සුනාමියත් සමග බොහෝ කිමිදුම් කරුවන්ට තමන්ගේ රැකියාව පමණක් නොව කිමිදුම් උපකරණ මෙන්ම උන්හිටිතැන් ද අහිමිව තිබිණි. මේ නිසා ඔවුහු දැඩි දුෂ්කරතාවයකට පත්වූහ. ධීවර යාත‍්‍රා දහස් ගණනක් විනාශවී ගිය අතර ඔවුන්ගේ නිවාස කැඞී ගොස් ජීවත් වන්නට සිදුව තිබුණේ තාවකාලිකව අටවාගත් කූඩාරම් හෝ ලෑලි මඩු තුළය. චතුර කුඩච්චිගේ නිවස විනාශ නොවුනද ඔහුගේ කිමිදුම් උපකරණ රාශියක් ද සුනාමියට හසුව අතුරුදන් වූවේය. තම සහෝදර කිමිදුම් කරුවන් ද කරකියාගත හැකි දෙයක් නැතිව දුක් විදිද්දී චතුර මුහුදු කූඩැල්ලන් හා ඔවුන්ගේ බෝවීම පිළිබඳ කරුණු සොයමින් සිටියේය. මුහුදු කූඩැල්ලන් යනු බොහෝ රටවල හොඳ ඉල්ලූමක් ඇති දෙයකි. නමුත් දකුණු වෙරළේ මුහුදු කූඩැල්ලන් බහුලව දැකිය නොහැකි සත්ත්ව විශේෂයකි. ‘‘ මේ කාලේ මම මුහුදු කූඩැල්ලන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ බෝවීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියා. ඒ නිසා මම දැන සිටියා මුහුදු කූඩැල්ලන් ඇතැම් රටවලට අපනයනය කිරීමෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් මෙරටට ලබාගත හැකි බව. නමුත් මෙය අපට කළ නොහැකියි. මුහුදු කූඩැල්ලන් එකතුකර අපනයනය කරන අය ලංකාවේ ඉන්නවා. මේ ගැන මම මගේ කිමිදුම් සගයන්ට කීවාම ඔවුන් කියා සිටියේ ජීවත්වන්න ක‍්‍රමයක් නැති නිසා මුහුදු කූඩැල්ලන් සොයාගෙන ලංකාවෙන් පිට ඇති දුපතකට යමුකියලා. මේ යෝජනාවට බොහෝ දෙනෙකුගේ කැමැත්ත ලැබුණා. ඒ නිසා අපි ඉන්දියන් සාගරයේ පිහිටි දුපතකට යන්න තීරණය කළා. ’’ මේ අනුව බහුදින ධීවර යාත‍්‍රාවක් තෝරාගන්නා කුඩච්චි ඇතුළු පිරිස දින කිහිපයකින් ගමනට සූදානම් වූහ. මාස තුනකට ප‍්‍රමාණවත් ආහාර සහ අයිස් ගබඩා කරගන්නා ඔවුහු හැකිතරම් ඉන්ධන සහ ජලය ද රැගෙන ගමන පිටත් වූහ. ‘‘ මගේ තවත් බලාපොරොත්තුවක් තිබුණා. මම ඉතාමත්ම ආශා කළා මුහුදු ක්ෂීරපායීන්ට. ගැඹුරු මුහුද තරණය කරමින් යන මේ ගමනේදී තල්මසුන්, ඩොල්ෆින්, සහ මුහුදු ඌරන්ගේ හැසිරීම් රටා ගැන සොයා බැලීමේ යටි අරමුණක් මට තිබුණා. ඒ නිසා මම පුද්ගලිකවම ඒ සඳහා සූදානම් වුනා. තල්මසුන් මෙරට මහද්වීපයකට ඇතුළුවන හා පිටවන ප‍්‍රදේශ හඳුනාගැනීම මගේ බලාපොරොත්තුවක් වුණා. ’’ කුඩච්චි ඇතුළු පිරිස ගමන පිටත් වූහ . බහුදින යාත‍්‍රාවේ ගමන් කළ පිරිස 26 කි. මේ පිරිස යාත‍්‍රාවට දැරිය නොහැකි තරම් පිරිසක් වුවද ඔවුන්ගේ කාර්යය සාර්ථක කැර ගැනීමට ඔවුන් සියළුදෙනාම අවශ්‍යව තිබිණි. ටිකෙන් ටික ශී‍්‍ර ලංකාවෙන් ඈත් වෙද්දී කුඩච්චිගේ අපේක්ෂාවන් උවමනාවටත් වඩා සඵල වී තිබිණි. තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් මුහුදේ රජ කරන ආකාරයත් ඔවුන් රංචු වශයෙන් පිහිනා යන ආකාරයත් ඔහු මනාව නිරීක්ෂණය කළේය. තල්මසුන් සහ ඩොල්ෆින් වර්ග ගණනාවක් හඳුනාගැනීමට ද කුඩච්චි සමත්වූවේය. මම තල්මසුන් බැලූවත් අනිත් අයට ගැඹුරු මුහුදේ යන මේ ගමන වෙහෙසකාරී දෙයක් වෙලා තිබුණා. ඔවුන්ට තල්මසුන් සිටියත් නැතත් වැඩක් නැහැ. ඒ නිසා ඔවුන් නිතර නිතර අවශ්‍ය ඉලක්කයට යන්න බල කළා. කුඩච්චි පවසන්නේ බහුදින ධීවර යාත‍්‍රාවේ ඉන්ධන සීමා සහිත බැවින් ඔවුන් කැන්වස් රෙද්දක් භාවිතා කරමින් රුවලක් සාදාගෙන දිවා කාලයේ සුළග උපයෝගී කැර ගනිමින් යාත‍්‍රා කළ බවයි. ඉතාමත් වෙහෙසකැර කටයුත්තක් වුව ද ඇතැම් අවස්ථාවක හොඳ වේගයක් ලබාගැනීමට හැකි වූ බව ද මේ ක‍්‍රමය එන්ජින් සහිත ධීවර යාත‍්‍රාවලට පවා යොදා ගත හැකි බව තමන් අත්දැකීමෙන්ම දැනගත් බව ඔහු පවසන්නේ ඉදිරියේදී ඉන්ධන ගැටළුවට එය ද විසඳුමක්යැයි කියමිනි. රුවල භාවිතයෙන් යාත‍්‍රා කිරීමේදී ඇතැම් අවස්ථාවල යාත‍්‍රාවේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙමින් රුවල කෙටිකැර ගැනීමට සිදුවූ බව ද හෙතෙම කියා සිටියේය. මේ නඩයේ සිටි වැඩිහිටියකු ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාවට නිරිත දිගින් පිහිටි ජන ශුන්‍ය දුපතක් ගැන දැන සිටියේය. ඔවුන් එය හැඳින්වූයේ ගර්සියා දුපත යනුවෙනි. දීගෝ ගර්සියා යනුවෙන් හඳුන්වන මේ දුපතට ගොස් මුහුදු කූඩැල්ලන් එකතුකැරගෙන පැමිණීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබිණි. එක දිගට දින 16 ක් ගමන් කිරීමෙන් පසු ඔවුහු එක් සුවිශේෂී ස්ථානයකට ලගා වෙමින් තිබිණි. මේ දක්වා තිබුණු ඒකාකාරී වර්ණයකින් යුතු පැතලි අහස්කුස වෙනුවට දක්නට ලැබෙන්නේ එක් පෙදෙසක අලංකාර කැටි වලාකළු වලින් බහුල දීප්තිමත් අහස් තලයකි. ඔවුහු ටිකෙන් ටික ඒ දෙසට ලගා වෙමින් සිටිති. ප‍්‍රදේශයේ මුහුද නොගැඹුරු වෙමින් තිබේ. මුහුදු පත්ල වඩාත් පැහැදිලි වෙමින් තිබියදී හාත්පස අඳුර පැතිරෙන්නට විය. ගොඩබිමක් ලග ලගම පවතින බවට සියළු සේයාවන් දිස්වුවද ඔවුන්ට හිරු බැසයන්නට පෙර ගොඩබිමක් දක්නට නොවුණි. ඈතින් ප‍්‍රදේශයක් ආලෝකවත්ව තිබේ. ඒ ප‍්‍රදේශයේ යම් මිනිස් ජනාවාසයක් ඇති බවත් විශාල අලෝක කදම්භ ඔවුන් භාවිතා කරන බවත් පෙනෙන්නට ඇත. නමුත් මුහුදේ එකම ධීවර යාත‍්‍රාවක් හෝ පෙනෙන්නට නැත. ගොඩබිමට ඔවුන් ලගාවෙමින් තිබෙන ප‍්‍රදේශය අඳුරේ ගිලී තිබේ. අනවසරයෙන් වෙනත් රටක මුහුදු සීමාවට පැමිණි චතුර ඇතුළු පිරිස රාතී‍්‍ර අඳුරේම දුපතට සේන්දුවෙමින් සිටියහ. මධ්‍යම රාති‍්‍රය ආසන්න වෙමින් තිබේ. තම අතැති විදුලි පන්දම් එළියෙන් පෙනෙන්නේ මුහුද එතරම් ගැඹුරු නොවන බවයි. ඒ අනුව රාති‍්‍රයේ නැංගුරම් දැමීමට ඔවුහු තීරණය කළහ. නැංගුරම් දමා දෙදෙනකුට නොනිදා සිටින්නයැයි කියූ පිරිස දැඩි වෙහෙස නිසාම නින්දට වැටුණි. සමන් මුදිත වේලාසනින්ම අවදි වූවේය. අවදිවූ වහාම ඔහු කෑ ගැසුවේය. ඔහුගේ බෙරිහන් දීමට සියල්ලෝම ක්ෂණයකින් නැගිටින විට දැකගන්නට හැකිවූයේ තමන් පැමිණි යාත‍්‍රාව එක් පසෙකට ඇලවී ඇති බවයි. පුදුමයකි ඔවුන් නැංගුරම් දමා ඇත්තේ කොරල්පරයක් මතය. මුහුද දක්නට ඇත්තේ යාත‍්‍රාවේ සිට කිලෝ මීටර භාගයක් පමණ ඈතිනි. තවත් එවැනිම දුරකින් ගොඩබිමක් දක්නට ඇත. හාත්පස පැතිරී ඇති කොරල් පර යායක් මත යාත‍්‍රාව එක් පසෙකට ඇලවී රැඳී තිබේ. සියල්ලෝම පරය මතට බැස ගත්හ. කරන්නට කිසිම දෙයක් නැත. මේ වනවිටත් බහුදින යාත‍්‍රාවේ ස්ථාන කිහිපයකට හානි සිදුව තිබේ. ‘‘ මේ දේ සිදුවුනේ වඩදිය බාදිය සංසිද්ධිය නිසා. රාතී‍්‍ර කාලයේ අඩි කිහිපයක් වඩදිය තිබෙද්දී තමයි අපි දුපතට සේන්දුවෙලා තියෙන්නේ. ජලය තියෙනවා කියා නැංගුරම් දැමූ අවස්ථාවේ නැංගුරම වැඩිය යටට නොගිය බව මගේ මතකයේ තිබුණා. එළිවෙනවිට වඩදිය බැසගිහින් නොගැඹුරු මුහුදු පත්ල මතුවුණා. ඒ නිසා යාත‍්‍රාව පාවෙන්න ජලය ප‍්‍රමාණවත් නැති නිසා එය ගොඩබිමට ගෙන ආ අවස්ථාවකදී වගේ ඇලවී ගියා. යළි යාත‍්‍රාව මුහුදට ගන්න වෙන්නේ වඩදිය පැමිණි විටදී පමණයි. ඒ වෙනුවෙන් රාති‍්‍රය උදාවෙනතුරු බලා සිටිය යුතුයි. ’’ කොරල් පරය මත සෑම තැනම දක්නට ලැබෙන්නේ ටයිගර් කවඩි යනුවෙන් මෙරට අලෙවි කරන කවඩි විශේෂයයි. පන ඇති මේ සතුන් ගෝනි කිහිපයකට එකතු කිරීමට ඔවුන් සමග ගිය ඇතැම් අය කටයුතු කළහ. පිරිස උදේ ආහාරය පිළියෙල කරන්නට වූහ. මේ අතර කණ්ඩායමක් මුහුද දෙසටත් තවත් කණ්ඩායමක් ගොඩබිම දෙසටත් ගමන් කළහ. ආහාර පිළියෙල කිරීම සිදුවූයේ චතුර ප‍්‍රමුඛ දෙතුන් දෙනෙකු අතිනි. ගොඩබිම දෙසට ගිය කිහිප දෙනා පොල් ගෙඩි, කුරුම්බා සහ කහ පැහැති දොඩම් ගෙඩි රාශියක් රැගෙන පැමිණියහ. මේ අතර ඔවුන් අත වූයේ මරාගත් වල් කුකුලන් දෙදෙනෙකි. ශී‍්‍ර ලංකාවේ දක්නට ලැබෙන කුකුලන්ට වඩා වෙනස් ස්වරූපයක් ගත් මේ කුකුලන් දෙදෙනා ද එදින දිවා භෝජනය සඳහා පිළියෙල කැරුණි. ඒ වනවිටත් අල්ලාගත් මසුන් කිහිප දෙනකු ද ආහාරය සඳහා පිළියෙල කැර තිබිණි. මේ සියල්ල සිදුකැරුණේ අගල් කිහිපයක ජලයෙන් වැසීගිය කොරල් පරය මත බව චතුර කුඩච්චි සිහිපත් කරයි. ගොඩබිම දෙසට ගිය පිරිස කියා සිටියේ තමන් පැමිණ ඇති දුපත ජනශුන්‍ය ස්ථානයක් බවයි. දුපතේ මිනිස් පුළුටක් හෝ දක්නට නැති බවත් ලඳු කැලෑ සහිත වෙරළ තීරයේ පොල් ගස් සහ දොඩම් ගස් බහුලව තිබෙන බවත් ඔවුහු කියා සිටියහ. මුහුද දෙසට ගිය පිරිසට පැවරුණු රාජකාරිය වූයේ රාති‍්‍රයේ වඩදිය පැමිණි විට තම යාත‍්‍රාව යළි දියඹට ගැනීමට සුදුසු මාර්ගයක් සළකුණු කිරීමයි. ඔවුහු එම කාර්යය කරමින් සිටියදී දුටු දෙයින් ත‍්‍රස්ත වූවේය. ඒ ඇමරිකන් ධජය සහිත අති විශාල යුද නෞකාවක් දුපත ආසන්නයේම නැංගුරම් දා ඇති බවයි. ඔවුන් තම කාර්යය නවතා හැකි ඉක්මණින් තම යාත‍්‍රාව වෙත පැමිණියහ. ‘‘ අපේ අය කියපු තරම් ඇමරිකන් යුද නැව දුපතට සමීප කරලා තිබුණානම් අනිවාර්යයෙන්ම ඔවුන් මේ දුපතට ගොඩබහින්න ඇති කියා මට සිතුනා. ඒ අනුව අපි මේ දුපතේ තනිවී නැති බවනම් ස්ථිර වුණා. ඉදිරියේදී මොනවගේ ගැටළු වලට මුහුණපාන්නට සිදුවේද කියා සිතිය නොහැකිව අපි ඒ ගැන හිටියේ දැඩි විචිකිච්ඡාවකින් ’’ ලබන සතියේ : ඇමරිකා යුද කඳවුර පිහිටි දුපතේ ලාංකිකයෝ ද කඳවුරු බඳිති.
ඉහළ අධිකරණවලට විනිශ්චයකාරවරුන් පත් කිරීමට අදාළව ව්‍යවස්ථා සභාව ගත් තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත් අඟහරුවාදා (න
රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. කුමන අදහසක් හිස දරා එම ප්‍රකාශය කළේදැයි පැහැදිලි නැතත් දැන්
අපේ රටේ ජනශ්‍රැතියේ එන කියමනක් වන්නේ ‘‘හොඳට – නරකට දෙකට කටමය’’ යන එකය. එයින් අදහස් කරන්නේ එකම දෙයක් හොඳ පැත්තටත් නරක පැත්තටත් යොදාගත හැකි බව විය යුතුය.
ජනවාරි මස 1 වැනි දින සිට දැනට බලපවත්වන වැට් බද්ද ඉහළ දමන බව රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 2024 අයවැය කතාව මගින්ද මේ බව අවධාරණය කෙරුණි. මේ වනවිට ක්‍රියාත්
එළඹෙන 2024 වසරේදී ජීවත්වීමේ ප්‍රශ්නය 2023 වසරට වඩා බැරෑරුම් වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ පුරෝකතනයයි. මේ ඒ පිළිබඳව ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා මහාචාර්
ධර්මද්වීපය, ධර්ම භාණ්ඩාගාරය ලෙස විරුදාවලිලත් නයන පිනවන මේ රන් දිවයින අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නරඹන්නන්ගෙන් ලොව අංක එකට පත්වීමේ පුවත මෙයට දෙතුන් වසර
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
මුහුදු කූඩැල්ලන් සොයා ඇමෙරිකන් කඳවුරට
කුමාර Thursday, 07 June 2012 01:24 PM
විශ්ෂ්ඨයි...........................