නිශ්ශංකමල්ල රජුගෙන් පසුව සිහසුන හිමිවුණේ වීරබාහු කුමරුට. ඔහු මාපා තනතුරක් දැරූ අයෙක්. මේ වීරබාහු කුමාරයා රජවූ දිනට පසු දින තාවුරු සෙනවිරත් ඔහු ජීවිතක්ෂයට පත්කළා. පූජාවලියට අනුව වීරබාහු බලයෙන් පහකිරීමට හේතුව ඔහු නිශ්ශංකමල්ල රජුගේ අතිජාත ප‍්‍රත‍්‍රයෙක් නොවීම.

 

13pg-23d--main-pgs

නායකත්වය හා දේපළ රැස්කිරීම වෙනුවෙන් මිනිසා වෙහෙසවූයේ කවදා සිටද? එදා සිටම බලය වෙනුවෙන් වූ අරගල නිර්මාණය වූ බව ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වේ.


එහෙත් එහි ඇති විශේෂත්වය වූයේ ඔවුන් බලය වෙනුවෙන් අරගල කළද කිසිවිටකත් සිය වංශය පාවා නොදීමය. වංශය රැුකගනිමින් එම වංශයේ සිටින යම් යම් ප‍්‍රභූ පිරිස් බලයට පත්කිරීම සඳහා කටයුතු කිරීම ඔවුන්ගේ පරමාර්ථය වී ඇත.


එබැවින් ඒ යටගිය අතීතයේ බලය සඳහා වූ අරගලයේ ආගිය තතු මෙසේ පෙළගස්වමු.  ඒ සඳහා ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය නන්ද ධර්මරත්න මහතාගේ අදහස් මෙසේ ගෙනහැර දක්වමු.  


ක‍්‍රි. ව. 1196 නිazvශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ මරණයත් සමග මේ රටේ දේශපාලන කටයුතු අවුල් තත්ත්වයකට පත්වුණා. ඊට හේතුවූ සාධක කීපයක් තිබුණා. ප‍්‍රධානම හේතුව මහ විජයබාහු රජුගේ කාලයේ ආව පාණ්ඩ්‍ය වංශය හා කාලිංග වංශය සිංහාසනය සඳහා පොරකෑම. අනිත් කාරණය වූයේ මේ වංශ දෙකේ පාලකයන් රාජ්‍යත්වයට පත්වී රාජ්‍ය පාලනය ගෙනගියත්, ඔවුන්ගේ අමාත්‍ය මණ්ඩලයේ වරප‍්‍රසාද ලත් ඇමැතිවරුන්ට යම් යම් අවස්ථාවලදී එම වරප‍්‍රසාද අහිමි වීම. ඒ නිසා එම වරප‍්‍රසාද ලබාගැනීමේ අවශ්‍යතාව මත තම වංශයේ වෙනත් පාලකයෙකුට සිංහාසනය ලබාදීම සඳහා ඔවුන් කුමන්ත‍්‍රණය කිරීම.


එනම් මහා පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගේත්, නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේත් රාජ්‍ය කාලවල වරප‍්‍රසාද ලත් ඇමැතිවරු මේ කුමන්ත‍්‍රණවලට මුල්වී කටයුතු කිරීම කළ බව ලැබෙනවා.


මෙහි තිබෙන විශේෂම ලක්ෂණය වූයේ දේශපාලන පක්ෂ වෙනුවට පොළොන්නරු යුගයේ තිබුණේ වංශවල තරගකාරිත්වය. එහිදී පාණ්ඩ්‍ය වංශික කෙනෙක් එම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ගොස් වරප‍්‍රසාද ගෙන තම වංශයට ද්‍රෝහී වී කටයුතු කිරීමට සූදානම් වුණේ නෑ. ඔවුන් කරන ලද්දේ තමන්ගේ වංශයේම කෙනෙකුට බලය අරගෙන දෙන්න කටයුතු කිරීම. එදා දේශපාලනය වර්තමානයෙන් වෙනස්වන්නේ ඒ නිසා.


පොළොන්නරු රාජධානියේ රජකළ නිශ්ශංක මල්ල රජුගේ මරණින් පසු දුර්වල රජවරු ගණනාවක් රාජ්‍ය පාලනයට ඒම ඊට හොඳම උදාහරණයක්.
එනම් ඔවුන්ගේ පිටුපස සිටි ඇමැතිවරු ඔවුන්ගේ අවශ්‍යතාව මත එම රජවරු මෙහෙයවූවා. මොවුන් රජුන් තනන්නන් ලෙස ඉතිහාසයේ හඳුන්වාදී තිබෙනවා. හේතුව රජුන් සිංහාසනයට ගෙන ඒම මහජන කැමැත්ත පසෙකලා අමාත්‍යවරුන්ට අවශ්‍ය ආකාරයට සිදුකිරීම.


ඒත් මෙවැනි දුර්වල පාලකයන් රාජ්‍ය බලයේ පිිහිටවූවත් වැඩි කාලයක් ඔවුන්ට සිහසුනේ ඉන්නට බැරිවුණා. උදාහරණයක් ලෙස කාලිංග වංශික පාලකයෙක් කිරුළ හිමිකරගත්තත් එම වංශයේ සිටි ප‍්‍රබල ඇමැතිවරු ඔහු බලයෙන් පහකර වෙනත් අයෙක් සිහසුනට ගෙන ඒමට කටයුතු කළා.  


නිශ්ශංකමල්ල රජුගෙන් පසුව සිහසුන හිමිවුණේ වීරබාහු කුමරුට. ඔහු මාපා තනතුරක් දැරූ අයෙක්. මේ වීරබාහු කුමාරයා රජවූ දිනට පසු දින තාවුරු සෙනවිරත් ඔහු ජීවිතක්ෂයට පත්කළා. පූජාවලියට අනුව වීරබාහු බලයෙන් පහකිරීමට හේතුව ඔහු නිශ්ශංකමල්ල රජුගේ අතිජාත ප‍්‍රත‍්‍රයෙක් නොවීම.
වීරබාහුගේ ජීවිතය තොරකිරීමත් සමගම පොළොන්නරුවේ දේශපාලන වාතාවරණය උණුසුම්වුණා. එනම් ඊට පසු කිරුළ හිමිකරගත් රාජකුමරුවන්ට වැඩි කාලයක් රජකම් කරන්න බැරිවුණා. ඇමැතිවරු දේශපාලන කරළියට ආවා.


මෙහිදී නිශ්ශංකමල්ල රජුගේ (දකුණු ඉන්දීය ආක‍්‍රමණය මෙහෙයවූ) සෙනවියකු වූ ලක් විජය සිගුසෙනවි තාවුරු කියන අය පෙර සඳහන් කළ තාවුරු සෙනවියාම බව වැටහී යනවා.  ඉන් පැහැදිලි වන්නේ තාවුරු සෙනවි නිශ්ශංකමල්ල රජුගෙන් වරප‍්‍රසාද ලබා ගත්තත් වීරබාහු යටතේ එම වරප‍්‍රසාද නොලැබීයයි යන අහේතුක බිය නිසා වීරබාහු බලයෙන් පහකිරීමට කටයුතු කර ඇති බවයි.


අනතුරුව රාජ්‍ය පාලනය දෙවැනි වික‍්‍රමබාහුට හිමිවෙනවා. ඔහුගේ රාජ්‍ය කාලය ක‍්‍රි.ව. 1196-1197 චූලවංශයට අනුව දෙවැනි වික‍්‍රමබාහු රජු කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ සොහොයුරෙක්. ඒ රාජ්‍ය කාලයේදී ඈපා තනතුරක් දැරූ අයකු ලෙසයි ප‍්‍රසිද්ධ වී ඇත්තේ. ඒ නිසා දෙවැනි වික‍්‍රමබාහුට රාජ්‍ය සභාවේ වැදගත් තනතුරක් මීට පෙර පැවති බව පැහැදිලිවෙනවා.


වීරබාහු බලයෙන් පහකිරීමට කටයුතු කළ තාවුරු සෙනවිරත්ට සමහර විට වික‍්‍රමබාහුගේ ආධාරය ලැබෙන්නට ඇතැයි සිතන්නට පුළුවන්.
ඒත් දෙමසකට සීමාවූ රාජ්‍ය කාලයේදී රජමාළිගාවේ තිබූ කුමන්ත‍්‍රණකාරී තත්ත්වයන් තුරන් කිරීමට ඔහුට නොහැකි වුණා.


ඒ නිසාම යළිත් වික‍්‍රමබාහු රජු ජිවිතක්ෂයට පත්කර චෝඩගන්ධ නම් කාලිංග කුමාරයෙක් බලයට පැමිණීමට කටයුතු කළා. චෝඩගන්ධටත් ඇමැතිවරුන්ගේ කුමන්ත‍්‍රණ පාලනය කිරීමට නොහැකිවුණා. ඔහුට පිටුපසින් සිටි කිත්තී නම් සෙන්පතියෙක් චෝඩගන්ධව බලයෙන් පහකර ලීලාවතී බිසව සිංහාසනයට ගෙන ආවා.


ලීලාවතී බිසව කියන්නේ පළවැනි පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගේ අග බිසව. එම නිසා කිත්ති නැමති සෙනවියා මහා පරාක‍්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයේ වරප‍්‍රසාද භුක්තිවිඳි අයෙක් ලෙස පෙනී යනවා.


ඒ නිසා ලීලාවතී බිසවට කිරුළ හිමිවීමට හේතු ලෙස කිත්ති සෙනවියාට නැවත වරප‍්‍රසාද ලබා ගැනීමට තිබූ ආශාව හා මහා පරාක‍්‍රමබාහු රජතුමාට තිබූ ජනතා ප‍්‍රසාදය අග මෙහෙසිය වූ ලීලාවතී බිසවටත් එලෙසම ලැබේවී යන විශ්වාසය සඳහන් කරන්න පුළුවන්.


ඒ වගේම නිශ්ශංකමල්ල රජුගේ ශිලාලේඛනයක සඳහන් වෙලා තියෙනවා. ලංකාවේ පාලනය සඳහා රාජ කුමාරවරු නැතිනම් බිසවුන් පත්කිරීම සුදුසුබව. කාලිංග වංශයට අයත් නොවූ ලීලාවතී බිසවට කිරුළ හිමිවීම නිසා යළිත් කාලිංග වංශය බලයෙන් ඉවත්වුණා. දාඨා වංශයට අනුව ඇය සිරිවල්ලභ රජුගේ දියණියක්. ලීලාවතී බිසව රාජ්‍ය බලය ලැබූ පසු ඇගේ අග‍්‍රාමාත්‍ය තනතුර දැරුවේ කිත්ති සෙනවියා.


ඔහුගේ අවශ්‍යතාව වූ කිරුළ පිටුපස සිට වරප‍්‍රසාද භුක්ති විඳීම කිත්ති සෙනවියා යළිත් ලබාගත්තා. ඒත් රාජ්‍ය සභාවේ සිටි කාලිංග වංශිකයන් නොබෝ කලකින්ම ලීලාවතී බිසව රාජ්‍ය බලයෙන් අයින් කළා. (1209-1210) මේ දෙවසරක කාලයේ රටේ එතරම් සාමයක් තිබුණේ නෑ. නිතරම මතභේද ඇතිවුණා.
ඒ නිසා නිශ්ශංකමල්ල රජුගේ ඥාති සොයුරෙක් වූ සාහස්සමල්ලට රාජ්‍යත්වය බාර ගැනීමට ලංකාධිකාරී ලොලූපැලෑකුළු දුත්තැති අබෝනා සහ ලංකාධිකාරී ලොලූපැලෑකුළු බූදල්නා යන ඇමැතිවරු ආරාධනා කළා. මේ ඇමැතිවරුන් රජුන් තනන්නෝ වුණා. ඒ නිසාම සාහස්සමල්ලට විරුද්ධව සිටින පාර්ශ්වකරුවන් මර්දනය කරනතුරු ඔහුට චෝල දේශයේ රැුඳී සිටීමට උපදෙස් දුන්නා.


දේශපාලන වශයෙන් අවුල් වූ රාජ්‍යයක් සහස්සමල්ලට භාර ගැනීමට සිදුවුණා. ඔහුගේ රාජ්‍ය කාලය කි‍්‍ර.ව. 1197-1200 දක්වා වූවා. ඔහු රජවූවත් විවිධ කුමන්ත‍්‍රණකාරී සිදුවීම්වලට මුහුණ දීමට සිදුවුණා. එනම් දිනක් ඔහුට සේවය කළ පාබුල් ලේදරු නැමැත්තාට යමෙකු කඩු පහරක් එල්ලකර තුවාලකළා. ඒ පිළිබඳව කිවුල්ගම සෙල්ලිපියේ සඳහන් වෙනවා.


ඔහුත් දෙවසරක් රජකම් කළා. ඊට පසු අයස්මන්ත නම් සෙනවියෙක් විසින් සහස්සමල්ල රජු බලයෙන් පහකර කල්‍යාණවතී බිසවට කිරුළ ලබා දෙනවා. කල්‍යාණවතී බිසවට කිරුළ හිමිවීමත් සමග නැවත කාලිංග වංශය ප‍්‍රබල වෙනවා. චූලවංශයට අනුව කල්‍යාණවතී බිසව නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසිය වෙනවා. ඒ වගේම අයස්මන්ත සෙනවියා නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය සභාවේ  වරප‍්‍රසාද ලාභියෙක්.


ඒ වගේම මුලින් සඳහන් කළ ලොලූ පැලෑකුළු අබෝනා කියන්නේත් අයස්මන්ත සෙනෙවි කියන්නේ එකම පුද්ගලයෙක් බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වෙනවා.


එනම් ඔහු ඔහුගේ වරප‍්‍රසාද ලබාගැනීමේ පළමු අදියර ලෙස සහස්සමල්ල කුමරුට කිරුළ ලබාදීමට කටයුතු කරනවා. ඒත් ඒ වරප‍්‍රසාද ඔහුගේ කැමැත්ත පරිදි නොලැබීම නිසා දෙවන අදියර ලෙස කල්‍යානවතී බිසවට කිරුළ හිමිකර දෙනවා.


චූලවංශයට අනුව කල්‍යාණවතී බිසව අවුරුදු හයක් රජකම් කරනවා. ඒ දේශපාලන වාතාවරණය අනුව එය දීර්ඝ කාලයක් ලෙස මහාවංශයේ සඳහන් වෙනවා.  


මීළඟට අයස්මන්ත සෙනෙවිට වරප‍්‍රසාද තව තවත් වැඩිපුර ලබාගෙන තමන්ගේ අතට රාජ්‍ය පාලනය ගැනීමේ අවශ්‍යතාව ඇතිවෙනවා. ඒ අනුව කල්‍යාණවතී බිසව බලයෙන් පහකර මාස තුනක කුමරුවකු වූ ධර්මාශෝක නම් බිළිඳු කුමරකු සිංහාසනයට පත්කරනවා. මේ සියලූ දේ මගින්ම පැහැදිලි වන්නේ අයස්මන්ත සෙනවියාට වරප‍්‍රසාද ලබාගැනීමට හා පාලනය සියතට ගැනීමට තිබූ බලවත් ආශාව. එදා දේශපාලන පක්ෂ වෙනුවට සිය වංශයේම පාලකයෝ මාරුකරමින් වරප‍්‍රසාද ලබාගැනීමට ඇමැතිවරු ක‍්‍රියාකළේ ඒ ආකාරයට.


එසේ කිරුළ වංශ අතර මාරුවෙද්දී යළිත් ලක්දිව සොලී ආක‍්‍රමණයකට ලක්වෙනවා. ඉන් කල්‍යාණවතී බිසවගේ පක්ෂය බලවත් ලෙස පරාජයට පත්වන අතර ඇය බලයෙන් පහකිරීමේ  උගුලට අයස්මන්ත සෙනවි හවුල්වීමට ඇති බව ඉතිහාසයේ සැක උපදිනවා.


කෙසේ වුවත් වරින්වර රජ කිරුළට බිසෝවරුන් හා කුමාරවරුන් පත් කරමින් පාලනය සියතට ගෙන වරප‍්‍රසාද බුක්තිවිදීමට කටයුතු කළ අයස්මන්ත සෙනවි සොලී සටනකින් මියයනවා.


අතිකංග සටනින් ජයග‍්‍රහණය කරනවා. මහාවංශයට අනුව මහාදිපාද අතිකංග ලෙස ඔහුව හඳුන්වාදී තිබෙනවා. එනම් අතිකංග ඔටුන්න හිමි කුමරුවකු ලෙසද හඳුන්වාදෙන්න පුළුවන්. ඒ මෙහිදී අතිකංග ඔටුන්න හිමි කුමරුවකු නිසාම ඔහු මෙරටින් පිටුවහල් කර තබා ඇති බව පැහැදිලි වෙනවා. ඒ පිළිබඳ පූජාවලියේ සඳහන් වෙනවා. ඒ වගේම අතිකංග ලංකාවේ තිබූ දේශපාලන කුමන්ත‍්‍රණ නිසා ඉන්දියාවට පලාගොස් සංවිධානය වී චෝල හමුදාවක් සමග යළිත් පැමිණි බව තවත් සිතන්නට පුළුවන් කරුණක්.  


මේ ආකාරයට සිංහාසනය අහිකංග අතට පත්වූ අතර යළිත් චිත්තංක මමුරුක්ක සෙනවියා විසින් අතිකංග ජීවිතක්ෂයට පත්කර දෙවන වරට ලීලාවතී බිසවට කිරුළ ලබාදුන්නා.


ලීලාවතී රැජිනගේ දෙවැනි රාජ්‍ය කාලය ක‍්‍රි.ව. 1209 හැටියට සලකන්න පුළුවන්. ඒ්ත් යළිත් වතාවක් ලීලාවතී බිසව බලයෙන් පහකර ලෝකේශ්වර කිරුළ හිමිකර ගත්තා. ඔහු මහා සම්මත පරම්පරාවෙන් පැවත එන්නෙක් ලෙස මහාවංශයේ සඳහන් වෙනවා. ඔහුට බලය ලබාගැනීමට උදව්වූයේ ද්‍රවිඩ හමුදාව බව සඳහන් වෙනවා. මොහුගේ රාජ්‍ය කාලය වූයේ 1210-1211 දක්වා.


පසුව ලෝකේශ්වර හා චෝලයන් අතර ගැටුමක් ඇතිවූවා යන්නත් යම්කිසි සෙල්ලිපියක සඳහන් වෙනවා.


විදේශීය සතුරන් පරදවා ලීමට ලෝකේශ්වර දක්ෂ වූවත් අභ්‍යන්තරයේ සිටි පරිපාලනය උඩු යටි කුරුකරන අමාත්‍යවරු පැරදවීමට බැරිවුණා. ඒ නිසාම රජුන් තැනීමේ කාරියේ නිරත වූ පාරාක‍්‍රම නම් සෙන්පතියා කාලිංග පාලනයට එරෙහිව නැගී සිටියා. ඔහුගේ ආධාර ඇතිව ලීලාවතී බිසව තුන්වැනි සහ අවසානවරට සිංහාසනයට පත්වුණා. (කි‍්‍ර. ව. 1211-1212) දාඨා වංශයට අනුව ලීලාවතී බිසව සිංහාසනයට පත්කිරීමත් මධුරන්ද නම් පාණ්ඩ්‍ය කුමරුවෙක් ශිල්ප ශාස්ත‍්‍රයෙහි නිපුණකරවා, බුද්ධ ධර්මය පුහුණුකරවා, ලංකාව අරාජිකව පැවතීමේ කැළල ඉවත් කිරීමට පරාක‍්‍රම සෙන්පති මුල්වී තිබෙන බව වැටහෙනවා.

 
මෙහිදී කිත්ති, චිත්තන්ක චමුනක්ක, පරාක‍්‍රම යන සෙනෙවිවරුන් මහා පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ වරප‍්‍රසාද ලත් ඇමැතිවරු හැටියට හඳුන්වාදෙන්න පුළුවන්. එනම් මහා පරාක‍්‍රමබාහු රජුගේ අග මෙහෙසිය වූ ලීලාවතී බිසවට කිරුළ ලබාදීමට පිළිවෙළින් කිත්ති, චිත්තන්ක චමුහත්ත, පරාක‍්‍රම යන සෙනවිවරුන් තුන්වරක් කටයුතු කර ඇති බව මින් පැහැදිලිවෙනවා.


මෙහිදී ලංකා ඉතිහාසය අපට කියාදෙන පාඩම වී ඇත්තේ මේ ඇමැතිවරු වංශය අතහැර බලය ඇති පැත්තට නොපැන වංශය රැකගෙන එම වංශයේම කෙනෙකු රාජ්‍යත්වයට පත්කර සිය වරප‍්‍රසාද රැකගැනීමට කටයුතු කිරීමයි. 

 

mm


m