‘බෝටිටු නියමුවා සැලසුමි කර තිබුණේ දවස් 15 ක් අතුලත මුහුදින්  ඕස්ට්‍රේලිවයාවට යන්න. දින කිහිපයක්  ඈත මුහුදෙ යනකොට  අපිව  කුණාටු දෙකකට අහුවුන නිසා ගමනට බාධා ඇතිවුණා. වාසනාවට  නොමැරී බේරුණේ. බෝට්ටුවේ ආහාර තිබුණේ  දවස් 15 කට සෑහෙන්නයි. වතුර බෝතල් 240 ක් බෝටිටුවේ තිබුනා. 16 වෙනි දවස වෙනකොට වතුර ඉවර වුණා. හාල් සහ කඩල බෝටිටුවේ තිබුණත් තමිබන්න වතුර නැති වුනා.  අපි බිස්කටි කාලා පොල් වතුර බිවිවා.  බෝතල් වතුර බොන්න දුන්නේ නැහැ. බෝටිටුවේ මෙහෙයවන අය  හංගගෙන බිවිවා. දවස් 20 ක් ගතවෙනකොට  පොල් වතුරත් නැහැ. බිස්කටි දෙකක් විතරයි ලැබුණේ. අන්තිමට බිස්කටුත් ඉවර වුනා.  සමහර අය කලන්තෙ දාලා වැටුනා.  බෝටිටුකාරයන්  එක්ක රංඩු කරගත්තා. අන්තිමට අපි මුහුදු වතුරට විනාකිරියි, සියඹලා ඉස්මයි දාලා හදාගෙන බිවිවා‘ යැයි ක්‍රිස්මස් දූපතේ  මාස දෙකකට ආසන්න කාලයක් ගත කර  යලි දිවයිනට පැමණි තරුණයෙක් එසැණට කීවේය. නම හෙළි නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.ඔහු වෙන්නප්පුවේ පදිංචි ඉතා අවිහිංසක පෙනුමක් ඇති විසි හතර හැවිරිදි ධීවර කාර්මිකයෙකි.  කුඩා දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහුගේ මවත්  බිරිඳත් පිලිකා රොගීන් වෙති.   ධීවර රස්සාවෙන් ලැඛෙන සොචිචමි මුදලින් මවත්, බිරිඳත්, දරු දෙදෙනාත් රක්ෂා කිරීමේ අපහසුව තදින්ම දැනී තිබිණි.   එක් දිනක්  ඔහු හමුවූ  බෝටිටු නියමුවකු  පැවසූවේ බෝටිටුවෙන් ඕස්ටේලියාවට පැන ගත හැකි බවයි. ඒ සඳහා රුපියල් ලක්ෂ පහක් අවශ්‍ය බව කියා ඇත.   කෙසේ හෝ කනකර  ආභරණ ද උගස්කොට සහ හිත මිතුරන්ගෙන් ද ණයට ලබාගෙන  රුපියල් ලක්ෂ දෙකහමාරක්  එකතුකර ගත් ඔහු  බෝටිටු නියමුවා හමුවී ඔහු එම මුදල් ලබා දෙන්නේ ඉතිරි මුදල් ඕස්ට්‍රේලියාවට ගිය පසු දෙන පොරොන්දුව ඇතුවය.  ඔහු ක්‍රිස්මස් දූපතට යන්නේ ඒ අයුරිනි. ඔහු පමණක් නොව  දහස් ගණන්  ශ්‍රී ලාංකික තරුණ තරුණියන්  කොකෝස් සහ ක්‍රිස්මස් දූපත්වලට  ගොස් ඇත්තේ එලෙසය. මිනිස් වෙළඳාමේ යෙදෙන මීගමුව ප්‍රදේශයේ  බෝටිටු  හිමියන් සහ නියමුවන්  කිහිපදෙනකු පිළිබඳ තොරතුරු ඔහු තොරතුරු  අනාවරණය කරන්නේ  එලෙසිනි. ඕස්ට්‍රේලියාව වෙත රැගෙන යාම සඳහා මෙම බෝටිටු හිමියන්  එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ පහේ සිට  ලක්ෂ පහළොව  දක්වා  මුදල්  ගනියි.  මෙම මුදලින් ඕස්ට්‍රේලායාව බලා  මගීන් රැගෙන යන බෝටිටු  නියමුවාට රුපියල් ලක්ෂ දොළහක් මුදලක් ලැබෙතියි කියති. ක්‍රිස්මස් දූපතේ  රඳවා සිටින පුද්ගලයින්  සිය කැමැත්තෙන් තම මවි රටට ආපසු යන්නේ නම් ඕස්ට්‍රේලියා රජය ඕස්ට්‍රේලියා ඩොලර් තුන්දාස් තුන්සීයක් (රුපියල්  හාර ලක්ෂ තිස්හත් දහසක්) ගෙවන බැවින් එය ලබා ගැනීම සඳහාද බෝටිටුකරුවන් සමග එක්වූ  සමහරෙකු මෙලෙස දිවි පරදුවට තබා යන බව ද තමාට දැනගන්නට ලැබුන බවත් ඔහු කීවේය. පසුගිය සෙනසුරාදා ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකික  පිරිසෙන්  28 දෙනෙක් සංක්‍රමිනිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ නිලධාරීන් විසින් මෙරටට ගෙන එනු ලැබූහ. මොවුහු සියලු දෙනාම බෝටිටු වලින් නීති විරෝධී ලෙස එරටට ඇතුළුවීමට උත්සහ දැරීයැයි අත් අඩංගුවට ගනු ලැබ ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි අය වෙති. එසේ පැමිණි බොහෝ තරුණයෝ ගුවන්තොටුපොළින් එළියට දිවූහ.  ඒ මාධ්‍යයට  වසන් වීම සඳහාය. බොහෝ තරුණයෝ තමන් අත ඇති ගමන්මලු වලින්  මුහුණු වසා ගත්හ. ඔවුන්ගෙන්  කිසිවක් විමසුවද පිළිතුරු නොළැබිණි.  ඔයාලට එහෙදි මොකද වුණේ කියා ඇසුවද  එයටවත් පිළිතුරු නොලැබුණි. අප සමග  කතා කිරීමට එක් තරුණයකු කැමති වුවද බලධාරීන් සිටීම නිසා එය කළ නොහැකි විය. කෙසේ හෝ ඔහු අත තිබූ  බෑගයක දුරකතන අංකය ලියූ මම ඇමතුමක් දෙන ලෙස පැවසුවෙමි. මෙය මෙලෙස සිදුවෙද්දී ජාත්‍යන්තර සංක්‍රමනියින්ගේ සංවිධානයේ නිලධාරීන් විසින් මොවුන් හට තමගමි බිමි බලා යාමට ගුවන්තොටුපොළින් පිටත වාහන සූදානමි කර තිබුණි.  වහා ගුවන්තොටුපොළින් පිටතට  දිවගිය මෙම පිරිස  ඒවාට නැග දොරවල් අගුල් දාගත්හ. තම ඡායාරූප හෝ නම පුවත් පත් වල ඵල නොකරන ලෙස ඉල්ලා සිටි සමීර  නිවසට ගොස් පසුව සියලු තොරතුරු හෙලි කරන බවද කියා සිටියේය.  එහෙත් නිවසට ගිය ඔහුට ජාවාරමිකරුවන්ගෙන් තර්ජන ගර්ජන ගලා එන්නටද විය.  මේ අතර ඔහු  නිවස අසලටම පැමිණි එක්තරා බෝටිටු නියමුවෙකු  පවසා ඇත්තේ බෝටිටු හිමියා පාවා දුනහොත්  බලා ගත හැකි බවයි. ක්‍රිස්මස් දූපතෙන්  සිය කැමැත්තෙන් මෙරටට ආපසු එන අයට ඩොලර් තුන්දහස් තුන්සීයක් ලැබේ. නමුත්  ඔහුට එම මුදලද  අහිමි වී ඇත්තේ බෝටිටුව මුහුදට දැමීම සඳහා අවසර පත ලබාගැනීම සඳහා ජාවාරමිකරුවන් විසින්  නාවික හමුදාවට දි ඇත්තේ ඔහුගේ හැඳුනුම්පත වීම නිසාය. නැතිවෙන්නට කියා තවත් කිසිවක් තමාට නැති බැවින් සියල්ල හෙළි කිරීම සඳහා ඔහු තීරණය කර මා හට  දුරකතන ඇමතුමක් ලබා දුන්නේ මේ අතරය.  මා ඔහුගේ වෙන්නප්ප්වේ  නිවසට ගිය විට දැක ගතහැකි වූයේ දුප්පත්කමේ  පතුලටම කිමිදී සිටි  ඔහුගේ කුඩා නිවසත් රෝගී බිරිඳත් කුඩා දරුවන් දෙදෙනාත් පමණි. ඔහු පවසන පරිදි ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින  ශ්‍රී ලාංකික සරණාගතයින් ප්‍රමාණය තුන්දහසකට අධිකය.  මෙි අතර කුඩා දරුවන් සහ කාන්තාවන්ද සිටින බව ඔහු කියයි.  වැඩි පිරිසක් දෙමළ තරුණයන් වන බවත් සිංහල බහුතරයක්  ධිවර ගමිමානවල තරුණයින් බවත් ඔහු කීවේය. ක්‍රිස්මස් දූපතෙට ගිය ත්‍රාසජනක මුහුදු ගමන පිළිබඳව ඔහු මෙසේ විස්තර හෙළි කළේය. මේ වෙනකොට මට ධීවර රස්සාව එපා වෙලා තිබුණේ. සමහර දාට රුපියලක්වත් ලැඛෙන්නේ නැහැ. මීට මාස හතරකට විතර කලින් වෙන්නප්පුවේ තල්දෙක ගමේ කිහිපදෙනෙකු බෝටිටුවලින් ඕස්ට්‍රේලියාවට යන්න හඳනවා කියලා මට ආරංචිය  ආවා. ඒ බෝටිටු නියමුවාව මා අඳුනනවා.  ඔහු මගෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලුවා.  එදා මට සල්ලි හොයාගන්න බැරිවුණා. නමුත් ටිකක් හොයාගෙන තිබුණා.  පසුව මුදල් දෙන්න මමත් යන්න ආසාවෙන් හිටියා. රෑ 12 හට විතර පළගතුරේ පැත්තෙන් තමයි බෝටිටුව පිටත් වුනේ. කොහොම හරි මම යනකොට බෝටිටුව මා දාලා ගිහින් තිබුණා. මීගමුවේ බෝටිටු මුදලාලි කෙනෙක්   බෝටිටු නියමුවන් ගේ මාර්ගයෙන් මෙි ජාවාරම කරනවා.  සිංහල අයගෙන් ගන්නේ රුපියල් ලක්ෂ පහයි. මුදලාලි දෙමළ අයගෙන් ලක්ෂ දහය, ලක්ෂ පහලොව වගේ ගනන් අරගෙන තිබුණා.   මගේ මිතුරකුගේ තාත්තත් ඒකෙ ගියා. මම ඒකට දොස් කිය කිය හිටියා.  පස්සේ මම පරවි පන්නෙට ත්‍රිකුණාමලයට ගියා. දවස් පහලොවක් විතර එහේ ඉඳලා ආපසු ආවා.  ඒ එනකොට බිරිඳ ගෙදර හිටියේ නැහැ. එයාලගේ අමිමලගෙ ගෙදර ගිහින් හිටියේ. මම දවස් දෙකක් ගෙදර ඉන්නකොට මම දන්න බෝටිටු නියමුවෙක්  ඇවිත් කිවිවා හදිසි ගමනක් තියෙනවා. කාටවත් කියන්න එපා සල්ලි හොයාගන්න කියලා. ඉතින් මම රත්තරන් බඩු උගස් කර කරවල විකුණා ණය වෙලා කොහොම හරි රුපියල් ලක්ෂ දෙකහමාරක් හොයා ගත්තා. මම දන්න කෙනෙක් තමයි බෝටිටු නියමුවා. ඔහු කිවිවා ඕස්ට්‍රේලියාවේ රස්සා ඕන තරම් තියෙනවා. මෙහෙම හොරෙන් ගියාම මාසයක් හිරේ ඉන්න වෙනවා. හිරේ ඉන්නකොටත් මාසෙකට රුපියල් පනස් දාහක් ගෙවනවා කියලා .  ඉතින් මම ඔහු විස්වාස කර සල්ලි ටික ඔහු අතට දුන්නා.  ඉතිරි මුදල්  ටික ඕස්ට්‍රේලියාවට ගිහින් රස්සාව කරලා දෙන පොරොන්දුව මතයි ඔහු මා රැගෙන යන්න තීරණය කළේ.  ඉතුරු  සල්ලි දෙනකමි  මගේ ජාතික හැඳුනුමි පත ඉල්ලුවා. ඒ වගේ අපි පස්දෙනෙක්ගේ හැඳුනුමිපත් එකතු කලා. අගොස්තු අට වෙනිදා උදේ 7.30 ට විතර මීගමුවේ මාළු මාකටි එක ලගට ගියා.  මීගමුව වරායෙන්  බෝටිටුවක්  මුහුදට දාන්න නාවික හමුදාවෙන් අවසර පතක් ගන්න ඔිනේ.  ඒකත් අරගෙන් 9වෙනිදා මීගමුව මෝයෙන්  බෝටිටුව මුහුදට දැමිමා. අපි ගිය බෝටිටුවෙි නම හංසමාලි. අපි හය දෙනෙක් බෝටිටුවෙි හිටියා. අපි ඈත දියඹේ නැව් වෙරළ ළඟට ගියා. 12 වෙනිදා රේඩියෝ සංඥා මගින් බෝටිටුවේ අයිතිකාරයා අප ඇමතා  රෑ එකොලහට විතර ගොඩට එන්න කියලා කිවිවා. ගොඩබිමට සැතපුමි 11 ක් විතර  මෙහායින් බෝටිටුව තියාගෙන හිටියා. මීගමුව කෙලින් හිටියේ. මීගමුවේබ්‍රවුන් බීචි හෝටලයේ විදුලි එළිය පෙනුනා. හරියටම ඊට කෙලින් වගේ හිටියේ.  රෑ 11ට විතර තවත්  පොඩි බෝටිටු 7 කින් තරුණයින් ගෙනත් අපේ බෝටිටුවට පැටෙවිවා. සේරම 58 ක් හිටියා. වවිනියාව, මඩකලපුව  සහ යාපනයේ දෙමළ අය 34 ක් සහ මිගමුවෙි සහ වෙන්නප්පුවේසිංහල 24 ක්  අපේ බෝටිටුවේ ගියා.   අවුරුදු 12 ක ළමයෙකුත් හිටියා. දවස් හතරක් එක දිගට ගිහින් එන්ජිම නිමෙන්න ඇර ඇර තමයි ගියේ.  ඔය අතරෙදි කුණාටු දෙකකට අහුවුනා. අපේ බෝටිටු නියමුවා  දක්ෂයි.  කොහොම හරි මැරෙන්නේ නැතුව ගියා.  දවසට දෙපාරක් බත් දුන්නා.  අපේ බෝටිටුව ගියේ ලංකා මුහුදු සීමාවයි මාල දිවයින් මුහුදු  සීමාවයි අතරෙ.  අපිට කිලෝමීටර 350 ක් ඉදිරියෙන්  සහ  කිලෝමීටර 300 විතර පසුපසින් තවත් බෝටිටු දෙකක් ගියා. සියලුම බෝටිටු මනා සමිබන්ධතාවයකින්  කතා කරමින් ගියේ.  මම හිතන්නේ එකම ජාවාරමිකාරයගේ බෝටිටු තමයි මේ තුනම. බෝට්ටු නියමුවා සැලසුමි කර තිබුණේ දවස් 15 කින් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් කියලා. දින පහලොවකට ප්‍රමාණවත්  කෑම බීම බෝටිටුවේ තිබුණා. 22 වෙනි දවසේ පොඩි ගුවන් යානායක් අපේ බෝටිටුව බලාගෙන උඩින් ගියා.  පැයක් දෙකක් යනකොට ඕස්ට්‍රේලියාවේ  රේගුවේ නැවක් අපේ පැත්තට ආවා. ඒකෙන් නිලධාරී කිහිපදෙනෙක් අපේ බෝටිටුවට ගොඩවී විස්තර අහලා අපිට බොන්න වතුරයි කෑමයි දුන්නා. ඉන්පස්සේ අපේ පිටුපසින් නැවයි හුළං බෝටිටු දෙකකුයි ආවා. එයාලගේ නිලධාරී හතරදෙනෙක් අපේ බෝටිටුවේ ආවා.  ඒ ප්‍රදේශයේ  මුහුදේ ගල් කඳු, අයිස් කඳු තිබුණා.  22 වෙනි දවසේ හවස හතරට විතර අපි කොකෝස් දූපතට ආවා.  ඉන් පස්සේ අපේ අත්වලට නොමිමර දාලා කොකෝස් දූපතේ කඳවුරකට අරගෙන ගියා. අපි එතනට යනකොට හලාවත තොඩුවාවෙ 88 දෙනෙකුගේ කණ්ඩායමක් එතන හිටියා.  ඒ 88 දෙනා බෝටිටු කිහිපයකින් ආපු අය. එක බෝටිටුවක් මගදි කැඩිලා ඒකෙන් බාගයක් බේරගෙන තිබුනා. ඉතරු අයට වෙචිච දෙයක් නැහැ. ඒ වගේ කරදර වලට මුහුණ පාපු පිරිසක් හිටියේ. අපිට කන්න බොන්න වගේම ඇඳුමි පැළඳුමි, සපත්තු දීලා ගුවන්මගින් ක්‍රිස්මස් දූපතට ගෙන ගියා. කොකෝස් දූපතේ අපි එක දවසයි හිටියේ. ක්‍රිස්මස් දූපතට ගියාම එහෙ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙන් අපෙන් ප්‍රශ්න කළා. හුඟක් දුරට ඇහුවෙ කී දෙනෙක් ආවද ඉතුරු අයට මොකද වුනේ කියලා.  අපිව වෛද්‍ය පරික්ෂනයකට ලක් කර ගෙවල් වලට කතාකරන්න දුන්නා.  එතන දවස් තුනක් විතර හිටියට පස්සේ වෙනත් ලොකු කඳවුරකට ගිහින් දැමිමා.  එතන පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, බංගලිදේශයේ, ඉන්දියාවෙ සහ ලංකාවේ දසදහසක් පමණ හිටියා. ලංකාවේ අයෙ හිටියේ 3000 ක් විතර වගේ. එතැනදි අප සම්මුඛ පරික්ෂණ වලට යොමු කළා.  සම්මුඛ පරික්ෂණ වලදි ගොඩක් වෙලාවෙදි බැලුවෙ යුද්දෙට මැදි වී හිටියද, ඡන්ද කෝලහල වට මැදි වුනාද, ආගමි භේද ප්‍රශ්ණ තියෙනවද,  යමි කිසි හේතුවක් මත ලංකාවෙ ඉන්න බැරි තත්වයක් තියෙනවද සහ සමාජයෙන් කොන්වී සිටීමට කාරණයක් ඇතිද යන තත්වයන් මත සමිමුඛ පරික්ෂන පැවැත් වූවා.   අපිට දැනගන්න ලැබුණ  විදියට නමි ඒ කාරණා ඇත්ත නමි ඒ අයට ඕස්ට්‍රේලියාවේ රැකවරණය ලැඛෙනවා. මම කිවිවා මම නැති බැරි කමට රස්සාවක් හොයාගෙන ආවෙි ,   අමිම සහ බිරිඳ අසනීපයෙන් සිටින බවත්  කිවිවා.  එතකොට ඔවුන් කිවිවා නීති විරෝධී ලෙස රටට ඇතුළුවීම පිළිබඳව නඩුවක් දානාවා ඒ නඩුවක් සාමාන්‍යයෙන් අවුරුදු 10 යක් විතර තියෙනවා. නඩුව දැමිමොත් ආපසු ලංකාවට යන්න වෙන්නේ  නඩුව ඉවරවුනාට පස්සෙයි  ලංකාවට ආපසු  යන්න කැමති අයට ජාත්‍යන්තර සංක්‍රමනිකයින්ගේ සංවිධානයෙන් ඩොලර් 3300 ක් ලබා දෙන බවත් කිවිවා. ඒ මුදලින් ලංකාවට ගොස් ස්ව්‍යං රැකියාවක් ආරමිභ කරන්න පුළුවන් කියලත් කිවිවා.  ඒ සඳහා රටවල් 22 කින් උදවි කරන බවත් පෙන්වා දුන්නා. මගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් කිවිවා බෝට්ටුවේ පාස් එක අරගෙන තියෙන්නේ මගේ නම දාලා කියලා. ඒක ලොකු වරදක් ඒ නිසා නඩු දානවා කියලත් කිවිවා. අපේ බෝටිටුව අරගෙන ගිය නියමුවා කියලා තියෙනවා මගේ නමට පාස්එක දාලා මමයි බෝටිටුව අරගෙන ඇවිත් තියෙන්නේ කියලා. ඒත් අපි එක්ක එකට බෝටිටුවෙි ගිය ඉංග්‍රීසි භාෂාව දන්න  දෙමළ තරුණයෝ කිහිපදෙනෙක් කිවිවා  මෙයත්  බෝටිටුවෙ ආවෙ අපි වගේ සල්ලි දීලා.  බෝටිටුවෙි සුක්කානමවත් ඇල්ලුවෙ නැහැ කියලා.   ඉන්පස්සේ ඒ අය නඩු කොළේ අයින් කරලා මා ආපිට එවන්න කටයුතු සූදානමි කළා.   එතකොටයි මම දැනගත්තේ මගේ හැඳුනුමි පත අරගෙන බෝටිටුකාරයෝ කරල තියෙන්නේ මෙිකයි කියලා. ඒ අවස්ථාවෙදි මට කිවිවා ඩොලර් 3300 දෙනවා  කැමැති නමි යන්න අකැමති නමි ඉන්න කියලා. ඉස්සෙල්ලා සියයට 49 ක් දෙනවා කිවිවා ස්ව්‍යං රැකියාවක් කරන්න ඉතිරිය දියුණුව බලලා දෙනවා කිවිවත් ලංකාවට ආවම  දැනගත්තා බෝටිටුව මෙහයවන්න උදවි කලා නමි, පාස් ගත්තා නමි සහ බෝටිටුවෙ උයන්න සහ හවුලට  එන අයට මුදල් දෙන්නේ නැති බව. මම හිතාගෙන හිටියේ ඒ මුදල ලැබුණ නමි ත්‍රීරෝධ රථයක් අරගෙන ඒකෙන් හම්බකැර ණය තුරුස් බේරෙන්න. බෝට්ටු කාරයන් මට ඒකත් නැති කළා. බෝටිටුවෙ ගිය අනිත් පිරිස දන්නවා මම ඒවට සමිබන්ධ නොවු බව. කවුරු හරි මැදිහත් වෙලා මට ඒ මුදල ලබාදෙනවා නමි ලොකු පිනක්. ක්‍රිස්මස් දූපතේ ඉන්න  අය නාවුරු දූපතට, මෙල්බෝර්න් සහ සිඩ්නි  වල කඳවුරු වලට ගිහින් දානවා. සමහරු කියනවා ඒහෙම ගෙන යන්නේ  පස්සේ ටික දවසකින් රැකියාවල්  ලබා දෙන්න කියලා. එහි නිලධාරීන් කිවිවා ඕස්ට්‍රේලියාවෙ රැකියා  නම් ලැඛෙන්නේ නැහැ. සරණාගතයෝ විදියට මැරෙන කමි උනත් ඉන්න දෙනවා. කන්න බොන්න දෙනවා  කියලා.  ලංකාවට ආපසු යන්න කැමති අය පැත්තකට වෙන්න කියනවා. ලංකාවට යන්න කැමති අයට ජාත්‍යන්තර සංක්‍රමනිකයින්ගේ සංවිධානයෙන් ඩොලර් 3300 ක් දෙනවා. අපිට ක්‍රිස්මස් දූපතේදී හොඳට කන්න බොන්න දුන්නා. දෙන්නෙකුට වෙනම කාමරයක් දෙනවා. ඒහි රෙදි සෝදන මැෂින් ඇතුලු සියලු පහසුකමි තියෙනවා. සතියකට ඩොලර් 25 දෙනවා කාඩි පතකින්. ඊට අමතරව නැටුමි පන්ති, ඉංග්‍රීසි පන්ති තියෙනවා. ඒවට යන අයට ඩොලර් 02 බැගින් ලැඛෙනවා. සේරම ඩොලර් පනහක් ගන්න පුළුවන්. අපිත් එක්ක නාවුරු වල, ඩාර්මින් හා සිඩ්නි නගරවල මාස 07 මාස 08 ක් වගේ ඉඳපු අයත් ආපසු ආවා. හැබැයි වැඩිපුරම එවන්නේ සිංහල අය. දෙමළ අයට එහෙ පොඩි අවස්ථාවක් දෙනවා.  නාවුරු වල තියෙන්නේ කූඩාරමි කියලා අපි එහෙදි රූපවාහිනියෙන් දැක්කා. ක්‍රිස්මස් වල ඇති පහසුකමි නැති බවත් දැනගත්තා.  එහි සර්පයන් ඉන්න බවත් කඅම්බි දැල් ගහලා එළියට යන්න බැරි බවත් දැනගත්තා.  ගොඩක් දෙමළ ළමයින් නමි ඉන්නවා.  අපි ගියේ රස්සා හොයාගෙන. ඒත් අපේ ගෙවල්වල අය දුක්විඳින හැටි මතක් වෙනකොට මට දරාගන්න බැරුව ගිය නිසයි ආපිට ආවෙි. ගුවන්තොටුපොළේදී ප්‍රවාහන ගාස්තු කියලා රුපියල් 16880 ක් ජාත්‍යන්තර සංක්‍රමනිකයින්ගේ සංවිධානයෙන්  දුන්නා. ගෙදර ආවම දැනගත්තා බෝට්ටු නියමුවාගේ  ගෙදර තාප්ප ගහලා, ගේටිටු දාලා, කඩ කාමර හඳනවා කියලා. අපෙන් ගත්තු සල්ලි වලින් තමයි ඔය කරනවා ඇත්තේ. අපි වැරද්දක් කළා තමයි. නමුත් එහෙම කෙළේ රැකියාවත් ලබා ගන්න. අපි ඒ රට ගිහින් අපේ රටට විරුද්දව  කේලමි කිවිවෙ නැහැ. අපි කිවිවෙ අපේ නැති බැරිකමට රස්සාවක් හොයාගන්න ආවෙ බෝටිටු කාරයන් කිව්ව සුරංගනා ලෝක වලට රැවටිලා කියලයි. ජාත්‍යන්තරව වුවත් ලංකාවට මේක විශාල අපකීර්තියක්.  අපි වගේ අයව මුලාකරන මේ බෝටිටු කාරයින් හොයල දඩුවමි පමුණුවන්න කියලත් ඔවුන් අපෙන් ලබාගත් මුදල් ආපසු ලබාගන්න ක්‍රමයක් තියෙනවා නමි ඒවා ක්‍රියාත්මක කරන්න කියලත්   මම රජයෙන් ඉල්ලා සිටිනවා.  මොකද අපි මුදල් දුන්නේ බෝටිටු නියමුවාගේ අතට. ඒ වෙනුවට අපිට රිසිටි දෙන්නේ නැහැ. පොලිසියකට ගිහින්  පැමිණිලි කරන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ.  ඒ නිසා ජාවාරමිකාරයො නිදැල්ලේ ඉන්නවා. ඒ වගේම ක්‍රිස්මස් දූපතේ  රඳවලා ඉන්න අයටත්, හොරෙන්  ඕස්ට්‍රේලියා යන්න බලන් ඉන්න අයටත් මේ පණිවිඩය දෙන්න කියලත්  මම රජයෙන්  ඉල්ලා සිටිනවා. ඒ වගේම කවුරු හෝ මැදිහක් වෙලා මගේ නිර්දෝෂී භාවය   ජාත්‍යන්තර සංක්‍රනිකයින්ගේ සංවිධානයට  පෙන්වා දී මට හිමි විය යුතු මුදල ලබා දීමට කටයුතු කර දෙනවා නමි ඒක මට කරන ලොකු උදවිවක් යනුවෙන් ඔහු අවසන් වශයෙන් පැවසුවේය. ඡායාරූප සහ විස්තර දීපා අධිකාරි