ජෛව විවිධත්වය පිළිබඳ මෙරට පළමු සංකල්පය බිහිවන්නේ මහින්දාගමනයෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ එදා මිස්සක පව්වේ සිට දෙසූ දහමෙන් පෝෂිත වූ මෙසිරිලක බිහිවූ රජ දරුවෝ වන ගහණයත්, සත්ත්ව ප‍්‍රජාවත් රැුක ගැනීම සඳහා විවිධ රාජාඥා නිකුත් කළ බවට ඓතිහාසික සාධක රැුසක් දක්නට ලැබේ. ඒ අනුව මෙරට ජෛව විවිධත්වය සුරැකිය යුතු සම්පතක් බව වටහා ගත්තේ අද ඊයේ නොවන බව සක්සුදක් සේ පැහැදිලි වේ. නමුත් වර්තමානයේ ශී‍්‍ර ලාංකික ජනතාවට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කමත් එහි අවශ්‍යතාවයත් යළි යළිත් පෙන්වාදෙන්නට සිදුව ඇත. විද්‍යාව හා තාක්ෂණය යොදා ගනිමින් මිනිසා විසින් තමා මත බලපාන්නා වූ සොබා දහමේ පොදු ධර්මතාවයන් වෙනස් කර ඇත. එබැවින් තාවකාලිකව හෝ අඛණ්ඩව හෝ පරිසරයේ සිටිය හැකි මිනිසා නම් ජීවියාගේ උපරිම ප‍්‍රමාණය ඉක්මවමින් වර්ධනය වීමේ හැකියාවක් මිනිස් ගහණයට ලැබී තිබේ. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ ජනගහණය ශීඝ‍්‍ර ලෙස ඉහළයාමයි. පෘථිවි තලය තුළ පමණට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් ජීවත්වීම අපේ ප‍්‍රධාන පාරිසරික ගැටලූ බොහොමයකට හේතුවී ඇති කරුණ ලෙස දැක්විය හැකිය. මේ අතින් ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ මිනිස් ජනගහණයේ වර්ධනය වීමට සාපේක්ෂව ලෝකයේ ජෛව විවිධත්වය ඉතා ශීඝ‍්‍රයෙන් විනාශ වී යාමයි. මෙම ගැටළුවට ශී‍්‍ර ලංකාව ද බරපතළ ලෙස මුහුණ පා තිබේ. මෙහි විශාලතම ඛේදවාචකය වන්නේ ශී‍්‍ර ලංකාව වසර මිලියන ගණනක් ¥පත් රාජ්‍යයක් ව පැවතීම හේතුවෙන් අප රටටම ආවේණික වූ ඉහළ ජෛව විවිධත්වයක් තිබීම හා ලොව කොතනකවත් දක්නට නැති මේ වටිනා විවිධත්වය දැඩි අන්තරායකර තත්ත්වයකට මුහුණ පා තිබීමයි. මේ පිළිබඳ අවදානම දැනට වසර ගණනාවක සිට නිතිපතා ප‍්‍රකාශයට පත්කැරුනු අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත්කිරීමත් සමගම ඒ පිළිබඳ යළි දැවැන්ත කථිකාවතක් ගොඩනැගිය යුතු කාලයක් එළැඹ තිබේ. ලෝකයේ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමේ හැකියාවක් නොලැබෙන බැවින් ජෛව විවිධත්වය ඉතාමත්ම ඉහළ අගයක් ගන්නා එමෙන්ම විනාශවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට සුරැකීමට තීරණය කර තිබිණි. එලෙස තෝරාගනු ලබන ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස නම් කර ඇත. මෙලෙස තෝරාගත් කලාප අතරින් ශී‍්‍ර ලංකාවට හිමිවූයේ ප‍්‍රමුඛ ස්ථානයකි. ලංකාවේ ස්වභාවික පරිසරය, වගාබිම් හා වාසස්ථාන වෙනුවෙන් මුළුමනින්ම පාහේ බිලි දී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමස්ථ රටම සැලකූවිට එහි බොහෝ ප‍්‍රදේශ කවර හෝ යුගයක මිනිිසා විසින් හෙළි පෙහෙළි කර තිබූ බවට සාධක හමුවේ. ඒ අනුව ලංකාවේ ස්වභාවික පරිසරයෙන් සියයට 95ක් පමණ විනාශ වී ගොසිනි. ඉතුරුව ඇති ස්වභාවික පරිසර පද්ධතීන්ද විවිධාකාර වූ ආක‍්‍රමණික ශාක හා සතුන් හේතුවෙන් විනාශ වෙමින් පවතී. එමෙන්ම රටට ඔරොත්තු නොදෙන තරම් වූ ජනගහණ වර්ධනය සහ කෘති‍්‍රම රසායනික භාවිතය හේතුවෙන් ඉතුරුව ඇති භූමියද කඩිනමින් විනාශ මුඛය කරා යමින් පවතී. මේ අනුව ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වීමේ එක් සුදුසුකමක් වන සියයට 70කට වඩා ස්වභාවික පරිසරය විනාශවී යාම යන සාධකය සපුරා තිබුණි. ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය හා ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් වසර මිලියන ගණනක් එක්ව තිබූ බවත් එය තවමත් සමාන ලක්ෂණ දරන බවත් සැලකිල්ලට ගනිමින් මෙම ප‍්‍රදේශ දෙක එක් ප‍්‍රදේශයක් ලෙස සලකා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වූ ශී‍්‍ර ලංකාවේ දිගින් දිගටම සිදුවන විනාශයන් හේතුවෙන් එය තවදුරටත් දැඩි සේ සුරැකිය යුතු තත්ත්වයට පත්ව ඇත. වර්ග කිලෝ මීටර 65610ක් තරම් වූ භූමිභාගයක් සතු ශී‍්‍ර ලංකවේ භූ විෂමතාවය සහ දේශගුණික වෙනස්කම් මෙරට ජෛව විවිධත්වය වැඩිවීමට දැඩි සේ බලපා තිබේ. මධ්‍යම කඳුකරයෙන් ආරම්භවන ප‍්‍රධාන ගංගා නවයක් ඇතුළු ගංගා නිම්න 106ක් පිහිටා ඇති මෙරට ජලජ පරිසර පද්ධති අතර ස්වභාවික ජලාශ දක්නට නැතත් මිනිසා විසින් සාදන ලද වැව් 10000ට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. එමෙන්ම රට වටා පිහිටි මුහුද ආශි‍්‍රතව ද විශාල ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතීන් දක්නට ලැබෙන අතර මහවැලි ගංගාවේ පිටාර කලාපයේ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන ජලය පිරුණු ස්ථානයන්ද ජෛව විවිධත්වය පොහොසත් කිරීමට හේතුවකි. මෙහි වැදගත්ම සාධකය වන්නේ මෙරට සෑම වර්ග කිලෝ මීටරයක්ම සැලකූවිට හෙක්ටයාර තුනක පමණ තෙත් බිමක් පිහිටා තිබේ. මේ තෙත්බිම් තුළ ජීවත්වන මිරිදිය මසුන් විශේෂ සංඛ්‍යාව 87කි. මෙයින් විශේෂ 27ක් පමණ ශී‍්‍ර ලංකාවට ආවේණිකය. ශී‍්‍ර ලංකාවේ ස්වභාව විද්‍යා පර්යේෂණ ආරම්භ වී ගතවූ වසර 150ක පමණ කාලයේදී මෙරටින් සොයාගත් ශාක විශේෂ 1100ක් අතරින් විශේෂ 72ක් මේ වනවිට වඳවූ විශේෂ ලෙස සැලකේ. දැනට මෙරටින් වාර්තාව න මල් හටගන්නා හෙවත් සපුෂ්ක ශාක අතරින් විශේෂ 673ක් හෙවත් සමස්ථ ශාක ප‍්‍රමාණයෙන් සියයට 61ක් වඳවී යාමේ තරජනයට ලක්ව ඇත. මෙහි වඩාත් හානිකර තත්ත්වය වන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ශාක විශේෂ අතරින් 412ක්ම ලංකාවට ආවේණික විශේෂ වීමයි. ඒවායින් සියයට 37ක් දැඩි අන්තරායකාරී තත්ත්වයේ තිබීම මෙරට පරිසරයට සිදුවී ඇති හානියට හොඳ සාක්ෂියකි. මේ ශාක විශේෂ 412 අතරින් එක් විශේෂයක් හෝ මෙරටින් සමුගතහොත් එය ලෝකයේ ශාකාගාර වල සංරක්ෂිත දර්ශක වලට පමණක් සීමා වූ ශාක බවට පත්වනු ඇත. සත්ත්ව විද්‍යා පර්යේෂකයන් පවසන්නේ පසුගිය වසර 100ක කාලයේදී ශී‍්‍ර ලංකාවේ උභය ජීවී විශේෂ 21ක් වඳවී ගොස් ඇති බවයි. මේ වනවිට මෙරටින් හමුවන පෘෂ්ඨවංශී සත්ව විශේෂ 223ක් අතරින් 138ක් හෙවත් සියයට 62ක් ශී‍්‍ර ලංකාවට ආවේණික විශේෂ වෙයි. සත්ත්ව විශේෂ අතරින් සියයට 33ක් හෙවත් විශේෂ 57ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ලෝක සංරක්ෂණ සංගමය ශී‍්‍ර ලංකාව පිළිබඳ රතු දත්ත වාර්තාව ඉදිරිපත් කරමින් පවසන්නේ සෑම පෘෂ්ඨවංශී විශේෂ 12ක් අතරින් එක් විශේෂයක් අනාගතයේ වඳවීයාමට ඉඩ තිබෙන බවයි. විනාශවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව කාණ්ඩ අතරින් වැඩිම බලපෑමට හසුව ඇත්තේ උරගයන් වන අතර එහි දෙවැනි තැන උභය ජීවීන්ට හිමිව ඇත. පක්ෂීන්, ක්ෂීරපායීන් සහ මත්ස්‍යයන් මේ තර්ජනාත්මක ලේඛණයේ අනුපිළිවෙලට පසුවෙති. ක්ෂීරපායී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උභය ජීවී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උරග විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද මත්ස්‍ය විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද, පක්ෂි විශේෂ හයක් අතරින් එක් විශේෂයක්  ද නුදුරු අනාගතයේදීම මේ රටින් තුරන්ව යාමේ අවදානමට ලක්ව ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවා ඇත. කොදු ඇටපෙළක් නොමැති හෙවත් අපෘෂ්ඨවංශී සතුන් ද දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. ඒ අතරින් ශී‍්‍ර ලංකාවේ හමුවන බත්කූරන් විශේෂ 120ක් අතරින් විශේෂ 57ක් ලංකාවට ආවේණික වන අතර ලංකාවට ආවේණික විශේෂ 20ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මෙරට විශේෂිතම සත්ත්ව කාණ්ඩයක් වන්නේ මිරිදිය කකුළුවන්ය. මෙතෙක් වාර්තා වී ඇති මිරිදිය කකුළුවන් විශේෂ 51 ම ශී‍්‍ර ලංකාවට ආවේණික වන අතර ඉන් විශේෂ 37ක් වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. දිවිමකුළුවන් විශේෂ හතක් අතරින් පහක් ලංකාවට ආවේණික අතර ඉන් එක් විශේෂයක්ද වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. මෙරටින් වාර්තාවන භෞමික ගොළුබෙල්ලන් 246කින් 204ක්ම ලංකාවට ආවේණික වෙයි. කොඳු ඇටපෙළක් රහිත සතුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ සමනළයින්ය. ලංකාවේ හමුවන සමනළ විශේෂ 243කින් විශේෂ 20ක් ලංකාවට ආවේණික වන අතර එම විශේෂ සියල්ල මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්වූ විශේෂවේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ආර්.බී. දිසානායක මහතා පවසන්නේ ශී‍්‍ර ලංකාවේ පහතරට තෙත් කලාපයට අයත් සහ මධ්‍යම කඳුකරයට අයත් ප‍්‍රදේශවල තර්ජනයට ලක්වූ විශේෂ වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන බවයි. දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව සත්ව විශේෂ වැඩිම ප‍්‍රමාණයක් තර්ජනයට ලක්වූ දිස්ති‍්‍රක්කය රත්නපුර දිස්ති‍්‍රක්කය වන අතර වැඩිම ශාක ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේය. දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. ‘‘ජනගහණය වැඩිවන විට ජනපද බිහිවීම, ඉඩම් ගොඩකිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වීම සිදුවනවා. ඒ සමගම වනාන්තර විනාශයත්, ජලවහන රටා වෙනස්වීමත් මැණික් ගැරීම හා කෘෂිකාර්මික කටයුතු වැඩිවීමත් නිරායාසයෙන්ම සිදුවන්නක්. ප‍්‍රතිඵලය වන්නේ ස්වභාවික පරිසර පද්ධතීන්ගේ වෙනස්කම් හේතුවෙන් ඒවායේ ජීවත්වන සත්ව හා ශාක ප‍්‍රජාව දැඩි තර්ජනයකට ලක්වීම. මේ පිළිබඳ අප දෙපාර්තමේන්තු මට්ටමින්, පාසල් මට්ටමින් සහ ප‍්‍රජා සහභාගීත්වයෙන් දැනුම්වත් කිරීම් කරනවා. ඒ වගේම වනාන්තර ඇතුළු පරිසර හානිය වැළැක්වීම සඳහා විවිධ අනපනත් රැුසක් කි‍්‍රයාත්මක කරනවා.” දිසානායක මහතා පවසන්නේ, ලෝක සංරක්ෂණ සංගමය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳ නවතම රතු දත්ත පොත එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බවයි. මේ දක්වාම ලබාදීමට ඇත්තේ එම සංගමය විසින් 2007 වර්ෂයේ සකස් කරන ලද රතු දත්ත පොතෙහි සඳහන් කරුණු බවත් ඉදිරි මාස කිහිපයේදී ඇතැම් විට වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි ද සිතිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ලෝකයේ සියළුම රටවල් සැලකූ විට ජෛව විවිධත්වයෙන් අතිශය පොහොසත් රටක ජීවත්වන අප විසින් සිදු කරන්නාවූ කි‍්‍රයාවලියන්ගෙන් මෙම පරිසරය විනාශ වීම තවදුරටත් සිදුවෙමින් පවතින අතර එය වැළැක්විය නොහැකි මට්ටමට ගමන් කර තිබේ. ඒ නිසා මේවා සංරක්ෂණය කරගැනීම සඳහා රටේ සියළුම තරාතිරම් වල ජනතාව මේ පිළිබඳව දැනුම ලබා එය ආරක්ෂා කිරීම සඳහා වාහාම කටයුතු කිරීමට කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම ළමා පරපුර මේ කෙරෙහි යොමු කිරීමෙන් අප රටේ ප‍්‍රධානතම සම්පත වන ජෛව විවිධත්වය සුරැකීම අප සියළු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය. විශේෂ ස්තූතිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට
සජීව විජේවීර
බුලත් හපයා ඇතාමල ඇල්ල ලෝන් ස්නවුටඞ් ටී‍්‍රග් ද්‍රකුණු පළාත් කළු වඳුරා අසෝක පෙතියා