ කියන්නේ දේව ගෝත්‍රිකයෙක් නිසයි ඔය ශ්‍රී පාදය අවට කන්දක ලාවා ගෑලීම නිසා වෑද්දන් යක්ශ ගෝත්‍රිකයන් ශ්‍රී පාද අඩවියෙන් මහියන්ගනයට සමන් දෙවියන් යවපු කේන්තිය නිසයි ඊතලයක් අදත් මානන්නේ මම අහල තියෙන දෙයක් මේක (දී)
ලියොන් ගුනවර්දන Friday, 21 November 2014 01:00 AM
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මැතිතුමාගේ සාදක සහිත මත දක්වමින් සකස් කර ඇති මෙම ලිපියෙන් රාවනා යුගය ගැන පමණක් නොව එදා විසු හෙළයන්ගේ උසස් සංස්කෘතිය ගෙනත් භූ ගතවී ඇති අගනා වස්තුන් ගැනත් ලොවට හෙලි කලොත් එදා ලාවා වලින් වැළලුනු පොම්පේ නගරය මතුකිරීමට සමත්වූ පුරාවිද්‍යාඥයන්ගේ සේවය ලබාගත හැකිවේ. එසේ ලබා ගතහොත් උසස් සිරිත් අනුගමනය කරනු ලබන බුද්ධිමත් ජනතාවක් එකල සිටි බවත් වැටහේවි (නදී)
ඉන්ද්‍රජිත් Tuesday, 30 September 2014 12:07 PM
වැද්දෝ ඊතල මානනවා කියන්නේ කතරගම දෙවියන්ට මම අහල තියෙන විදිහට, කතරගම දෙවියන්ගෙයි වල්ලි අම්මගේ ප්‍රේමයට විරුද්ද වෙච්ච නිසා. (දී)
ගුණතිලක Tuesday, 30 September 2014 05:18 AM
රවනාට මොකුත් කියන්න එපා (දී)
අජිත් Tuesday, 07 October 2014 02:20 PM
කොහෙන් ගියත් කැරකිලා එන්නේ එක තැනකටමනේ! (නි)
ප්‍රසාද් Saturday, 04 October 2014 03:52 PM
පළමුවෙන්ම මම කැමතියි මැටිපහන මහත්මයට උත්තර දෙන්න. මුලින්ම ඔබතුමා ලංකාවේද ඉපදුනේ කියලා හොයලා බලන්න. ඊටපස්සේ මේ ලිපි වල තියෙන තැන් වලට ගිහිල්ලා බලන්න. ඔබතුමා බුද්ධිමතෙක් නම් ඊටපස්සේ මේ වගේ මෝඩ කතා කියන්නේ නැහැ. මේ තමයි අපේ රටේ ඉතිහාසය ගැන තියෙන දැනුම. මැටිපහන මහත්තයත් මීටපස්සේ අපි වගේ තමන්ගේ නිවැරදි නම පාවිච්චි කරන්න. (නි)
කිත්සිරිමෙවන් Tuesday, 07 October 2014 09:14 AM
පහන් මහත්මයා, ඔබට මැටි කියා ඉදිරියට නම් ලැබී තිබෙන බව ඇත්ත. නමුත් එ්ක හැම තැනම ප්‍රායෝගිකව ඔප්පු කරන්න යන එක පවුලේ නම්බුවට හොඳ නෑ නේද. තේරෙන භාෂාවෙන් කියනවා නම් රාවනා කොහොමද හින්දු උනේ? (නදී)
මැටිපහන Tuesday, 30 September 2014 06:36 AM
මම නම් රාවණට මොකුත් කියන්නේ නැහැ මොකද එයා හින්දු ආගමේ එක චරිතයක්. එහෙම කෙනෙක් හිටියේ නෑ කියල නිකන් මොකටද ලෙඩ දාගන්නේ. දැන් යන විදියට එහෙම නෑ කියල පරිප්පු කන්න වෙන්නේ දෙගොල්ලකගෙන්. එක කණ්ඩායමක් තමයි හින්දු ආගම අදහන කට්ටිය. අනෙක් කණ්ඩායම තමයි ලංකාවේ රාවනා ප්‍රොමෝට් කරන කණ්ඩායම. (දී)
මැටිපහන Wednesday, 08 October 2014 04:34 AM
කිත්සිරි මෙවන්, ඔබ ප්‍රසාද් මහතා වගේ කෙනෙක් නෙමෙයි වගේ. හැබැයි ඔයාලා දෙන්නම මේ ගජබින්න පස්සේ යන බව නම් සහතිකයි. රාමායනය කියවලා තියෙන කෙනෙක් හැටියට මම මේ කියන්නේ. රාවණ නැත්නම් රාමායනය ලියන්න බැහැ. ඔබ අසා ඇතිනේද ලංකාවේ තියෙන රාමායනයට සම්බන්ද තැන්. ඒවා බලන්න ගොඩක් හින්දු භක්තිකයෝ ලංකාවට එනවා. විශේෂයෙන්ම ඉන්දියාවෙන්. මේකට කියන්නේ "රාමායන ටුවරිසම්" කියල. ලංකාවේ ආයතන ගණනාවක්ම තියෙනවා මේක ඉන්දියාව ඇතුලේ ප්‍රමෝට් කරන. කොහොම වුනත් ඔබගේ ප්‍රශ්නයට උත්තරේ තමයි, ප්‍රබන්දයට අනුව මට තේරුණු විදියට එයා හින්දු කෙනෙක්. ගනුදෙනු කරන්නේ ලොකුම දෙවිවරු එක්ක. එයාගේ බලය අසීමිත ලෙස වැඩි කරගන්නවා ඔය ලොකු දෙවිවරු එක්ක තියෙන සම්බන්දකම්/වරයන් පාවිච්චි කරලා. කොහොම හරි කතෘට ඕන වුන එයාව සතුරාගේ චරිතය බවට පත් කරන්න. ඉතිරි ටික දැනගන්න ඕනනම් ඔබම පොතක් අරන් කියවන්න. එතකොට ඔබට තේරේවි (නදී)
චාන්දි Thursday, 26 September 2019 10:39 AM
අද වෙනකොට නැවක්, ගුවන් යානයක් සජීවීව දකින්න නොලැබුණානම් කවුරුත් ඒක විශ්වාස නොකරාවි. ඒ වගේම තවත් අවුරුදු 5000 ක් ගිය තැන අද මේ තියෙන තාක්ෂණික දියුණුව එදාට ජීවත් වෙන කවුරුත් පිළි නොගනීවි. ඒ නිසා සියල්ල අතිශයෝක්තියෙන් බැහැර කරන්න එපා.