සිංහලේ අවසාන රාජධානිය වූ කන්ද උඩරට සෙංකඩගල රාජධානියද 1815 මාර්තු 02 වැනි දින අත්සන් කළ ගිවිසුමෙන් පසුව අවසන් විය. මෙම ඵෙතිහාසික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සිංහලේ එතෙක් පැවැති පාලන රටාව, ආර්ථිකය, සමාජ පසුබිම චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදී සිංහලයා පුරුදුව සිටි ජීවන රටාවෙහි බලවත් වෙනස්කම් රාශියක් සිදුවීමේ ඉව ජනතාවට දැනෙන්නට විය. තම රජතුමා නිතර දැක පුරුදු රජු හා දළදා පෙරහරේ එකට ගමන්කළ ජනතාවට රජකු නැති අඩුපාඩුව දැණින. ඔවුන් දැන් පක්ෂපාතී බවට දිවුරන්නේ සත් සමුදුරෙන් එපිට කිසිදා නොදකින සුදු හමක් සහිත කලිසම් කෝට් අඳින ආගන්තුකයකුට ය. කාලයාගේ ඇවෑමෙන් සිංහලයා රට භාර දුන් කොන්දේසි ඉතා සූක්ෂමව නොසලකා හරින බව පෙනුනි. උදාහරණයක් වශයෙන් ගිවිසුමෙහි හතරවැනි කොන්දේසිය වූ සිංහලේ චිරාගත සම්ප‍්‍රදායට අනුව සිදු කිරීමට ගිවිසගත් දිසාවේ, කෝරලේ, විදානේ ආදී පදවිවලට පත් කිරීමේදී එම පොරොන්දුව ලේඛනයට පමණක් සීමා විය. උඩරට රාජධානිය පාලනය කිරීමට මණ්ඩලයක් පත්කරන ලදී. එහි ප‍්‍රධානියා වූයේ ජෝන්  ඩි. ඔයිලිය. එහි අනෙකුත් නිලධාරීන් වූයේ සයිමන් සෝවර්ස්, කර්නල් කෙලී සහ ජේම්ස් සදර්ලන්ඞ් ය. පළමුවැනි අදිකාරම් වූ මොල්ලිගොඩ සත්කෝරලේ දිසාව ද විය. දෙවැනි අධිකාරම් වූ කපුවත්ත සබරගමුවද භාරව කටයුතු කළේය. පිළිමතලාවට හතර කෝරලේ භාර වූ අතර ඌව භාර වූයේ මොනරවිල කැප්පෙටිපොල නිලමේටය. උඩරට විවාහ චාරිත‍්‍ර අනුව ඔහු මොනරවිල ගමේ බින්න බැස සිටි නිසාය මොනරවිල කැප්පෙටිපොල වූයේ. රත්වත්ත භාරයේ මාතලේ දිසාව වූ අතර තුන් කෝරලේ මොල්ලිගොඩ (කණිෂ්ඨ) භාරයේ විය. නුවර කලාවිය ගලගොඩ භාරයේ තිබුණි. වලපනේ දුල්ලෑව සහ තමන්කඩුව ගලගම භාරයේ ය. උඩුනුවර මාම්පිටිය භාරයේ ද යටිනුවර පිළිමතලාවේ භාරයේද තිබුණි. උලපනේ කොබ්බෑකඩුව භාරයේ ද වෙල්ලස්ස බින්තැන්න මිල්ලව භාරයේ ද තබන ලදී. උඩරට රාජධානියේ මෙම පාලන තන්ත‍්‍රය ඇති කරන ලද්දේ ගිවිසුමෙන් පසුවය. මේ අතරම පුවක් සහ ලූණු වෙළෙඳාමෙහි යෙදී සිටි මුස්ලිම්වරුන් ද ඔවුන්ගෙන් බදු අය කර ගැනීමට විරෝධය පාමින් මුස්ලිම් වෙළෙන්දෝ ද ඔවුන්ගේ අයකු ඌව වෙල්ලස්සේ ප‍්‍රධාන නිලයකට පත්කරවා ගැනීමට සමත් වූහ. ඉංග‍්‍රීසි හමුදාවේ බලකිරීම් මත ඌව වෙල්ලස්සේ නියෝජ්‍ය දිසාපති බදුල්ලේ විසූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් නයිනා මරික්කාර් කාරියප්පා අනෙකුත් සිංහල නිලමක්කාරයන් අභිබවා ඌව මඩිගේ භාරව පත් කරන ලදී. මේ වන විට උනන්බුවේ ඒකනායක වාසලේ මුදියන්සේ කොත්මලේ ප‍්‍රදේශය භාරවත්, උඩබුලත්ගම භාරව හල්පේ චන්ද්‍රසේකර ඒකනායක විජේසුන්දර වාහල මුදියන්සේ ද, දොඩන්තලේ කඳුරේ මුදියන්සේ පහල බුලත්ගම ද ටිකිරි අප්පුහාමි මුදියන්සේ මින්නේරිය ප‍්‍රදේශය භාරව ද පත්කර තිබුණි. එසේ තිබියද වෙල්ලස්ස මඩිගේ භාරව මුස්ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීම සම්ප‍්‍රදාය මෙන්ම චාරිත‍්‍ර විරෝධී බව සිංහලයන්ගේ අදහස විය. එම නිසා ඌව වෙල්ලස්ස ජනතාව තුළ මහත් කැළඹීමක්ද අවිනිශ්චිත භාවයක් ද අප‍්‍රසාදයක්ද ඉංග‍්‍රීසීන් කෙරෙහි ඇති විය. අනිත් අතට මෙම පත්කිරීම නිසා මුස්ලිම්වරුන් තුළ උද්දච්ඡු හැඟීමක් මෙන්ම ඔවුන් ගෙවිය යුතු රජයේ බදු මුදල් ආදිය ගෙවීම පැහැර හැරීමක් ද සිදු විය. ඌව වෙල්ලස්සේ තත්ත්වය මෙසේ පුපුරණ සුළු වූ අතර පහකරන ලද රජුගේ ඥාතියෙක් බවට ප‍්‍රකාශ කළ දොරේසාමි නමැත්තකු විල්බාවේ සහ තවත් සංඝයා වහන්සේලා පිරිවරාගත් පිරිසක් සමග රජකමට උරුමය ප‍්‍රකාශ කරමින් රටේ කැරැුල්ලක් ඇති කරමින් බදුල්ලට ද ළඟා විය. නමුත් උඩරට ගිවිසුමේ තුන්වැනි කොන්දේසිය අනුව පහකරන ලද රජුගේ කිසිම ඥාතියකුට රජකමට හිමිකමක් ඉදිරිපත් කිරීම නීති විරෝධී බවට සඳහන් වී තිබුණි. මෙම අවස්ථාව වන විට බින්තැන්න උලපනේ හේවාහැට කොත්මලේ දුම්බර ආදී ප‍්‍රදේශවලටද කැරැල්ල ව්‍යාප්ත විය. 1817 ඔක්තෝබර් මාසයේ දී කැරැල්ල ගැන විභාග කිරීමට ඩග්ලස් විල්සන් පිටත් කර හැරියේ අලූතින් පත් කරන ලද නයිනා මරික්කාර් විදානේය. මෙම පියවර නූතන කාලයේදී දීඝවාපි විහාරයට අයත් ඉඩම් පිළිබඳ පරීක්ෂණයකට නයිනා මරික්කාර් ගල්ඔය මිටියාවතට පිටත් කර හැරියා සමානය. දුනු හී ගත් කැරලිකරුවන් මරික්කාර් අත්අඩංගුවට ගත්තේය. මින්පසු විල්සන් හමුදාභට පිරිසක් සමග තමාම මේ රාජකාරිය සඳහා පිටත් විය. විල්සන් ද මරා දමා ඔහුගේ භාෂා පරිවර්තක අත් අඩංගුවට පත්විය. විල්සන්ගේ මළ සිරුර පවා සොයාගැනීමට නොහැකි විය. මෙම ප‍්‍රදේශය අද විල්සන්තැන්න නමින් දනී. මාතලේ මැක්ඩෝවල් කඳවුරේ සිට ලිපියක් රැගෙන යමින් සිටි ඉංග‍්‍රීසි කෝපරල්වරයකු හා භටයන් දෙදෙනකු ද මෙහිදී මැරුම් කෑවේය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අතිරේක භට හමුදා කැඳවීමට සිදු විය. ඔවුන් කැරැල්ල පැවති දිස්ත‍්‍රික්කයන්ට මුදවා හරින ලදී. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා යුද්ධ නීතිය ප‍්‍රකාශ කර හමුදා මූළස්ථාන දහඅටක් රට තුළ පිහිටු විය. කැරැුල්ල දරුණු වෙමින් ඉංග‍්‍රීසි ආණ්ඩුව රට තුළින් ඉවත්වීමට පියවර ගනිමින් තිබුණි. බ‍්‍රවුන්රිග් ආර්යාව හමුදා ආරක්ෂා සහිතව මහනුවර සිට කොළඹට පිටත් කර යවන ලදී. සිංහලයන් පැරදුනේ ඇයි? මොල්ලිගොඩට පක්ෂපාත වූ තුන් කෝරලේ හා හතර කෝරලේ ජනතාව කැරැුල්ලෙන් ඉවත් විය. බෙංගාලයෙන් හා මදුරාසියෙන් අතිරේක බළඇණි ගෙන්වන ලදින් සිංහල කැරලිකරුවන්ට ඔවුන්ට මුහුණ දීම අසීරු විය. මේ අතර මොල්ලිගොඩ හා කැප්පෙටිපොල අතර ඇති වූ භේදයෙන් කැරලිකරුවන්ගේ ශක්තිය හීන විය. කැප්පෙටිපොල ඔහු යටතේ කණ්ඩායමක් ඇති කළේය. ඉංග‍්‍රීසිහු ජනතාවට කෑමට තිබූ ධාන්‍ය වර්ග ගිනි තැබීමෙන් රට තුළ ආහාර හිඟයක් ඇති කළෝය. මේ වන විට කැරලි නායකයන්ද එකා පිට එකා වැටෙමින් කැරැල්ල දුර්වල තත්ත්වයකට පත් විය. ඇහැලේපොලගේ හිස යුද්ධ අධිකරණයක් මඟින් ගසා දමන ලදී. කැප්පෙටිපොල මඩුගල්ල අල්ලා ගැනීමෙන් පසු සෙසු කැරලිකරුවන් භාර විය. නැතහොත් අල්ලා ගන්නා ලදී. කැරැල්ලේ දී සිංහලයන් දස දහසකට අධික පිරිසක් යුද්ධයේ දී මළ අතර ඉංග‍්‍රීසින්ගේ එම සංඛ්‍යාව දහසක් විය. උඩරට සියලූම නායකයන් මරා දමන ලද හෝ රටින් පිටුවහල් කිරීම සිදුවිය. ඌව වෙල්ලස්සේ ගම් බිම් නිවාස හරකා බාන වතුපිටි සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කරන ලදී. ප‍්‍රදේශය අවුරුදු ගණනාවක් යන තුරු ජනශූන්‍ය විය. පණ බේරාගත් අය කුඹුක්කන්ඔය දිගේ ගොස් වලවේ ගඟ හරහා දකුණට පැන ගත්තෝය. සමහරු දිවි ගලවා ගැනීමට දඹගල්ල, මාරිඅරාව, පානම, ලාහුගල, කොටියාගල, ඇතිමලේ, උඩික්කැපුආර, කොලොන්වින්න ආදී ඈත ගම්මානවලට පලා ගියෝය. ඔවුන් වැදිරට පානම්පත්තුව ආදී ප‍්‍රදේශවල අප‍්‍රසිද්ධව ජීවත් විය. දකුණට පැන ගිය පවුල් අතර දිසානායක රත්නායක ඒකනායක ඉලංගකෝන් තෙන්නකෝන් බණ්ඩාර සෙනරත් ආදී පවුල් විය. රඹුක්වැල්ලේ පවුලක් ඌරුබොක්කේ පදිංචිව එහිදී විවාහ විය. සෙනෙවිරත්න පවුලක් තන්ගල්ලේ පදිංචිව සිට එහි ප‍්‍රධානියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳී ඇත. කැරැල්ල අපට උගන්වන පාඩම නම් බල තණ්හාව, අවිශ්වාසය, සැකය, ඊර්ෂ්‍යාව ආදියෙන් ජාතියක් විනාශ වන බවය. එය අදටත් වලංගු ය. උඩරට ගිවිසුම අත්සන් කළ දා වීර කැප්පෙට්ටිපොළ