2 BUP(SW)_Rasavitha---02-1

රුවන්ති කියලා කියන්නෙ පවුලෙ හිටපු එකම දරුවා. ඇගේ අම්මයි තාත්තයි දෙන්නම බැංකු නිලධාරීන්, ඒ නිසාම රුවන්තිට පොඩිකාලෙ ඉඳන්ම මිල මුදල්, සැප සම්පත්වලින් අඩුවක් තිබුණෙ නෑ. ඒ මොනතරම් මිල මුදල් තිබුණත් ඇයට මව්පියන්ගෙ සෙනෙහස ලැබුණෙ ඉතා අඩුවෙන්. ඒ ඇයගෙ මවුපියන්ගෙ රැකියාවෙ තිබුණු කාර්යබහුලත්වය නිසා.

 


රුවන්ති ඇත්තටම ලස්සන ගෑනු ළමයෙක්. ඇය පාසලේ සිටි දීප්තිමත් ශිෂ්‍යාවක්. පාසලේ කිසිම දෙයක් ඈ මඟහැරියෙ නෑ. හැමදේම වෙලාවට කිරීමට ඇයට හොඳ හැකියාවක් තිබුණා. ඒ නිසාම රුවන්තිට පාසලේ ගුරුවරුන්ගේ නොමද ප‍්‍රසංශාවට සහ ගුරුවරුන්ගේ ආදරය දිනාගැනීමට හැකි වුණා. ඇයගේ විභාගය තිබුණේ අගෝස්තු මාසෙ. ඒ නිසා ඇය මහන්සි වී වැඩ කළා. රුවන්ති සිහිනයෙන් පවා බලාපොරොත්තු වුණේ රජයේ ආයතනයක පරිපාලන නිලධාරියෙක් වීම.


දින සති කෙමෙන් කෙමෙන් ගෙවී ගියා. උසස්පෙළ විභාගය හමාර කළ රුවන්ති කාලය ගත කළේ තනිකමින් හා පාළුවෙන්. ඇගේ තනිකම ටිකක් හරි මැකුවේ ටසී. ටසී කියන්නේ රුවන්තිගේ බලූ පැටියා..


රුවන්ති ඇඳට වී පොතක් බලනවිටත් ටසී ඇඳ ළඟට වෙලා ඉන්නවා. ඇය යන හැම තැනකටම පස්සෙන් යාම ටසීගෙ සිරිතක්. ‘‘ටසී මට කොච්චර ආදරේද’’ ඇගේ සිත ඇතැම් විටක කල්පනා සයුරේ ගිලෙන්න වුණා. ඒසේ මාස 3, 4ක් නිවසට වී කල්ගත කළ රුවන්තිගේ උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන දවසත් උදාවුණා.


හදිසියේම ඇයගේ නිවසට දුරකතන ඇමතුමක් ආවා..


‘‘පුංචි නෝනා කෝල් එකක්’’


කල්පනා ලොවින් මිදුණු රුවන්ති වහා සාලය වෙත දිව ගියා. රුවන්ති උසස්පෙළ ඉහළින්ම සමත්ව ඇති බව ඇයට දැනගන්නට ලැබුණා. ඒ ඇයගේ මවගෙන්.. ඒ දැනගත් පසුව රුවන්තිට ඇති වුණේ පුදුමාකාර සතුටක්..


විභාගය ඉහළින්ම සමත්වුණු ඇයට ඇගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙනවා සේ දැනෙන්නට වුණා. එය ඇගේ මවුපියන්ට ද ඉතාමත් සතුටක් ගෙන දෙන්නක්. අනතුරුව ඇයට විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට වරම් ලැබුණා. ඒ වෙද්දී ඇය පසුවුණේ ඉතාමත් සතුටකින්.


රුවන්තිගෙ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වුණා. ඇය නවාතැන් ගත්තේ බෝඩිම් හවුස් එකක. බෝඩිම් ජීවිතය සහ විශ්ව විද්‍යාල ජීවිතය ඇගේ ජීවිතයට ලොකු වෙනසක් ගෙන දුන්නා.


දවසගානේ විශ්ව විද්‍යාලයට යාමට ඇය ගොඩක් ප‍්‍රිය කළා. එහි වූ සුන්දර බව විදින්න ඇය කැමැත්තක් දැක්වුවා. යාළුවන් සමඟ විනෝදයෙන් කල්ගත කිරීමත් ඇයගේ සිතට ගෙන දුන්නේ ලොකු සතුටක්.


මේ විදිහට ටික දවසක් ගතවෙද්දී රුවන්තිගෙ රූපයට විශ්ව විද්‍යාලයේ සිටි ගොඩක් දෙනෙක් කැමැත්තක් දැක්වුවා. ඇගේ ආදරය පැතුවා. ඒත් රුවන්ති කිසිඳු කෙනෙකුට කැමැත්තක් ප‍්‍රකාශ කළේ නෑ.


රුවන්තිගේ හොඳම යාළුවකු වූ ඉෂාන්ද ඇගේ ලස්සනට වශී වී සිටියා. ඔහුත් ඇගෙන් ආදරේ අයැද සිටියා.


ඉෂාන්ගේ පෞරුෂත්වයත් කඩවසම් බවටත් රුවන්ති බෙහෙවින් ඇලූම් කළා. එහෙත් ඇය ඔහුට ආදරය ප‍්‍රකාශ කළේ නැහැ.


දින සති එසේ ගෙවී ගොස් දෙදෙනාගෙම මේ සමීප බව ආදරයක් බවට පත්වුණා. දිනෙන් දින කාලය ගෙවී යද්දී ඔවුන් දෙදෙනාගේ ආදරේ ලියලා වැඩුණා. ඒ වෙද්දී විශ්ව විද්‍යාලයේත් දෙවන වසරේ අවසන් වාරය ගෙවිලයි තිබුණේ. රුවන්තිත්, ඉෂානුත් එකම විෂයන් හැදෑරූ නිසා ඔවුන් දෙදෙනා දේශනවලට සහභාගි වුණෙත්, පාඩම් කළෙත් එකට.. ඉෂාන් රුවන්තිට ගොඩක් ආදරේ කළා. ඇය ගැන හැමවිටම සොයා බැලූවා. ඇයටත් ඔහුගේ ඒ සොයාබැලීම රැුකවරණයක් වගේම හිතටත් ලොකු සහනයක් වුණා.


කුඩා කාලයේ ඉදන්ම මිල මුදල්, සැප සම්පත් බොහෝ සෙයින් භුක්ති වින්දත් මාපිය රැකවරණයක් නොමැතිව සිටි රුවන්තිට ඉෂාන්ගේ රැුකවරණය මහමෙරක් තරම් වුණා.


සරසවියේ අවුරුදු 4 ගෙවිලා ගියේ ඉතාම ඉක්මනින්. රුවන්තිත්, ඉෂානුත් මේ අවුරුදු හතරේ කාලසීමාවේ දී ගොඩක් සමීප වුණා. සරසවි දිවියෙන් සමුගත් දෙදෙනා ටික කලක් යද්දී බොහෝ සෙයින් වෑයම් කරලා නැවතත් රැුකියා ස්ථානයේදීත් එකටම හමුවුණා. එසේ කාර්යාලයේත් හොඳින් වැඩකරගෙන යද්දී කාර්යාලයේ සිටින එක්තරා පුද්ගලයෙක් ඔවුන්ගේ ආදර සම්බන්ධය ගැන රුවන්තිගේ පියාට පවසා තිබුණා.


අනතුරුව ඉෂාන් ගැන තොරතුරු විමසා බැලූ රුවන්තිගේ මව්පියන් ඉෂාන්ට කැමැත්තක් දැක්වූවේ නැහැ. ඒ ඉෂාන්ගේ කුලයේ තිබූ ප‍්‍රශ්නයක් නිසාවෙන්. ඔවුන්ගේ සම්බන්ධය නවතා දමන්නැයි ඇයගේ මවුපියන් පැවසුවා. නමුත් අවුරුදු හතරකුත් ඉක්මවා ගිය ඔවුන්ගේ ආදර සම්බන්ධය නතර කිරීම හිතාගන්නවත් බැරි දෙයක් වුණා. ඉෂාන්ව අමතක කරන්න තියා ඒ ගැන හිතන්නවත් බැරිතරමට රුවන්ති ඔහුට සමීපවෙලයි හිටියේ.


‘‘රුවන්ති මම ඔයාට අවසාන වතාවට කියන්නෙ, ඔය තියෙන සම්බන්ධය නතර කරන්න ඔයාට  ඕන අපිද? නැත්නම් අර කොල්ලද?’’


රුවන්ති ඇයගේ පියාගේ මුහුණ දෙසට එබුණා. ඔහුගේ මුහුණ කෝපයෙන්, ගින්නෙන් දැවෙනවා දුටු රුවන්තිගේ හිතට දැඩි බියක් දැනෙන්න වුණා.
අවුරුදු ගණනක් ආදරය කළ තමන්ගෙ පෙම්වතාව අමතක කරන්න කියද්දී ඇතිවෙන දුක මොනතරම්ද? ඇය මේ ගැන ගොඩක් කල්පනා කරන්න වුණා. ඇයගේ හදවත ගිනිගන්නාක් මෙන් දැවෙන්න වුණා. අතීත සැමරුම් ගිනි ජාලාවක් වෙලා ඉෂාන්ගෙ රුව මැවි මැවී පෙනෙන්න වුණා..


රුවන්තිට ඒ ගැන ඇතිවූයේ ලොකු දුකක්. ආගම්, ජාති, කුලභේද මැව්වේ කවුදැයි ඇය ඇගෙන්ම ප‍්‍රශ්න කළා. අම්මාත්, තාත්තාත් අතහැර දැමීමට ද නොහැකි වුණු ඇය ජීවත්වුණේ දෙළොවක් අතර. ඇය ගොඩක් අමාරුවෙන් අවසානයේදී තීරණයක් ගත්තා. මවුපියන්ගේ වුවමනාව මත ඉෂාන්ගෙන් වෙන්වීමට තීරණය කළා.


‘‘ඉෂාන් අපි මේ සම්බන්ධය නවත්වමු..’’ ඇය පැවසුවා.


‘‘ඔයා මේ මොනවද කියන්නෙ?’’ ඉෂාන් ඇසුවේ අවුල් වූ හිතකින්..


‘‘අපි මේ සම්බන්දෙ නතර කරන්න  ඕන ඉෂාන්.. අම්මයි තාත්තයි කැමති නෑ. ඒ ගොල්ලෝ මේ සම්බන්දෙට ගොඩක් විරුද්ධයි. එයාලා කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ. මම එයාලාගෙ හිත හදන්න පුළුවන් හැමදේම කළා. ඒත් පලක් වුණේ නෑ.’’


ඉෂාන් ඇයගේ මුහුණ දෙස බැලූවා. ඒත් රුවන්ති බිම බලාගත්තා. දෙනෙතින් වැටුණු කඳුළු බිදුවලින් ඇෙඟ් දෙනෙත් තෙත් වී තිබුණා.


රුවන්තිගේ මව්පියන් ඇයව නලින් නම් තරුණයාට විවාහකර දීමට කටයුතු සියල්ල සූදානම් කරලයි තිබුණේ. ඔහු ඉතා වැදගත් පවුලක තරුණයෙක්. වෘත්තියෙන් හමුදා ලූතිනන් කෙනෙක්. ඇත්තටම නලින් ගොඩක් හොඳ පුද්ගලයෙක්. ඒ්ත් රුවන්තිට ඔහු ගැන පැහැදීමක් ඇතිවුණේ නැහැ. ඒ ඇගේ සිත තාමත් ඉෂාන් ළඟ නිසා.


රුවන්ති වෙන කෙනෙකුට විවාහකර දෙන බව දැනගත් ඉෂාන්ට ඇතිවුණේ ලොකු දුකක්. ඔහු දවස මුළුල්ලේම මේ ගැන කල්පනා කළා. ඔහුට රුවන්තිගේ මතකය මෙනෙහි වුණා. ඒක හරියට චිත‍්‍රපටයක සිදුවීමක් වගේ. ඒත් මේ ඉෂාන්ගෙයි රුවන්තිගෙයි ජීවිතේ ඇත්තම කතාව.


හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ
නිමා වී යයි මේ වසන්තේ
යළිත් නොම ඒ කිසිදිනේ
ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...


ඉෂාන් ඒ ගීතය ශ‍්‍රවණය කරන්න වුණා. ඔහුටම නොදැනීම දෙනෙතේ කඳුළු කැට සටසට ගා වැටෙන්නට වුණා.


විවාහයෙන් පසුව රුවන්ති කාර්යාලයට ගියේ නෑ. ඒත් නලින් රුවන්තිට ගොඩක් ආදරේ කළා. ඇයට අවශ්‍ය හැමදේම ඔහු නොපැකිලිව ඉටු කළා. කාලය අවුරුදු දෙකක් ඉක්ම ගියේ ඔවුන්ටත් නොදැනීම. නලින්ට දාව රුවන්තිට දරුවෙක් ලැබුණා. ඒ කාලය වනවිට උතුරේ යුද ගිනිදැල් ඉතා භයංකර ලෙස ඇවිළී තිබුණා. නලින් ලූතිනන් කෙනෙක් නිසා උතුරේ සටන් මෙහෙවන්නට ඔහුට සිදුවුණා.


නලින්ගේ මව්පියන් සිටියෙත් රුවන්තිලාගේ නිවෙසෙමයි. නලින් සෑම මසකම නිවෙසට මුදල් එව්වා. යුද්ධය නිසා ඔහුට ගෙදර එන්න ලැබුණේ කලාතුරකින්.


යුද ගැටුම් දරුණුවටම පැවතුණා. එහිදී නලින්ට ද වෙඩි වැදුණා. ඉන් අනතුරුව ඔහුට ජීවත්වීමට හැකිවුණේ නැහැ. නලින් මෙලොව අතහැරදා ගිය පසු රුවන්ති තනිවුණා. ඇයට දැනුණෙ ලොකු පාළුවක්, තනිකමක්.. ඒත් ඒ දුක තිබුණෙ ටික කාලයක් විතරයි. නලින් හමුදාවෙ ඉහළ තනතුරක් දැරූ නිසා ඇයට ලොකු වන්දියක් ලැබුණා.


දරුවාගේ වැඩපලවලටත්, ගෙදර වැඩවලටත් ඒ මුදල් ඉතා ප‍්‍රමාණවත් වුණා. ඇය ඒ මුදල්වලින් තමන්ට අවශ්‍ය හැමදේම කළා. හොඳට විනෝද වුණා. ගමන් බිමන් ගියා.


නලින්ගේ මව්පියන්ට සැලකීමටත් ඇය අතපසු කළා. ඒ හැමදේම මඟහැරියා. ඔවුන්ට හරියට කන්න බොන්නවත් දුන්නෙ නැහැ. මැරුණු සැමියා වෙනුවෙන් පිං දෙන්නවත් ඇයට අවශ්‍ය වුණේ නැහැ.


කොච්චර හොඳින් ඉගෙනගත්තත් අවසානයේ ඇය මේ විදිහට හැසිරුණේ ඇයි? මේ කතාවේ හැටියට ඉෂාන්ගේත්, රුවන්තිගේත්, නලින්ගේත් වරදක් ලෙස මෙය කියන්න පුළුවන්. ඒත් කුලය ගැන හිතලා, එහෙමත් නැතිනම් මිනිසුන්ගේ ජීවිත පැවැත්මට බලපාන්නෙ නැති වෙනත් බාහිර සාධකයක් ගැන හිතලා දෙදෙනෙකුගෙ ආදරය විනාශ කර දැමීම වරදක් නේද? ඒ නිසා ජීවිත කීයක් නම් අඳුරට වැටෙන්න පුළුවන්ද?

 

m