03_SLTK_P6_Back   

 

රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ආදීන් දඩයම් කර මාසය දෙක ඉක්ම යමින් තිබිණි. එහෙත් උදාවෙන හැම දවසම හමුදා ලැයිස්තුවේ දඩයම් කළ යුතු සාමාජිකයන් වෙනුවෙන් මෙහෙයුම් සිදුවෙමින් තිබිණි. විජේවීර - ගමනායක අවසන් කළාට ජ.වි.පෙ. නිහඬ යැයි ආණ්ඩුව හිතුවේම නැත. ඒ නිසා දේශපාලන මණ්ඩලයම සංහාරයක් ලෙස අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබිණි. පසු කාලීනව සමන් පියසිරිලා, ශාන්ත බණ්ඩාරලා, ලලිත් විජේරත්නලා ඝාතනය වෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

 

i
විජේවීරගේ ඝාතනයෙන් පසු ජ.වි.පෙ විසින් තම නිල නොලත් නායකයා ලෙස එකහෙළා පිළිගත්තේ ශාන්ත බණ්ඩාර සහෝදරයාය. නායකත්වය භාර ගන්නවාට වඩා වැඩි යමක් මේ මොහොතේ පක්ෂය වෙනුවෙන් කරන්නට ඇති බව ශාන්ත දැන උන්නේය.


පාවා දෙන්නන් කරළියේ සිටි නිසා ජ.වි.පෙ. සටන ‘දියාරු’ වන මොහොතක ශාන්ත, ලලිත්, සමන්ලාට වගකීම හොබවන්නට සිදුවිය. විජේවීර - ගමනායක ඝාතනවලින් පසු පාවාදීම් සිය දහස් ගුණයකින් වැඩි වූ බව පෙනෙන්නට ඇති දෙයකි. ඇතැම් විට සිරගතව සිටියවුන් පමණක් නොව අත්අඩංගුවට පත්වූ අයත් ලෙහෙසියෙන්ම තෝරාගත්තේ පාවාදී මරණයෙන් ගැලවී යාමය. එහිදී තමන් පාවා දෙන්නේ සමන් පියසිරිද, නැත්නම් ශාන්ත බණ්ඩාරද යන වගක් ඔවුන්ට නොවිණි. එකම අපේක්ෂාව වූයේ ආණ්ඩුවේ හමුදාව ඉල්ලන තොරතුරක් දී තමන් නිදහස් වීමයි.


ශාන්ත අත්අඩංගුවට පත් වෙන්නේ ඉළුක්කුඹුර විසින් ඇස් පනාපිට කළ ඓතිහාසික පාවා දීමක ප‍්‍රතිඵලයක් උඩය.


ඉළුක්කුඹුර යනු 1989 දී ජ.වි.පෙ හි රත්නපුර දිස්ත‍්‍රික් සන්නද්ධ නායකයාය. ඔහුට පෙර එම තනතුර දැරූ වික්ටර්, ශාන්ත බණ්ඩාරගේ සියලූ තොරතුරු දැන සිටි පුද්ගලයාය. ඉළුක්කුඹුර කළේ ‘‘වික්ටර්’’ ව හමුදාවට හඳුනාදීමය. එතෙක් සොරෙක් ලෙස පෙන්වා මත්තේගොඩ කඳවුරේ සිටි වික්ටර් දිස්ත‍්‍රික් සන්නද්ධ නායකයකු බව ඉන් පසු තහවුරු විය.


ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් මත ශාන්ත බණ්ඩාර සිටින තැන වික්ටර්ට සැඟවිය නොහැකි විය.


කියපන්... උඹ දන්නවා ශාන්ත ඉන්න තැන. මත්තෙගොඩ කඳවුරේ උඩු මහල දෙදරමින් තිබිණි.‘අවසානයේ මම ශාන්ත ඉන්න තැන පෙන්වන්නම්’ වචන දෙක තුන පිට වෙන විටත් වාහන කීපයක් සූදානම් වෙමින් තිබිණි.


පැය කීපයක ගමනකින් පසු ශාන්ත බණ්ඩාර නිවිතිගල උඩකරවිටදී අත්අඩංගුවට පත්විය.


හමුදාව සමග එන වික්ටර් දැකපු ගමන් ශාන්ත කලබල වුණේ නැත. මරණය ළඟටම ඇවිත් බව ශාන්ත කල්පනා කළේය. ඔහු වික්ටර් දෙස බලා සිනාසි, ‘‘ඇයි මල්ලි මෙතන්ට ආවේ...?’’ යන ප‍්‍රශ්නය පමණක් ඇසීය. ඊට වඩා කිසිවක් වික්ටර්ට හා ශාන්තට කතා කිරීමට නොහැකි විය. ශාන්ත රැුගත් වාහන පෙළ මත්තේගොඩ කඳවුරට ළඟාවිය.


එතැනින් එහා ශාන්ත බණ්ඩාරට වූ දේ ගැන යම් විස්තරයක් වීරරත්න අලූත්වත්ත සහෝදරයා දනී. ඔහු 1988 - 89 යුගයේ බලංගොඩ සන්නද්ධ අංශයේ සිටි නායකයාය. බළංගොඩ සමන් මහත්තයාව එදා සිටි අයට මතක නම් ඒ සමන් මහත්තයා කියන කතාව ඔබට දැන් දිග හරිමි. බළංගොඩ සමන් මහත්තයා (වීරරත්න අලූත්වත්ත* හමුදා අත්අඩංගුවට පත් වුණේ 1989 නොවැම්බර් 18 වැනිදා රාත‍්‍රියේ කහවත්ත රෝහලේ තුන්වැනි වාට්ටුවේදීය.


මහ රාත‍්‍රියේම රෝහලට පැන්න හමුදා පිරිස වීරරත්නව ඩැහැ ගෙන කම්බි වැටෙන් එහාට විසි කළහ. කම්බි වැට අනික් පැත්තේ සිටි පිරිසක් වීරරත්නව අල්ලා වාහනයට විසි කළහ. ඔහු කෙළින්ම රැුගෙන ආවේ කහවත්තේ නීලගම පිහිටි හමුදා කඳවුරක් වෙතය. එතැනින් පසු ප‍්‍රශ්න කිරීම් ඇරැුඹිණි.


‘‘කියපන් ඇත්ත’’


ඒ වෙනුවෙන් නොදුන් වධයක් නැත. ෂොපින් බෑගයකට පෙට්‍්‍රල් දමා එය මූණේ ගැට ගැසූහ කරන්ට් ඇල්ලූහ.


සියලූ වධ දී ඊළඟට සමන්ව රැුගෙන ආවේ බළංගොඩ බුලත්ගම හමුදා කඳවුර වෙතය. එහි ‘‘මෝචරිය’’ නමින්, ප‍්‍රසිද්ධ ගොඩනැගිල්ලට සමන් මහත්තයා ඇතුළු කළහ. ලේ පැල්ලම්වලින්, අලූත් මිනී මස්වලින් පිළී ගඳගහන කාමරයේ මරණය අපේක්ෂාවෙන් හතර පස් දෙනෙක් බලා උන්හ. මෝචරියෙන් එළියට ගන්නා වේලාව මරණ මොහොත විය.

556

 


දවසක් මහ රාත‍්‍රියේ හමුදාවේ කැප්ටන් කෙනෙක් පැමිණ සමන් මහත්තයා සහ කීප දෙනෙකු එළියට ගත්තේය.


උඹලගෙ තවත් මහ එකෙක් අද ඉවර කළා. ඌට වෙඩි තිබ්බෙ මමයි. ඌ මට හිනාවෙලා උදව්වක් ඉල්ලූවා. ‘‘මම ඇහුවා මොකක්ද කියලා’’ එතකොට ඌ කියනවා, ‘‘මම පක්ෂයේ ස්ථාවරයේ ඉඳල මරුණ බව පක්ෂයේ අයට කියන්න කියලා.’’


ඌ තමයි ශාන්ත බණ්ඩාර.


ජ.වි.පෙහි නිල නොලත් නායකයා ඝාතනය කළ බව එදා ?ම අත්අඩංගුවේ සිටියවුන්ට හමුදාව දැනුම් දෙමින් තිබිණි. ඒ පණිවුඩය තුළ තිබුණු ගැඹුරුතම අරුත වූයේ, පාවා නොදී මරණය වෙත තමන් ළඟා වූ බවය.


මෝචරියේ සිටිය උන් හමුදා කපිතාන්ගෙන් එක ප‍්‍රශ්නයක් ඇසූහ.


ඇයි මේක මරන්න ඉන්න අපට කියන්නෙ?


ඔහු සිනා සී..


‘‘නෑ.. තොපි මරන්නෙ නෑ... සේරම මරල ඉවර කරන්නෙ නෑ.. උඹල මැරි මැරි ජීවත් වෙන්න ඉතුරු කරන ටිකක්..’’ කියමින් යන්නට ගියේය.


‘‘බුලත්ගම කඳවුරින් පසු මාව එක්ක ගියේ ඇඹිලිපිටියෙ කෑම්ප් එකකට. ඒ 1990 මැද. ඒ කෑම්ප් එකට ලංකාව හතරවටේම හිටපු නොමරන ලැයිස්තුවෙ අය ගෙනැත් හිටියා. මට එතැනදි වික්ටර් හම්බ වුණා. මම වික්ටර්ගෙන් ඇහුවා ‘ඇයි ශාන්තව දුන්නෙ කියලා’.


ඒ වෙලාවෙ වික්ටර් කිවුවා ‘‘මල්ලි මම කඬේක කකා ඉන්නකොට ඇල්ලූවෙ. මම කිව්වෙ හොරෙක් කියලා. ඉළුක්කුඹුර කළ දෙයින් මට ශාන්ත ගැන නොකියා ඉන්න බැරි වුණා කියලා’’ ඉළුක්කුඹුර තමයි අන්තිම කාලෙ හමුදාව එක්ක එකතුවෙලා අපේ මිනිස්සුන්ගෙන් හාර හාරා ප‍්‍රශ්න කළේ. අපේ අයට ගැහුවෙ. අපිට මාංචු දැම්මෙ බළංගොඩ සමන් මහත්තයා කියයි.


ඇඹිලිපිටිය කඳවුරේ සිටි විශේෂ කීප දෙනෙක් අතර අනුර ප‍්‍රියංකරද සිටියේය. ඔහු ඞී. එම්. ආනන්ද සහෝදරයාගේ රියදුරුය. ආනන්ද සිටි තැන හමුදාවට පෙන්වූයේ අනුරය. ඒ කතාව දවසක් අනුර ප‍්‍රියංකර සමන්ට කීවේය.


ඞී. එම්. ආනන්ද යන එන තැන් හොඳින් දැන සිටි අයෙක් හමුදා අත්අඩංගුවට පත්විය. ඔහු ‘‘කොළඹ රාජා’’ නම් විය. රාජා හමුදාවට කියා තිබුණේ.
‘‘ආනන්ද නිතරම ඇහැළියගොඩ එනවා’’ කියාය.


ඒ තොරතුරු අනුව රාජාද රැුගෙන හමුදාව දවස් ගාණක් ඇහැළියගොඩ මානාගෙන උන්හ.


ඞී.එම්. ආනන්දගේ කාර් එකේ අඩුපාඩු හදන ගරාජය තිබුණේද ඇහැළියගොඩය.


හමුදාව රාජා රැුගෙන එහිද ගියහ. ‘‘අසවලා ආවෙ නැද්ද ළඟදි’’ රාජා ගරාජයෙන් ඇසුවේය.‘ආවා... පෙරේදාද කොහෙද’ ඊට වඩා යමක් නැත. ඒ අනුව ඞී.එම්. ආනන්ද ආසන්න දින කීපයේ ඇහැළියගොඩ සැරි සරන බවට කිසියම් සහතිකයක් ලැබී ඇත.


ඒ අනුව නුදුරු දිනයක ඇහැළියගොඩ පාරේ එන ආනන්දගේ වාහනය කොළඹ රාජා පෙන්වීය.


‘‘ඔය එන්නෙ ආනන්දගෙ කාර් එක’ හමුදාව වාහනය ළං වන විටම එය වැටලූ බවට සංඥා නිකුත් කළහ. බිල්ලෙක් ලෙස පෙනීසිටි ‘‘රාජා’’ පක්ෂයේ තීරණාත්මක පුරුකක් පාවා දුන්නේය.


කීප දෙනෙක් වාහනයට එබී බැලූහ. එහි සිටියේ රියදුරු පමණි.


රාජා හමුදාව දෙස හැරී මේ ඩ‍්‍රැයිවර් ආනන්ද නෙවෙයි කීවේය.


රියදුරා මේ යන්නේ ඞී.එම්. ආනන්ද කොහි හෝ තැනක බස්සවා බව තහවුරු විය. 


ක්ෂණික මෙහෙයුමක් කළ යුතුව ඇත. අනුර ප‍්‍රියංකර රැුගත් වාහන ළඟම කඳවුරක් වෙත ගෙනයනු ලැබිණි.


හංගන්න බෑ. ඞී.එම්. ආනන්ද කොහෙද? පහරදීම්ද ඒ අතර සිදුවෙයි.


‘‘සර් මට ළමයෙක් ඉන්නවා. මාව මරන්න එපා.’’ අනුර පින්සින්ඩු වෙයි. ඇහැළියගොඩ අසවල් තැන ඉන්නවා.


අනුර කීවේ අතුරු කැලෑ බද පාරක තැනකි. තොරතුරු ගත් සැණින් හමුදාව ගොස් ඞී.එම්. ආනන්ද වට කළහ.


‘‘මට ආනන්ද සහෝදරයා ඉන්න තැන කියන්න වුණා. ඒක සිද්ධ වුණේ රාජා කළ වැඩෙන්.


අනුර ප‍්‍රියංකර, සමන්ට කී දෙයයි.


එදා අරගලය තනිකරම විනාශ වුණේ පාවා දෙන්නන්ගේ හෙළි කිරීම් මත බව අභ්‍යන්තරය පිරික්සන විට පැහැදිලිව පෙනේ.


විශේෂයෙන් පක්ෂයේ පහළ මට්ටමේ විශාල පිරිසක් මරණයෙන් ගැලවීම සඳහා පාවාදීම් කළහ. ඔවුහු පාවා දුන්නේ සටනට අත්‍යවශ්‍ය වූ තීරණාත්මක චරිත පෙළකි.


විජේවීරගේ මරණින් පසු සටන අවසන් යැයි සිතූ අයද මරණින් බේරීමට පාවාදීම සිදුකළහ.


එසේ පාවා දුන් විශාල පිරිසක් මරණයෙන් ගැලවී ජීවිත යදී.


අභිචාර් කියල කැප්ටන් කෙනෙක් ඇවිත් වික්ටර්ව ගෙනිච්චා. එයා ඉතාලියෙ ඉන්නවා කියල ආරංචියි. අනුර ප‍්‍රියංකරත් ඉන්නවා. ඉලූක්කුඹුරත් ඉන්නවා. සමන් මහත්තයා කියයි.


අපි මැරුණෙ නෑ. සටන දැකල, සටනෙ ඉදලා මැරි මැරී ජීවත් වෙනවා. ‘පක්ෂය දිනේවා’


කියල මැරුණු මිනිස්සුන්ගේ පරමාර්ථ අද සුන්වෙලා. එදා හමුදාවෙ කැප්ටන් කෙනෙක් ශාන්ත මරල ඇවිත් අපට කිව්වෙ උඹලා සේරම මරන්නෙ නෑ. මැරි මැරී ජීවත් වෙන්න ටිකක් ඉතුරු කරනවා කියලා. අපේ ලේ වලින් මේ මවුබිම තෙමිලා තියනවා. අපට පක්ෂය ගැන කතා කරන්න අයිතිය තියනවා. ඒ ඉතිහාසය තුළ හිටපු අයගෙන් දෙතුන් දෙනෙක් අද දේශපාලනයේ ඉන්නවා. නමුත් කැලෑ වැදුණු අය, සිරගත වුණු අය ගොඩක් ඉන්නවා. ඒ අය ජීවතුන් අතර බව අමතක නොකළ යුතුයි’’ ඔහු කියයි.

m