IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඩයනා කුමරියගෙන් උදුරාගත් නිදහසේ සංකේතය

 

ය ඇයගේ යොවුන් නිදහසේ සංකේතයක් විය. එහෙත් රාජකීය පවුලට සම්බන්ධ වීමත් සමඟ ඇයගේ නිදහස සීමා කෙරිණ. රාජකීය යන්ටත් නිදහස නැතිබවට මීටත් වඩා අටුවා ටීකා අවැසි නොවේ.

නිල් පැහැති එම හුරුබුහුටි බයිසිකලය 1970 දී ඩයනා කුමරියගේ ප්‍රේමවන්තයා මෙන් විය. ඇය එම බයිසිකලය ලන්ඩන් නගරය වටා පැදගියේ යොවුන් වියේ යුවතියක සතු නිදහස උපරිම වශයෙන් භුක්ති විඳිමිනි. ඇය එහි නැඟී, ලන්ඩනය පුරාම සැරිසැරුවාය. මෙම නිල් පැහැ බයිසිකලය 70 දශකයේ අතිශය ජනප්‍රියත්වට පත් ‘රැලේ - ට්‍රැවලර්‘ බයිසිකලයකි.

ඇය 1981 දී චාල්ස් කුමරු සමඟ විවාහ වීමට පෙර කෙන්සින්ටන් හී දී ගෘහස්ථ සහායිකාවක ලෙස සේවය කරමින් සිටියදී මෙම රැලේ ට්‍රැවලර් බයිසිකලය භාවිතා කළාය.

කෙසේ වෙතත් පසුව මෙම බයිසිකලය රජ පවුලේ අය විසින් හඳුන්වන ලද්දේ  ‘අපකීර්තිමත් බයිසිකලය’ ලෙසිනි. ඩයනා කුමරියගේ රාජකීය උපදේශකවරුන් පවා එය ‘කුමරියකට නුසුදුසු’ යැයි සැළකීමෙන් පසුව විකුණා දමනු ලැබිණ.

අවසන් වරට එය විකුණා තිබුණේ වසර 2018 දී ස්ටර්ලින් පවුම් 9,000 ක මුදලකටය. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න විය. අද වන විට කුමරියගේ නිල් බයිසිකලය නැවත වරක් ස්ටර්ලින් පවුම් 20,000 කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 54 කට ආසන්න) මුදලකට වෙන්දේසියට දමා තිබේ.

අසූව දශකය මුලදී චාල්ස් කුමරුන් හා විවාහ ගිවිස ගැනීමෙන් පසුව ඇයට මෙම බයිසිකලය පැදයාම තහනම් විය. විවාහ ගිවිසුමත් සමග බයිසිකලය පැදීම නවත්වා දමන ලෙස රජ පවුල ඇයට නියෝග කළේය. පසුව ඇයගේ පියාගේ මිතුරෙකුට රහසේම එම බයිසිකලය විකුණනු ලැබිණි.

ඔහු එම බයිසිකලය ගරාජයක දමා, වසර 27 කට පසුව, 2008 වර්ෂයේ දී පවුම් 211 කට (රුපියල් 58,000 කට) විකිණීමට සමත්විය.

අඟල් 26 ක විශ්කම්භයකින් යුත් රෝද වලින් සමන්විත මෙම බයිසිකලය වේග තුනකින් පැදයා හැකිය. ඒ සඳහා වේගමාන (ගියර්) තුනක් තිබේ. එහි සුළං පොම්පය බයිසිකලයේ රාමුවට සවිකර තිබේ. 

මෙවර වෙන්දේසිය මෙම මස අග භාගයේ දී සසෙක්ස් හි බර්ස්ටෝ සහ හෙවට් සමාගම විසින් අන්තර්ජාලය හරහා වෙන්දේසි කරනු ලැබීමට නියමිතය. එසේම මෙම බයිසිකලය වෙන්දේසියට දමා ඇති අය පවසන පරිදි මෙම බයිසිකලය ඩයනා කුමරියට කළ හිංසනයේ ප්‍රසිද්ධ සංකේතයකි.

ඇය සතුව තිබූ ඇයගේ ප්‍රියතම වස්තුවක් ඇයගෙන් ඈත් කිරීමකි. ඒ සමගම ඇයගේ සමාජයේ පෙනී සිටීම පාලනය කිරීමකි.

බයිසිකලය වෙන්දේසියට දමා ඇති අය පවසන්නේ ‘රාජකීයයන්ගේ මතක සටහන්‘ සඳහා මෑත කාලයේදී ඉහළ ඉල්ලුමක් ඇති බවයි.

==========================

ඩේල් මේල් ඇසුරිනි - මලීෂා ගුණවර්ධන

==========================

 

 



අදහස් (0)

ඩයනා කුමරියගෙන් උදුරාගත් නිදහසේ සංකේතය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site