ඍජු නායකත්වය, ඍජු තීරණ රටකට අතිශය වැදගත්ය. දේශපාලනික වේවා, වෙනයම් ආයතනයක හෝ වේවා එකී ආයතනවල සාර්ථකත්වය රඳා පවතින්නේ නායකත්වය මතය. එනිසා නායකත්වය අතිශය වැදගත්ය. දේශපාලනික නායකත්වයක් වූවත් ආයතනික මට්ටමේ නායකත්වයක් වූවත් එහි වැදගත්කම රඳා පවතින්නේ ඍජු තීරණ ගැනීම මතය. ඍජු තීරණ ගැනීමට අවශ්‍ය දැනුමද මේ නායකත්වය ලබාගෙන තිබිය යුතුය.
එම දැනුම සාකච්ඡා ආදියෙන් ලබන්නට පුළුවන. එසේ ඍජු තීරණයකට එළැඹි පසු එය ක්‍රියාවට නැංවීමද එක සේ වැදගත්ය. ගෙන ඇත්තේ වැනෙන සුළු තීරණයක් නොවන බවත් අදාළ නායකත්වය දිගටම එම තීරණය ඉදිරියට ගෙනයන බවත් එකී තීරණය ක්‍රියාත්මක කරන අයටද අවබෝධ විය යුතුය.
නායකයා ගත් තීරණය රට වෙනුවෙන් සුබවාදී එකක් බව අන් අයට ඒත්තු ගැන්වීමට නායකත්වයට හැකි විය යුතුය. එසේ වටහා දීමෙන් පසුව රටට හිතැති තීරණය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අදාළ නිලධාරී පැළැන්තියට තිබීමද අවශ්‍යය. ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වී එය පහළම ස්ථරය දක්වා ගමන් කරන්නේ එම හැකියාව තිබුණහොත් පමණි.
මේ සමඟ බැඳී ඇති අනෙක් වැදගත් සාධකය වන්නේ කැපවීමය. කැපවීම ඇතිවන්නේ තමන්ගේ ආකල්ප අනුවය. එනිසා හරි ආකල්පයක් ඇතිව ක්‍රියාත්මක වීම රටක් ඉදිරියට යාමේ මූලික පදනම වශයෙන් හඳුනාගන්නට පුළුවන. හරි ආකල්ප ඇති කිරීම කැපවීමක් ඇති කිරීම, කාර්යක්‍ෂමතාව යනාදී සියල්ල රඳා පවතින්නේ නායකත්වය මතය.
කෙනෙක් යමක් කියූ පමණින් එය ක්‍රියාත්මක වීමක් වන්නේ නැත. තමන් හරි ආකල්ප මත පිහිටා කැපවීමෙන් රට වෙනුවෙන් කටයුතු කරන බව නායකත්වය ප්‍රායෝගිකව පෙන්නුම් කළ යුතුය. එසේ නොවන තැනක ඉදිරිගාමීත්වයක් අපේක්‍ෂා කළ නොහැක.
රටක් හැටියට ඉදිරියට යන්නේ කෙසේ දැයි හරි අවබෝධයක් ලබා තිබීමද වැදගත් කරුණකි. කරන්නන් වාලේ යම් යම් දේ සිදුවීම බොහෝ විට දක්නට ලැබෙන ලක්‍ෂණයකි. ඒ සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම්ය. යුද්ධය ඉන් එකකි. විවිධ අය නොයෙක් කාලවකවානුවල යුද්ධය කළ බව සැබෑය. තීරණ ගැනීමේ වෙනස මේ උදාහරණයෙන් වටහා ගන්නට පුළුවන. හමුදාමය තීරණයක් ගන්නවාද නැතිනම් සාකච්ඡාමය විසඳුමකට යනවාද කියන කරුණ සම්බන්ධව නායකත්වය දෙගිඩියාවෙන් සිටින විට එය පහළම මට්ටමටද ගලායාම වැළැක්විය නොහැක.
හමුදාමය තීරණ බොහෝ නායකයන් ගත් බව අපි දනිමු. එහෙත් එම තීරණය නිසිලෙස පහළම ස්ථරයට ගමන් කළාද යන ප්‍රශ්නය තිබුණි. ගන්නා තීරණය නිවැරැදිව පහළට ගමන් නොකර දෙගිඩියාවක් ඇති වූවොත් අපේක්‍ෂිත අරමුණට ළඟාවීමට හැකිවන්නේ නැත. විශේෂයෙන්ම මෙහිදී නායකත්වය ආදර්ශය දිය යුතුය.
ඍජු තීරණයක් ගෙන තිබේ නම් ඒ අනුව කටයුතු කරනවා විනා දෙපැත්තකට ගමන් කළ නොහැක. එකම අරමුණක් කරා සියලු දෙනා පෙළ ගැසිය යුතුය. ඒ අනුව බලන විට ඍජු තීරණ නොගැනීම කළ බලපෑම අපේ ඉතිහාසයෙන්ම පැහැදිලිය. ඍජු තීරණ, විශ්වාසවන්තව, කැපවීමෙන්, ධෛර්යවන්තව කටයුතු කරන සහ කරවන ආකාරය යුද්ධයෙන් සමාජයට ගත හැකි ආදර්ශයයි.
ධෛර්ය සම්පන්නව, විශ්වාසවන්තව කටයුතු කිරීම කුමන අංශයකදී වුවද වැදගත්ය. විශේෂයෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට මේ කාරණා ගළපා ගැනීම ඉදිරි ගමනට ශක්තිමත් පදනමකි. යම් කරුණකට හමුදාව පැත්තෙන් උදාහරණයක් ගන්නා විට විවිධ විවේචන තිබේ. හමුදාකරණය යනාදී චෝදනා නැගෙනු ඇත. එහෙත් වැදගත් වන්නේ ඒවා නොවේ. ගත යුතු පාඩම්ය.
ලබත හැකි අත්දැකීම්ය. කුමන සැලසුම් හැදුවත් කවරාකාර සිහින මැව්වත් ඒවා ප්‍රතිඵල වශයෙන් භූමියේ ඇති නොවන්නේ නම් එම සැලසුම් හෝ සිහිනවලින් ඵලක් නැත. එනිසා හොඳ සැලසුම් තිබිය යුතුය. සිහිනත් මැවිය යුතුය. ඍජු තීරණත් අවශ්‍යය. මේ සියල්ලටම වඩා ඒවා ක්‍රියාත්මක වීම වුවමනාය. යමක් කරනවිට එය ප්‍රායෝගිකව ජනයාට දැනෙන්නේ නැති නම් එයින් ඇති ප්‍රයෝජනයක් නැත. වැදගත්ම කොටස වන්නේ එයයි.
ක්‍රියාත්මක කිරීමේ කොටස නිසිලෙස සකසා ගන්නේ කෙසේදැයි බැලිය යුත්තේ මේ නිසාය. අවශ්‍ය දැනුම, පුහුණුව ලබාදීම ආදිය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ යුතුය. සංවර්ධනය නිතර කතාකරන මාතෘකාවකි. ආයෝජන එහි උප මාතෘකාවකි. ආයෝජන ගෙනැවිත් රැකියා උත්පාදනය බොහෝ දෙනාගේ අරමුණකි. එහෙත් ආයෝජන ගෙනැවිත් රැකියා බිහිකළ පසු ආයෝජකයාට අවශ්‍ය, සුදුසු පුද්ගලයන් නැති නම් සිදුවන්නේ කුමක්ද? අවශ්‍ය වෘත්තීමය හැකියාව නැති නම් සිදුවන්නේ කුමක්ද? මේවා අවධානයට ගත යුතු කාරණාය.
සියල්ලේ අවසාන ඉලක්කය ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙන ඒමය. ඉහළ මට්ටමක වේතනයක් ලබන්න නම් ඒ තැනට යාහැකි වෘත්තීය මට්ටම දියුණු කර තිබිය යුතුය. යමක් ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වන්නේ මේ කරුණුය. සැලසුම් සකස් කිරීමේදී මේ සෑම සාධකයක් දෙසම බැලීම අවශ්‍යය. ආයෝජකයන් ගෙනෙන බව, රැකියා බිහිකරන බව කියන්නට පුළුවන. අවශ්‍ය වන්නේ වචන නොවේ. ප්‍රායෝගිකත්වයයි. දැනටමත් මේ ප්‍රශ්නය මතුව තිබේ.
මෙය සෑම අංශයකටම පොදු සාධකයක් ලෙස වර්ධනය වෙමින් තිබේ. එයට හේතුව ඍජු තීරණ ගෙන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමය. මෙකී දුර්වලතාව මඟහරවා නොගෙන රටක් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේද යන ප්‍රශ්නය සමාජය හමුවේ ඇති බව අමතක නොකළ යුතු කරුණකි.
| සටහන - චමින්ද මුණසිංහ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් වටින අවවාදයක්...
ඍජු තීරණයක් නොවේ... වටින්නේ නිවැරදි තීරණයක්. ඒකට ටිකක් කල් ගියාට කමක් නැහැ.
ඉතාමත් හරවත් ලිපියක්.. මෙතුමාගේ කැපවීම සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම්.. දියවන්නාව අසල සිදුකළ සංවර්ධන ව්‍යාපෘති වලදී උදෑසන 6 වෙනකොට මෙතුමා ඒවා නිරීක්ෂණය කරන්න පැමිණෙනවා. මම දින කීපයක්ම දැක තිබෙනවා.. එහෙම නායකයෝ ඉතාමත් විරලයි..
මෙන්න මිනිස්සු...
ඍජු තීරණ ගන්න, කියන එක අහන්නේ නැතිනම් කෙලින්ම මෝරුන්ට දාන්න, එතකොට සියලුදෙනා තීරණ වලට යටත්ව වැඩ කරාවි.
කෙලින් හිටගන්න බැරි යහපාලකයෝ කොහොමද මැතිඳුනි වැනෙන්නේ නැතිව තීරණ ගන්නේ? ඔබතුමාලාගේ ඕනෙම දේකටත් යහපාලකයින් වැනෙනවා. යුද්ධය පවතින වෙලාවේ ඔබතුමන්ලා වැනෙන්නේ නැතිව ගත් තීරණ වලට සිංහල ජාතියම ණය ගැති... ළමයිනි, තීරණ ගන්න හැටි මෙතුමන්ලාගෙන් ඉගෙන ගන්න..
මාතලේදී "වැනෙන්නේ නැතුව ගත්තු තනි තීරණවල" ඇටකටු දැන් අත්තිවාරම් හාරද්දී මතුවෙනවා.
කවුරු මොන මොන මතිමතාන්තර වල එල්බ ගෙන සිටියත්, කුමන දෘෂ්ටියකින් බැලුවත්, මොන විදිහට විවේචනය කළත්, කුමන මිනුම් දණ්ඩකින් මැන්නත්, ශාපේක්ෂව...මෑත යුගයේ බිහිවී සිටින ඍජු, දක්ෂ, මනාකොට වූ තීක්ෂණයෙන් හෙබි දූරදර්ශි බලාපොරොත්තු තැබිය හැකි නායකයෙකි. හර බර වැදගත් ලිපියක්. ජයශ්‍රී !!!
ලංකාවේ නියම ආරක්ෂකයා ඔබතුමායි...
මාතලේදී ගත්ත තීරණත් වැනෙන්නේ නැතිව ගත් ගතයුතු තීරණ. එතන විතරක් නොවෙයි බන්ධනාගාරය සම්බන්දවත්, ඕල්කොට් මාවතේ අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම, ත්‍රස්තවාදය ඉවත් කිරීම වගේ වැනෙන්නේ නැතිව ගත්තීරණ බොහෝමයි. මේ නියම පාලකයෝ. කඩුව බටේ තියාගෙන වනන අය නොවෙයි. මෙවැනි පුද්ගලයින් සමග වැඩකිරීමට ලැබීමත් වාසනාවක්... ගත්ත තීරණය හරිද වැරදිද කියන එක නොවෙයි ප්‍රශ්නය. වැනෙන්නේ නැතිව තීරණ ගැනීමේ හැකියාවයි. ට්‍රම්ප් මහතා වගේ...
Sirimal, ගත් තීරණය හරිද වැරදිද කියන එක වෙනම ඉෂු එකක්. යුද්ධය පවතින අවස්ථාවේ වැනෙන්නේ නැතිව තීරණ ගැනීමත්, රටේ ජනාධිපති වරයා තම සහෝදරයා වීමත් යුද්ධය දිනීමට අතිවිශාල රුකුලක් උනා.
මෙය කියවන කවුරුත් කකුලෙන් අදින්නේ නැතිව, තම තමාටම අදාල කරගත්තොත් එදාට රටම දියුණුයි. දියුණු රටවල් වල තත්වය ඕක තමයි. ආදර්ශයට ගන්න.
කියන දේ ඇහුවෙ නෑ.. ගහල දැම්ම ලසන්තට වගේ, ඕව තමයි ඍජු තීරණ නැද්ද ?
දැනට අපට ඕන ඔබතුමාවගේ නායකයන්. 2020 රට බාරගන්න. රුහුණු සිංහයාට ජය පතමි.!
කොටි බබා මෝටාර් ගහද්දී, යුද්ධය අතහැර ඇමරිකාවට ගිය මොහු ආපසු උන්හිටි තැන් දමා අනිත් සහෝදරයත් එක්ක ලංකාවට එන්නේ අයියාගේ පිහිටෙන්ය. එකපාරම මොහු නැවත යුද්ධය සම්බන්ධ රස්සාව බාරගන්නේ කොටින්ට බර අවි සහ නැව් පවා තිබෙන කලකයි. ඉන්පසු මොහු යුද්ධය ගැන අධ්‍යාපනය ලබන විටම සරත් ෆොන්සේකා වැනි යුග පුරුෂයින් යුද්ධය නැවතත් හමුදාපතිවරයකුට බාර නොදී ඉවර කරනවා. තාප්ප කඩා දැමු පමණින්, නගරයක් සංවර්ධනය වනවා යයි සිතු මොහු එක්වරම තාප්ප කඩා දමන්න පසුකාලීනව හමුදාවන්ට අණ දුන්නා. වාස්තු විද්‍යාඥයින්ට මොහුගෙන් බොහෝදේ ඉගෙන ගන්නට තිබේ.
සෘජු තීරණ හරි, වක්‍ර තීරණ හරි ගන්න ඕනෑ නීතියට සදාචාරයට ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එකඟවයි. රටකට අදක් විතරක් නොවේ, හෙටකුත් අවශ්‍යයි. තීරණය නිවැරදි විය යුතුයි. අවශ්‍යවිට සෘජු විය යුතුයි. අවශ්‍ය විට වක්‍ර විය යුතුයි. අපිට හමුවෙනවා තීරණ අරගෙන වැරදියි කියලා දැනුනට පසුවත් එහිම එල්ලී සිටින අය. ඒක හොඳ දෙයක් නොවේ.
අපි වගේ කෙලින්ම අහවර කරන්න. නැත්නම් රැගෙන යන්න.
සිරිමල් අප දෙදෙනා අතර පත්තර මෑන් කෙනෙක් ඉන්නවා. මම ලියන ඒවා ඒ මෑන්ට ඕනෑ විදිහට පළවෙන්නේ. එමනිසා අපට වෙලා තිබෙන්නේ එක එක් කෙනාගේ බහුබූත අහන්නයි කියවන්නයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වගේම අපට වැඩක් නැති සංහිඳියාවක්... අපේ ඇඟේ ගහන්න හදනවා. ටිකක් හරි ඇත්ත දැනගන්න ඕනෙනම් ඉංග්‍රීසි පත්තරයක් කියවන්න.
බැඳුම්කරේ හොරුන්ට වැනෙන්නේ නැතිව කොහොමද?
ලසන්ත වික්‍රමතුංගගේ පුතා ලොකු වන විට මොහු බොහෝ මහලුව සිටිනු ඇත.
රටකට නියම නායකයින් බිහි නොවී තිබෙන කාලයක, කාඩ්බෝඩ් වීරයොත් කියන දේවල් වලට හුරේ දාන්න වෙනවා.