1  

2

අහසපුරා අන්ධකාරය පැතිරී තිබුණා. සිසිල්ව හමාගිය සුළඟින් ගස් තාලයට වැනෙන්ට පටන් ගත්තේ ගතට සිසිලසක් ගෙන දෙමින්.... සඳමාලි තම දරුවාත් තුරුලූ කරගෙන එළිපත්තට වී වෙනදාමෙන් පාර දෙස බලා සිටියේ වැඩට ගොස් නිවෙසට එන සිය සැමියා එළවළු ගෙන එන තෙක්ය.


වෙලාව සවස 5ට පමණ වෙන්නට ඇතැයි සිතූ සඳමාලිට වෙල්යාය කෙළවරේ සිට කවුදෝ එන ඡුායාව දුර සිටම දැකගත හැකි වුණා. ඈත සිට වැනි වැනි එන්නේ තම සැමියා බව ඇය දැනගත්තේ ඉවෙන් මෙන්. අදත් ඔහු එන්නේ කටගොන්නක් බීලා බව ඇය හොඳින්ම දන්නවා.


සඳමාලිගේ සැමියා සුමිත් ඔහු පෙදරේරුවෙක්. වැඩ නිමකොට හොඳ හැටි බීම ඔහුගේ සිරිත වුණා. සඳමාලි හවසට ගෙනඒමට කියන දේ එවිට ඔහුට මතක නැහැ. ඇතැම් දවසක ඔහු ගෙදර එන්නෙ ? දෙගොඩ හරියෙ....

23-page-2-BB
සුමිත් ගෙදර ළඟ කඩුල්ල අසළට පැමිණිවිට සඳමාලිට වාඩි වී සිටි තැනින් නැගිට්ටුණේ ඉබේටම...


‘‘හිස් ටින් එකක් වාගේ අපේ මේ
ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ ජීවිතේ
නැත්නම් අතේ සල්ලි....’’
‘‘උඹ මොකද මඟ බලාගෙන ආ.....’’
සුමිත් කැඩුණු හඬින් පැවසුවා.


අදත් එන්නෙ කටගොන්නක් බීගෙන, ගෙදර හරියෙ කන්න මොකුත් නෑ.... පොඩි එකාටවත් කන්න හදලා දෙන්න මොකුත් නෑ. ඌ බඩගින්නෙ අනේ ඇත්තමයි මේ මිනිහගෙ බීම කවදා නැවතෙයිද දෙවියනේ.....


‘‘කෝ අදවත් උයන්න බඩු ගෙනාවද?’’ සඳමාලි චංචල සිතින් කෑ මොර දෙන්න වුණා.
‘‘මොන බඩුද ගෑනියෙ.....’’


‘‘ඇයි මම ගේන්න කිවුවෙ.... සඳමාලි එසේ කියමින් කෑ ගගහ අඬන්න වුණා......’’


‘‘ආ....... උඹ මට කිවුවද එහෙම ඇයි උදේ උයන්න බඩු අරන් එන්නම් කියලා නේද ගියේ....’’
‘‘මේ මම....’’


‘‘ඔව් ඔව් මේ මම තමයි.....’’


‘‘තමුසෙට බිවුවොත් ඇති, කෝපයෙන් එසේ කියූ සඳමාලි කුස්සිය පැත්තට ගියා....’’


‘‘කොල්ලොෟ උඹලගෙ අම්මට කියපන් මට කන්න මොනවහරි ගේන්න කියලා....’’


තාත්තාගේ කීම පිළිගත් පුංචි ළහිරු ඉක්මණින් කුස්සියට ගියා. ඔහු නැවත පැමිණියේ සඳමාලි සමඟින්.
සඳමාලි බත් පිඟානකට බෙදා සුමිත්ට දුන්නා.


මේ මොනවද ගෑනියේ.... මේවා කන්න පුළුවන්ද? බත් කටක් කෑ සුමිත් බත්පත එළියට විසි කළා.


ඔහු මරුවිකාර වූවකු මෙන් ඉදිරියට පැමිණ සඳමාලිට වැරෙන් පහරක් එල්ල කළා.


උඹ හිතන්නෙ මම හරකෙක් කියලද?


සුමිත්ගේ සවිමත් බාහුවට හිරවූ සඳමාලිට ගැළවීමක් තිබුණේ නැහැ. ඇය දැඟලූවා.... මිට මොලවා ගත් සුමිත් වැරෙන් පහරවල් දෙක, තුනක් ඇයට එල්ල කළා. සඳමාලි විසි වී ගොස් බිම ඇද වැටුණා.


සුමිත්ගෙත්, සඳමාලිගෙත් අඩදබර දැන් ගමේ කාටත් හුරු පුරුදුයි. සුමිත් නොබී සිටින වෙලාවට ඉතා හොඳ පුද්ගලයෙක්. ගේදොර වැඩ කටයුතුවලටත් ගොඩක් උදවු කරනවා. ඒත් මත්පැන් පානය කරන විට ඔහු පිස්සෙක් වගේ තමයි හැසිරෙන්නෙ.... තමන් කරන්නෙ මොකද්ද කියාවත් ඔහු දන්නෙ නැහැ. සඳමාලි මේ කරදර අඬන්තේට්ටම්වලට ලක්වෙන්නෙ අද ඊයේ ඉඳලා නෙමෙයි. අවුරුදු ගණනාවක ඉඳන්.... එසේ සුමිත්ගේ හිරිහැර ඇය කඳුළු සලා විඳදරා ගත්තා. ඔහුව රැුක ගැනීමට ඇය වෙරවීරිය දැරුවත් ඵලක් වුණේ නැහැ. අවසානයේ ඒ සියල්ලම ගඟට කැපූ ඉණි බවට පත්වුණා. සුමිත්ගේ වගකීමක් නැති මේ වැඩවලින් සඳමාලි ගොඩක් දුක් වින්දා. ඈ ඇතැම් දවසක දරුවා ළඟ ගෙදරක නවත්වා කුලී වැඩකට යන්නේ කෑමට, බීමට කීයක් හෝ හොයාගන්න.
ප‍්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. ඒ ඇතැම් දවසක සඳමාලි දරුවාත් රැගෙන ඇයගේ මාමා වන සිරිදාසලාගේ ගෙදර යනවා. එහි ගොස් දවස් කිහිපයක් එහි නවතිනවා. දිනකට දෙකකට පසුව සුමිත් සිරිදාස මාමලාගේ ගෙදරට සඳමාලි හොයාගෙන එනවා. ඒ ඇවිල්ලා ඇයවත් එක්කගෙන නැවතත් ගෙදරට යන්නෙ ආයෙත් බොන්නෙ නෑ කියන පොරොන්දුවත් සමඟින්.... ඒත් ඒ පොරොන්දු වලංගු වෙන්නෙ දිනකට දෙකකට විතරයි. මීට පෙර 7, 8 පාරක්ම ඔහු මෙහෙම කරලා තියෙනවා.


සඳමාලිට මේ විඳින්න වන දුක්ගැහැට පිළිබඳව මාමාගේ හිතේ තියෙන්නෙ දැඩි කනගාටුවක්... සඳමාලිගෙ අම්මයි තාත්තයි ඇය කුඩා කාලයේදීම මිය ගියා. එදා සිට අද වන තුරුම සඳමාලිව හොඳින් බලාගත්තෙ ඇයගෙ මාමා....


සඳමාලිව විවාහ කරදුන් පසුව මේ හැම කරදරයක්ම නිම වී යයි කියා ඔහු සිතුවත් ඇයට කරදර බොහොමයකට මුහුණපාන්න සිදුවුණේ විවාහයෙන් අනතුරුව... ඇයට හරියට කන්නවත්, අඳින්නවත් නැති එක ගැන ඔහු ගොඩක් කම්පා වුණා. ඔහු එයට යම් හෝ පිළියමක් තිබේදැයි කල්පනා කළා.
ඒ පිළිබඳවම සිතමින් සිටි සඳමාලිගේ මාමාට එයට පිළියමක් ලෙස යම්කිසි අදහසක් පහළ වුණේ ඉන් අනතුරුවයි.


දිනක් සඳමාලි කෑම උයමින් සිටියා. කවුරුන් හෝ ගෙදරට පැමිණ ඇති බව ඇය දැනගත්තේ උඟුර පෑදීම නිසා....
‘‘සඳමාලි දුවේ....’’


සඳමාලි මාමා පැමිණි බව දැනගත්තා. ඇය වහ වහා එළියට දිව ගියා...


‘‘ආ මාමේ...... ඇයි හදිසියෙම මේ පැත්තේ....’’


‘‘උඹ බලලා යන්න කියලා ආවෙ දුවේ....’’


‘‘වාඩිවෙන්න මාමේ’’


‘‘වාඩිවෙන්නත් බෑ දුවේ මම උඹත් එක්ක දෙයක් කතා කරන්නත් කියලා ආවේ...’’ මාමා පැවසුවා...


‘‘ඒ මොකද්ද මාමෙ?’’


මාමා තම හිතේ තිබූ අදහස සඳමාලිට ඉදිරිපත් කළා.


‘‘දුවේ උඹ මේ ගෙවන ජීවිතේ අඟ හිඟකම් හිතලා තමයි මම මේ දේ උඹට කියන්නෙ.... මේ දේ නොකළොත් උඹට මේ මර උගුලෙන් කවදාවත් බේරෙන්න වෙන්නෙ නෑ. අනිත් එක මේ නරුමයා කවදාවත් හැදෙන පාටකුත් නෑ දුවේ....’’


‘‘උඹට එක දෙයයි කරන්න තියෙන්නෙ?’’


‘‘මට මාමා කියන දේ තේරෙන්නේ නෑ....’’


‘‘දුවේ අපේ අල්ලපු ගමේ හිටියා රන්ජන් කියලා කොල්ලෙක්. ඒ ළමයා හමුදාවෙ හිටියෙ. පහුගිය කාලෙ යුද්දෙන් ඒ ළමයා නැතිවුණා. දැන් ඒ ගෙදර ඉන්නෙ ඒ ළමයගෙ අම්මයි තාත්තයි විතරයි. දැන් ඒ දෙන්නටත් ගොඩක් අමාරුයි. ඒඅය බලාගන්නත් වෙන කවුරුත් නෑ.’’


‘‘උඹ මම කියන දේ කරපං... උඹට තියෙන්නෙ ගිහින් රන්ජන්ගේ ගෑනි විදියට රඟපාන එක විතරයි. එතකොට හමුදාවෙන් වන්දි මුදලකුත් එක්ක උඹට මාසෙට සල්ලි කීයක් හරි ගන්න පුළුවන් වෙයි.’’


‘‘මේ මළ අපායෙ තවත් දුක් විදින්න උඹට බෑනෙ මගෙ දුවේ... උඹ කොච්චර ලස්සනට හිටිය කෙල්ලෙක්ද? සඳමාලිට මේ කිසිවක් තේරුණේ නැහැ. මාමා කියපු දේවල්වලට ඇයට බය හිතුණා... ඩහදියෙන් ඇයව තෙත් වුණා.’’


‘‘මට බෑ මාමෙ ඔය වගේ වැඩ කරන්න...’’, උඹ බයවෙන්න එපා... මම හැමදේම බලාගන්නම්... උඹට මොනවත් වෙන්නෙ නෑ දුවේ....’’


මාමා ඇය දෙස බලමින් කිවුවා... මාමා නැවත යන්නට පිටත්වුණා. සඳමාලිද ඔහු පසුපසින් කඩුල්ල වෙත පියමැන්නා.


මාමා ඇයට නොපෙනී යන තෙක්ම ඈ කඩුල්ල ළඟට වෙලා බලාගෙන හිටියා...


මාමා කී දේ ගැන ඇය හිතින් විමසා බලන්නට පටන් ගත්තා. මාමා හැමදේම කරන්නෙ මගෙ හොඳටනෙ අවසානයේ මාමාගේ කීමට එකඟවන්නට ඇය සිය කැමැත්ත ප‍්‍රකාශ කළා. මාමා එවපු ලිපිය කියවූ ඇය වහාම තම දරුවා සමඟ මාමාගේ නිවෙසට යාමට පිටත් වුණා. මාමගේ ගෙදරට ඇය යනවිට ටිකක් දවල් වෙලයි තිබුණේ.


මියගිය රන්ජන් හා විවාහ වූ බවට අදාළ විවාහ සහතික පත‍්‍ර සහ අවශ්‍ය ලිපි ලේඛන මාමා සකස් කර තිබුණා. ඇය මාමා සමඟ රන්ජන් වැඩ කළ හමුදා මූලස්ථානයට ගියා. ඒ සියලූම ලියකියවිලි එහි සිටි නිලධාරින්ට ඉදිරිපත් කළා.


‘‘රන්ජන් බැඳලා හිටියා කියලා අපිට දන්වලා නෑ. ඒ ගැන කිසිම ලිපිලේඛනයක්වත් අපි ළඟ නෑයි හමුදා ප‍්‍රධානියා පැවසුවා.’’


‘‘එයාගේ ගෙදර අය විරුද්ධයි මාව බැන්දට... අපි දෙන්නා බැඳලා හොරෙන් තමයි ජීවත් වුණේ. මේ ඉන්නෙ අපි දෙන්නගෙ දරුවා.. තාත්තා නැතිව මගෙ පුතා ඉන්නෙ හරිම දුකෙන්....’’ සඳමාලි එසේ පවසමින් තම පුතු දෙස බලා දිගු සුසුමක් හෙළුවා. ටික වෙලාවක් යනතුරු ඇයගෙන් ප‍්‍රශ්න කළ හමුදාවේ ප‍්‍රධානීන්ට ඇයගේ කීමත් පිළිගන්නට වුණා.


‘‘ඒක අපිට පිළිගන්න පුළුවන්. ඒත් මව්පියන් ජීවත්ව ඉන්න නිසා ඔවුන් සමඟත් මේ පිළිබඳ කතා කරන්න අවශ්‍ය වෙනවා.’’


සඳමාලිත්, මාමාත් ඒ පිළිබඳව සිතමින් නිවෙස කරා එන්න පිටත් වුණා. ඇයගේ මාමා එයටද පිළියමක් සකස් කළා. පසුවදා සඳමාලිත්, දරුවාත්, මාමාත් රන්ජන්ගේ නිවෙස බලා පිටත්ව ගියා. ඔවුන් මේ පිළිබඳ රන්ජන්ගේ මව්පියන්ට ප‍්‍රකාශ කළා. ඒ සියලූම ලිපි ලේඛන ඔවුන්ට ඉදිරිපත් කළා. හොරට සෑ¥ විවාහ සහතික පත් පවා පෙන්වූ ඔවුන් එය පිළිගත හැකි ලෙසට තමයි කතා කළේ....


මේ සියල්ල දුටු රන්ජන්ගේ දෙමව්පියන් සඳමාලි තම පුතා සමඟ විවාහ වී ඇතැයි සිතුවා... රන්ජන්ගේ මවත්, පියාත් ඉතා වියපත්භාවයට පත්වෙලයි හිටියෙ.... මවට ඇවිද ගන්නට නොහැකි මට්ටමින් තමයි පසුවුණේ....


අවසානයේ රන්ජන්ගේ මව්පියන් රවටා ගැනීමටද ඔවුන්ට හැකිවුණා. අනතුරුව සඳමාලිගේ සහ ඇයගේ මාමගේ මේ වංචනික කි‍්‍රයාව කි‍්‍රයාත්මක කිරීමට හැකියාව ලැබුණේ ඉතාමත් පහසුවෙන්.


ඔවුන්ගේ හොර ලිපි ලේඛන සියල්ලක්ම හමුදාවට ඉදිරිපත් කළ පසු රන්ජන්ගේ වන්දි මුදල්ද මාසිකව සැලකිය යුතු වැටුප් ප‍්‍රමාණයක්ද ඇයගේ අතට ලැබුණා. රන්ජන්ගේ අම්මාත්, තාත්තාත් ඇයගේ මව්පියන් යැයි සිතා තමයි ඇය ඔවුන්ට උපස්ථාන කරන්නෙ... ඇය ඔවුන්ව හොඳින් රැුක බලා ගන්නවා. ඒ මව්පියන්ගේ සිත් ඈ කෙරෙහි බැඳ තබා ගැනීමටද ඇය සමත් වුණේ ඇය ඇත්තටම කාරුණික හදවතක් තිබූ කාන්තාවක් නිසා... බේබදුකමින්ම කල්ගෙවූ සුමිත් නැවත ඇය සොයා පැමිණියේ ද නැහැ. සඳමාලි නැවතත් සුමිත්ගේ නිවහනට නොගොස් රන්ජන්ගේ මව්පියනුත් හොඳින් රැුකබලාගෙන ජීවත් වෙනවා. ඒ සියල්ලක්ම එසේ සිදුවුවත් හිසේ පීඩනයන් මැද ඇය මේ ගෙවන ජීවිතයට ඉදිරියේදී කුමක් සිදුවේවිද?


(නම් ගම් මනඃ කල්පිතයි)

m