මාදුරුඔය ජලාශය, මහැවලි ”බී” කලාපයේ ගොවි ජනතාවගේ හදවත යැයි කීවද එහි වරදක් නැති තරම්ය. ඒ ඔවුන් පෝෂණය වන්නේ මාදුරුඔය ජලාශයේ නිල් දියවර  නිසාවෙනි. ජලාශයේ එක් රැස් වෙන මහා ජල කඳ ”බී” කලාපයේ ගොවි පවුල් 24000 (විසිහතර දාහක්) වෙත රැගෙන යන්නට ශක්තිමත් වාරි පද්ධතියක් ද අත්‍යවශ්‍යමය. ඒ සඳහා ඉදිවුණු වම් ඉවුර ඇළ හෙවත් ඉසෙඞ් (ZD)ඇළ ද බී කලාපයේ ජනතාවට හදවත තරමටම වැදගත්ය. ඒ හදවතේ සිට රුධිර නාලිකා හරහා රුධිරය මිනිස් සිරුරේ දිව යන්නාක් මෙන්ය. මාදුරුඔය ජලාශයේ සොරොව්වේ සිට කිලෝ මීටර් 52.82ක් දුරට වැලිකන්ද, සිංහපුර දක්වා ජලය රැුගෙන යන ඉසෙඞ් ඞී ඇළ කිලෝ මීටර් 70ක් දිග අතුරු ඇළ මාර්ග 15කින් ද සමන්විතය. අතුරු ඇළ මාර්ග මගින් තවත් බෙදුම් ඇළ ඞී ඇළ ඔස්සේ කිලෝ මීටර් 459ක් දුරට රැගෙන යන ජලය බී කලාපය පුරා විහිදුණු කිලෝ මීටර් 1139ක් දුර කෙත් ඇළ මාර්ග මතින් මේ වනවිට කුඹුරු හෙක්ටයාර් 19,000ක් සංවර්ධනය කර හමාරය. ඒ කුඩා වැව් 54ක් පමණ ප‍්‍රමාණයක ද ජලය එක්රැස් කර තබා ගනිමිනි. මාදුරුඔය ජලාශය ආශි‍්‍රතව පිහිටි පිඹුරත්තෑව ජලාශය වෙත කලාතුරකින් ඉසෙඞ් ඞී ඇළේ ජලය එක්වෙන අතර ඉහත තොරතුරු පිඹුරත්තෑව වැවෙන් ජලය ලබාගන්නා ප‍්‍රදේශ අතහැර ඉසෙඞ් ඞී ඇළෙන් පමණක්ම පෝෂණය වන ගොවි පවුල් පිළිබඳ පමණක් වූ තොරතුරුය. මෙලෙස මහවැලි බී කලාපයේ ගොවි ජනතාවගේ ජීවනාලිය වන් ඉසෙඞ් ඞී ඇළ ඉදිකර මේ වනවිට වසර 28කට ආසන්න කාලයක් ගතවී ඇත. එදා සිට අද දක්වා ඉසෙඞ් ඞී ඇළ මහවැලි ”බී” කලාපයේ ගොවි ජනතාව පෝෂණය කරමින් නිහඬව කෙත්වතු වෙත ජීවය ලබාදෙයි. ගාල්ල රත්ගම ආසනයේ බූස්ස ගමේ ඉපදුණු ති‍්‍රමාදුර ඉණේරිස් ද සිල්වා 1973 වසරේ දී මාදුරුඔය අලවාකුඹුර ගමට පැමිණියේ එවකට රටේ පැවති දේශපාලන වාතාවරණය ද සමගින් නිදහසේ ගොවිතැනක් කර දිවි ගෙවීමේ අරමුණින් තරුණ පිරිසක් ද සමගිනි. එවකට ප‍්‍රදේශය මහ කැලෑවක්ව තිබූ බව පවසන සිල්වා මහතා එතැන් පටන් මාදුරුඔය ජලාශය ඉදිවූ ආකාරයත් ඉසෙඞ් ඞී ඇළ ඉදිවූ ආකාරය පිළිබඳවත් සිය මතකය අවදි කළේය. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1977 දී පොරොන්දු වුණා මාදුරුඔය ජලාශය ඉදිකරන්න. ගංගානිම්න සංවර්ධන මණ්ඩලයට ඉදිකිරීම් භාර දුන්නෙ. ඔවුන් වැව ඉදිකිරීම් කරගෙන යනකොට 1978 නොවැම්බර් 23 දා ඇතිවුණ සුළි සුළඟට වේල්ල කඩාගෙන ගියා. මේ වෙනකොට අද මේ තිබෙන ඉසෙඞ් ඞී ඇළ නොවෙයි වෙනත් ඇළක් කපමින් සිටියෙ. කොළඹ යාපනය වාගේම ලංකාවේ හැම පැත්තෙන්ම මිනිස්සු ගෙනත් එක කණ්ඩායමකට තරුණයො 500ක්. මේ අය සති දෙකක් බැගින් මෙහෙ වැඩ කළා. මේ විදිහට අවුරුද්දක් විතර කණ්ඩායම් ගෙනත් කන්න බොන්න පහසුකම් සියල්ල දීලා ඇළක් කැප්පෙව්වා. උදලූවලින් වැඩ කළේ. එකම එක ඩෝසරයක් තිබුණා. ඒකෙන් ඇළ කපන මාර්ගය විතරයි කැපුවේ මට මතකයි පිඹුරත්තෑව වැවේ නාන්න ගිහින් කොළඹ පැත්තෙ තරුණයකුත් මිය ගියා. සුළි සුළඟත් සමග සියල්ල නතර වුණා.” ”ඊට පස්සෙ තමයි කැනේඩියානු සමාගමකට මාදුරුඔය හදන්න බාර දුන්නෙ. මේ අතරෙදි තමයි ඇමෙරිකානු සමාගම් දෙකක් වන ඉසෙඞ් හා ඞී (බද්ධ ව්‍යාපාර) කොම්පැනි දෙක මේ අලූත් ඇළ කපන්න ආවේ. ඉසෙඞ් ඞී සමාගමේ මහත්වරුන්ට නතර වෙන්න අරලගංවිල හංසයාපාලම ගමේ මහවැලි ගොඩනැගිලි ඉදිකරලා දුන්නා. ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් එහි ඇති කරලා තිබුණේ. අද මේ ස්ථානය එම්.ආර්.ටී.සී. එක යනුවෙන් හඳුන්වන්නෙ. එදා මෙහෙ මිනිස්සු මෙතනට පුංචි ඇමරිකාව කියලයි කිව්වේ. පිහිණුම් තටාක කී‍්‍රඩාගාර වගේ සියලූ පහසුකම් මෙහෙ තිබ්බා. වාහන අලූත්වැඩියා කිරීමේ ඒකක ඉන්ධන පිරවුම් හල් පවා ඉදිකරලා තිබුණා. ඉසෙඞ් ඞී එකට තිබුණෙ ප‍්‍රධාන වම් ඉවුර ඇළ ඉදි කරන්න.” වම් ඉවුර ඇළ කපද්දී ලංකාවේ සමාගමක් ඇළ ඉදිකරන මාර්ගය පිළිසකර කර දුන්නා. මම හිතන්නෙ මෙයාලට ඇළ ඉදිකරන මාර්ගය සකස් කරන්න බාරදීලා තිබුණෙ. ඔවුන් ඩෝසර් භාවිත කරලා ඇළ ඉදිවෙන මාර්ගය සකස් කළා. ඇතැම් තැනක තැනිතලා තවත් තැනක මඩ වගුරු තවත් තැනක පොඩි ළඳු කැලෑවක්, තවත් තැනක මහ කැලෑවක් මේවා කපාගෙන ඒ අය ඇළ ඉදිකරන මාර්ගය සකස් කරලා දුන්නා.” ඉසෙඞ් ඞී කියන සමාගම මගෙ මතක හැටියට ඉසෙඞ් කියන අකුරෙන් කියවෙන්නෙ ”සැටි‍්‍ර” කියන නම ඞී අකුරෙන් කියවෙන්නෙ ”ඩි‍්‍රලින් හෑම්” කියන නම. දෙකම එකතුවෙලා ඉසෙඞ් ඞී සමාගම ලෙසිනුයි ඇළ ඉදිකළේ. ඇළටත් ඉසෙඞ් ඞී ඇළ කියන නමම යෙදුණා. අද 66 වැනි වියේ පසුවෙන සිල්වා මහතා එලෙස මතකය අලූත් කළේය. මාදුරුඔය සොරොව්ව අසලදීම මෙයාලට තිබුණ බාධකයක්. මෙතැනින් මාදුරුඔය ජලාශයෙ සිට පිඹුරත්තෑව වැව වෙතට වතුර ගෙනියන්න රජකාලෙ ඉදිකරලා තිබුණ ”යෝධමාන ඇළ” පිහිටලා තිබුණා. එතනින්ම තමා ඉසෙඞ් ඞී ඇළත් ඉදි කරන්න සැලසුම් කෙරිලා තිබුණේ. යෝධමාන ඇළ මීටර් 800ක් විතර ලොකු ඇළක්. මට මතකයි ඒ කාලෙ අපි ගෝන්්නු දඩයම් කළෙත් මේ ඇළේ ඉඳලා. ඉසෙඞ් ඞී මහත්වරු ඒ අභියෝගය ජයගත්තා. ඔවුන් එතැන සිට ඉදිරියෙන් හමුවූ ගලක් ද සිදුරු කර ඇළ කැපුවා. ඇළට මහ විශාල වානෙ බට ගෙනත් දාලා උඩින් කොන්කී‍්‍රට් දාලා වැහුවා ඊළඟට පස් පුරවලා වහලා දැම්මා. මේක උමගක් වගෙ ”කට් ඇන්ඞ් කවර්” එකක් කියලා සුද්දා මේකට කිව්වේ. විශාල ටිපර් රථ වුවත් මේ වානෙ බට ඇතුළෙන් එහාට මෙහාට ගෙනියන්න ඉඩ තිබුණා. එතන පහුවෙලා කිලෝ මීටර් තුනකින් විතර එහාදී තවත් ඒ වාගෙම අභියෝගයක් තිබුණා. ඒ තමා කුඩා ඔය මේකෙන් විශාල ජල පහරක් පිඹුරත්තෑව වැවට එනවා. ඔයට යටින් මෙතන දී ඇළ ඉදිකළේ. අර වාගෙම විශාල බට පොළොව යටට බැස්සුවා. මෙතනදී ලොකු හැඩයක් හිටින්න ලොකු බැස්මකට බට දැම්මේ. ආපසු මතුවෙන තැනදී බට ඉහළට හැඩවෙන්න දැම්මා. මේකෙදි එයාලා බැලූවේ කිලෝ මීටර් 52ක් දුරට වතුර ගෙනියන්න මෙතනදි ජල පහර වේගවත් කරන්න. මොකද (මෙම ස්ථානයේ දී) උමගෙ ආරම්භයත් අවසානයත් එක මට්ටමක පිහිටලා තිබීම නිසයි මෙහෙම කළේ. ඒ වාගේම ඇළේ වතුර ඇළට ඔරොත්තු නොදෙන ලෙස වැඩි වුණොත් ඒ වතුර පිඹුරත්තෑව වැවට නිදහස් කරන්න. ස්වයංකී‍්‍රය දොරවල් කිහිපයකුත් මෙතන ඉදිකරලා තිබෙනවා. උඩින් ඔය නිදහසේ ගලනවා යටින් ඇළ දිගේ විශාල වතුර කඳක් පහළට ගලනවා. මෙතන මීටර් 800ක් විතර දුරක් ඇළ මේ විදිහට යටින් යන්නෙ. මේ විදිහටම කොළඹ මඩකළපුව මාර්ගය හරහා සෙවණපිටිය ප‍්‍රදේශයේ දී ඇළ ගලන්නෙත් පොළොව යටින්. ඉසෙඞ් ඞී ඇළේ තවත් විශේෂත්වයක් තමා ස්ථාන ගණනාවකදීම දොරවල් දාලා ජලය නිතරම ඇළේ පුරවා තැබීමට කි‍්‍රයා කිරීම. ඒ වගේම ස්ථාන දෙකක දී ඇළ විශාල බැස්මකට ලක්වෙනවා. හරියට දිය ඇල්ලක් වගේ මේ තැන්වලදීත් ඇළේ ජලය අවසාන ඉලක්කයට ගෙනයාමට අවශ්‍ය පරිදි පාලනය කර තබා ගැනීම වෙන්නැති මේකෙ අරමුණ සිල්වා මහතා පැවසීය. කොන්කී‍්‍රට් අතුරා ඇති ඇළෙහි බැම්ම කිසිදු ලෙසකින් ජලය කාන්දුවන්නට ඉඩ නොදෙයි. එලෙසම ඇළට අනවශ්‍ය ජලය එක්වීමටද (විශේෂයෙන් භූගත ජලය) නොහැකි වන ලෙස විශේෂිත වෑල්ගම් පද්ධතියක්ද සවිකර ඇති බව සිල්වා මහතා පවසයි. ”ඇතැම් ස්ථානවල දී ඇළ ගොඩාක් පිහිටි පොළොවට වඩා යටින් ඉදිකරලා තිබෙන්නෙ. එතකොට පොළොවෙ තිබෙන ජලය ඇළට එකතුවෙන්නෙ ක‍්‍රමානුකූලව. ඒත් ඇළේ වතුර ඇළෙන් පිටවෙන්නේ නෑ.” ඇළ ඉදිකරන්න ගෙනත් තිබූ වාහන පිළිබඳව ද සිල්වා මහතා සිය මතකය අවදි කළේය. ඉසෙඞ් ඞී ඇළ ඉදිකරද්දී එයාල ගෙනා වාහන සේරම වාගෙ ඇමෙරිකන් වාහන. ඇළ කපාගෙන යන්න ඩෝසරයක් වගෙ යන්ත‍්‍රයක් තිබුණා. ඒකෙන් කැපෙන පස් ඇළේ වේල්ල උඩ තිබෙන ට‍්‍රක් රථයකට පැටවෙනවා. ඒවා හලලා ඇවිත් ආපසු ට‍්‍රක් එක මේකෙන් කැපෙන පස් ඈතට රැගෙන යනවා. මේවා එදා තිබුණ තාක්ෂණය හැටියට හරි පුදුමාකාර වැඩ. ඇළේ කොන්කී‍්‍රට් ඇතිරීමේදීත් එවැනිම යන්ත‍්‍ර සූත‍්‍ර තිබුණා. කොන්කී‍්‍රට් ඇතිරීම ලෙවල් කිරීම එකම යන්ත‍්‍රයෙන් කෙරුණෙ. ඒක ඇළ දිගේම පහළට අරගෙන යනවා. ඇළ ඉවර වුණ තැනින් ආපසු මේ යන්ත‍්‍රය ගොඩගත්තෙ. පිටතින් කොන්කී‍්‍රට් ගෙනැවිත් මේ යන්ත‍්‍රයට දැම්මේ. මේවා බලාගෙන ඉන්නත් හරි වටින වැඩ ඒ කාලේ. 1983 වසරේදී පමණ ඉදිකිරීම් ආරම්භ වූ වම් ඉවුර ප‍්‍රධාන ඇළ හෙවත් ඉසෙඞ් ඞී ඇළ 1986 වසරෙ දී පමණ වැඩ අවසන් වූ වග ද ඉනේරිස් ද සිල්වා මහතා පවසයි. ”ඇළේ මුල් කොටස වැඩ අවසන් කරලා 1984 දී පමණ අංක 01 අතුරු ඇළට මුලින්ම ජලය ලබාදුන්නා. දම්මින්න කොට්ඨාසයට මෙමගින් වතුර ලැබුණා. මේ උත්සවයට ගාමිණි දිසානායක ඇමැතිතුමා එවකට පාර්ලිමේන්තු මන්තී‍්‍රව සිටි එච්. ජී. පී. නෙල්සන් මන්තී‍්‍රතුමා, ඇතුළු මහවැලි නිලධාරින් එක්වූ බවද හෙතෙම සිහිපත් කළේය.
සටහන හා ඡායාරූප අරලගංවිල සමන්ත බණ්ඩාර
 ඉසෙඞ් ඞී ඇළ  ඉසෙඞ් ඞී ඇළට ජලය සපයන සොරොව්ව ඉනේරිස් ද සිල්වා