IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහගෙදර කැත ලිංගික වැඩ

05-P-17-BA

 

රැකියා කරන ස්ථානයේදී අහිංසකව හා නිහඬව සිටින කාන්තාවන්ට සිදුවන අයුතු ලිංගික බලපෑම් හා වෙනත් අපයෝජන පිළිබඳව බෙහෙවින් අසන්නට ලැබේ. එවැනි ක්‍රියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළද සිදුවන බැව් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක ලබා දුන් වාචික ප්‍රකාශයක්  මගින් අනාවරණ වී තිබේ.


මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහගෙදර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ ඇදහිය නොහැකි කටයුතු සම්බන්ධ තොරතුරු හෙළිදරව් වූයේ එහි අලෙවි අංශයේ හිටපු ලේකම්වරියක වන ගයාත්‍රි වික්‍රමසිංහ විසින් එම ආයතනය මගින් පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණයකදී කරන ලද අනාවරණයකදීය. 


“මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ අවදියේ කාර්ය මණ්ඩලයේ ඇතැම් පුද්ගලයන්ගේ අයුතු ලිංගික බලපෑම් ඇතුළු විවිධ අතවර රැසකට මුහුණ දුන්නා. සවස් යාමයේ බීම වර්ග ඇණැවුම් කිරීම සඳහා ඔවුන් මට සමාජශාලා සාමාජිකත්වයක් ලබා දීමට යෝජනා කළා. ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ අනියම් සබඳතා පිළිබඳව සේවා කාලයේදී මට පවසා තිබෙනවා. මා ශාරීරික වශයෙන්ද ලිංගික බලපෑම්වලට ලක් වුණා. 2012 සිදු වූ එවැනි එක් අතවරයක් සම්බන්ධයෙන් මා විසින් එවක සිටි ප්‍රධාන විධායක නිලධාරි අජිත් ජයසේකර මහතාට පැමිණිලි කරනු ලැබුවා. ඔහු එය සභාපති උපාලි ධර්මදාස මහතාට යොමු කළ අතර ඔහු එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට පියවර ගත්තා.


මට අතවර කළ පුද්ගලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ  එක්තරා පිරිසක්. ඒ අතර හිටපු කමිටු සාමාජිකයන්ද සිටියා. මේ අවස්ථාවේ මා ඔවුන්ගේ නම් අනාවරණ නොකළත් අවශ්‍ය අවස්ථාවක සියලු දෙනා හෙළිදරව් කිරීමට සූදානම්. අවිවාහක කාන්තාවක වශයෙන් මෙවැනි දේ සම්බන්ධයෙන් පැමිණිලි කොට මගේ ප්‍රතිරූපය කිලිටි කර ගැනීමට මට අවශ්‍ය වූයේ නැහැ. එහෙත් නිර්දෝෂී පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යාම නිසා මේ පිළිබඳව හෙළිදරව් කිරීමට සිදු වුණා. මා පිළිබඳ අසත්‍ය තොරතුරු රැසක් විවිධ පුවත්පත්වල පළ කෙරුණා. කෙසේ වුවද මා පිළිබඳව පළ කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් එක්තරා  පුවත්පතක් 2014 සැප්තැම්බර් 17 දින සමාව ඉල්ලා තිබුණා. 


තරගාවලි සංවිධානය කිරීමේදී එයට සම්බන්ධ වූ එකම නිලධාරිණිය මායි. තරග සංචාර සංවිධානය කිරීමට සම්බන්ධව සිටි සමයේ සහය කාර්ය මණ්ඩලයේ ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික අතවරවලට හා දුරාචාර ක්‍රියාවලට මුහුණ දීමට මට සිදු වුණා.” යනුවෙන් ගයාත්‍රි වික්‍රමසිංහ ප්‍රකාශකොට තිබුණාය.


ඇය විසින් සියලු තොරතුරු හෙළිදරව් කිරීමට තීරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ඇයගේ සේවය අවසන් කළ බවට කරන ලද දැනුම් දීමත් සමඟිනි. එහි ඇතැම් නිලධාරින්ගේ දුරාචාර ක්‍රියා සඳහා ඇය සහය නොදැක්වීම ඇයගේ සේවය අවසන් කිරීමට බලපා තිබිණි. 


“අතීතයේ සිදු වූ අතවර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණත් මා වෙත නිකුත් කර ඇති චෝදනාපත්‍රය අර්ථ විරහිත, පදනම් විරහිත, සාවද්‍ය හා ඔවුනට අවනත නොවූ බැවින් මගෙන් පලිගැනීම සඳහා ඉදිරිපත් කළ එකක් බැව් මට හැඟී ගියා”


කිසිදු ප්‍රබල සාක්ෂියකින් තොරව විවිධ වෙබ් අඩවිවල ගයාත්‍රි වික්‍රමසිංහට එරෙහි තොරතුරු පළවී තිබූ අතර ඒවායේ ස්වරූපය අනුව  තමා විනාශ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ අනුදැනුම මත ඒවා පළ කෙරී ඇති  බැව් ඇයට වැටහිණි.


මෙම වෙබ් අඩවි සහ පුවත්පත් ලිපි මගින් එල්ල කෙරුණු චෝදනා බරපතළ හෙයින්, ඇය මුහුණ පෑ අතවර සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න සැප්තැම්බර් 7 වැනි දින ඇයට දැනුම් දුන්නේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි ඇය තුළ වූ විශ්වාසය කඩවී තිබූ හෙයින් එයට ප්‍රතිචාර දැක්වීමෙන් ඇය වැළකී සිටියාය. එම වාර්තාව යොදා ගනිමින් ඇය ඉලක්ක කර යළි වෙබ් අඩවි මගින් මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට දරන උත්සාහයක් ලෙස ඇයට හැඟිණි. 


කෙසේ වුවද ගයාත්‍රි වික්‍රමසිංහ එතරම් පිරිසක් නමින් හඳුනාගෙන සිටි චරිතයක් නොවූවාය. ඇය ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක් වූයේ සයිබර් අවකාශයේ ඇය සම්බන්ධයෙන් පළවූ පුවත් නිසාය. කිසිදු අධීක්ෂණයකින් හා පාලනයකින් තොරව සැමට ප්‍රවිශ්ට විය හැකි අන්තර්ජාල මාධ්‍යකරණය නිසා ඇය කතා බහට ලක්වූවාය. 


තමාගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගත නොහැකි වීමෙන් ඉච්ඡාභංගත්වයට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් තමා සම්බන්ධ අසත්‍ය තොරතුරු වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කළ බැව් වික්‍රමසිංහ සඳහන් කරන්නීය. කෙසේ වුවද සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැති වූ එම පුවත් ලැව් ගින්නක් සේ ඕපාදූප මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අතර ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් කෙරුණද කිසිවක් සිදු නොවීය. 


වික්‍රමසිංහට එරෙහිව ඕපාදූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනා අතර ටෙස්ට් තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයකු සමග රැයක් ගත කළ බවට වූ පුවත හා ව්‍යාජ ලෙස මුදල් ලබා ගැනීම සඳහා බිල්පතක අගය වෙනස් කිරීම යන චෝදනා ප්‍රධාන විය. ක්‍රිකට් ලෝකය තුළ ඇය ජනප්‍රිය වීමටත් අප්‍රසාදයට පත්වීමටත් බල පෑ ප්‍රධාන කරුණු වූයේ මේවාය.


වික්‍රමසිංහ ඉතා සුහදශීලී, විශ්වාසි, සෘජු චරිතයකි. ඇය කාර්යශූරය. තම කාර්යය දක්ෂ ලෙස ඉටු කරන්නියකි.  වික්‍රමසිංහගේ මෙම දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නූගත්, අදක්ෂ නිලධාරීන්ගේ සහ එම ආයතනය තුළ හැසිරෙන ඔවුන්ගේ හෙංචයියන්ට ගෝචර නොවීය. එහෙයින් ඔවුහු ඇයට අඩන්තේට්ටම් කිරීමට හා ඇයට එරෙහි අසත්‍ය ප්‍රචාර  ගෙන යෑමට ක්‍රියා කළහ. අවසානයේ ඇයගෙන් නිදහස් වීමට ඔවුනට හැකි වුවද ඔවුන් ඉදිරිපත් කළ චෝදනාවලින් වැඩි ප්‍රමාණයක් ඇයගේ ඉහළ නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.


ඇයට එරෙහිව ඉදිරිපත් කෙරුණු චෝදනා අතර ඇය අදක්ෂ බවට සඳහන් කිසිදු චෝදනාවක් නොවීය. ඇයට එරෙහි චෝදනා වූයේ රාජකාරි කාලය තුළ හිස පීරීම, මේකප් දැමීම, නිය වර්ණ ගැන්වීම, දුරකථනයෙන් ශබ්ද නඟා කථා කිරීම හා පමා වී සේවයට පැමිණීම වැනි දේය. කෙසේ වුවද පමා වී සේවයට වාර්තා කළ දිනවල සේවා කාලයෙන් පසුව කාර්යාලයේ රැඳී සිටිමින් තමාට පැවැරුණු  රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් පසු කාර්යාලයෙන් නික්ම යාම ඇගේ සිරිත විය. ඇයගේ සේවා කාලය තුළ වැඩ කළ යුතු නියමිත පැය ගණනට වඩා පැය 39ක් හා මිනිත්තු 2ක කාලයක් වැඩිපුර සේවය කර තිබූ බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වන ලද විමර්ශනයේදී අනාවරණ වූයේය. ඇය සේවයට ප්‍රමාද වී පැමිණියේ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ අනුග්‍රාහකයන්ගෙන් ආයතනයට ලැබිය යුතු චෙක්පත් ලබා ගැනීමට යෑම හේතුවෙන් බැව් ඇගේ ඉහළ නිලධාරියා විසින් තහවුරු කර තිබිණි.


වික්‍රමසිංහ තමාට සිදුවූ අතවර සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට තීරණය කරනු ලැබුවේ  කිසිදු අවවාදාත්මක ලිපියක් හෝ ලබා නොදී එක්වරම සේවයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් ගන්නා ලද තීරණය මත ඇතිවූ දැඩි කලකිරීම හේතුවෙනි. සේවයේ නිරතව සිටි සමයේ මේ පිළිබඳව හෙළි කිරීමට ඇය බිය වූයේ එමඟින් ප්‍රශ්න රැසක් මතු වේයැයි ඇය සිතූ බැවිනි. එහෙත් ඇයට එල්ල වූ චෝදනාවලින් පසු  තව දුරටත් මෙම ගැහැට නොවිඳිය යුතුයැයි සිතූ ඇය  සියල්ල හෙළි කිරීමට තීරණය කළාය.


ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි කණ්ඩායම් සමඟ සබඳතා පවත්වන බවට ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු සැක පහළ කළ අතර, තමා සේවයෙන් ඉවත් කිරීම සඳහා එයද එක් හේතුවක් කරගත් බව ඬේලි මිරර් පුවත්පත සමඟ පවසා සිටියාය. එකල අලෙවි අංශයේ ප්‍රධානියා මෙන්ම වික්‍රමසිංහගේ ඉහළ නිලධාරියා වූ වජිර දසනායකගේ ප්‍රකාශයේ සියල්ල සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් වී තිබිණි.


මැයි 30 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ පැවැති  සාකච්ඡාවකදී ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් රහස්‍ය තොරතුරු වෙනත් පාර්ශ්වවලට ලැබෙන බව තමා දන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පැවසූ බැව් දසනායක සඳහන් කළේය. එවැනි බාධක ඉවත් කිරීම සඳහා තමන් නිසි පියවර ගන්නා බවත් ඒ සඳහා වන නීති රාමුව තමා දන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කළ බැව් දසනායක වැඩිදුරටත් සඳහන් කර තිබිණි.


මෙම රැස්වීම සම්බන්ධයෙන් ගයාත්‍රි වික්‍රමසිංහ ප්‍රකාශ කොට තිබුණේ රහස්‍ය තොරතුරු මාධ්‍යයට ලබා දීම සම්බන්ධයෙන් සභාපතිවරයා එම සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිසට චෝදනා කළ බවය. තමන්ට තොරතුරු සපයන්නන් මගින් විරුද්ධවාදීන්ට සහය දක්වන පුද්ගලයන් කවුරුන්දැයි තමා හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව පසුදිනම ක්‍රියාමාර්ග ගන්නා බවටත් ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කොට තිබිණි. තමා නීතිය හොඳින් දන්නා බවද, මෙවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති බවද සභාපතිවරයා පැවසූ බැව් වික්‍රමසිංහගේ ප්‍රකාශයේ සඳහන් විය.
පසු දින සිදු වූයේ කුමක්දැයි අනාවරණ කළ දසනායක, “ප්‍රධාන විධායක නිලධාරියා මා ඔහුගේ කාමරයට කැඳවා අකැමැත්තෙන් මෙන් මට ලිපියක් බාර දුන්නා. තුන් මසක කාලයකට මගේ වැඩ තහනම් කර ඇති බව එම ලිපියේ සඳහන් වුණා. ඉන් අඩ හෝරාවකට පමණ පසු මට දැන ගන්නට ලැබුණා වික්‍රමසිංහටද එවැනි ලිපියක් ලැබී තිබූ බව” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.

m



අදහස් (0)

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහගෙදර කැත ලිංගික වැඩ

ඩෙන්සිල් Friday, 25 November 2016 02:16 AM

සමහර ගැහැණුන්ගේ හැසිරීම් රටා වලින් මිනිස්සු හිතනවා ඒ අය ගැන වැරදියට (නි)

:       0       0

යෝනක Friday, 18 November 2016 06:44 AM

හොඳ ලිපියක්

:       0       0

ටිකිරි Saturday, 19 November 2016 01:53 PM

ලංකාදීපයට ස්තූතියි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 148 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 109 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 115 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 221 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 295 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1001 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 719 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1399 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site