df

 

ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් නිවන දිරිය ලබා දුනි.
ඒ දිරියෙන්  ලොව ජය ලබන විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

 


සිය දරුවා සිප සනසන්නට ඇය පෙරුම් පිරුවාය. කරදඬුු උස් මහත් වූ සිය පුතු බදා වැළඳ ගන්නට ඇය පෙරුම් පිරුවාය. එහෙත් උපත විපතින් කෙළවර වන ජීවිතයේ දී ඇයට සිය දරු පැටියා තුරුලූකොට ගන්නට අවසර ලැබුණේ දරුවාට ලේ කිරිකොට පෙව් කාලයේදී පමණි.


සිය පුතුට පුතා කියා අමතන්න අවසර නොල ද මේ මව අපට මුණ ගැහුණේ මොරටුව වැඩිහිටි නිවහනේ දී. අපි ඇයට මැණිකේ යයි කියමු.

පැරඬැල්ව ශේෂ වූ ඇයගේ හිතේ උපන් සෙනෙහසේ හිමිකරු බංගලාවේ මහත්තයා වී ඇත. මහලූ නිවහනේ නිලධාරින්ට ඇය ඇතුළත් වීමේ දී ලබා දුන් තොරතුරුවලට අනුව සැසඳෙන ඇය අපට පැවැසූ දේ අතර නොපවසා සඟවන දේ හාරා ඇවිස්සීම අපි නොකළෙමු.
මහලූ මවක් වූ මැණික් නොකියූ කතාව හා සසැදෙන පැවසූ කතාව ඇය කිව් පරිදි මෙසේ සටහන් කර තබමි.


මගේ ගම මහනුවර අම්මයි, තාත්තයි, මමයි තමයි මගේ පවුලේ සාමාජිකයෝ. අයියල අක්කලා නංගිලා, මල්ලිලා කව්රුත් නැති පවුලේ මම එකම දරුවා.
මගේ තාත්තා හොඳ ගොවියෙක්. උදේ රැයින් නැගිටලා කුඹුරට යන තාත්තා මහ පොළොවත් එක්ක කොයි තරම් ඔට්ටු වුණත් අපේ ගෙයි අඟහිඟකම් පිරිලා තිබුණා.


ඒ අඟහිඟකම් නිසාම අස්වැන්න කපල ගෙට ගේන්නත් කලින් අගහිඟකම ගෙට රිංගුවා.


මෙහෙමයි කියන්න හේතුවක් කියන්න බෑ. නෝනා ඒත් මට ඉගෙන ගන්න බැරි වුණා. සමහරදාට අඟහිඟකම ඉගෙනීමට බාධාවක් වුණා. තවත් සමහර දාට ඉගෙන ගන්න මට හිතක් තිබුණේ නෑ ජීවත් වෙන්න මහන්සි ගත්තා මිසක් අකුරු සාස්තරේ ඉගෙන ගන්න කියලා බල කරන්න කෙනෙක් මට හිටියේ නෑ. කොහොම වුණත් අගහිඟකම් මැද්දේ අපි බොහෝම අමාරුවන් ජීවත් වුණා.


මගේ ගම් පළාතෙම තරුණයෙක් එක්ක මම හිතවත් වෙනකොට මගේ වයස අවුරුදු දහඅටයි. එයත් අප වගේම බොහොම අමාරුවෙන් ජීවත්වෙන පවුලක දෙවැනි පුතා.

 

29-Rasa-P6-BB


අපි දෙන්නගේ සම්බන්දෙ ආදර සම්බන්ධයක් වුණේ අපටත් නොදැනීම.


එයාගේ නම සරත්, එයා රස්සාව කළේ පොලිසියේ. අපි දෙන්නා කසාද බඳින්න තීරණය කළ බව අපේ ගෙදරට දැන්වුවම එයාල විරුද්ධ වුණේ නෑ.
අම්මා නම් කිව්වේ කන්ට අඳින්ට දෙන්න පුළුවන් මනුස්සයෙක් නිසා මොකට අකමැති වෙන්න ද? කියලා.


මංගල උත්සවයක් නොගත්තට හතර දෙනෙක් දැනුවත්ව අපි කසාද බැන්ඳා. මගේ මහත්තයා බොහෝම ගුණයහපත් කෙනෙක්.


හැම වෙලාවෙම මම කෑවද බිව්ව ද? කියලා හොයලා බැලූවා. මගේ අම්මා තාත්තා ගැන හොයලා බැලූවා.  සරත් පොලිස් නිලධාරියෙක් විදිහට රස්සාවක් කළ නිසා අපිට ඒ හැටි අගහිඟයක් නම් තිබුණේ නෑ.

දරුවා ලැබෙන්න ඇවිත් මාස දෙක හමාරක් ගෙවුණා. දවසක් මහා ? ජාමේ කව්දෝ දොරට ගහන සද්දෙට අප ගැස්සිලා ඇහැරුණා. හුඟක් ? වෙලා නිසා අපි දොර ඇරියේ නෑ. ගෙයි ඉඳගෙනම කව්ද කියල ඇහුවා. ඒ වෙලාවේ දොරටු ගහපු අය දුන්නු උත්තරෙන් මගේ දෙපය වාරු නැතිව මා බිම ඇද වැටුණා. ඒ මහ ? ඇවිත් තිබුණේ පොලිසියෙන්. ඇවිත් ඉන්නේ පොලිසියෙන් කියලා කියනකොට මගේ හිතට ලොකු ගින්දරක් ආවා. මට දැනුණා මගේ මහත්තයට මොකක් හරි කරදරයක් කියලා.


අප දෙන්නා බොහෝම සැනසිල්ලෙන් ජීවත් වුණා. නුවරට  කිට්ටුව පොලිසියක රස්සාව කළ නිසා උදේ හවස ගෙදර ඉඳන්ම රස්සාවට එන්න යන්න අපේ මහත්තයට පුළුවන් වුණා.


ඒත් කාලයක් යනකොට අපේ මහත්තයාට මාරුවක් ලැබුණා. ඒ කාලේ උතුරේ යුද්දේ ජයටම යන කාලේ. ඇත්තටම ඒ මාරුවීම අහල එදා මම හොඳටම බය වුණා. හොඳටම ඇඬුවා. ඒත් රස්සාව නිසා යාපනේට යනවා ඇරෙන්න වෙන ක‍්‍රමයක් අපට තිබුණේ නෑ.


මහත්තයා යාපනේට යන දවසේ මට හිතුනේ මගේ මුළු ජීවිතේම නතර වුණා වගේ.


ඒත් මොනවා කරන්න ද? එන  ඕනෑම දේකට මුහුණ දෙන්න අපට සිද්ධ වෙනවනේ.


අපේ මහත්තයා යාපනයේ ගියාම මම අපේ මහගෙදර නතර වුණා. දවාලට අපේ ගෙදර ගිහින් අස්පස් කරලා දාලා එන මම ?ට මහගෙදර නිදාගත්තා.


කොහොම වුණත් මං හිටියේ ලොකු ගින්දරක. ඒ දවස්වල මා නොවරදවාම අපේ මහත්තයාට ලියුම් යැව්වා. ඒදා අද වගේ නෙවෙයි. ටැලිපෝන් තිබුණේ නෑ.  මහත්තයාට නිවාඩු ලැබුණේ බොහොම කලාතුරකින්. ඒත් නිවාඩුවට ගෙදර ආවම අපේ ගෙදර සතුටින් පිරිලා තිබුණා.


මට දරුවෙක් ලැබෙන්න ආවේ අපි කසාද බැඳලා අවුරුදු තුනකට විතර පස්සෙ. ඒ ආරංචි අහලා අපේ මහත්තයා එදා බොහොම සතුටු වුණා. අපේ ගෙදරට දරු පැටියෙක් එනවා කියන සතුට එක්ක මම අනාගතේ ගැන ගොඩාක් කල්පනා කළා.


දරුවා ලැබෙන්න ඇවිත් මාස දෙක හමාරක් ගෙවුණා. දවසක් මහා ? ජාමේ කව්දෝ දොරට ගහන සද්දෙට අප ගැස්සිලා ඇහැරුණා.


හුඟක් ? වෙලා නිසා අපි දොර ඇරියේ නෑ. ගෙයි ඉඳගෙනම කව්ද කියල ඇහුවා. ඒ වෙලාවේ දොරටු ගහපු අය දුන්නු උත්තරෙන් මගේ දෙපය වාරු නැතිව මා බිම ඇද වැටුණා.


ඒ මහ ? ඇවිත් තිබුණේ පොලිසියෙන්. ඇවිත් ඉන්නේ පොලිසියෙන් කියලා කියනකොට මගේ හිතට ලොකු ගින්දරක් ආවා. මට දැනුණා මගේ මහත්තයට මොකක් හරි කරදරයක් කියලා.


වැටුණ තැනින් නැගිට ගන්න පණක් තිබුණේ නෑ. දන්නේ නෑ මොනවා වුණාද? කියලා. මගේ මහත්තය හිටපු පොලිසියට කොටි ගහල කියල අපේ තාත්තාට ඒ ආපු මහත්තුරු කියනවා මට ඇහුණා.


දන්නේ නෑ මට ඒ වෙලාවේ ආපු දුක් ගින්දර කොහොම ද කියන්නද මා දන්නේ නෑ.

පුතා ලැබිලා මාස පහකට පස්සේ මාව ආයෙමත් කොළඹ බංගලාවට එක්ක ගියා. ඒ ගියාම පුතාට වෙනම කාමරයක් තිබුණා. මට වෙනම කාමරයක් තිබුණා. කිරි දෙන වෙලාවට පුතා ළඟට ගිහින් කිරි දීල පුතාව එයාගේ කාමරේ නිදිකරලා මම මගේ කාමරේට යනවා. ඒ නීති රීති නෝනගේ ඒවා. ? නිදියන ටිකට මට පුතා ළඟ ඉන්න පුළුවන්. නමුත් හුඟ වෙලාවට පුතාව තනියම එයාගේ කාමරේ තියන්න මට සිදු වුණා.


මගේ මහත්තයා කොටි ගහල මැරිලා හිටියා. ඒ දවස් ටිකේ මම කොහොම ජීවත් වුණා ද? කියලා මට හිතාගන්න බෑ.


මැණිකේ අම්මාගේ හඬ බිඳී යයි අතීතය නැමැති මරණය අදටත් ඇයගේ දෑසට කඳුළු නංවයි. ගැනෙන දෑතින් ඇය සිය දෑස පිස දමයි. මම ඇයට ඉඩ දී බලා සිටියෙමි.


මහත්තයා මැරුණ වෙලාවේ මම කරපු කියපු කිසිම දෙයක් මට මතක නෑ. මට හිතුණේ මගේ මහත්තයාගේ මරණෙත් එක්ක මගේ ජීවිතෙත් ඉවර වුණා කියලා.


කොහොම වුණත් හැම දේම අවාසනාවන්ත විදිහට ඉවර වුණා.


මගේ බඬේ හිටි දරු පැටියත් නැති වුණා. මහත්තයා මැරුණ ගෑනියෙක් වුණ මට තිබුණ එකම සැනසිල්ලක් කුසේදීම නැති වුණා.
ඒ නිසාම මම ඉස්පිරිතාලේ වැඩි හරියක් ඉන්න වුණා.


ඉස්පිරිතාලෙන් ගෙදර ආව දවසේ ඉඳලා මට හරියට සිහියක් තිබුණේ නෑ. නුපන් දරුවත් මියගිය සැමියත් වෙනුවෙන් මම විදෙව්වා.


මේ හැමදේම අතරේ මගේ තාත්තා වයසත් එක්ක දුර්වල වුණා. නැති බැරිකම අපේ ගෙදර ලිපේ ගින්දර පත්තු නොකර දවස් ගෙවන්න හේතුවුණා.
ඒ නිසාම අපේ ගමේ හිතවත් කෙනකුගේ මාර්ගයෙන් මම කොළඹ රස්සාවක් හොයා ගන්න උත්සාහ කළා. කොළඹ බංගලාවක හරි උයන පිහන වැඩ කරන්න බැරි කමක් නෑ මම කැමැති කියලා මම කිව්වා.


වැඩිකල් නොයාම මට රස්සාවක් ලැබුණා. කොළඹ බංගලාවක කුස්සියේ වැඩ පළ කරන්න  මා ගියා. ඒ ගෙදර ජීවත් වුණේ නෝනයි මහත්තයි පොඩි බේබි. ගෙදර උයන පිහන වැඩ ටික කරලා බේබිව බලාගන්නයි මට තිබුණේ. මම ඒ ගෙදර වැඩ පළ කරගෙන හිටියා. ඒ පවුලේ කව්රුත් මට බොහොම හොඳින් සැලකුවා.


මගේ වයසක අම්මාටයි තාත්තාටයි ජීවත්වෙන්න සල්ලි යවන්නත් මට පුළුවන් වුණා.


මැණිකේ දිගු සුසුමකින් ලය පුරවා ගනිමින් බලා සිටී, ඇයගේ දෑස තෙත් වී ගොස් වචන මුව තුළටම වී ඇත. ඇයට දරුවෙක් ලැබී ඇත. ඒ දරුවා කාගෙන්ද?
වැඩිහිටි නිවහනේ ඇතුළත් වීමේ තොරතුරුවලට අනුව ඇය ගැබ්බරව ඇත්තේ බංගලාවේ මහත්තයාගෙනි. මට දරුවෙක් ලබෙන්න ආවා කිව්වා මිස ඊට සම්බන්ධ පුද්ගලයා කව්දැයි කියන්නට ඇය උත්සාහ නොගත්තාය. ඒ වෙනුවට ඇය අප හා පැවසුවේ බංගලාවේ මහත්තයා බොහොම හොඳ කරුණාවන්ත කෙනෙක් කියා පමණි.


පැරඬැල්ව ශේෂ වූ ඇයගේ හිතේ උපන් සෙනෙහස් හිමිකරු බංගලාවේ මහත්තයා වී ඇත. මහලූ නිවහනේ නිලධාරින්ට ඇය ඇතුළත් වීමේ දී ලබා දුන් තොරතුරුවලට අනුව සැසඳෙන ඇය අපට පැවැසූ දේ අතර නොපවසා සඟවන දේ හාරා ඇවිස්සීම අපි නොකළෙමු.


මහලූ මවක් වූ මැණිකේ නොකියූ කතාව හා සසැදෙන පැවසූ කතාව ඇය කිව් පරිදි මෙසේ සටහන් කර තබමි.


දරුවෙක් ලැබෙන්න ආවට පස්සේ මාව මාවනැල්ලේ ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදර මාව නැවැත්තුවේ දරුවා ලැබෙනකන් මාව බලා කියාගන්න අම්මා කෙනෙකුත් එක්ක. මහත්තයා විතරක් නෙවේ නෝනත් මාව බලන්න වත්තට ආවා. ඒ ආවට මා එක්ක කතා කළේ මහත්තයා විතරයි. මම මගේ දරු පැටිය උපදින තුරු එයා වෙනුවෙන් මම බලන් හිටියා. ප‍්‍රශ්න ගොඩක් මැද වුණත් මට මගේ දරුවා ගැන ආදරයක් මිස තරහක් ඉපදුණේ නෑ. බංගලාවේ මහත්තයා මට බොහොම කරුණාවයි. මට මගේ දරුවා ලැබෙනකන් හැම සැප පහසුකමක්ම ලැබුණා.


දවසින් දවස දරුවා උපදින දින ළං වුණා. මොන තරම් පහසුකම් මැද වුණත් මට හිටියේ මං විතරයි. එක දවසක් මහ ? දරුවා ලැබෙන්න මට විලිරුදාව ඇතිවුණා. ඒ වෙලාවේ මගේ තනි නොතනියට හිටපු අම්මා අහල පහළ කට්ටියට කතා කරලා මාව ඉස්පිරිතාලෙට එක්ක ගියා.


පාන්දර ජාමේ මට මගේ දරුවා ලැබුණා. මට ලැබුණ දරුවා පුතෙක්. එදා මට හිතුණා මගේ හැම දුකම නැතිවෙලා යයි කියලා.


මගේ පුතා බොහොම ලස්සනයි. පුතා ලැබුණ එක ගැන බංගලාවේ මහත්තයා බොහොම කැමැති වුණා. පුතාට දේශක කියලා නම තිබ්බෙත් මහත්තයා.
පුතා ලැබිලා මාස පහකට පස්සේ මාව ආයෙමත් කොළඹ බංගලාවට එක්ක ගියා. ඒ ගියාම පුතාට වෙනම කාමරයක් තිබුණා. මට වෙනම කාමරයක් තිබුණා. කිරි දෙන වෙලාවට පුතා ළඟට ගිහින් කිරි දීල පුතාව එයාගේ කාමරේ නිදිකරලා මම මගේ කාමරේට යනවා. ඒ නීති රීති නෝනගේ ඒවා. ? නිදියන ටිකට මට පුතා ළඟ ඉන්න පුළුවන්. නමුත් හුඟ වෙලාවට පුතාව තනියම එයාගේ කාමරේ තියන්න මට සිදු වුණා.


ඒ ගෙදර පුතාට වුවමනා හැම සැප පහසුකමක්ම තිබුණා. ඒත් මට පුතාගෙන් ඈත් වෙලා ඉන්න සිදුවුණා. බංගලාවේ නෑ පරපුරේ බේබිලා අතරේ මගේ පුතා තවත් බේබි කෙනෙක් වෙනකොට මම ඒ බංගලාවේ වැඩකාරියක් විතරක් වුණා.


ඇත්තටම නෝනා මම මගේ දරුවාගේ අනාගතේ ගැන හිතලා මට සිදුවෙන වෙනස්කම් ගණන් ගත්තේ නෑ.


ඒ වගේම මම ඒ ගැන තරහක් නෑ. බංගලාවේ නෝනට දොස් කියන්න මට පුළුවන් කමකුත් නෑ. මහත්තයාට දොස් කියන්න මට පුළුවන් කමකුත් නෑ. අප කරන අපෙන් වෙන වැරැුද්දක දඬුවම අපම තමයි විඳින්න  ඕනෑ. දවසින් දවස පුතා මාව අඳුර ගත්තේ අම්මා විදිහට නෙවෙයි. මැණිකේ අම්මා විදිහට. බංගලාවේ නෝනා අම්මා වුණා. එයාලා මගේ පුතාව හොඳ ඉස්කෝලෙකට යවල ඉගැන්නුවා.


මොන තරම් නෝනා හාමුට අම්මා කිව්වත් පුතාට හැම වෙලාවෙම  ඕනෑ වුණේ මාව. මැණිකේ අම්මා බත් කවන්න මැණිකේ අම්මා අරක කරන්න මේක කරන්න හැමදේම මට. මම ඒවා කළේ සතුටින්.


ඔහොම ඉන්න අතරේ බංගලාවේ ලොකු මහත්තයා දවසක් අසනීප වුණා. මහත්තයාගේ පපුවේ කැක්කුමක් හැදිලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා. ඒ යනකොට ඒ හැටි අමාරුවකින් හිටියේ නැති මහත්තයා ආයෙත් ගෙදර ආවේ පෙට්ටියක.


ඇත්තටම හැමදේම දුකක් විතරයි.


ඇයගේ වචන පැටලෙයි. වාවාගත් හැඟීම් අතර සැඟව ගත් නොකියනා හැඟීම් ඇය ඇයගේ සිත තුළට තබා සිරකරලයි බංගලාවේ මහත්තයාගේ හදිසි මියයාමෙන් ඇය විඳි වේඳනාවක් ගැන ඇය නොකියා හිදී.


මහත්තයා මැරුණට පස්සේ මම ඒ ගෙදර තනි වුණා. දවසක් මම පුතාට කිව්වා මම එයාගේ අම්මා කියලා. ඒත් පුතා ඒක පිළිගත්තේ නෑ. එයා කිව්වා මැණිකා අම්මා ඔයා මගේ අම්මා තමයි කියලා. එහෙම කියලා ලස්සනට හිනාවුණා.


ඒත් මම කියන්න හදපු ඇත්ත පුතා පිළිගත්තේ නෑ. තේරුම් ගන්න උත්සාහ කළෙත් නෑ. මගේ පුතා ඉගෙන ගන්න බොහොම දක්ෂ ළමයෙක්. නෝනා එයාව වැඩිදුරට ඉගෙන ගන්න ජපානෙට ඇරියා.


දැන් එයා කසාද බැඳලා පුතයි මහත්තයයි නැති ගෙදර මට ඉඩක් තිබුණේ නෑ. ඒ නිසා මේ වැඩිහිටි නිවහනට මට එන්න වුණා. පුතාව බලන්න ආසයි. එයා ලංකාවට ඇවිත් ගිය බව ආරංචි. ඒත් මට එයාව බලන්න ලැබුණේ නෑ.


මැණිකේගේ දෑසින් කඳුළු වැටෙන්නේ එක සීරුවටය. වරද ඇත්තේ කොතැන ද? පහදා කිව නොහැක. නමුත් ඇය අපට පැවසූ කතාවේ වරදකාරි හැඟීම ඇයම දැයි විටෙක නොසිතුනාම නොව බංගලාවේ මහත්තයා දරුවාගේ පියා කළ බංගලාවේ නෝනාගේ සිතුවිලිවලට කුමක් වන්නට ඇතිද?


තම සැමියා නිසා ගැබ්බර වූ මැණිකා සමග එකම වහලක් යට දිවි ගෙවන්නට තරම් ඇය තුළ මොන තරම් ඉවසීමක් තිබුණාද? වපුරණ බීජය අනුව අස්වනු පීදෙන බව අපි අසා ඇත්තෙමු.


කෙසේ වුවද මොනයම් කැපකිරීමක්වත් මව සහ දරුවා යන සෙනෙහස තරම් අරුත් ගැන්වෙන්නේ නැත. දහසක් වැරදි සිදු වූ බව සැබෑවක් වුවත් දරු දුක ගින්දරක් නොවන්නේ කොහොම ද?


(මෙහි නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.)


m