IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


නිර්මාණය ජීවන දායාදයක්ද?

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ලියන ලද නිර්මාණ කෘති පහක් පිළිබඳ සංවාදයක් ඉකුත් 10 වැනි බදාදා පස්වරු 4 සිට 6 දක්වා කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්  රචනා කොට දයාවංශ ජයකොඩි සමාගමෙන් ප‍්‍රකාශිත දඟර කරප්පුව නවකතාව, සීතා මහේන්ද්‍ර  ලියා ඇස්. ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස එළිදුටු සමුගත් සුහදිනිය සංග‍්‍රහය. ආචාර්ය විදුර මහේන්ද්‍රගේ රයිස් ඔෆ්ද විදර්ඞ් ෆ්ලවර් ඉංග‍්‍රීසි කාව්‍ය සංග‍්‍රහය, දයාවංශ ජයකොඩි සමාගමෙන් ප‍්‍රකාශිත වෛද්‍ය රවිඳු මහේන්ද්‍රගේ දිවි ඉමි නිම්නය කෙටිකතා සංග‍්‍රහය හා සචිත‍්‍ර මහේන්ද්‍රගේ සරසවි ප‍්‍රකාශයක් ලෙස පළ කළ දිදුලන දුහුවිල්ල නවකතාව ඇතුළු කෘති පහ පිළිබඳව මෙහිදී කතිකාවතක යෙදිණි. ”නිර්මාණය ජීවන දායාදයක්ද” යන මැයෙන් පවත්වන ලද මෙම සංවාදය සුහද විද්වත් කතිකාවතක ස්වරූපයෙන් පැවැති අතර තම නිර්මාණවල රස පාඨකයා සමඟ බෙදා හදා ගැනීමට සූදානම් කර තිබූ සුවිශේෂී අවස්ථාවක්ද විය. කතිකාවත මෙහෙයවීමේ වගකීම ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර හා වෛද්‍ය චන්දිමා ගුණවර්ධන හිමිකරෙගන සිටියහ. එකම පවුලේ පොත් පහක් එළිදකින විරල අවස්ථාව හා ලංකාවේ මෙවැනි කතිකාවතක් සංවිධාන කෙරුණු මුල්ම අවස්ථාව මෙය වූ අතර මෙම සාකච්ඡුාවේ මුඛ්‍ය අරමුණ වූයේ නිර්මාණය ජීවන දායාදයක්ද යන්න තහවුරු කිරීම සඳහා සංවාදයේ යෙදීමයි. මීට අමතරව පාඨකයා සමඟ අදහස් හුවමාරු කරගැනීමද නව අරමුණක් විය. සංවාදය ආරම්භ කරමින් ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර මහතා මෙසේ පැවසීය. අප පස් පව් පංචේන්ද්‍රියන් පංචකර්ම හා භූත, පංච මහා විල් ගැන කොතෙකුත් කතා අසා තිබෙනවා. නමුත් එකම පවුලක පොත් පහක් එළිදැක්වීමේ මෙවන් විරල මොහොතකට කවුරුත් සහභාගී වී නැතිව ඇති. මෙය පොත් පහක් එළිදැක්වීමක් පමණක්ම නොවේ. එකම පවුලක පොත් පහක් පිළිබඳ කතිකාවතකට සම්බන්ධ වීමට ලැබීම තමයි මෙහි ඇති විශේෂත්වය. මෙම භාග්‍ය සම්පන්න අවස්ථාවට සහභාගී වීමට ලැබුණු අප හැමෝම වාසනාවන්තයි. මහේන්ද්‍ර පවුල ගත්තොත් ශූරතා ලබා තිබෙනවා හැම පැත්තෙන්ම. මෙයත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. මේ අවස්ථාව තුළ  ඕනෑම පාඨකයකුට මේ නිර්මාණ පහ පිළිබඳවම විවෘතම තම අදහස් පළකළ හැකියි. මෙය සුහද සංවාදයක්. ඒ කාලේ අප ගුවන් විදුලියෙන් සුනන්ද මහේන්ද්‍රයන්ගේ නම ඇසුවා දැන් වගේ නෙවෙයි ඒ කාලේ අපේ ගෙවල්වල පොත් පත් සඟරා පිරිලා තිබුණා. අප ඒවා එකතු කළා. ආසාවෙන් අතපත ගෑවා. කවියෙක්, කෙටිකතාකරුවෙක්. විශ්වවිද්‍යාල ආචාර්ය වරයකු වූ සුනන්ද මහේන්ද්‍රයන්ගේ පොත පතුත් අප ඉතා ආසාවෙන් එකතු කළා. පෙරදිග ක‍්‍රමයට අනුව අප කියනවා ප‍්‍රතිභාව කියලා. එහෙම නැතිනම් උපන්ගෙයි හැකියාව කියලා. මට හිතෙනවා මේ සුනන්ද මහේන්ද්‍ර පවුලේ හැම දෙනාටම මේ හැකියාව ලැබුණේ ජීවන දායාදයක් ලෙසින්ද කියලා. දඟර තරප්පුව නවකතාවේ අත්පිටපතයි මට මුලින්ම කියවන්න ලැබුණේ.   ඇත්තටම මේ නවකතාව මට කියවන්නට ලැබුණු විශිෂ්ට ගණයේ කෘතියක්. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  මේ පොත මා ඉතා වෙහෙසිලා ලියපු පොතක්. කියවපු අයගෙන් මට දැනගන්නට ලැබුණා. ඒ අය බොහොම අභිරුචියෙන් මෙය කියවපු බව. මෙය මගේ සැබෑ ජීවන අත්දැකීමක් ප‍්‍රතිනිර්මාණය කිරීමක් ලෙස දක්වන්න පුළුවන්. මෙය මගේ සම්පූර්ණ අත්දැකීම නොවුනත් මා විඳපු දේ පරිකල්පනය සමඟ මුසු වී මේ කෘතිය ලියවුණා. මෙහි ජවනිකා මවන්නට මගේ අත්දැකීම් මට ගොඩක් ඉවහල් වුණා. ආචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර  මට හිතෙන්නේ ඔබ නවකතාවට යොදා ගත් දඟර තරප්පුව කියන නමත් අපූරු සංකේතාත්මක යෙදුමක් බවයි. මෙහි කිසියම් දෙයක් සඟවා කියන්න ඔබ උත්සාහ දරා තිබෙනවා නේද? මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර    මෙය අපට අර්ථ දෙකකින් සළකා බැලිය හැකියි. අපේ ඉගැන්වීම්වල තිබෙනවා පඹගාල කියලා වචනයක්. ඒවා අපට පැටලෙන තැන්. අපේ ගෙවල්වල පරණ දඟර තරප්පු තිබෙනවා. අපේ නිවසක මා කැමැති දඟර තරප්පුවක් තිබුණා. එහි යන විට විඳින සුවය කියා නිම කරන්න බැහැ. කෑම කන්න එන්න, උඩු මහලට යන්න කියන කොට අපි ඉතා සතුටින් එහි ගමන් කළේ. අපි යන්නේ සාමාන්‍ය පඩිපෙළක නෙවෙයි. දඟර තරප්පුවක. මෙය ලෝකයේ  ඕනෑම තැනක තිබෙන දෙයක්. අපට වුවමනා නම් මැද නැවතිය හැකියි. සමහර විට දඟර තරප්පුවෙන් වැටී මැරුණු අයත් ඉන්නවා. තුලනාත්මක සාහිත්‍ය අධ්‍යානය කරන මහාචාර්යවරු කිහිප දෙනෙක් ලියුම් එවා තිබෙනවා නවකතාව අවසානයේ එන දඟර තරප්පුව කඩාවැටීම හොඳ සංකේතයක් බව. අපේ ජීවිතය කඩාවැටීම එයින් කියවෙන බව ඔවුන්ගේ අදහසයි. වෛද්‍ය චන්දිමා විජේගුණවර්ධන  සීතා මහේන්ද්‍රගේ සමුගත් සුහදිනිය කෙටිකතා සංග‍්‍රහයේ මා ඉතා ප‍්‍රියකරන සුන්දර කෙටි කතාවක් තමයි පුතාගේ නිබන්ධනය නැමැති කතාව. එහි බහුතරයක් කෙටිකතා ඉතාම සාර්ථක නිර්මාණ. සීතා මහේන්ද්‍ර කිවුවාම අපට මතක් වන්නේ ඉතා විශිෂ්ට පරිවර්තන ලේඛිකාවක්. මෙය ඇගේ ප‍්‍රථම ස්වත‍්‍රන්ත‍්‍ර/ නිර්මාණය විදියට ඇය ඉතාම සාර්ථකයි. මම හැමෝගෙන්ම ඉල්ලනවා මේ පොත කියවන ලෙස. ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර  මග තොට යන විට මේ ධර්ම රාජ්‍යයයි, බුදුන්ගේ දේශයයි යනුවෙන් සඳහන් වැකි අපට හමු වෙනවා. මෙම කතා එකතුවේ තිබෙනවා අප බෞද්ධයන්ද දැඩි  පරීක්‍ෂා කරන කෙටි කතාවක්. ගෘහනියක ලෙස අම්මා කෙනෙක් ලෙස, විශ්වවිද්‍යාල සැමියකුගේ බිරිඳක ලෙස කොහොමද ඔබේ සිතේ ඇතිවුණු කම්පාවන් ප‍්‍රතිනිර්මාණය කළේ. ලේඛිකා සීතා මහේන්ද්‍ර  අපේ පවුල ගොඩක් කාර්ය බහුලයි. වගකීම් වැඩියි. අප නිතරම කතා කරන්නේ පොත් පත් ගැන. කියැවීම ගැන. අපේ වෙනම දවසක් තියෙනවා පොත්පත් ගැන කතා කරන. ඒ අතර තුර ගෙදර වැඩත් කළා. ඉතා සුළු විවේකයක් ලැබුණත් එයින් ප‍්‍රයෝජන ගෙන නිර්මාණකරණයේ නිරතවී සතුටක් ලැබුවා. ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර  අද මවුපියන් සහ දරුවන් අතර සංවාදයක් නැහැ. නමුත් මහේන්ද්‍ර පවුල තුළ ආදරය කරන කාලයේ වගේම ඉන් පසුවත් සාකච්ඡුාව කියන එක ඉදිරියට ගෙනවිත් තිබෙන බව පේනවා. අපේ දරුවන් සමාජානුයෝජනයේදී පොත් පත් හරි වැදගත්. අප ද්වි භාෂාව දන්නේ නැති වීම මත පොළොවෙන් ලැබෙන හරය අපට නොලැබී ගිහින් තියෙනවා. වෛද්‍ය චන්දිමා විජේගුණවර්ධන  අපි සර් කියන දේ අහගෙන ඉන්න  ඕන. සමහර විට අපෙනුත් සර් ප‍්‍රශ්න අහනවා. ඒ නිසා ගෙදරට යන එන අයත් අමාරුවේ වැටෙනවා. වෛද්‍ය රවිඳු මහේන්ද්‍ර  අද අයියට හදිසි කටයුත්තක් නිසා මේ සංවාදයට වන්නට බැරි වුණා. අයියාගේ කෘතිය වෙනුවෙන් මා කතා කරන්නේ. මේ ඉංග‍්‍රීසි කවි පොතේ එන කවි පරිවර්තනය කරන්න මම සූදානම් වන්නේ නැහැ. මොකද කවි කියන්නේ අමුතු භාෂාවක්. එහෙම වුණොත් අයියාගේ කවි වලට සාධාරණ ඉෂ්ඨ වන්නේ නැහැ. සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යවරයා  නිර්මාණය ජීවන දායාදයක්ද? යන මැයෙන් අපූරු ලිපියක් ලේඛකයෙක් ලියලා තිබුණා. එම ලේඛකයාටම ආරාධනා කරනවා ඒ සම්බන්ධව මේ සභාවට අදහස් ඉදිරිපත් කරන ලෙස. ලේඛක දයා දිසානායක  පවුලේ හැමෝටම කොහොමද මෙහෙම නිර්මාණ ශක්තියක් එන්නේ.? එය අම්මාගෙන් එන්න  ඕනේ. එහෙම නැතිනම් තාත්තාගෙන් එන්න  ඕනේ. සංස්කෘතිය කෙනෙකුගෙන් තව කෙනෙකුට දායාද වෙන්න පුළුවන්. ජාන වගේම අදහස් කියන දේත් මොළයකින් තවත් මොළයකට පනින්න පුළුවන්. මෙය පුදුමවෙන්න දෙයක් නොවෙයි. අප පුදුම විය යුත්තේ මේ වගේ තවත් පවුල් බිහි වෙලා නැති එක ගැනයි. ප‍්‍රවීණ කලාකරු සඳුන් විජේසිරි  ඉකුත් සතියක ලංකාදීප පුවත් පතේ විමංසා අතිරේකයේ අනුලාද සිල්වා සමඟ සිදු කළ සාකච්ඡුාවකදී කියලා තිබුණා ඉන්දියානු සමාජය් භාර්යාව නිර්මාණ කළාට පස්සේ ඒවා ගිනි තියපු ස්වාමිවරුන් ගැන. ඒ වගේ දෙයක් මහාචාර්ය වරයා අතින් වුණා නම් අද සීතා මහේන්ද්‍ර කියලා කෙනෙක් නැහැ. ෂේක්ස්පියර්ටත් නැගණියක් සිටියා කියලා තිබුණාට ඒ ගැන කිසිම සඳහනක් නැහැ කියලා එම සාකච්ඡුාවේ තිබුණා. අපි ඒ කාලේ පොකුරු වැස්ස නාට්‍ය අරගෙන යන කොට ඒක රස ගුහාවක්. අද මේ පවුලට සාහිත්‍ය නිර්මාණ කටයුතුවල යෙදෙන්න මේ පවුලට වනස්පති රුකක් වගේ මහාචාර්යවරයා සෙවණ දුන්නා. ජීවය දුන්නා. වෛද්‍ය රවිඳු මහේන්ද්‍ර  මගේ කෙටිකතා පොතේ තිබෙන නමින් එකම කෙටි කතාවක්වත් නැහැ. නමුත් මෙහි සියලූ කෙටිකතා පොතේ නමට අදාළයි. දශක දෙකක් පුරා මේ සැරිසරන ගමනේ මම බොහෝ දේ ඉගෙන ගත්තා. අපේ මිනිසුන්ගේ තැලිච්ච ජීවිතවල කතාන්දරය තමයි මේ කෙටිකතාවල ගැබ්වී තිබෙන්නේ. කතාවට පුද්ගලාරෝපණය උපරිම වශයෙන් භාවිත වුණු අවස්ථාවක් හැටියට දක්වන්න පුළුවන්. මාධ්‍යවේදී සචිත‍්‍ර මහේන්ද්‍ර: මම වැඩිපුරම කතා කරන්න කැමැති මගේ අයියගේ කෘතිය ගැන. එයා වැඩිය පොත් කියවන කෙනෙක් නෙවෙයි. නමුත් කියවන පොත් කීපයෙන් උපරිම සාරය ගන්නවා. යහළුවෙක් හැටියට ගුරුවරයෙක් හැටියට මම ඔහුත් එක්ක පැය ගණනක් කතා කරනවා. එයාගේ සාහිත්‍ය පෝෂණය වෙන්න බලපෑවේ පොත පතට වඩා මේ මහ පොළව බවයි මගේ හැඟීම. ගස්වැල් සත්තු එක්ක එයා කතා කරනවා. එයා කියවපු පොළොවෙන් තමයි ඒ වචන එන්නේ. මගේ දිදුලන දුහුවිල්ල නවකතාව ගන්තොත් කෙනෙකුට මෙහි නම පිළිබඳ ගැටලූවක් ඇති වෙන්න පුළුවන්. කොහොමද දුහුවිල්ල දිදුලන්නේ. අපේ සාම්ප‍්‍රදාය එක සමාන කරන්නේ කෙලෙස්වලට. අයහපත් ගතිගුණ වලට. මේවා අපිට පොඩි කාලේ ඉඳලා කියා දෙන්නේ නැතිකර ගන්නේ කොහොමද කියන එක ගැන. දුහුවිල්ල ඇඟට හිතකර නැහැ. නමුත් දිලිසෙන නිසා අපි හරි ආසයි. මෙය එය ඉවත් කරන්න හදන පුද්ගලයකුගේ චරිතාපදානයක්. මේ කතාව ලියන්නේ දේවතාවියක්. මාධ්‍යවේදී එඞ්වින් ආරියදාස  කාලාන්තරයක් තිස්සේ මම බොහෝ සම්මන්ත‍්‍රණ වලට සහභාගී වෙලා තියෙනවා. නමුත් මෙවැනි සම්මන්ත‍්‍රණයකට සහභාගී වී නැහැ. මට හිතෙනවා පවුලේ අයට කොච්චර දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා මගේ පැරණි යාළුවෙක්. අපි හමුවුණු මුල් දවස්වල මෙතුමාගේ හිස කෙස් ඔයිට වඩා තිබුණා. අපි දෙන්නාගේ අන්‍යොන්‍ය මිත‍්‍රත්වය වඩා වර්ධනය වුණේ ඊඊක්‍ ආයතනයේ රැුකියාව කරන අවදියේ. අපි දෙන්නා එකතුව කරපු මාධ්‍ය කටයුතු ප‍්‍රායෝගික වෘත්තීය පුහුණු පාඨමාලා. නාට්‍ය පාඨමාලා ඉතා සාර්ථක වුණා. මම සුනන්ද මහේන්ද්‍රයන්ගේ දකින එක දෙයක් තමයි ආක‍්‍රමශණීලී ලෙස අදහස් පළ කිරීම. ස්වාදර්ශනය පළ කරනවා. තමන් නිර්මාණ කරන අතරතුර පවුලේ අයටත් ලබාදෙන අවස්ථාව හරි වටිනවා. මේ හරහා මගේ විශ්වාසයක් තිබෙනවා පවුලේ නිර්මාණ බිහිකිරීම සම්බන්ධ නව ප‍්‍රවණතාවක් ඇති වෙයි. සාමූහිකව නිර්මාණ බිහි කරන යුගයක් ඒවි. මහාචාර්යතුමා අපට වැදගත්වන චරිත පහක් පිළිබඳ සඳහන් කළා. වාසනාවකට ඒ හැමෝම අපේ ගමට කිට්ටුවෙන් සිටින අය. ඒ මා සලකන්නේ ගමට ලැබුණු ගෞරවයක් ලෙසයි. අප හැම මොහොතෙම අතීත කාමයට තමයි තැන දෙන්නේ. මේ සඳහන් කළ චරිත පහම එහෙමයි. මෙම සංවාදය අතරතුර මහේන්ද්‍ර පවුලට විවිධ ආකාරයෙන් උදවු උපකාර කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට සහ අක්‍ෂි වෛද්‍ය විශේෂඥ සී.ඒ.බී. මකුලොලූව මහතාට විශේෂ සම්මාන දෙකක් පිරිනමනු ලැබූ අතර සෝභිත හිමියන්ට හිමි සම්මාන නාග විහාරයට ගෙන ගොස් බාරදෙන බවට අනාවරණය විය. සංවාදය පෝෂණය කිරීම සඳහා පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා එවන ලද කෙටි ලිපියක් කිවියර බුද්ධදාය ගලප්පත්ති මහතා විසින් කියවන ලදී. ඡුායාරූප   ජයමාල් චන්ද්‍රසිරි වමේ සිට පිළිවෙළින්  සචිත‍්‍ර මහේන්ද්‍ර, වෛද්‍ය රවිදු මහේන්ද්‍ර, ලේඛිකා සීතා මහේන්ද්‍ර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය ප‍්‍රනීත් අභයසුන්දර සහ වෛද්‍ය චන්දිමා විජේගුණවර්ධන සංවාදයට එක්වී සිටි අයුරු



අදහස් (0)

නිර්මාණය ජීවන දායාදයක්ද?

රංජිත් කුලසිංහ Wednesday, 24 August 2011 09:19 PM

එක් එක් කලා ශිල්පීන්ගේ හැකියාව විවිධයි. ඔවුන් සියලු දේ සොයා ගන්නේ ඔහු ජීවත්වන පරිසරයෙන්. විශ්වය හා සිත අතර පවතින සංනිවේදනය නිසයි නව නිර්මාණ බිහි වන්නේ. එවා අයිති ඔහුට නොවේ. ලොවටයි.

:       0       0

උදාරත් Tuesday, 21 October 2014 06:02 AM

කලා නිර්මාණ අමරණීයයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 21 0

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


කමිටු නිර්දේශ කුණුකූඩෙට දමන්නේ ඇයි?
2025 මාර්තු මස 15 170 0

රජයේ ආයතන කිහිපයක සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේ දී) හෙළි


මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියාවේ ඇත්ත නැත්ත
2025 මාර්තු මස 14 3125 4

මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 678 2

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ඉන්දියානු තඹ සමාගමත් ලංකාව හැර යන ලකුණු!
2025 මාර්තු මස 13 2552 3

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත


දිළින්දන් නොවී ආධ්‍යාත්මික සාර්ථකත්වය ලබමු
2025 මාර්තු මස 13 171 1

දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 342 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 799 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 304 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site