1        

 

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් කම්හලක සේවිකාවක් මහලූ කාන්තාවක් ලෙස හැසිරෙන්නටත් කතා බහ කිරීමටත් පටන් ගත්තාය. විසි පස් හැවිරිදි වියේ පමණ පසුවන ඇඟලූම් කම්හල් සේවිකාව මේ අයුරින් මහලූ වියේ පසුවන කාන්තාවක් ලෙස  කතා බහ කිරීමටත් හැසිරෙන්නටත් වීම සහෝදර සේවක සේවිකාවන්ට අදහාගත නොහැකි නිසා ඔවුන් ද තැතිගැන්මකට ලක් වී ඇත.

 

2
අසාමාන්‍ය ගතිලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා මේ ඇඟලූම් කම්හල් සේවිකාව යොමුකරනු ලැබුවේ මනෝ චිකිත්සක හා උපදේශකවරියක වන කර්නි නිශ්ශංක මෙනවිය වෙතය.


”මගේ ආච්චිගේ ආත්මය නිතර මගේ ඇඟට ඇතුළු වෙනවා. එතකොට තමා මෙහෙම වෙන්නේ. මගේ නංගීත් ඇඟලූම් කම්හල් සේවිකාවක්. ඇයටත් මියගිය ආච්චිගේ ආත්මය ආරූඪ වෙනවා. මගේ මල්ලී තවම ඉස්කෝලේ යනවා. මල්ලී ඉස්කෝලේ ඉද්දී ආච්චිගේ අවතාරය එයා ළඟට වෙලා ඉන්නවා. අපේ තාත්තා තරුණ කාලයේ එයාටත් ආච්චිගේ ආත්මය ආරූඪ වෙලා තිබෙනවා. ආච්චී මියගිහින් තියෙන්නේ මීට අවුරුදු 42කට විතර කලින්” යැයි ඇඟලූම් සේවිකාව මනෝ චිකිත්සක කර්නි නිශ්ශංක මෙනවිය හමුවේ කීවාය.


ඇඟලූම් කම්හල් සේවිකාවට අවශ්‍ය උපදේශනයන් මනෝ චිකිත්සකවරිය ලබාදුන්නාය.


මනෝ චිකිස්සකවරිය මේ සියලූ තොරතුරු මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය ආචාර්ය, ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ මහතාට පැවසීමෙන් පසු අපි මේ ඇඟලූම් කම්හල් සේවිකාව පදිංචිව සිටින නිවස සොයා පසුගිය සඳුදා අපි එහි ගියෙමු.


ආණමඩුව නගරයේ සිට කිලෝමීටර් 12ක පමණ දුරකින් මේ ඇඟලූම් කම්හල් සේවිකාවන් දෙදෙනා පදිංචිව සිටින නිවස පිහිටා ඇත.


ඇඟලූම් කම්හලේ මේ සොහොයුරියන් දෙදෙනාට මියගිය ආච්චිගේ ආත්මය ආරූඪවීම නිසා ඔවුන් ගමට පිටත්කර එවා තිබිණි.

 

58


කටුනායක සිට ආණමඩුව ප‍්‍රදේශයේ පිහිටි ගමට පැමිණෙමින් සිටි අතරවාරයේ ද කිහිපවරක් මියගිය ආච්චිගේ ආත්මය ඔවුන්ට ආරූඪ වී පෙරළිකර ඇති බව එහි ගිය අපට දැන ගැනීමට ලැබුණි.


මනෝ චිකිත්සකවරියක් වන කර්නි නිශ්ශංක මෙනෙවිය ද අපත් සමඟ ගිය මේ ගමනට එක්වූවාය.


මුලින්ම අප කතා බහ කළේ ඇඟලූම් කම්හල් සේවිකාවන් දෙදෙනාගේ මව සමගය.

 

3

 


ඇයගේ සැමියා ද කටුනායක ප‍්‍රදේශයේ රැකියාවක නිරතව සිටින නිසා අප එහි යන විට ඔහු නිවසේ සිටියේ නැත.


අපත් සමඟ කතා බහට එක් වෙමින් ඇය මෙසේ කීවාය.


”මගේ මහත්තයා එක්ක මා විවාහවෙද්දී එයාට අවුරුදු 19ක් විතර වෙනවා. අම්මා මියයද්දී සැමියා අවුරුදු 2 1/2ක් පමණ දරුවෙක්. සැමියාගේ අම්මා මියගියාට පස්සේ එයාටත් අම්මාගේ ආත්මය ආරූඪ වෙන්න පටන් අරන් තිබෙනවා. අම්මා විදියට කතාබහ කරන්න, හැසිරෙන්න පටන් අරන් තිබෙනවා. මේ බව සැමියා පසුකාලකය මා සමඟ කියා තිබෙනවා.

 

sdh

 


මම එයාව කසාද බැන්දාට පස්සේ නම් කිසිම දවසක සැමියාට එයාගේ අම්මාගේ ආත්මය ආරූඪ වෙලා නැහැ.


මගේ ලොකු දුවගේ දැන් වයස අවුරුදු 25ක් විතර වෙනවා. පොඩි දුවගේ වයස අවුරුදු 19ක් වෙනවා. දෙදෙනාම කසාද බැඳලා. පුතාගේ වයස අවුරුදු 12ක් වෙනවා. පුතා ඉස්කෝලේ යනවා. දෙවෙනි දුව මහත්තයා ළඟට යන්න බැහැ කියනවා. ලොකු දුවට අවුරුදු 14 විතර ඉඳලා එයාගේ ආච්චි වැහෙන්න පටන් ගත්තා. පොඩි දුවට ආච්චිගේ ආත්මය ආරූඪ වෙන්න පටන්ගත්තේ අවුරුදු 9දී විතර. පුතා මාස 3ක විතර ඉඳලා කියන්න පටන් ගත්තා ආච්චිගේ ආත්මය එයාට නිතර පෙනෙන නිසා ඉස්කෝලේ පන්තියේ ඉද්දී ආච්චි එයා ළඟට වෙලා බලාගෙන ඉන්නවා කියනවා. මටනම් කවදාවත් නැන්දම්මාගේ අවතාරය පෙනිලත් නැහැ, ආරූඪ වෙලාත් නැහැ” යැයි කාන්තාව කීවාය.


මනෝ වෛද්‍ය ගාමිණී ජයසිංහ සහ මනෝ චිකිත්සක කර්නි නිශ්ශංක පවුලේ වැඩිමල් දරුවා වන ඇඟලූම් කම්හල් සේවිකාවගෙන් විස්තර විමසූ අවස්ථාවේ ඇඟලූම් සේවිකාව මෙසේ කීවාය.

5
”ආච්චිගේ ආත්මය මට ආරූඪ වෙන්න පටන්ගත්තේ ඉස්කෝලේ යන කාලයේ ඉඳලා. ආච්චිගේ ආත්මය ආරූඪ වෙන්න ටිකවේලාවකට කලින් මගේ කකුල් දෙකේම ඇඟිලි හිරි වැටෙනවා. ඒත් එක්කම ඔලූවට ඉවසන්න බැරි ලොකු බරක් දැනෙනවා. ඒත් එක්කම් මුළු ඇඟම වෙවුලන්න පටන් ගන්නවා.


ඊට පස්සේ ආච්චි කතා බහ කරන විදියට කතා බහ කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවේ හැසිරෙන්නත් පටන්ගන්නවා. ආච්චි මගේ ඉදිරියේ හැම වේලාවෙම පෙනී ඉන්නේ සුදු පාට බ්ලවුස් එකක් හා සුදු පාට චීත්තයක් ඇඳගෙන. ආච්චිගේ කොණ්ඩය හරිම දිගයි. කොණ්ඩය කඩාගෙන තමා හැම වේලාවෙම මගේ ඉදිරියට එන්නේ. මට ආච්චි එයා එක්ක යන්න එන්න කියා කතා කරනවා”


”අක්කා කියපු විදිහටම තමා මටත් ආච්චි පෙනෙන්නේ. ආච්චිගේ ආත්මය මට ආරූඪ වෙන්නෙත් ඒ විදිහටමයි. මා සැමියාගෙන් වෙන්වෙලා ගෙදර ආවා. මට එයත් එක්ක ඉන්න බැරි නිසයි ආවේ. ආච්චිගේ ආත්මය මට නිතරම ආරූඪ වෙනවා. අක්කාට වාගේම වැඩපොළේදී විතරක් නෙමේ බෝඩිමේදීත් ආරූඪ වෙනවා. ආච්චි මගේ ඇඟට ආරූඪ වෙලා එයත් එක්ක යන්න කතාකරනවා. මට ආච්චි ළඟට යන්නමයි ඒ වෙලාවට හිතෙන්නේ. මාත් ආච්චි ජීවත්වෙලා හිටිය කාලයේ වගේ කතා කරනවා, හැසිරෙනවා” යැයි පවුලේ දෙවැනි දියණිය වෛද්‍යවරයා හා මනෝ චිකිත්සකවරිය හමුවේ කීවාය.


”අක්කාගේ මහත්තයා මේ මොන කරදරකාර ගෑනියක්ද ඇයි අපට මෙහෙම කරන්නේ පලයං අපට කරදර නොකර කියා හොඳටම බනිනවා. එතකොට ආච්චි අඬනවා. එතකොට මටත් හයියෙන් ඇඬෙනවා. ආච්චිට මේ විදිහට බනිද්දි මට ඉවසන්න බැහැ” යැයිද ඇය තව දුරටත් පැවැසුවේ ද ශෝකාකූල බවක් පෙන්නුම් කරමිනි.


මියගොස් ඇති ආච්චි ඒ කියන්නේ අපේ තාත්තාගේ අම්මා ගැන අප හුඟක් විස්තර අසා තිබෙනවා. ආච්චිගේ කොණ්ඩය හුඟක් දිගයි. ඇය නිතරම අඳින්නේ සුදු ඇඳුම් බව අපිත් දැන සිටියා. ඒ හින්දා ආච්චිගේ හැඩරුව ගැන අපේ හිතේ තිබුණා” යැයි කියා මේ අක්කා නගෝ දෙදෙනා වෛද්‍යවරයා හා මනෝ චිකිත්සකවරිය සමඟ කීවේ ඔවුන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

 

sg


‘‘මගේ මහත්තයා කියා තියෙන හැටියට එයාගේ අම්මාගේ මුහුණුවර අපේ මේ ලොකු කෙලීගේ මුහුණුවර වගේ කියා මහත්තයාටත් එයාගේ අම්මාගේ හැඩරුව කියා තිබෙන්නේ පවුලේ ඥාතින්. මහත්තයාට අම්මා ගැන කොහෙත්ම මතකයක් නැහැ” අපේ කතා බහ අතරවාරයේදී ඇඟලූම් කම්හල් සේවිකාවන් දෙදෙනාගේ මව කීවාය.


පවුලේ බඩ පිස්සා වන 12 හැවිරිදි වියේ පමණ පසුවන සිසුවා තවමත් පාසල් යයි.


මාස තුන හතරක පමණ කාලයක සිට මේ පාසල් සිසුවාටද මියගිය ආච්චිගේ අවතාරය පෙනෙන්නට පටන්ගෙන ඇති බව පැවසුවේ පවුලේ අය විසිනි.
මනෝ වෛද්‍යවරයා හා මනෝ චිකිත්සකවරිය මේ පොඩි එකා සමඟද කතා බහ කළේ ඒ හා සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමටය.


”මම ඉස්කෝලේ පන්ති කාමරයේ ඉද්දී අපේ ආච්චි මගේ ළඟට වෙලා ඉන්නවා හුඟක් වෙලාවට මම දකිනවා. ආච්චි කොණ්ඩය කඩාදාගෙන සුදු චීත්තයකුයි සුදු හැට්ටයකුයි ඇඳගෙන ඉන්නා අයුරුයි මා දකින්නේ. පන්තියේ අනිත් ළමයි ඉද්දීම තමා ආච්චි මගේ ළඟින්ම වගේ ඉන්නේ. මට මේ ගැන මගේ යහළුවන්ට කිව්වාම ඒ අය කියනවා කෝ කවුරුත් පේන්නේ නැහැනේ කියා. මට විතරයි ආච්චිව පේන්නේ” යැයි සිසුවා බොහොම ලස්සනට තමා දකින දේවල් මනෝ වෛද්‍යවරයා හා මනෝචිකිත්සකවරිය එක්ක කියා සිටියේය.


මනෝ වෛද්‍යවරයා සහ මනෝ චිකිත්සකවරිය : පුතා, ආච්චි අම්මා ගැන මීට කලින් අහලා තිබුණද? ඒ ගැන විස්තර ටිකක් කියන්නකෝ?
සිසුවා : මාගේ අක්කලා දෙන්නා ආච්චිගේ හැඩරුව, අඳින ඇඳුම් ගැන විතරක් නෙමේ කොණ්ඩය පවා දිග බව කියනවා මා අසාගෙන ඉඳලා තිබෙනවා. ආච්චිගේ මුහුණ හරියට අපේ ලොකු අක්කාගේ මුහුණ වගේ කියා අම්මායි තාත්තායි කතා වෙනවා මම  ඕනෑ තරම් අහලා තියෙනවා”


මනෝ වෛද්‍යවරයා හා මනෝ චිකිත්සකවරිය : පුතේ, ඔයාට ආච්චි ඉඳලා හිටලා හරි මතක් වෙනවාද?


සිසුවා : ආච්චිව මට උන්නු උන්නු ගමන් මතක් වෙනවා. ආච්චි හිටියා නම් හොඳයි කියාත් මට හිතෙන වෙලාවල් තියෙනවා.
නිවසේ සිටි කාන්තාව නැවතත් අප සමඟ දොඩමළුවෙමින් කීවේ මෙවැනි කතාවකි.


”අවුරුදු ගාණක් තිස්සේ මේ භූත කරදරයෙන් අප පීඩා විඳිනවා. ඒත් තවම මේ භූත කරදරය ඉවරයක් නැහැ. ඉඩකඩම් පවා උකස් කරලා සල්ලි හොයාගෙන වරින් වර තොවිල් ශාන්තිකර්ම කළා. කරනකම් විතරයි. ආයෙත් වැඬේ පටන් ගන්නවා. ආච්චි කතා කරනවා කියා දුවලා දෙන්නා අසිහියෙන් දුවන්න හදනවා. ඒ නිසා කපුවෙක් ගෙන්වා ?ක ගෙදර හතර මායිමේ ආරක්‍ෂාවක් දැම්මා. එදා ඉඳන් දුවලා දෙන්නා වත්තෙන් එහාට දුවන්නේ නැහැ.


අපිව මේ භූත කරදරයෙන් කොහොම හරි බේරා දෙන්න. දේවාල ගාණේ සාස්තරකාරයෝ කට්ටාඩි පස්සේ ගියාට කිසිම වැඩක් වුණේ නැහැ. අපේ ගමේ ඉන්න පොඩි ළමයෙක් දේව බලයෙන් භූතයෝ පන්නනවා. ඒ ළමයා කිව්වා ගෙදර අයට කරදරකරන ආච්චිගේ භූත ආත්මය පලවා දෙන්නම් කියා. ඒකටත් රුපියල් 25,000ක් විතර යනවා.


මනෝ වෛද්‍යවරයා : ගෙදර හතර මායිමේ ආරක්‍ෂාවක් දැම්මා කියා දුවලා දැනගෙන හිටියාද?
කාන්තාව : ඔව් දොස්තර මහත්තයෝ දුවලා දන්නවා.


මේ නිවසේ සිටින වැඩිමල් දියණිය විවාහ කර ගෙන සිටින සැමියා කීවේ බිරියට එයාගේ ආච්චි ගේ ආත්මය ආරූඪ වුණාම ලෙහෙසියෙන් කෙනෙකුට මේච්චල් කිරීමට නොහැකි බවය.


ආච්චිගේ ආත්මය බිරියට ආරූඪවුන වේලාවට ඇයගේ සිරුරේ බර කිලෝ 70කින් විතර වැඩි වෙන බවත් ඒ නිසා ඇය ඔසවා ඇඳක වත්තම් කිරීමට නොහැකි බවත් සැමියා පැවසුවේය.

 

මනෝ වෛද්‍ය විග‍්‍රහය

 

මෙහි සඳහන් විස්තරය සැලකීමේ දී එකම පවුලේ හතර දෙනකු ආරූඪවීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් නොයෙකුත් ක‍්‍රමවේදයන්ගෙන් සහනය බලාපොරොත්තුවෙන් කටයුතු කළ ද කිසිම සහනයක් නොලැබුණු අතර අද වන විට ඉතා ශෝචනීය තත්ත්වයකට මුළු පවුලම පත් වී ඇති ආකාරය අපට නිරීක්‍ෂණය කළ හැකි විය.

asfd
තවදුරටත් ඔවුන් එල්බගෙන ඇති මිත්‍යා විශ්වාසය ඔස්සේම කටයුතු කිරීමට ඇති දැඩි කැමැත්ත සහ බටහිර මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට ඇති අපහසුතාවය ද හඳුනාගත හැකි විය. අවසානයේ දී දීර්ඝ සාකච්ඡුාවකින් අනතුරුව එකඟතාවයකට පත්කරගත හැකිවිය.


මෙහි සඳහන් කාන්තාවන් දෙදෙනා සැලකීමේ දී ඔවුන්ගේ ළමා කාලයේ සිටම ඉතාමත් දැඩි මානසික අසහනකාරී පරිසර තුළ ජීවත් වූ අතර වර්තමානයේ දී ද ඔවුන් පෙන්නුම් කරන ආරූඪවීමේ තත්ත්වය සඳහා එම දැඩි මානසික අසහනකාරී තත්ත්වය හා සම්බන්ධතා හඳුනාගත හැකිවිය. එමෙන්ම ඔවුන් ජීවත් වන පරිසරය සැලකීමේදී එහි ජීවත්වන පුද්ගලයන් දැඩිව මිත්‍යා විශ්වාසයන් මත එල්බ ගැනීමත්, මිත්‍ය විශ්වාස ඉතා සුලභව සාකච්ඡුා වන පරිසරයක් වීමත් ආරූඪවීමේ තත්ත්වය ද නිරන්තරයෙන් දැකගත හැකිවීම සහ එවැනි බලපෑම් පිළිගැනීමට දැඩි කැමැත්තකින් පසුවන තත්ත්වයක්ද හඳුනාගත හැකිය.

 

(Suggestibility) ඔවුන් සමඟ සාකච්ඡුා කිරීමේ දී නිරන්තරයෙන් ප‍්‍රදේශවාසීන්ගේ ආරූඪවීමේ තත්ත්වය හඳුනාගත හැකිවිය. මෙහි හඳුනාගත හැකි වූ ආරූඪ තත්ත්වයන් විශේෂයෙන්ම මළගිය ප‍්‍රාණකාරයින්ගේ ආත්ම වූ අතර භූත, පේ‍්‍රත, දේවාත්ම, යක්‍ෂයින් වශයෙන් පැහැදිලි කළ චර්යා ද හඳුනාගත හැකි විය.


මෙසේ පුද්ගලයන්ගේ ආරූඪ වීමේ තත්ත්වය බටහිර මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විඝඨන ආබාධ (Dissociative Trance and Possession Desorder) ලෙස හඳුනාගත හැකිය. මෙවැනි තත්ත්වයන්හි දී ඔවුන්ගේ පරිසරය සමඟ ඇති සවිඥානික බව බිඳවැටීම (අප හා පරිසරය අතර පංචේන්ද්‍රියන් ඔස්සේ සංවේදන ලබාගැනීමත්, ඒවා නිවැරදි ලෙස විශ්ලේෂණය කිරීමත්) හඳුනාගත හැකිය. බොහෝ අවස්ථාවලදී හඳුනාගත හැකි ලක්‍ෂණ වන්නේ තමුන්ගේ ක‍්‍රියාකාරී චර්යා තමාට පාලනය කළ නොහැකිවීමයි.
මෙවැනි අවස්ථාවල දී පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ අතර තමාගේ පරිසරය පිළිබඳ ඇති අවබෝධය අඩුවීම හෝ නැතිවීම, තමා කවුදැයි තමාට හඳුනාගත නොහැකිවීම, තමාගේ මනඃකල්පිත ස්වභාවය හා යථාර්ථය හඳුනාගත නොහැකිවීම, කටහඬ වෙනස්වීම සහ වේදනා සඳහා තමන්ගේ ඇති සංවේදීතාවයන්ගේ වෙනස්කම් ද හඳුනාගත හැකිය.


බාල සහෝදරයා හා සම්බන්ධ විස්තරය සැලකීමේදී ඔහු මාස කිහිපයක් මේ ආරූඪවීම සහ අදෘශ්‍යමාන බලවේග පිළිබඳව නිරන්තරයෙන් කන වැකුණු අතර සහෝදරිය පැවසූ ආකාරයේම රූපයක් දෘශ්‍යමානවීම හඳුනාගත හැකිවිය. නමුත් දීර්ඝ ප‍්‍රශ්නකිරීම්වලදී හඳුනාගත හැකි වූයේ යථාර්ථවත් පැහැදිලි කිරීමක් ඔහුට සිදු කළ නොහැකි බවයි. එහි ආරූඪ වීමේ ලක්‍ෂණය ඉතාමත් සුළු වශයෙන් හඳුනාගත හැකි වූ අතර දෘෂ්ඨි මායාවක් ලෙස පැහැදිලි කිරීම (Illusion)  සාධාරණය.


මෙවැනිම තත්ත්ව ඔහුගේ පියා තුළ ද ළමාකාලයේ සිටම හඳුනාගත හැකි වූ අතර ඔවුන් පැහැදිලි කරන සමහර විස්තර සැලකීමේ දී ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදුන් ස්ථානවලදී (බටහිර මනෝ වෛද්‍ය විද්‍යාත්මක නොවන)  දුන් උපදෙස්වලටම අනුව චර්යාවන් වෙනස්වීමද (උදා: වත්තෙන් බාහිරට පැමිණි විට ආරූඪවීම) හඳුනාගත හැකි විය. මෙවැන් තත්ත්ව බටහිර මනෝවිද්‍යාත්මක මානසික රෝග මෙන්ම ගැටළු ලෙසද හඳුනාගත හැකි අතර එවැනි තත්ත්ව සඳහා විද්‍යාත්මක ප‍්‍රතිකාරවලට යොමුවීම හා යොමුකිරීමත් අප සියලූ දෙනාගේ සමාජ වගකීමකි.

m