ඉමහත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව ඇය බුද්ධ පූජාව බෙදුවාය. අනතුරුව ගමේ පන්සලෙන් ගෙන ආ දාන භාජන වලට ද දානය බෙදු ඇය මහත් භක්තියෙන් යුතුව තම පුතුන් අතට ඒ දාන භාජනය භාර දුන්නේ  ඉක්මනින් පන්සලට දානය ගෙන යා යුතු බැවිනි. ඇය මේ පිළියෙල කළේ අදින් වසර 11 පමණ පෙර මියගිය සිය පන මෙන් ආදරය කළ සොහොයුරා සිහිපත් කරමින් පැවැත්වෙන වාර්ෂික දානයයි. දාන භාජන රැගත් පිරිස නිවසෙන් එළියට බසින විටම ඒ ආසන්නයේ නතර කළ තී‍්‍ර රෝද රියකි. ඒ රථයෙන් කුඩා දරුවෙක් සහ තවත් පිරිසක් පැමිණ සිටියහ. දරුවා දුටු ඇය ‘‘ අනේ මගේ බුදු මල්ලියේ ඔයා ආයිත් අපිව හොයාගෙන ආවා නේද ? ’’ යනුවෙන් පවසමින් කුඩා දරුවා වඩා ගත්තේ ඉමහත් ආදරයෙනි. අදින් වසර එකොළහකට පමණ පෙර උඩුගම බාර් හන්දිය ආසන්නයේදී ටිපර් රථයක් පෙරලීමෙන් මියගිය හෙට්ටිගමගේ උදය කැඑම් (35) නමැති තරුණයකු ගේ දානය පැවැත්වෙන දිනයේ මේ පැමිණි කුඩා දරුවා මියගිය එම සොහොයුරාම යැයි කියමින් හෙට්ටිගමගේ ශි‍්‍රයානි ධර්මලතා මහත්මිය (54) සතුටු කඳුඑ වැගුරුවාය. මේ දරුවා ඉපදී ඇත්තේ අක්මීමන කැටන්දොළ ප‍්‍රදේශයේය. වී.පී.තිලකරත්න (39) නමැති අක්මීමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන උපාධිධාරි පත්වීම් ලාභියකුට දාව පී. අනූෂා ශ්‍යාමලී (37) මහත්මියගේ කුසින් 2005 ඔක්තෝබර් 27 වැනිදා ඔහු මෙළොව එළිය දුටුවේය. මනුජ මතීෂ නම් වූ මේ කුඩා දරුවා වයස මාස 10 ක් පමණ වනවිට කතා බහ කරන්නට පටන්ගත් බවත් ඔහු බහතේරීමේ බොළඳ වචන වෙනුවට සෘජුව පැහැදිලි සිංහලෙන් කතා කළ බවත් තිලකරත්න මහතා පවසයි. ‘‘ අපේ පුතා පොඩි කාලේ ඉදලා වාහන ගැන ලොකු උනන්දුවක් තිබෙන බව පෙනුණා. අපේ ගෙදර පොඩි බංකු කිහිපයක් තිබුණා. ඒවා හැදෙව්වේ නෝනාට ළමයා ලැබෙන්න සිටියදී වාඩිවීමේ පහසුව සඳහා. මේ පුතා මේ බංකු වාහනයක් කියා හිතාගෙන එක පැත්තකින් උස්සගෙන ගේ පුරා පුදුම වේගයකින් තල්ලූ කරගෙන යනවා. ඒ අතරේ වාහනේ පිටිපස්සේ යන යම් කිසි කෙනකු සමග සංවාදයේ යෙදෙන බවකුත් අපිට පෙනුණා. නමුත් අපි මේ ගැන එතරම් දෙයක් හිතුවේ නැහැ. මාස කිහිපයක් යද්දී මෙයා ජංගම දුරකථනයක් කනේ තියාගත්තා වගේ අත තියාගෙන කාත් එක්කදෝ කතා කරනබවක් පෙන්වනවා. ඒ වගේම එයා හිතින් මවාගත්තු දුරකථනය වාහනේ පිටිපස්සේ යන කෙනාටත් වරින් වර දෙනවා අපි දැක්කා. මේවා කරන්නේ එයා තනියම අපේ අවධානයකින් තොරව ඉන්න වෙලාවට අපි කතා කරපු ගමන් මෙයාගේ මේ සිහින ලෝකය නවතිනවා. ’’ සිය පුතාගේ අමුතු චර්යාවක් පිළිබඳ තිලකරත්න මහතා එසේ කීවේය. කුඩා මනුජ කතා බහ කරන්නේ ලොකු පුතා, තරිඳු, සුදු නෝනා, හිමලි නමැති කිහිප දෙනකු සමගිනි. මේ නම් ඔහුට කාගෙන් හෝ අසන්නට ලැබුණු ඒවායැයි තිලකරත්න මහතාත් බිරිඳත් සිතූහ. වෙනත් දරුවන් තමන්ට නංගී කෙනෙක් හෝ මල්ලී කෙනෙක් ගෙනත් දෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීම් කළද ඔහු කිසිදිනෙක එවැනි දෙයක් කීවේ නැත. මට අක්කා, අයියා  ඕනේ. යනුවෙන් ඔහු නිතර නිතර කීවේය. එමෙන්ම අයියලාටත් අක්කලාටත් ඔහු බෙහෙවින් ලෙංගතු බවක් පෙන්වූබව මනුජගේ පියාගේ මතකයේ තිබේ. තම චෛතසිකය තුළ ලෑලි බංකුව වාහනයක් බවට පත්කරගෙන සිටි කුඩා මනුජ වැඩිදුරටත් වාහන පිළිබඳ සංකල්ප ගොඩනගන්නේ ඔහුට රෝද තුනේ කුඩා බයිසිකලයක් ලැබීමත් සමගිනි. ඉතාමත් ටික දිනකින් බයිසිකලය පැද යාමට පුරුදු වූ මනුජ එය තම මනසින් තී‍්‍ර රෝද රථයක් බවට පත්කරගත් බව පවුලේ සියලූ දෙනාම නිරීක්ෂණය කළහ. ඔහු තී‍්‍ර රෝද රථයක් පණ ගන්වන ආකාරයෙන් වම් අත පහත් කොට ලීවරයක් වැනි යමක් ඔසවන බවක් අභිනයෙන් පෙන්වා සිය කටින් රථය පණ ගන්වන ශබ්දය පිටකොට ඉදිරියට පැදගෙන යයි. මනුජගේ මව පවසන්නේ ටිකෙන් ටික වැඩෙද්දී තම පුතා වඩාත් හුදකලාව සිටින්නට පි‍්‍රය කරන බව පෙනෙන්නට තිබුණු බවයි. මව, පියා හෝ පවුලේ වෙනත් අයකු ඔහුට කතා කළ විගස කල්පනාව අතරමග නතර කර දමන මනුජ සාමාන්‍ය පරිදි කටයුතු වල යෙදෙන්නට වෙයි. වයස අවුරුදු දෙකහමාරක් පමණ පසුවූ විට මනුජ දිනක් හදිසියේම කීවේ ‘‘වාහනයෙන් මම වැටුණා. දොර ගැළවිලා මගේ ඔ`එවේ වැදුණා. එතකොටම මම ඉවරයි.’’ යනුවෙනි. මේ කතාව ඔහු කිහිප වතාවක්ම කියද්දී තම පුතු පෙර භවයක් ගැන පවසන බව අම්මාටත් තාත්තාටත් අවබෝධ වන්නට වැඩි කාලයක් ගියේ නැත. අනූෂා ශ්‍යාමලී මහත්මිය ඒ පිළිබඳ මෙසේ ද කීවාය. ‘‘ මුලදි මුලදී පුතා කියන දේ එකිනෙකට ගළපගන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. දවසක් මෙයා කිව්වා වාහනේ 13 ක් ගියා කියල. අපි දන්නේ නැහැ 13 කියන ඉලක්කම එයා කොහොම දැනගත්තා ද කියා. වෑන් එකක් හැපුනා කියල තමයි කියන්නේ. සමන්තුරේ ජනාවිල් කියලා ප‍්‍රදේශවල නම් කිව්වා. ඒ වගේම දවසක් කිව්වා කොලඹ හිටියා කියලා. ඒ වගේම හැපුණු වාහනේ කොළ පාටයි කියලත් මෙයා කිව්වා. ’’ මනුජ ගේ මවත් පියාත් තම පුතා පුනර්භවයක් ගැන පවසන බව හොඳින්ම අවබෝධ වී තිබිණ. එහෙත් ඔවුන් දෙදෙනා ඒ ගැන සොයන්නට උනන්දු වූයේ නැත. පුතා ටිකෙන් ටික වැඩෙද්දී මේ පුනර්භව කතාව ඔහුට අමතකව යනු ඇතැයි  යන්න දෙමාපියන්ගේ අදහස විය. මාපියන්ගේ මතය එසේ වුව ද මනුජ එය අමතක කැර දමන්නට සූදානම් නැත. යන්තම් පස්වැනි වියට එළඹෙද්දී ඔහු උඩුගම කියන වචනය කීවේය. උඩුගම යන්න මනුජගේ දෙමාපියන්ට අරුමයක් වූයේ නැත. ඒ ඔවුන් උඩුගම පාර නිතර ගමන් බිමන් සඳහා භාවිත කිරීම හේතුවෙනි. උඩුගම බසයේ ඔවුහු නිවසට යයි. ඔවුන්ගේ නිවසට පැමිණෙන බොහෝ දෙනකු උඩුගම ගැන විටින් විට කතා කරන ආකාරය ද මේ කුඩා පුතු අසා සිටින්නට ඇතුවාට සැකයක් නැත. මනුජ දිනක් මෙසේ කීවේය. ‘‘ මට ඒ කාලේ පූසගේ ඇග වගේ මූණ පුරාම ලෝම තිබුණා. මම ගොඩක් උසයි. මම උඩුගම පොලීසිය ලගදී තමයි හැපුනේ. දොර ගැළවිලා මගේ ඔඑවේ වැදුණා. එතකොට මම ඉවරයි. අපි 13 දෙනෙක් වෑන් එකේ ගියා. ඒක කොළ පාට වෑන් එකක්. ’’ ඔහු කියාගෙන ගියේය. සුදු නෝනා බලන්න ඉස්පිරිතාලෙට යද්දි තමයි වෑන් එක පෙරළුනේ. ඊට පස්සේ මාව රෝහලට එක්කගෙන ගිහින් දොස්තරලා ඇග උඩ නැගලත් මට පණ ගන්න හැදුවා.ඒත් මම එතකොට ඉවරයි. ’’ළදරු පාසලෙන් පසු ගාල්ල ඉහළගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුඑ වූවේ 2011 වර්ෂයේදීය. කුඩා මනුජ පාසල් යවන්නට සූදානම් කරන්නේ මව විසිනි. දිනක් ඔහු මෙසේ කීවේය. ‘‘ අම්මෙ මට පුතාල දෙන්නෙක් හිටියා. එයාලත් මේ වගේ ඇඳගෙන ඉස්කෝලෙ යනවා. ’’ අනුෂා ශ්‍යාමලී මහත්මියගේ දෑසට කඳුඑ ඉනුවාය. තම පුතා නිතර නිතර කියන මේ අතීත භවය ගැන සොයා යන්නට ඇය හෝ පවුලේ කිසිවකුත් කැමැත්තක් නොදැක්වුව ද මේ මතකය තම පුතාගේ මනසට වදයක් වී ඇති බව ඇය අවබෝධකැරගෙන සිටියාය. ඔහු නිතර නිතර සිංදු කියන අතරම ගීත විශාල සංඛ්‍යාවක් මතකයේ ඇති බවත් දෙමාපියන්ට අවබෝධ වී තිබිණි. එමෙන්ම කුඩා මනුජ ට රථ වාහන කොටස් හා වාහන පිළිබඳ තිබුණේ අසාමාන්‍ය දැනුමකි. ‘‘ අපිට මේ ගැන හොයන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. අපි උඩුගම ගැන දැන සිටියත් කවදාවත් මේ වගේ දෙයක් හොයාගෙන යන්න පුඑවන් වේවි කියලා හිතුවෙත් නැහැ. ’’ ඇය පවසයි. මනුජ පළමු ශ්‍රේණිය හොඳින් සමත් වූවේය. නමුත් දෙවැනි ශ්‍රේණියේදී ඔහුගේ ගුරුතුමිය දිනක් පියා සමග කියා සිටියේ පුතා වෙනදාට වඩා බොහෝ වෙනස් බවයි. ඉක්මනින් වැඩ අවසන් කොට කල්පනා කරමින් කාලය ගත කිරීමට ඔහු කැමැත්තක් දක්වන බවත් හුදකලා බව පි‍්‍රය කරන බවත් අචලා සුභාෂිණී නම් එම ගුරුතුමිය කියා සිටියේ තමන්ගේ ගුරු ජීවිතයේදී හමුවූ දරුවන් අතරින් මනුජ තේරුම්ගත නොහැකි දරුවකු බවට පත්ව ඇති බවයි. මේ අතර දිනක් හදිසියේම තිලකරත්න මහතා තම කාර්යාලයේ මිතුරකුගේ නිවසට ගියේ රාතී‍්‍ර භෝජනයකට ලැබුණු ආරාධනාවක් පිළිගනිමිනි. මිතුරා චතුරය. ඔහුගේ බිරිඳ හිමාලි නම් වූවාය. හිමාලි යන නම ඇසුණු සැණින් මනුජ ඇය වෙත ගොස් ඇය සමග බෙහෙවින් කුඑපග වූයේ කවුරුත් පුදුමයට පත්කරමිනි. නමුත් මනුජට එයට හේතුවක් තිබිණි. ඒ ඔහුගේ පෙර අත්භවයක හිමාලි නම් අයකු සිටි බැවිනි. මනුජ තොරතෝංචියක් නැතිව හිමාලිට පෙරභවයේ විස්තර කීවේය. තමන් උඩුගම පොලීසිය අසලදී අනතුරකින් මියගිය බවත් වෑන් රථයේ දොර ගැලවී වැදීමෙන් පසු තමන් ඉවර වූ බවත් ඔහු කීවේය. දරුවන් දෙදෙනෙක් ගැනත් සුදු නෝනා, ලොකු පුතා වැනි අය ගැනත් ඔහු හිමාලි සමග කීවේ කාලයක සිට හඳුනන හොඳින් දන්නා අයකු සමග විස්තර කියන ආකාරයෙනි. හිමාලිගේ මිතුරියක උඩුගම විසුවාය. ඇයට කතා කළ හිමාලි තිලකරත්න මහතාට කීවේ උඩුගම දී අනතුරු කිහිපයක්ම සිදුව ඇතත් නිශ්චිතව මෙවැනි දෙයක් ගැන කීමට හැකියාවක් නොමැති බවයි. දින කිහිපයක් ගෙවී ගියේය. තිලකරත්න මහතාගේත් අනූෂා මහත්මියගේත් අදහස වූයේ තම පුතා පාසලේදී දක්වන වෙනස් හැසිරීමට හේතුව මේ අතීත ආත්ම භවය පිළිබඳ මතකය විය හැකි බවයි. ඒ නිසාම තම පුතාගේ මනසට වදයක් වී ඇති මේ අතීත සිදුවීම සොයා යාමට හැකිනම් එයින් යම් යහපතක් වනු ඇතැයි යන්න ඔවුන් දෙදෙනාගේද මතය විය. පසුගිය අගෝස්තු 24 වැනිදා දිනය උදාවූවේය. තිලකරත්න මහතා කාර්යාලයට ගියේ තම පුතු මනුජ ද රැුගෙනය. තිලකරත්න අසලට ආ චතුර මෙසේ කීවේය. ‘‘ අරක හරි. හොයාගන්න පුඑවන් වේවි. ’’ මේ අසා සිටි මනුජ ”ඔයාලා මම ගැන නේද කියන්නේ” යනුවෙන් ඇසුවේය. කතාව එතැණින් අවසන් කැරුණි. නිවෙසට ගිය මනුජ සවස් වනතුරු සිය පියාටත් මවටත් චතුර මාමාගේ නිවසට යා යුතුයැයි වද දුන්නේය. අවසානයේ ඔවුන් තිදෙනා චතුරගේ නිවසට ගියේ රාති‍්‍රයේය. එහි ගිය මනුජ වැඩිම කාලයක් ගත කළේ හිමාලි අසල දැවටෙමින් ඇය සමග කතා කරමිනි. මධ්‍යම රාති‍්‍රයේ නිවසට ආ ඔවුන් නින්දට වැටිණි. පසුදා දහවල් තම පියාත් මවත් සමග චතුර අපූරු කතාවක් කීවේය. ‘‘ එයාලා තාමත් මට දානෙ දෙනව ඇති. මට එහේ යන්න  ඕනෑ. ’’ පුතාගේ අදහසටත් ඉල්ලීමටත් දැන් ඉඩ දෙනවා හැර කරන්නට දෙයක් නැත. මවටත් පියාටත් ඇතිවූයේ දැඩි වේදනාවකි. තම පුතුගේ අතීත භවය සොයා පසුදා යා යුතු බව මේ මාපියන්ගේ අදහසයි. 26 දා උදෑසන උඩුගම යාමට චතුර හා හිමාලිත් එක්වූහ. ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ උඩුගම පොලීසියයි.  පොලීසියට ගොස් මේ කතාව කී විට එහි සිටි දීපානි මහත්මිය ඔවුන්ට උදවුකරන්නට ඉදිරිපත්වූයේ මහත් කැමැත්තෙනි. ‘‘ අපේ ගෙවල්ගාව කෙනෙක් මේ වගේම රිය අනතුරකින් මැරුණා. ඒ 2001 විතර. අපි එහේ බලමු. ’’ ඇය තුෂාර නාගහවත්ත නම් මහත්මයකුට දුරකථනයෙන් කතා කොට පෙර ආත්ම භවයක් කියන දරුවෙක් මාමාගේ යැයි සිතිය හැකි තොරතුරු කියන බව කීවාය. තුෂාර ඉල්ලා සිටියේ ඔවුන් නිවෙසට එවන ලෙසයි. පොලිස් නිලධාරිනියගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුහු උඩුගම කැටගොඩ පිස්කල් රාළහාමිගේ නිවසට ගියහ. ඔවුන් එහි යනවිට පන්සලට දානය ගෙන යන අය නිවෙසින් එළියට බසිමින් සිටියහ. පෙර දිනයේ මනුජ කියූ දෙය සත්‍යයකි. ඒ නිවැසියෝ මියගිය හෙට්ටිගමගේ උදය කැඑම් වෙනුවෙන් 11 වැනි වතාවටත් දානය සූදානම් කැර තිබේ. මියගිය උදය යැයි අනුමාන කළ හැකි දරුවා ඒ මොහොතේ නිවෙස ඉදිරිපිට පෙනී සිටීම පුදුමයක් නොවනු ඇත්ද? ‘‘ අනේ මගේ බුදු මල්ලියේ ’’ කියාගෙන ශි‍්‍රයානි ධර්මලතා මහත්මිය දිව ආවේ ඒ මොහොතේය. දරුවා වඩා ගත් ඇය මුළින්ම දුටුවේ මනුජ ගේ ඇස ආසන්නයේ ඇති තුවාල කැළලකි. ‘‘ මේ කැළල ඉපදෙන කොටම තිබුණ ද ? ’’ ඇය මනුජගේ මවගෙන් සහ පියාගෙන් ඇසුවේ මහත් විමතියෙනි. ‘‘ නෑ  ඕක පොඩි කාලේ වැටිල ඇතිවුණු කැළලක් . ඇයි එහෙම අහන්නේ. ’’ ‘‘ මගේ මල්ලි පොඩි කාලේ වැටිලා මේ විදියටම කැළලක් තිබුණා. මේනම් මල්ලිම තමයි.’’ මේ පුනර්භව කතාව සත්‍යයක්නම් මනුජගේ තුවාල කැළල ඔහුගේ ආත්ම දෙකකදීම ඒ ආකාරයෙන්ම පිහිටා තිබීම තවත් පුදුමයකි. කුඩා මනුජ සෑම දෙයක්ම විමසිල්ලෙන් බැලූවේය. ‘‘ පුතා මේ ගේ හරිද ’’ පියාගේ පැනය විය. ‘‘ නෑ ’’ ඔහුගේ පිළිතුරෙන් මවත් පියාත් විස්මයට පත්වූහ. ‘‘ ඒ දරුවා හරි, මල්ලී ඉන්නකාලේ මෙතන තිබුණේ පරණ තට්ටු දෙකේ ගෙයක්. ඒක ගංවතුරෙන් කැඩුනා. පස්සෙ තමයි මේක හැදුවේ. ’’ එසේ කීවේ ශි‍්‍රයානි මහත්මියගේ සැමියා ධර්මසිරි නාගහවත්ත මහතාය. නිවසේ සිටි තරුණයකු පැමිණ මනුජට කීවේ එන්න ඔයාගේ පුතාගේ පින්තූර පෙන්වන්නම් යනුවෙනි. පරිගණයක් වෙත මනුජ රැගෙන ගිය ඔහු පුතුන්ගේ ඡායාරූප පෙන්වා සිටිය ද ඒවා හඳුනාගැනීමට මනුජට හැකියාවක් නැත. ඒ ඡුායාරූප සියල්ල රැගෙන ඇත්තේ මෑත කාලයේදීය. මනුජට ඔහුගේ පෙරආත්මයේ පුතායැයි පවසන තරුණයකුට දුරකථනයෙන් කතා කරන්නට අවස්ථාව ලැබිණි. ‘‘ මම ආවා. ඔයා එන්නකෝ ’’ යනුවෙන් කුඩා මනුජ ඒ තරුණයාට කීවේය. සුදු නෝනා යනුවෙන් කුඩා මනුජ කියා ඇත්තේ ඔහුගේ පෙර භවයේ සොහොයුරිය වූ ධර්මලතා මහත්මියගේ දියණියයි. ඇය දරුවකු ප‍්‍රසූත කිරීම සඳහා උඩුගම රෝහලට ඇතුළුව සිටියදී දරුවා ලැබුණායැයි යන ආරංචියට උදය කැඑම් හෙවත් මනුජගේ පෙර ආත්මය ඇතුඑ 13 දෙනකු ටිපර් රථයකින් උඩුගම රෝහලට යද්දී මේ අනතුර සිදුව තිබේ. සුදු නෝනා අසලට ගිය මනුජ ඇය ලවා වඩවා ගත් බව මනුජගේ මව කීවාය. නිවසේ තිබූ ඡායාරූප අතරින් අදින් වසර 11 ට පෙර මියගිය උදය කැඑම් ගේ ඡායාරූපය දෙස විනාඩි 10 ක පමණ කාලයක් මනුජ බලා සිටියේය. ඒ රූපය ගැන විමසිල්මත් වූ තිලකරත්න මහතා දුටුවේ පුතා කියූ සියලූ දේ සත්‍යයක් බවයි. පුතා පෙර භවයේ රැුවුල වවා සිටියේයැයි කියූ දෙය මේ ඡායාරූපය අනුව සත්‍යයකි. ඡායාරූප එකිනෙක බලමින් සිටි මනුජ සුදු පැහැති කාරයක ඡුායාරූපයක් දුටුවේය. ඒ දෙස බලා ‘‘ කෝ අනිත් කාර් එක ’’ යනුවෙන් ඇසුවේය. නිවැසියන්ගේ පිළිතුර වූයේ ඒවා විකුණුවා යනුවෙනි. ‘‘ ඒ වෙලාවේ අපේ පුතාට ටිකක් තරහ ගියපු බව පෙනුනා. එයා ඡායාරූප බලන එක නැවැත්තුවා. ටික වෙලාවකින් මෙයා ගේ පිටිපස්සට ගියා. මේ ගෙදරට පිටුපස තවත් ගෙයක් තියෙනවා. තුෂාර නාගහවත්ත මහතා පදිංචිව සිටින්නේ ඒ ගෙදර ඒ ගේ උදය කැඑම් කියන කෙනා මැරෙන්න පෙර හදපු ගෙයක්. එයාගේ මිනිය තියා තිබුණෙත් ඒ නිවසේ කියා කීවා. ඒ නිවස මෙයාට  පුරුදු තැනක් වගේ දැනුනා.’’ ඒ නිවසට ගිය මනුජ තුෂාරගේ බිරිඳ අත සිටි කුඩා දරුවකු අතට ගෙන වඩාගෙන මද වේලාවක් සුරතල් කළ බව ද තිලකරත්න මහතා අප සමග කීවේය. තමන් කලින් සිටි නිවසේ තිබූ වතුර ටැංකියක් පිළිබඳව ද මනුජ පවසා තිබිණි. ඒ වතුර ටැංකිය උඩුගම නිවෙසේ තිබෙනු දෙමාපියෝ දැකගත්හ. ‘‘ තුෂාරගේ  ගෙදර අය කිව්වා පෙරලූණු ලොරියේ දොර තාම තියෙනවා ඒක නිල් පාටයි කියලා. ඒත් පුතා එකපාරටම කිව්වා ඒක නිල් පාට නොවේ කොළ පාටයි කියලා. ඒ දොර ගෙදර අය පෙන්නුවා. ලොරියේ සිග්නල් ලයිට් එකකුත් තිබුණා. ඒක දිහාත් පුතා ගොඩක් වෙලා බලාගෙන හිටියා. පුතා හරි. ඒක කොළපාට දොරක්. මේකෙන් අපිට පෙනුනා පුතාගේ පෙර භවය ගැන තියෙන මතකය හරි කියලා. ’’ මනුජ ගේ මව වැඩිදුරටත් එසේ කීවාය. මනුජ ගේ පෙර ආත්මය යැයි පවසන උදය කැ`එම්ගේ වැඩිමහල් සොහොයුරිය ශි‍්‍රයානි ධර්මලතා මහත්මිය මෙසේ කීවාය ‘‘ මේක අපිට අදහාගන්නවත් බැහැ. මල්ලී නැවත ගෙදර ඒවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. මේ අපේ මල්ලිම තමයි. මට ඒක ඉර හඳ වගේ විශ්වාසයි. පුදුම සතුටක් ඇතිවුණේ. මේ මගේ පණ වගේ හිටපු මල්ලී. මල්ලී මියගිය කාලයේ අපිට ගොඩක් දියුණු වෙන්න හැකියාව ලැබුණා. මම පුතාලටත් කිව්වා එයාලගේ මාමා කොහේ හරි ඉදගෙන අපිට උදව් කරනවා ඇති කියලා. ඒත් 2005 වසර ආරම්භයේදී වගේ නැවත අපේ දියුණුව නැති වුණා. ඒ කාලේ තමයි මෙයා යළි ඉපදිලා තියෙන්නේ. මේ සත්‍ය වුනේ බුදු දහම. ’’ ධර්මලතා මහත්මිය පවසන්නේ මනුජට දානය කන්යැයි කියූ විට මේසය අසලට ගොස් පිගානක් අරගෙන හොඳ පුරුදු කාරයකු සේ බත් සහ ව්‍යංජන බෙදාගත් බවයි. ඉන් අනතුරුව පෙර බවයේදී මෙන් පුටුවක වාඩිවී ඒ ආකාරයෙන්ම පි`ගාන අල්ලාගෙන බත් ඇටයක්වත් ඉතුරු නොවන ආකාරයෙන් බත් කෑ බව ද ඇය කියන්නීය. ‘‘ ඒකනම් මහ පුදුම දෙයක් මල්ලී කෑම කනවා වගේමයි. කරපිංචා රම්පේ පැත්තකට තියලා ඒ විදියටම කෑවා. වෙනදා එයා එහෙම කන්නේ නැහැ කියල තමයි මේ දරුවගේ දෙමාපියන් අපිත් එක්ක කිව්වේ. ’’ ධර්මසිරි මහතා කීවේය. පඩි තුන හතරක් නැග යන නිවසක් ගැන ද මනුජ කලින් පවසා තිබිණි. එමෙන්ම ඒ නිවසේ පිටුපසට තී‍්‍ර රෝද රථයක් යා හැකි මාර්ගයක් තිබූ බව ද ඔහු කියා තිබේ. ඒ උදය කැ`එම් උපත ලැබූ පවුලේ මහ ගෙදර බව ද ධර්මලතා මහත්මිය සනාථ කැර තිබේ. අක්මීමන කැටන්දොළ ඉපද උඩුගම කැටගොඩ තම පෙර භවයේ නිවස සොයා ගිය මේ කුඩා දරුවා ඒ නිවසේ ගත කරද්දී ගනැති උඩු රැුවුලක් සහිත අයකු නිවසට පැමිණියේය. ඔහු දෙස මද වේලාවක් බලා සිටි මනුජ ‘‘ ඔයා මාව බලන්න එන්න. ’‘ යනුවෙන් පවසමින් වර්තමාන නිවසට එන මාර්ගය නිවැරදිව පවසා තිබේ. ධර්මලතා මහත්මිය පවසන්නේ ඒ තම මල්ලී ජීවත්ව සිටියදී ඔහුගේ හොඳම මිතුරා බවයි. උදය කැ`එම් සම`ග ටිපර් රථයේ ගමන්ගත් පිරිස අතුරින් ධර්මලතා මහත්මියගේ පුතුන් දෙදෙනකු වූ ධම්මික සම්පත් නාගහවත්ත (33) සහ චින්තක සම්පත් නාගහවත්ත (31) දෙදෙනා නිවසේ සිටියහ. ඔවුහු දෙදෙනා රිය අනතුර පිළිබඳ මෙසේ පැවසූහ. ‘‘ එදා රෑ අපේ අක්කට ළමය ලැබුණා කියන ආරංචියට අපි ගියා. අපේ ටිපර් දෙකක් ගියා. මේ ටිපර් එකේ 13 දෙනෙක් හිටියා. අනෙක් ටිපර් එක අපි ගියපු ටිපර් එකට ඉස්සර කරනකොට අපේ එකෙත් වේගය වැඩි කළා. මාමා හිටියේ වහළට බර දීලා. ටිපර් එක වේගයෙන් වංගුව ගන්නකොට රියදුරුගේ පැත්ත පහතට ගිහින් අනිත් පැත්තේ රෝද උඩ ගියා. ඒ වේගෙන්ම ටිපර් එකේ උඩගිය පැත්ත වැටුණා. එවිට අනිත් පැත්ත උඩ ගියා. ඒ ඒ එක්කම ටිපර එක පෙරළිලා පාර දිගේ ඇදිල ගියා. මාමා එතනම මැරිල හිටියේ. ’’ධර්මලතා මහත්මිය ඇතුඑ උඩුගම නිවසේ සිය`එ දෙනාම පවසන්නේ මියගිය උදය කැඑම්යැයි පවසමින් නිවසට ආ මනුජ ගේ හැඩරුව උදය කැඑම්ගේ වැඩිමහලූ පුතාගේ හැඩරුවට බොහෝ සෙයින් සමාන බවකි. කොළඹ, බටපොළ නිවාස තුනක් උදය කැ`එම් විසින් ඉදිකළ බව ද ඔහු නිතර නිතර රථ වාහන භාවිතා  කළ දක්ෂ රියදුරකු බව ද උඩුගම නිවසේ පදිංචිකරුවෝ පවසති. පැය කිහිපයකට පසු ඔවුහු ඒ නිවසට සමුදී යළි පැමිණියහ. ඒ එන ගමනේදී මනුජ හැසිරී ඇත්තේ තමන්ගේ හිස මත තිබූ මහා බරකින් නිදහස් වූ ආකාරයෙනි. මහත් පී‍්‍රතියෙන් සිටි මනුජ දැන් වඩාත් උද්යෝගිමත්ව තම කටයුතු කරගෙන යන බව දෙමාපියෝ කියති. මේ පිළිබඳ කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය. ගෙදරට ඇවිත් කෑම කාපු විදිය වගේ දේවල් දැන් ඉන්න අය අතීතය ගැන හිතලා කියන දේවල් ඒවා මැරුණු විදිය . පාට කියපු දේ. ඒව කොහොම ද කියන එක තමයි ගැටලූවක් තියෙනවා. පුනරුත්පත්තිය විශ්වාසය අනුව තියෙන දෙයක් . බෞද්ධයන් හැටියට අපි හැමෝම විශ්වාස කරනවා. නමුත් විද්‍යාත්මව මෙය ඔප්පු කරන්නත් බැහැ. හරියටම කියන්නත් බැහැ. කෑම කනදේ. ඇඳුම් මාරු කරනවා කියන දේ අහම්බයක් වෙන්න පුඑවන්. විද්‍යාත්මකව සියයට සියයක් ඔප්පුකරන්න බැරිවුණත් මෙය සත්‍යයැයි පිළිගැනීම සාධාරණයි” වෛද්‍යවරයා කියයි. පුනරුත්පත්ති කථා බොහෝ විට දකින්න ලැබෙන්නේ හදිසි අනතුරු වලින් සිදුවූ මරණ. මේ ගැන අපි පරීක්ෂණ පැවැත්විය යුතුයි. නමුත් එය ඉතාමත් අසීරු කාර්යයක්. ඇතැම් අයගේ මතයක් තිබෙනවා මෝහනයෙන් පෙර ආත්මයන් සෙවිය හැකියැයි කියා. එහි සත්‍යතාවක් නැහැ. මෝහනයෙන් පෙර ආත්ම සොයන්නට නොහැකියි. වෛද්‍ය රූමි මහතා පවසන්නේ කුඩාදරුවකු පෙර ආත්මය ගැන පවසන දේ පසුව මතකයෙන් ඈත්ව යන බවයි. සාමාන්‍යයෙන් දරුවකු තමන්ට වයස අවුරුදු තුනට පෙර කාලයේ මතය අහිමිවන බැවින් එසේ සිදුවන බව ද හෙතෙම කීවේය.
සටහන සහ ඡායාරූප  - සජීව විජේවීර
මනුජ මතීෂ මනුජගේ පෙර භවයේයැයි කියන උදය කැඑම් අනතුරට ලක්වූ ලොරිය මනුජ තම දෙමාපියන් සමග